අනේ ලොකු උදව්වක් මචන්ලා. අපේ ගෙදරට සෙට් වෙල හිටියා බැල්ලියෙක්. කන්න දෙන හන්ද මෙහේ හිටියේ. ඌට පැටව් හම්බෙන්නත් සෙට් වෙලා තිබ්බේ ලගදි ඉදන්. ඒකි මගේ කාර් එක යට බුදියන්නේ. අද බන් උදේ රිවස් කරනකොට වාහනේ බැල්ලි පැනලා දිව්වා. චූටි පැටව් දෙන්නෙක් හිටියා බන්.. මේ වෙනකන් බැල්ලිව හොයාගන්න නෑ. බැල්ලි පැටව් දදාද දන් නෑ හිටියේ. අනේ බන් හතර අතේ බැල්ලිව හෙව්වා බන්. අර පැටව් දෙන්න කීස් කීස් ගාල කෑ ගහනව.. මොකද බන් කරන්නේ.. බලන් ඉන්න බෑ කදුලු එනවා. පහන් තිරයකින් කිරි පොවන්න හැදුවා බන් හරියන් නෑ.. ඇස් ඇරලත් නෑ...පොඩි පෙට්ටි දෙකකට වෙන වෙනම දැම්ම.රෙදි එහෙම දාලා. මොකක්ද කරන්නේ බන්.. මුන් අර රෙදිවල මූනු ඔබාගෙන කෑ ගහනවා. බැල්ලිට අවුලක් වෙලාද දන් නෑ..ඌ තව පැටියෙක් දාල ඌත් එක්ක විතරක් ඉන්නවද දන් නෑ. කොහොමද මේ පැටව් දෙන්නව බේරගන්නේ... කාගෙන් හරි අහල හරි මොකක් හරි කියහල්ලකො මචන්ලා


