දේවාල වලට පිලිම දෙන්න ඕන නැහැ
දෙයියො ඉන්නවා කියල උපකල්පනය කරොත්
දෙයියො උඹට උදවු කරා නං දෙයියො උඹෙන් පිලිම බලාපොරොත්තු වෙන්නෙ අහවල් එකටද, ඒ උඹට උදවු කරපු විදියට ඒ දෙයියන්නාන්සෙ පිලිමයක් හදා ගනීවි
දෙයියො නෑ කියලා උපකල්පනය කරොත්
දෙයියො නැහැ උඹ නිසාම හරි අහම්බෙන් හරි තමයි උඹගෙ වැඩේ උනේ ඒක නිසා පිලිම දෙන්න යන්න ඕන නැහැ
මොන විදියෙන් හිතුවත් පිලිම දෙන්න ඕන නැහැ. දෙයියො කියලා ජාතියක් නැහැ
දෙයියො පල් වෙනවා මේව කියෙව්වම.. එලම බ්‍රො
ඔබ බාරය වෙන වෙලාවේ හිතාගත්තේ මොන වර්ගයේ පිළිමයක් පූජා කරනවා කියලද ? ඒකයි වැදගත් වෙන්නේ.
ඔබගේ ශක්තිප්රමාණය මත බාරය ඔප්පු කරන්න. ඒ ගැන කාටවත් බලපෑම් කරන්න බෑ. හැකියාවක් තිබේනම් පිත්තල පිළිමයක් පූජා කරන්න. නමුත් පිත්තල පිළිම හොයන්න අමාරු වේවි.
ෆයිබර්වලින් හෝ මැටියෙන් හදන පිළිමවල වෙනසක් ලෙස තියෙන්නේ බර විතරයි. වැදගත් වෙන්නේ මනුෂ්‍ය ශරීරයක ලක්ෂණ හොඳින් නිර්මාණය කර ඇති පිළිමයක් තෝරාගන්න.
ඉහතින් බොහෝ දෙනෙක් ඔබේ ගැටලුව විහිළුවට අරගෙන තිබුනා. ඒ අය ගැන තරග නොගෙන අනුකම්පා සිත් ඇති කරගන්න.
අපි දෙවියන් ලෙස වැඳුම් පිදුම් කරන්නේ මේ රට ජාතිය දහම බේරාදුන් අපේම මුතුන් මිත්තන්ටය. ඔවුන් අවඥාවෙන් හිනාවෙන්නේ තමන්ගේම අයට බව නොදන්නා නිසයි අනුකම්පා කරන්න කිව්වේ.
වැඩි විස්තර අවශ්‍යනම් pm එකක් දමන්න. ඔබට උදව් කරන්නම්