බලු හඬ මැදින් තවලම ඉදිරියට...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ව්‍යවස්ථාවක කරුණු අර්ථ දැක්වීම් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන් ඒකයි රටේ ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ බලය අධිකරණයට දීල තියෙන්නේ

    රැස් වෙන්න ජනවාරි ඉඳන් ඕනේ තරම් කල් තිබුනනේ? ආ නිර්පාක්ෂික වීම මත ජනාධිපති ධූරයට පත් උනේ කුමන පක්ෂයෙන්ද කොහොමද කියන එක වෙනස් වෙනවද?:lol:

    පක්ෂයකට නිර්පාක්ෂික නායකයෙක් උවමනාද කියන එකනේ මෙතන ප්‍රශ්නය. :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වඳුරන්ට දැළි පිහි නොදිය යුතු බවට කියමනක් තිබේ. මෛත්‍රීපාල ඊයේ කළ ප්‍රකාශයත් සමග ම මෙරට ජනතාවට එම උපහැරනය ඉතිරි නොකරම ප්‍රත්‍යක්‍ෂ කර දුන්නේ ය. මෙම පුද්ගලයා විසින් බලයට පැමිණි විගස ම කළේ තමාට ඡන්දය ලබා නොදුන් ශ්‍රිලනිපයෙන් පළි ගැනීමට දෝ තම හෙංචයියන් දමා පක්‍ෂ සභාපතිත්වය ඩැහැ ගැනීම ය. එසේ කොට ලක්‍ෂ 58 ජනතාවගේ සිතුම් පැතුම් බෝතලයකට දමා තම යට සාක්කුවට දමා ගැනීමට තරම් මොහු නිර්ලජ්ජිත වන්නේ ය. මේ පුද්ගලයා පැමිණියේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට බව කිය වේ. එහෙත් අවම වශයෙන් තම පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමටවත් මොහු සූදානම් නැති බවට ඔහුම සාක්‍ෂි සපයයි. සිරිසේනට ම අනුව මහින්දට නාමයෝජනා දීමට ශ්‍රිලනිපයේ සියයට 99ක් ම එකඟ වෙද්දී ඔහු පමණක් ඊට විරුද්ධ වූ බවට දැන් ආඩපාලි පැවසීමේ අර්ථය කුමක් ද? මහින්දට නාමයෝජනා ලැබීම නිසා උරණ වූ අන් පක්‍ෂවලින් සමාව ගැනීමට මීට වඩා ශීලාචාර ක්‍රමයක් මොහුට නොතිබුණේ ද?

    මේ අතර, දේශපාලකයෙකු ලෙස හා පක්‍ෂ සභාපතිවරයෙකු ලෙස තමාගේ පක්‍ෂය මැතිවරණයෙන් පරාජය වන බව ජාතිය අමතමින් ප්‍රකාශ කිරීම ලෝක වාර්තාවක් බව කිව යුතු ය. 'ත්‍රීවිල්' පක්‍ෂක් ලෙස රටේ ම කුප්‍රසිද්ධ වික්‍රමබාහු පවා පවසන්නේ මෙවර ජයග්‍රහණය කරන්නේ තමා බව ය. අහෝ ඛේදයකි !

    දැන් මොහුගේ සැඟවුණු පාපිෂ්ට අරමුණු බලන්න. තමා විසින් පාර්ලීමේන්තුව විසුරුවා හරින ලද්දේ බැඳුම්කර හොරකම ඇතුළු තව බොහෝ කාරණා ඇතුළත් රනිල්ට එරෙහි විස්වාසභංගය පරාජය කිරීමට බව ඔහු විසින් ම පිළි ගන්නා විට ඔහු තරම් මෙරට හොරුන් හා දූෂකයින් රකින අන් කිසිවෙකු සිටී ද? මහින්ද විසින් කළ කිසිදු හොරකමක් හෝ මූල්‍ය වංචාවක් පිළිබඳ අබමල් රේණුවක සාක්‍ෂියක් ඉදිරිපත් නොකර ඔහුට ම තවදුරටත් හොරා යැයි කියමින් දැන් ඇත්ත ම හොරකමට අනුබල දුන්නේත් එය ආරක්‍ෂා කළේත් මෛත්‍රීපාල විසින් නොවේ ද? තව ද මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් අත්සන් කළ ඉහත විස්වාසභංගය තම තනි ඒකාධිපති බල යොදා කඩාකප්පල් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ද නැතිනම් පගාතන්ත්‍රවාදය ද? තවත් වියරු ප්‍රකාශයක් සිරිසේනගෙන් පිට විය. ඒ බහුතර මහජන චන්දයෙන් අගමැති අපේක්‍ෂකයා ලෙස පත්වන අයෙකුට අදාළ තනතුර පිරි නොනමන බව පූර්ව නිගමනය කිරීම ය. ජනාධිපතිවරයෙකු විසින් එසේ කිරීම තරම් සියළු අශිෂ්ටත්වයන් හා ම්ලේච්ඡත්වයන් ස්පර්ශ කරන අන් ප්‍රකාශයක් මෙරට හෝ අන් රටක ජනතාවක් විසින් අත් දැක තිබේ ද? මෙවැනි ජනපතිවරයෙකු සිටින රටක නීතියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අරුත කුමක් ද?

    අමතක නොකළ යුත්තක් තිබේ. මේ වඳුරු හඬවල් මැද කෙතරම් බල්ලන් බිරුව ද කඳු ශිඛර අතික්‍රමණය කරමින් තවලම ඉදිරියට ඇදෙනු ඇත. ඇදෙනු ඇත. එය නියත ය.


    -මහින්ද පතිරණ
    https://www.facebook.com/mahindapp/posts/10206107477218606

    මොලේ නැතුව උපදින එක කොයි තරම් පවක්ද කියල තේරෙන්නේ මෙව්වා කියෙව්වම තමයි ගොයියෝ... දෙයක් අහල දැකල ඔලුවට දාගන්නතරම් බුද්ධියක් නැති උඹල වගේ මී හරක් කඳු ශිඛර ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන පෙරහරේ ඉස්සරහින් යන්නෙත් තඩි අං තට්ටුවක් තියන තඩි මී හරකෙක් කියල උඹලට තේරෙන්නේ නැත්තේ සසාරේ කරපු පව් නිසා..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පක්ෂයේ බහුතරයේ කැමැත්ත බලන්න මධ්‍යම කාරක සභා රැස්වීම පවත්වන්න ඉඩ නොදෙන එකෙන් මොකක්ද තේරෙන්නේ?

    කලින්ම එයාට දෙන්නේ නෑ කියන එක සදාචාර විරෝධී කියන එක තමා කියල තියෙන්නේ. මොකද ඒක පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනයක් නේ. පක්ෂයේ බහුතරයේ කැමැත්ත මහින්ද නොවේ කියලා දන්නවානම් මහින්දට වඩා ජේෂ්ටයෝ ඉන්නව පත්කරගන්න වගේ ප්‍රකාශයක් කරන්න ඕනෙ නැහැනේ. ජේෂ්ටත්වය මත නෙවේ පක්ෂයේ බහුතර කැමැත්ත මත අගමැති පදවිය දෙන්නේ.
    බලමු ඉදිරියට මොනවා වේවිද කියලා.

    මධ්‍යම කාරක සභා රැස්වීම තහනම් කරේ පක්ෂයේ ව්‍යවස්ථාව සලකා බලපු අධිකරණය ඔයාට ඒක ගැන ප්‍රශ්නයක් තියනවනම් අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් එතනින් එහාට ලංකාවේ හැමෝම අධිකරණ තීරණය පිළිගත යුතුයි

    පක්ෂයේ බහුතර කැමැත්ත මහින්දට කියල කවුද කිව්වේ?

    පක්ෂයේ බහුතර කැමැත්ත මත අගමැති තනතුර දෙනවා කියලත් කවුද කිව්වේ? ලංකාවේ ව්‍යවස්ථාවේ එහෙම දෙයක් සඳහන් වෙන්නේ නෑ?

    කලිනුත් කිව්වා වගේ මහින්දට අගමැති වෙන්න ඕනේ නම් එයාට අගමැති අපේක්ෂකත්වය දෙන පක්ෂේකින් ඉල්ලන්න තිබ්බ..........දැන් නහයෙන් අඬලා වැඩක් නැහැ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පක්ෂයකට නිර්පාක්ෂික නායකයෙක් උවමනාද කියන එකනේ මෙතන ප්‍රශ්නය. :)

    ඒක UPFA එක උත්තර සොයාගත යුතු වෙනම ප්‍රශ්නයක් ඒකට මයිත්‍රී සභාපති ධූරයට පත් වීම පිලිබඳ ප්‍රශ්නය අදාළ කරගන්න වැඩක් නැහැ
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ “ සභාපති” කියන අනුච්ඡේදය යටතේ තියෙන දේ මම කියවන්නට කැමති.
    එහි ඉතාම පැහැදිලියි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයක් වන සන්ධානය හෝ දේශපාලන පක්ෂයක් නි‍යෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනපති ධූරයට තෝරාපත් කර ගනු ලබන අවස්ථාවකදී, එසේ තෝරාපත් කරගන්නා වූ විධායක ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙයි.
    සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙන්නට නම් එම අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නි‍යෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කරලා ජයග්‍රහණය කරන්න ඕන. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තහනම් කරන ලද සන්ධානයේ පාර්ශව‍ පක්ෂයක් විසින් ඉදිරිපත් නොකරන ලද සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් කරන ලද හා සන්ධානය නම් කරන ලද අපේක්ෂකවරයාට එරෙහිව තරඟ කරන ලද අපේක්ෂකයෙකු ජනාධිපතිධූරයට පත්වුණාට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයට පත්වීමට කිසිම නීත්‍යානුකූල හිමිකමක් මේ ව්‍යවස්ථාව යටතේ නෑ.
    ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එසේ පත් කරා කියලා කියනවා නම් එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී පත්වීමක් බව අපි ප්‍රකාශ කරන්න කැමතියි.


    - නිමල් සිරිපාල ද සිල්වා

    :)
    මේ තර්කය හරියට හරි...නමුත් my3 ව ඉවත් කරලා තිබුන එක නිත්‍යානුකුලව කරලා තිබ්බේ නෑ එක හින්ද my3 පක්ෂ සාමාජිකයෙක්..ඒ කලේ තිබ්බ දේශපාලන වාතාවරණය විදියට my3 ට නිදහස් පක්ෂේ ගොඩක් කට්ටිය එකතු වෙලා වෙනම සම්මේලනයක් තිබ්බ නම් මහින්දට අදටත් ඇපත් නෑ.. එක දැනගෙන තමයි මහින්ද my3 ට සබාපති කම දුන්නේ..