බිමට වැටෙන විට හිස කෙළින් තබාගැනීමත්,
පාද හතර සමබරව තබාගැනීමටත් හැකි එකම සත්වයා බළලායි.
ඔවුන්ගේ පාද සතරෙහි තිබෙන පුළුන් කොට්ට වැනි කොටස් නිසා
ඔවුන්ට බිමට වැටෙන විට හෝ බිමට පනින විට පාද හතර සමබරව තබාගැනීමට හැකි වී තිබේ.
කි‍්‍ර.පූ. 3000 තරම් ඈත යුගයක දී ආදි ඊජිප්තුවේ ධාන්යාගාරවලට ඉතා තදබල අන්දමින් මීයන්ගෙන් හානි පැමිණුනි.
මීයන් කා දැමීම සඳහා වනාන්තරවල සිට කැළෑ බළලුන් නගරවලට හා ගම්වලට ඇදී එන්නට ඇත.
මේ බළලුන් ඊජිප්තු ජාතිකයින් විසින් හීලෑ කරනු ලැබීමෙන් ධාන්‍යාගාර විනාශකාරී සතුන්ගෙන් රැකගැනීමට හැකි විය.
පුරාණ ඊජිප්තුවේ බළලෙකු මරා දැමීම ඉතා දරුණු වරදක් වූ අතර, එම වරද කළ තැනැත්තා ගේ පරම්පරා හතක් එම පාපයට ලක්වන බව ද ඔවුහු විශ්වාස කළහ.
තම ආහාර රැකදෙන මේ ආඩම්බර හා තේජාන්විත සත්ව වර්ගයාට ආදරය කිරීමටත් ගෞරව කිරීමටත් ඔවුහු පුරුදු වූහ.
බළලා වන්දනීය සත්වයෙකු ලෙස සලකන්නට වූ ඔවුහු 'බාස්ටේට්' හෝ 'බූ බස්ටිස්' හෝ 'බාස්ට්' නමින් හැඳින්වූ බළලුන්ට අධිපති දෙවඟනකට පුද පූජා පැවැත්වූහ.
දෙවඟනකගේ රැකවරණය ලැබිය යුතු පූජනීය සත්ව විශේෂයක් ලෙස සලකමින් බළලුන් වෙනුවෙන් දේවාල ඉදිකර පුද පූජා පැවැත්වූහ.
රෝම නැව් මුහුදේ යාත්‍රා කරන විට ඒ සෑම නැවක් සමගම බළලෙකු ගෙන ගිය බව සඳහන් වේ.
ඒ සිය නැව් මීයන්ගෙන් සුරැකීම සඳහාය.
ජපන් ජාතිකයින් ද සිය පූජ්‍යස්ථානවල තිබූ වටිනා ලියකියවිලි මීයන්ගෙන් සුරැකීම සඳහා බළලුන් ඇතිකර තිබේ.
ඉන්දියාවේ, ප්‍රංශයේ සහ ජර්මනියේ ද බළලා දේවත්වයෙන් පිදූ බව සඳහන් වේ.
අද ජපන් ගෙවල්වල සබ් ටොර ෂිරො වර්ගයේ බළලුන් ඇති දැඩි වන්නේ පවුලේ විශේෂ අමුත්තෙකු ලෙසයි.
19 වන සියවස වන විට බළලා මීයන්ගෙන් මිනිසුන් ගේ දේපල රැකදෙන ආරක්ෂකයකු ලෙසත් සුරතල් සතෙකු ලෙසත් මිනිසුන් ගේ වටිනා වස්තුවක් බවටත් පත්විය.
විවිධ වර්ගයේ බළලුන් හඳුන්වාදීම ද ඔවුන් සත්ව විශේෂඥයින් විසින් අධ්‍යයනය කිරීම ද ඇරඹුණි.
බළලුන්ගේ විශාල ප්‍රදර්ශනයක් පළමු වරට 1871 දී ලන්ඩන් නගරයේ දී කි‍්‍රස්ටල් පැලස් හි දී පවත්වන ලදී.
එම යුගයේදී ම උතුරු අමෙරිකාවේ ද, නව එංගලන්තයේ ද බළල් ප්‍රදර්ශන පැවැත්වුණි.
බළලුන් තෝරාගෙන ඇති කිරීම, පශු වෛද්‍යවරුන්ගේ සහායෙන් ඔවුන්ගේ ලෙඩ රෝග හඳුනාගැනීම, විවිධ බළලුන් ප්‍රදර්ශනය කර තරග පැවැත්වීම ආදී පසු කාලීනව ආරම්භ විය.
වර්තමානයේදීත් සෑම වසරකම දෙසැම්බර් මාසයේ දී ලන්ඩන් නගරයේ දී බළලුන්ගේ විශාල
ප්‍රදර්ශනයක් පවත්වනු ලැබේ.