දිනය : 2010/07/17
මාගේ මවට හදිසියේ ඇගේ ගම වන මාතර යාමට වුවමනා වූයේ ඇගේ පුoචි අම්මා කෙනෙකුට හදිසියේ අසනීප වී රෝහල් ගත්කල නිසාය. 17 වන සෙනසුරාදා පාන්දර මාගේ මවත් නැගනියත් මාතර යාමට පිටත් විය. උදේම ඔවුන් පිටකොටුවේ මාතර බස් නැවතුමට ඇරලවීමට මට සිදුවිය. පාන්දර 4:45ට පමන ගෙදරින් පිටත් වූ අපි සේදවත්ත පාරෙන් පැමින අලුත්පාලම (පෑලියගොඩ) උඩට එන විට පහ පහු වූවා පමනි. මාතර බස් නැවතුමට යාමට කොටුව බස් එකක යා යුතුය. පිටකොටුව බස් වල ගියොත් පයින් යාමට ටික දුරක් ඇත. 5:10 පමන වන විට 356 කරාබුගස්හන්දිය-කොටුව බස් රථයක් පැමිනියේය. මමත් අම්මාත් නැගනියත් එයට ගොඩ වුනි. මුදල් ගෙවූ මට ගෙවූ මුදලට ටිකත් පතක් ලබා දෙනලදී. සෙනසුරාදා වූ හෙයින් එහි ගොඩක්ම සිටියේ ගම් බලා යන මගීන්ය. සියලුදෙනා අත බෑග්මලු විය. කොටුව බස් නැවතුම් පල අසලින් බස් රථය සෑහෙන දුරකට හිස් වී ගියේය. මම අම්මත් නැගනියත් කැටුව මාතර බස් නැවතුමට ගියෙමු. ඔවුන් බස් රථයට නoවා කෑමදරැගෙන දී බසය පිටත් වූ පසු මම නැවත ගෙදර බලා ඒමට පිටත් විය.
එවිට වෙලාව 6 වී නැත. අප පැමිනි කරාබුගස්හන්දිය බස් රථයම නැවත මට හමු විය. බසය තුල හිටියේ මගීන් දෙදෙනෙකු පමනි. මම ඉදිරියෙන්ම වාඩි උනෙමි. පාරද හිස්ය. බසය මදක් වේගයෙන් ගමන් කරමින් තිබුනි. පoචිකාවත්ත පහු උනා පමනි. ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු තිදෙනෙක් බසය නවතන ලදී. වෙලාව 6:30ට වත් නැත. "උදේ මුන්ට නින්දයන්නේ නැතුවද කියා මට සිතුනි." කොන්දොස්තර මහතා අපිට ටිකට්ලබා දී තිබුනේ නැත. වේලාසටහන් පත්‍රයත් රුපියල් සීයකුත් රැගෙන පරීක්ෂක මහතුන් වෙත දිව ගිය ඔහු මිනිත්තුවකින් නැවත පැමිනියේය. බසය පිටත් විය. රියදුරු මහතාත් කොන්දොස්තර මහතාත් මැදිවිය පැමිනි ප්‍රියමනාප පුද්ගලයන් දෙදෙනෙකි. සෙනග නොසිටි හෙයින් මම රියදුරුමහතා හා කතාවට වැටුනි.
" දඩ ලියන්නේ නැද්ද? " මම විමසා සිටියෙමි. "මොන දඩද මහත්තයො?" ඔය නවත්තන්නේ රුපියල් සීයේ කෑලි ටිකක් කඩාගන්න. ඔතන හිටගෙන හිටියාම ඔය කට්ටියට රුපියල් 2500ක් විතර කිසි කරදරයක් නැතුව හොයා ග්අන්න පුලුවන්. උදේම යන බස් වල සෙනගත් නෑ. ටිකට් දෙන්නෙත් නෑනේ මහත්තයෝ. ටිකට් දෙන්න සෙනග ඉන්නත් ඕනේනේ. අපේ බස් එකේ ටිකට් දෙනවා හැම කෙනෙකුටම. උදේ පාන්දර හිස් බස් එක නිසා දුන්නේ නැත්තේ මහත්තයෝ. " ඔහු කියූ කතාව හරිය. යනකොට ලබා දුන් ටිකට්පත තවමත් මගේ සාක්කුවේ ඇත. බසයේ හිටියේ මම ඇරුනුකොට මම නගිනකොට හිටි අයගෙන් එක් පුද්ගලයකු පමනි.එකෙකු පoචිකාවත්තෙන් බසිනු මම දුටිමි. "මේ රස්සාව කරන්නේ රස්සාවක් කියලා හිතාගෙන නෙමෙයි මහත්තයෝ" රියදුරු මහතා මා හා කතාවට වැටුනි.
"සෑහෙන කාලෙකට මේ බස් පාරේ උදේ පාන්දර බස් එකක් තිබුනේ නෑ. මිනිස්සු ඔක්කොම පයින් හරි ත්‍රීවීල් වලින් හරි කිරිබත්ගොඩට ඇවිත් එතනින් බස් අරන් තමයි කොළඹ ආවේ. මේ තමයි පාරේ පළවෙනි බස් එක. ඒ කොච්චර කලත් වැඩක් නෑ මහත්ත්යෝ. අපේ රස්සාවට තරම් නීතී නෑ මේ රටේ කිසිම රස්සාවකට. අපි නිළ ඇදූම් අඳින්න ඔනා. නමුත් මහත්තයා බලන්න CTB බස් වල ඉන්න ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා මොනාද අඳින්නේ කියලා. අපිට කලින් එහෙනම් රජයෙන් එයාලාට නිළ ඇඳුම් අන්දවන්න තිබ්බානේ. අපේ ඇදූමේ ඔක්කොම දේවල් අකුරටම බලනවා. මහත්තයාට කියන්න අපේ කමිසේ සාක්කුවක් තියෙන්න ඕනා. ඒ සාක්කුව නැත්තන් අපිට අඳින්න තහනම්. බස් සoගම් වලත් මාර නීති තියෙන්නේ මහත්තයෝ. ටිකට් මැශීම මොකක්හරි වෙලා කැඩුනොත් අපිට පාවිච්චි කරන්න පුලුවන් කාබන් තියලා ලියන්න පුලුවන් ටිකට් පොත් විතරයි. ඒ නැතු උනොත් ප්‍රශ්න. අන්තිමට බස් අයිතිකාරයා අපි දෙන්නාම විස්වාසයි කියලා ලියුමක් දීලා තමයි ඒ ප්‍රශ්නේ විසඳ ගත්තේ. අපි දෙන්නාගෙන් එක්කෙනෙක් අසනීප වෙලා එන්න බැරි උනොත් බස් එකේ අයිතිකාරයාට බස් එක අරන් යෑම තහනම්. ඒකට ව්එනම සoගමේට ගෙවලා අනුමැතිය ගන්න ඕනා." "ඒක පුදුම නීතියක් නේ" මම ඔහුට කීවෙමි. " ඒකනේ මහත්තයෝ ම කලින්ම කීවේ. ටයිම් කීපර්ලා හම්බ වෙනවා තුන් දෙනෙක් අපිට අපේ බස් රූඩ් එකේ. එක්කෙනෙකුට දවසට 300 ගානේ දෙන්න ඕනා.ඒ තුන් දෙනාට 1000 ක් ඉවරයි. එක්කෙනෙක් ඉන්නව. එයාට හරියට වෙලාවට බස් එක එන්න ඕනා. හදිසියේ පොඩි හරි බ්ලොක් එකකට අහු වෙලා පරක්කු උනොත් නඩුවක් තමයි. එහෙම උනාම රුපියල් 100ක් දේලා එයාව ශේප් කරන්න ඕනා. ඊට අමතරව පාරේ පොඩ්ඩක් බස් එක වේගෙ අඩු උනොත් එල්ලෙනමිනිස්සු ඉන්නවා. ඒක හදිසියේ හරි පොලිසියෙන් දැක්කොත් ඒකත් ලියනවා. ඊට අමතරව බස් ලෝඩ් කරන්න අය ඉන්නවා. උන්ට එක ටර්න් එකකට රුපියල් 10ක් දෙන්න ඕනා. තැන් කිහිපයකම ඒ අය ඉන්නවා. දවසට උන් හොයනවා මාර ගානක්. ඒ ඔක්කොමත් වියදම් දරාගෙන හවසට බස් අයිතිකාරයාගේ ගාන බේරන්නත් ඕනා. මම අවුරුදු 26ක් බස් රස්සාව කරනවා මහත්තයෝ. තාම මමයි මගේ පවුල,ළමයි දෙන්නා එක්ක ඉන්නේ කුලියට. කවදා ඉන්න තැනක් හදාගන්නද අපි? බසය අලුත් පාලමට පැමිනි හෙයින් මම ඔහුට සමු දී බසයෙන් බැස්සෙමි.
අපි බොහෝවිට බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් දෙස බලන්නේ නොරුස්සනා ස්වභාවයෙනිතැයට හේතුව ඔවුන්ගේ හැසිරීම් ස්වභාවයි. මිනිසුන් ඉස්සරහට පස්සට තල්ලු කරන, මගීන්ට බැන වදින, ඉතුරු මුදල් හරි හැටි ලබා නොදෙන කොන්දොස්තරවරුන්ද, බස් රේස් යන, කන පැලෙන්නට සින්දු දාන රියදුරන්ද නැතුවා නොවේ. නමුත් ඒ අතර රස්සාව සේවයක් ලෙස සලකා කරන අයද අතලොස්සක් හෝ සිටීම සතුටට කරුණකි.
අවසානයට බස් රථ රියදුරු කියූ කතාවක් මගේ හිතට හොදින් කා වැදිනි.
"කොච්චර මහන්සිවෙලා පාන්දර නැගිටගෙන මිනිස්සුන්ට යන්න එන්න විදියක් හදලා දුන්නත් මේ ලෝකේ ඉන්න ජරාම මිනිස්සු බස්කාරයො නෙ මහත්තයෝ."

Last edited:

දැන් ඔයිල් වැඩි කරන්නේ සද්ද නැතුව...
ගිය මාසෙට කලින් මාසේ 2280ක් උනා..... මේ මාසේ 2500.....මේ සතියේ බලද්දි 2565ක් වෙලා....!! 

ඉතින් ඒකට අපේ 17ක නැගපන්කෝ.....
ගොඩාක් වෙලාවට 177 AC එකට වඩා කලින් Normal එක යනවා .....!! 

..ambo hitagena...amboo