බස් කොන්දොස්තරවරිය

aruna47

Well-known member
  • බස් කොන්දොස්තරවරිය

    පෞද්ගලික බස් රථවල කොන්දොස්තර තනතුර සඳහා කාන්තාවන්ට ද අවස්ථාව සලසාදීමට උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.

    කොන්දොස්තරවරියක වශයෙන් සේවය කිරීම සඳහා 48 හැවිරිදි කාන්තාවක් විසින් සිදුකර ඇති ඉල්ලීමකට අනුව අද(23) උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ඒ සඳහා අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව හොරොව්පතාන සිට වාහල්කඩ දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා වශයෙන් සේවය කිරීම සඳහා ඇයට තාවකාලික බලපත්‍රයක් හිමිව තිබේ‍.

    මෙම අවස්ථාවට එක්වු උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරි අයි.ජි.ඒ.කරුණාබණ්ඩාර මහතා පැවසුවේ උතුරු මැද ප්‍රවාහන අමාත්‍යවරයාගේ ද අනුමැතිය සහිතව කොන්දොස්තර තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි.

    කොන්දොස්තර තනතුර සඳහා ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ද පියවර ගන්නා බව උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පවසයි.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    උඹ දැන් ඔක්කොම නවත්තලා වාර්තා කාරයෙක් උනාද මචන්?..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    dan sellam na, ganu kata ariyama dannawa ne

    Mahinda-420x0.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නුවර මාතලේ කට්ටිය බස් අක්කා ගැන දන්නව ඇතිනෙ :lol:
    ඕව අලුත් දේවල් නෙවෙයි පොන්ස්. බස් එලවන ගෑනුත් මේ ලංකාවෙ ඉන්නෙ :P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    පැටියා;15634403 said:
    නුවර මාතලේ කට්ටිය බස් අක්කා ගැන දන්නව ඇතිනෙ :lol:
    ඕව අලුත් දේවල් නෙවෙයි පොන්ස්. බස් එලවන ගෑනුත් මේ ලංකාවෙ ඉන්නෙ :P

    එයාගේ දුවව අඳුරනවා. :yes: