බලු ත්‍රෙඩ් එකක්

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ME INNE LEO, APE GEDARA INNA YODAYAA.. DAN 4 MONTHS. BARA KILO 14. ADATH MAGEN GUTI KAAWA NAANNA GIHIN.. HARIM DANGAI, HAPANAWAA, HABAI HARIMA HITHAWATH,,

HARIMA BADA JAARI. KANNA DUNNOTH EVEREST KANDATH KAI.
ME PHOTO EKA GATHTHE 2 MONTHS WALADI..



මම මෙයාලගේ පැටිකිරිය කියලා තියනවනේ ඉතින් පරිස්සමට කෑම දීහන් මචන්.. බව්වා ලස්සනයි :love:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අද රෑ ඉදන් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම් මචන්ලා දැන් මට ටිකක් වැඩ...:)
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මන් ගාවත් ඉන්නේ ridgeback කෙනෙක් තමා

rhodesian_ridgeback_h03.jpg



එත් මන් ආසම Rotweiller තමා

kppups123_rottweiler-a20121115114959.jpg

මමත් ආසම වර්ගයක් රිඩ්ජ් බැක්ල....​
 

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    මං ලඟ ඉන්නවා Doberman 2යි Springer Spaniel 1යි.......
    ඩොබාල දෙන්නා වත්තෙ හදනවා... ස්පැනියෙල් එකා ගේ ඇතුලෙ හදනවා..... ඩොබාලා ගාවට ස්පැනියෙල් එකාව දැම්මම පට්ට වලි යන්නෙ.......


    images

    Z

    images

    Nice.....Doberman la petaw demmoth mata ekak denawada :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    ජර්මන් ශෙපෙර්ඩ්
    මීලගට මම විස්තර ගෙන එන්නේ ජනප්‍රිය බව්වෙක් ගැන මිස මම ඒ තරම් ආස බව්වෙක් නෙවෙයි.....

    මේ අපේ බව්වා. :cool: එයා හොරිකඩයෙක්ලු... :lol:

    Sandy-1.jpg


    එල ත්‍රෙඩ් එක. බුක්මාක්ඩ්..
    කවුරුහරි දැන් දුවගෙන් ඇවිත් මායි බව්වයි ඉන්න පික් එකයි දායි දැන්..
    :lol::lol:
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මම මෙයාලගේ පැටිකිරිය කියලා තියනවනේ ඉතින් පරිස්සමට කෑම දීහන් මචන්.. බව්වා ලස්සනයි :love:

    THXX MACHOO.. EETH MAN NAM HITHANNE LABRADORS THAMAA BUDDIMATH MA BALU JAATHIYA.. MEYAATA PUDUMA MATHKAYAK THIYENNE. EPAA KIYANA DE KARANNA HARI DAKSHAI:growl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    mostpopular-dogbreedsinAmerica.jpg


    අනිත් එක තමයි වයසට යනකොට උකුල් ඇට කකුල් වල වගේ ප්‍රස්න එනවා හරියට පරිස්සම් නොකලොත්(hip and elbow dyspepsia)..

    machan ape labrador ta uba me kiyana widihata kakul pana nathi una awurudu 10 di wage.:(.ekata hethuwa mokakda kiyala kiyanawada?wadiya sellam karoth da ehema wenne?ape eka sellamama thama e dawas wala.thappa udinuth paninawa bimata.mama ayeth labrador kenek ganna inne.eth hariyatama oya kakul pana nathi wena seen eka mokakda kiyala danagena thama ganne..mama danna widihata ape athin oota kisima aduwak une naha.:(.eth hithapu nathi widihata uge kakul pana nathi una awrudu 10 di.:(
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    basset-hound.jpg

    බැසෙට් හවුන් ලා හවුන්ඩ් සෙට් එකේ මම පුදුම උන බල්ලෙක්.. නිතරම හිතෙන්නේ මූ ඇවිදලම මුගේ කකුල් ගෙවිලද කියලා මොකද තියන අසාමාන්‍ය ශරීර ප්‍රමාණයත් නිසා. ඒ හැරත් බලු ලෝකයේ විහිලු කාරයන් ලෙස තම්යි මෙයාලා හදුන්වන්නේ. මෙයාල පව්ලක් හදන්න ඉතාම අපහසු බව්වෝ වර්ගයක්. මොකද මෙයාලගේ නිතර ආකර්ශනය ආගන්තුකයන්ගේ ආදරයට ලක් වීම, සහ දක්ශ බුද්ධිමත් බාවය නිසා.මෙයාලා හැබැයි වෙනත් බව්වෝ සමග සුහදශීලි ළමයි සමග සුහදශීලී කාණ්ඩයක්.හැබැයි මෙයාලා පැයගනන් තනිකරලා ගෙදරින් පිටවී සිටීම මෙයා අපහසුවට පත් කරනවා.ගෙදර එවන් අවස්ථා උදාවෙනවනම් පූසෙක් හරි තවත් බව්වෙක් හරි ඉන්න එක හොදයි. ඔබ මෙවන් බව්වෙක් හදන්න හිතනවානම් ගේ වටේ තාප්පයක් හෝ වැටක් තිබීම වඩාත් නුවනට හුරුය. ම්ඔකද මෙයා එක එක බව්වන්ගේ සුවදවල් :P ඉව අල්ල අල්ල යන නිසා අනතුරු වලට ලක්වීමට ඉඩ තිබෙනවා. තම කැමැත්තට අනුවම වැඩ කරන ඇට්ටර බව්වෝ වර්ගයක් ලෙස ප්‍රචලිත බැසෙට් හවුන්ඩ්ස්ලා තමා තමන්ගේ ස්වාමියා මට්ටමට කටයුතු කරයි. ඔබ කවිච්චියේ වාඩිවී රූපවාහිනිය නරඹන විට හෝ පුවත්පතක් කියවමින් සිටින විට පවුන්ඩ් 60-65ක් බරැති මේ හවුන්ඩ් එකවරම ඔබේ උකුල මතට පැන්නොත් පුදුම නොවන්න. ඒ ඔහුගේ හැටියි! මෙයාලා දඩයම් බල්ලන්ගේ පැටිකිරියකට අයත් උවත් පෙනුමෙන් සහ ක්‍රියාකලාපයෙන් මෙයා ලැප් ඩෝග් කෙනෙකුට( ටිකක් වැඩිපුර ලොකු උන!!) සමානය. වැඩි වේගයෙන් නොයන දුර ගමන් උවද එක්කගෙන යාමට පුලුවන් මේ බව්වෝ වර්ගය පැය ගනන් නිදාගෙන ඉන්න කැමතියිලු. බැසෙට් ලා කෑමට ටිකක් කෑදර නිසා හොරා කන්න උනත් පෙලබෙනවා ඉඩක් ලදොත්. මෙයාල ලොම් හලන ප්‍රමාණය නම් ඉතාම වැඩී... මෙයාලාව පුහුණු කරවීම තරමක් අපහසුයි. නමුත් මෙයාලට වැඩිය උඩවල් වලට පනින්නවත් වැඩිය උඩවල් වල සිට බිමට පනින්නවත් වැඩිය ඉඩ තියන්න එපා.. ඒක එයාගේ කකුල් වලට සහ උකුලු ඇට වලට හොද නෑ.. අවසන් වශයෙන් මෙයා සිංදු අහන්න ටීවී බලන්න එහෙමත් කැමති බව්වෝ වර්ගයක්. :P
    2413-basset-hound-16.jpg
     
    • Like
    Reactions: chuky

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    afghan-hound.jpg

    මෙයාලා ලංකාවේ මම දැක්කෙම නෑ මෙහෙනම් ඉන්නවා ප්‍රබල චරිත ලක්ශන් පෙන්නුම් කරන මෙයාලා හැමෝම වගේ තද අහංකාර වංශවත් විදිහට ඉන්න බව්වෝ වර්ගයක්. එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට විවිධ ගතිගුණ පෙන්නුවත් හැමෝන වාගේ තම ස්වාමියාට පක්ශපාතීයි..ආදරය සතුට පිරුනු පව්ලක හැදෙන ඇෆ්ගන් හවුන් කෙනෙක් හොද ක්‍රියාශීලී වන අතර මෙයාලට සෙල්ලම ව්‍යායාම අවශ්‍යවේ. මෙයාලා සමහර විට ලාච්චුවක් වගේ දෙයක් ඇරගන්න තරම් බුද්ධිමත් නිසා සමහර විට ඔබගේ වටිනා දෙයක් කොටස් වලට හපලා තියෙන්න පුලුවන්. ගෙදරක් ඇතුලත් වාසයට පුහුණු කිරීම අපහසු වුවත් මෙයාලා සාමාන්‍ය දෙයකට පුහුණු කිරීම එතරම් අමාරු නෑ. . :nerd: ප්‍රසිද්දියක් උසුලන ගතියක් තමයි හෙල්ලෙන්නෙ නැතුව ගෙදර හෝ ඉන්න තැන ඉන්න එක මෙයාව ඉතින් වෙන තැනකට කරන්න හරිම අමාරුයි.මෙයාල පූසන්ට හානි නොකර ඉන්නෙ දන්න පූසන්ට විතරයි. නොදන්න පූසෙක් දුටු විට පහර දෙනවා:eek: මෙයාලා බොහොම සංසුං ඇල්වතුරත් නිවලා බොන ගානට ඉන්නේ කිසිම කලබලයක් නැති හදිස්සියක් නැති බව්වෝ වර්ගයක්. මෙයාට හොද ඉවක් තියනව ඉතින් සත්තු හොයාගෙන යන්නේ. :) අමුත්තෝ ලගදි කොහොමටත් මෙයාගේ අවදානමක් තියන ස්වහාවක් තියෙන්නේ.. ඒ තරම් අම්මුත්තෝ එක්ක බජනෙට යන්නෙම නැති බව්වෝ වර්ගයක්. මෙයාලා ඔයාගෙ ඇදේ නිදියන එක ස්වහාවිකයි කියලා හිතන නිසා මෙයාලට නිදාගන්න හොද තැනක් හදන්න නැත්තං බල්ලොත් එක්ක නිදියලා මැක්කොත් එක්ක නැගිටින්න වෙයි :P
    ඉතාම සංවේදී බව්වෝ වර්ගයක්. පාරවල් වලට උනත් එකපාරට පැනගෙන යන්නේ නෑ. ඒ හේතුව නිසාද දන්නේ නෑ මෙයාලා සමහර ලෙඩ්ඩුන්ට උපකාර කරන බව්වෝ වර්ගයක් ලෙස යොදාගන්නවා. ලොම් හැලෙන් ප්‍රමානය මධ්‍යමයි.

    2368-afghan-hound-1.jpg

    6843-afghan-hound-8.jpg
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ අපේ බව්වා. :cool: එයා හොරිකඩයෙක්ලු... :lol:

    Sandy-1.jpg


    එල ත්‍රෙඩ් එක. බුක්මාක්ඩ්..
    [/CENTER]
    කවුරුහරි දැන් දුවගෙන් ඇවිත් මායි බව්වයි ඉන්න පික් එකයි දායි දැන්..
    :lol::lol:

    :lol::lol: එල මචන් මේක මම දිගටම කරනවා අන්තිම වෙනකන් ඉදහල්ලා.. ඔය බව්වෝ ලස්සනයි නියමයි පොඩි කාලෙදි. :P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    THXX MACHOO.. EETH MAN NAM HITHANNE LABRADORS THAMAA BUDDIMATH MA BALU JAATHIYA.. MEYAATA PUDUMA MATHKAYAK THIYENNE. EPAA KIYANA DE KARANNA HARI DAKSHAI:growl:

    ඕකට යමක් උගන්නන්න හොදම විදිහ උගේ අවදානය තියන වෙලාව ඒ කියන්නේ විශේෂයෙන් කෑම දෙන වෙලාවට. ඊශ්‍රායල් වලනම් මචන් බලාන් ඉස්කෝලෙ යවන්න ඕනේ යවලා ඌට ලයිසන් එකක් තියනවා ඒක ගන්න ඕනේ.. මෙහෙ බලු ක්ලබ් එහෙමත් තියනවා ඉතින් බලු වැඩ ගොඩයි:lol::lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    machan ape labrador ta uba me kiyana widihata kakul pana nathi una awurudu 10 di wage..ekata hethuwa mokakda kiyala kiyanawada?wadiya sellam karoth da ehema wenne?ape eka sellamama thama e dawas wala.thappa udinuth paninawa bimata.mama ayeth labrador kenek ganna inne.eth hariyatama oya kakul pana nathi wena seen eka mokakda kiyala danagena thama ganne..mama danna widihata ape athin oota kisima aduwak une naha..eth hithapu nathi widihata uge kakul pana nathi una awrudu 10 di.
    අරක තමයි මචන් සීන් එක උන් දිව්වට වගේ ඔහොම වෙන්නේ නෑ.. ඕනවට වඩා උඩවල් වල ඉදලා පනින එක හොද නෑ. අනික අපිට සතියකට සැරයක් බව්වා බෘශ් කරනකොට උගේ ඉස්සරහ ගාත් පස්ස ගාත් හොදින් පරික්ශා කරන්න ඕනේ මිරිකලා බලම්ම ඕනේ ටික එහාට මෙහාට කරනකොට බව්වා කෑගන්න ගත්තොත් උගේ ජොයින්ට් වල රිදුමක් තියනවා කියලා දැනගන්න පුලුවන්.. අනික මචන් ඕකගේ ඇගිලි අතර පව් වලට යටින් කිනිතුල්ලෝ ඉන්න ඉඩ තියනවා සමහර විට කටු ඇනිලා තියෙන්න ඉඩ තියනවා. මේවගේ දේවල් කාලයක් තිබුණොත් ඌ ඒක කියන්න දන්නේත් නෑනේ..ඉතින් වපරෙට හොරට අඩි ටිය තියා දුවනකොට ඔය වගේ ඉනේ උකුල් ඇට වල රෝග අර වැරදියට අඩි තැබීම වගේ දේවල් නිසා හැදෙන්න ඉඩ තියනවා​
     
    • Like
    Reactions: Minion

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan ape labrador ta uba me kiyana widihata kakul pana nathi una awurudu 10 di wage.:(.ekata hethuwa mokakda kiyala kiyanawada?wadiya sellam karoth da ehema wenne?ape eka sellamama thama e dawas wala.thappa udinuth paninawa bimata.mama ayeth labrador kenek ganna inne.eth hariyatama oya kakul pana nathi wena seen eka mokakda kiyala danagena thama ganne..mama danna widihata ape athin oota kisima aduwak une naha.:(.eth hithapu nathi widihata uge kakul pana nathi una awrudu 10 di.:(
    uba DHL vaccine eka dunnada hama awruddema?
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Machan mata innawa Pit bull ekekui Boxer 1 kui
    ammagenui taaththagenui hambunee...
    maarama goothayo 2nna mata ungana wistara tikak daannako
    please bro (if u can PM me the updated link it will b Gr8)

    vicious-pit-bull.jpg
    වලියට බර බව්වෝ වර්ගයක් ලෙස ප්‍රචලිත මෙයාලා ඇත්තෙන්ම බ්‍රීඩ් කරලා තියෙන්නේ අනිත් බව්වෝ සමග සටන් කිරීමටමයි. සමහර අය මෙයාලට කියන්නේ time bomb කියලා. 1800 ගනන් වල ඉදලම බව්වෝ කොටවන පවුල් වල තම්යි මෙයා හැදිලා තියෙන්නේ . ඉතින් මෙයා බව්වන්ට විතරක් නෙවෙයි අනෙත් සත්තුන්ටත් මිනිස්සුන්ටත් කලහකාරී ස්වබාවයක් පෙන්නනවා. නමුත් දැන් දැන් ඒ බ්‍රීඩ් වැඩිය සංවර්ධනය කරන්නේ නෑ. (බොහොම අඩු ප්‍රතිශතයක් ඉන්නවා ඔය කල්ලි ආයුධ කුඩු වෙලෙන්දෝ වගේ සමාජයට අහිතකර අය ගාව.) ඒ කියන්නේ දැන් අපි අතට පත් වන පිට් බව්වෝ ඉස්සර ඉදපු ඔරිජිනල් බ්‍රීඩ් එක නෙවෙයි. ඇමරිකාව වගේ රටවල ඔය තරු ඉන්නේ ඒ කියන්නේ ජනප්‍රිය අය, මෙයාලගේ මේනියාවක් විලාසිතාවක් වෙලා තිබුනා පිට් බුල් බව්වෝ හදන එක. මෙයාලගේ ටෙම්පර් එක මැනපු ඇමරිකන් ආයතනයකට පෙනී ගිහින් තියෙනවා අනිත් බව්වන්ගේ ටෙම්පර් එක පාස් වීමේ වේගය 77% ක් වෙද්දි මෙයාලාගේ ඉවසීම පනින වෙලාව 95%ක් වේගවත්ලු:frown:

    මෙයාලගේ හකු ලොක්වෙන කතන්දරය ඇතුලේනම් කිසිම සත්‍ය තාවයක් නැතිලු. නමුත් මෙයාලා යම් ගොදුරක් අල්ල ගත්ත විට අත්හරින්නේ නැතුව ඉන්නවා ටෙම්පර් එක අඩු වෙනකන්..:shocked: මෙයාලව තව ලෙඩ්ඩු ළමයි ලග වගේ තියන්න හොද බව්වෝ වර්ගයක් මොකද මෙයාලට කලබලයක් නෑ. අනිත් එක තද ඉව තියන නිසා නැතිඋන පුද්ගල්යෝ හොයන්න බේර ගන්න වගේ වැඩ වලට මෙයාව ට්‍රේන් කරනවා.
    ඉතින් මේ වගේ බව්වෙක් හදන්න ගන්න කෙනා වගකීමක් තියන සතා ගැන අවබෝදයක් තියන ඉවසීමක් තියන කෙනෙක් වෙන්න ඕනෙ නැත්තං බව්වව හදනවා වෙනුවට වෙන එකක් වෙන්නේ.. අනිත් හැම බව්වෙකුටමත් වඩා හොද බුද්දියක් හිතීමේ හැකියාවක් තියන මේ බව්වෝ වර්ගේ එවන් ක්‍රියාශීලී ස්වාමියෙකුත් සමග යෙදෙනවනම් බව්වාගේ උපරිම ප්‍රයෝජන ගත හැක. මෙයාලව පොදුවේ බව්වෝ ඉන්න තැනකට ඒ කියන්නේ බලු ක්ලබ් එකකට :P අරන් යන්න පෙර මෙයාට නියමිත් ටෙම්පමන්ට් පුරුදු කරගෙන යාම නුවනට හුරුයි. මොකද එහෙම නැති උනොත් මෙයා අනිත් බව්වෝ එක්ක රන්ඩු කරනවා.
    ඕනෑම නගරබද ප්‍රදේශයක උවද හොදින් ඇතිකල හැකි මෙයාලට නිසි ව්‍යාවාම කෑම ලැබෙනවානම් ඔහු මනාව හැසිරෙන්න පුරුදු කරනවානම් ඔහු ඉතා අබිමානවත් සහයකයෙක් වෙයි ඔබේ ලගම අතවැසියා මෙන්.
    තව දෙයක් මෙයාල තරුණ වියට එලබෙන්න අව් රුදු 2- 3 උනත් ගත් වෙන්න පුලුවන්. ජීවිත කාලය පුරාම ක්‍රියාශීලී බව්වෙක් වන පිට් හරිම ජෝක් දාන කෙනෙක් ඉතින් මෙයාගේ වැඩ නිසා ඔබට සතුටින් සිනහවෙන් කල් ගෙවන්න පුලුවන්. නිදියන්න දක්ශයෙක් උනත් ඒ වගේම ක්‍රියාශීලියි. පුදුම හයියක් තියෙන්නේ.:growl:
    තුරුලුවෙලා හුරතල් වෙවී ආතල් ගන්න මුන් පුදුම කැමැත්තක් තියෙන්නේ ඒක පූසන්ටත් හපන්. එකෙකුට ආතල් දුන්නට පස්සේ ඇති කරපු සතා වගේ පස්සෙන් ඇවිත් ඇවිත් ආතල්ම ඉල්ලනවා කෝට් එක අතගානවනම් බඩ අත ගානවනම් හරි කැමතියි. එයින් එහා අතගාන්න යන්න එපා එහෙම උනොත් මාර ප්‍රස්න වෙන්නේ:shocked:
    ඇමරිකාව වගේ මේ බව්වෝ බහුලව ඇති කරන රටවල මෙයාලගේ ටෙම්පමන්ට් ට්‍රේනිං පිලිබද නීතිමය වශයෙන්ම සොයා බලනවා මොකද මෙයාව හරියට හැඩල් කලේ නැත්තං සාමාන්‍ය හැදුන පිට් බව්වෙක් හපාකන්න ගත්තොත් බරපතල සමාජ ප්‍රස්නයක්. අනෙත් බව්වො වගේ නෙවෙයි මෙයාලා මස් රාත්තලක් විතර කඩලම ගන්නවා:shocked:
    american-pitbull-furious-dog.jpg
    pitbull-prayer-dog.jpg
     
    • Like
    Reactions: MihiCherub

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    maxxa work machan rep denna balu:(
    ඒකට කමක් නෑ මචන්. මම මේ විස්තර දාන්න හේතුව තමයි මම එලකිරියට ඇවිත් ටික කලක් උනා ඊට පස්සේ මට යාලුවෝ හැදුනා ඉතින් මුල කාලෙ ඉදලා මාත් බැලුවා මොනාද මේ රෙප් කියන්නේ කියලා. ඊට පස්සේ මම දාන සමහර දේවලට යාලුවෝ + රෙප් දුන්න කීප දෙනෙක් - ඒවත් දුන්න. ඔහොම කාලයක් යනකොට මම දැක්කා දවසක මගේ රෙප් 2000ට ඇවිත් කියලා. ඉතින් ඒ 2000 වෙනුවෙන් තමයි මම මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ. රෙප් වලින් මම හිතන්නේ කට්ටිය අපිට දුන්න ස්තුති හැටියට
    තව දෙයක් මෙතනදි කියන්න කැමතියි. එළකිරි එකේ මම අද වෙනකන් එකම කෙනෙක්ටවත් -රෙප් එකක් දීලා නෑ.. නොදැනුවත්වම ආපුම දවසක එක්කෙනෙකුට එකක් දුන්න ඒකටත් මම සමාව ගත්ත.