බාලගිරි දෝෂය

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපි සාමාන්‍යයෙන් කට වහරෙ බාලගිරි දෝෂය කියන්නෙ කිසිම වැඩක් වෙලාවට නොකර කල් දදා ඉන්න කෙනෙකුට නෙ. ඒත් කොහොමද මේ බාලගිරි දෝෂය කියන නම හැදුනෙ.

    මේක උපුටා ගත්තෙ නවලිය.කොම් කියන එකෙන්.

    බාලගිරි දෝෂය යනු කුමක්‌ද?

    කුඩා දරුවන් ඉපදී මාස 03 ක කාලයක්‌ දක්‌වා පෙර විසූ ආත්මය පිළිබඳව සිහිනෙන් දකිතැයි වැඩිහිටියෝ සිතයි. වැඩි කාලයක්‌ නින්දෙන් ගත කරන සිඟිත්තෝ අඬන බව, සිනාසෙන බව අප නිතර දකියි. ඒ වගේම නිතර ඇස්‌ දෙක උඩ හොවාගෙන සිටීම, මව්ගෙන් කිරි ඉල්ලා ඇŽම, වෙනකෙකුට දරුවා සනසාලිය හැකි වුවත් මව්ට නොහැකි වීම, ඇස්‌ උඩ හිදුවා නිතර ඇඬිම ආදී නොයෙකුත් දෑ අප දැක ඇත. මෙයට අප බොහෝ දෙනෙක්‌ "බාලගිරි දෝෂය" යෑයි කියති.

    ඉපදී මාස 12 ක කාලය තුළ දී එක්‌ එක්‌ මාසයට යක්‌ෂ යක්‌ෂනියන් දොළොස්‌ දෙනෙකු දරුවන් වෙත එළෙඹ මෙසේ දරුවන් බියගැන්වීම්, වඩා ගැනීමට තැත් කිරීම් ආදී දෑ කරන බව පොත පතෙහි සඳහන් වේ. බාලගීරි, නීලගිරි, මදනගිරි, සඳුන්ගිරි, අඳුන්ගිරි යනාදි යක්‌ෂ යක්‌ෂනියන් මේ කාලයේදී දරුවන් බිය ගන්වමින් නොයෙක්‌ දෝෂ කරන බව පොත පතෙහි සඳහන් වේ.

    "දෙදරුවන් වඩා උකුලේ නලවම්වා

    ළඳරුවන් වඩා ඉඳගෙන අඬවම්වා

    සොඳුරු වන් මෙපුද දැක සෙත සලසම්වා

    නුදුරුවන් නීල ගිරි නම් කිරි අම්මා"

    මෙවැනි කවි වලින් මේ ගිරි යක්‌ෂ යක්‌ෂනියන් දරුවන්ට කිරි පෙවීම, පහරදීම බිය කිරීම ආදී දෑ කරන බවද අලි ඇතුන් ආදී සතුන් පාගා මරා දමන බවත් සිහිනෙන් පෙනීමට දරුවන්ට සලස්‌වන බවත් පොතපතෙහි සඳහන් වේ.

    "බිළිඳු වඩා රෑ සිහිනෙන් කිරි පෙව්වා

    විරිදු පොළොං අලි වලසුන් පෑගෙව්වා

    සිනිඳු ඇඟේ ඇඟ වයිරන් නැංගෙව්වා

    මෙබඳු දෝෂ ගිරි යකු කල දුරලැව්වා"

    මෙම කවි ද ශාන්ති කර්ම වලදී කියවීමෙන් ඒ බව තහවුරු වේ. මෙවන් දෝෂ තිබෙන විට කුඩා බිළිඳන්ට එම දෝෂ නැති කිරීමට නිතර රතන සූත්‍රය භාවිතය, රතන යන්ත්‍රය සාදවා කොට්‌ටයට පැළඳවීම, කරනු ලබයි. ඒ වගේම බාල ගිරි දෝෂයට සුවඳ දූප අල්ලනු ලැබේ. එම අබ, සුවඳ කොට්‌ටං, පුදාහල මල්, කොහොඹ කොළ, බෙලි කොළ, නයි හැව, සුදු ළුEණු යනාදිය පැඟිරි තෙල්, තල තෙල් සමඟ මුසු කර රතන සූත්‍රයෙන් ජපකර දුම් ඇල්ලීමෙන් දරුවාට සහනයක්‌ ලැබේ. තවද "බාලගිරි අද නොවේ හෙටයි" යනුවෙන් පත් ඉරුවක ලියා දරුවා සිටින කාමරයේ දොරකඩ එල්ලීමද කරනු ලබයි.

    ජ්‍යෙතිෂ්‍ය පොත පත ඇසුරිනි
    [/SIZE]

    ඔබ මේ ගැන දන්නෙ මොනවද?
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම නම් මේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ,
    දැන්නම් මේක කියෙව්වට පස්සෙ අයිඩියා එකක් ආවා:yes:

    තෑන්ක්ස් මචං
    11.gif
     
    • Like
    Reactions: nidarsha91

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම නම් මේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ,
    දැන්නම් මේක කියෙව්වට පස්සෙ අයිඩියා එකක් ආවා:yes:

    තෑන්ක්ස් මචං
    11.gif

    යක්කුන්ට සම්භන්ධ එකක් හින්ද මම දන්නව :D
     
    • Like
    Reactions: nidarsha91

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    BALA GIRI KIYANA YAKSAYA ALUTHA UPAN BABEK GIYANNA AWALU.
    A AMMA KIWWALU HETA AWOTH MAMA BABAWA SURE EKATAMA DENAW KIYALA.
    HETA ENAWA KIYALA PORONDUWAKUTH ARAGENA PITATH KALALU.
    ITHIN ME YAKA ANIK DAWASE AWALU,
    AMMA KIWWALU MAMA KIWWE HETA ENNA KIYALANE YAKO KIYALA.
    ITHIN ME MOODA YAKA ENA HAMA DAWASEMA ADA NEWEI HETA KIYALA ARA MOLE ATHI AMMA DARUWA BERA GATHTHLU.
    EKANE ADA NEWEI HETA KIYANNE.A DOSHAYA ENA EKA KAL DAMANNA KARANE.
     
    එල එල. ඒක හරි වෙන්නැති. බොහොම ඉස්තුතියි.

    + ලකුණු දෙන්න බෑලු, ඉවසන්න ලු.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳ විස්තර ටිකක් දැන ගත්තා. නොදැන හිටිය කරුණු ටිකක්.
    +4
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Bala giri dose nam danne hebei podi kaledi thiyana Sayavana indriye balapema gena pothaka kiyavala thiyanava.ekai podi un godak velavata thaniyam adanne hina venne. Sayavana indriye balapema nisa piyavi asata nopena sium Sukshama deval eyalata penava. Poddak mathak karala beluvith apitath e vage ath dekim thiyanava podi kale hebei nikan heena vage. Sariraya vedimath ekka anek avayava vedenakota sayaveni indriye avashya thava maga herena kota e balaya nethi vela yanava. Eka vidiyakin meka thama bala giri dose
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හොඳ විස්තර ටිකක් දැන ගත්තා. නොදැන හිටිය කරුණු ටිකක්.
    +4

    ඉස්තුති වේවා.

    යකා මල්ලිත් හොඳ පෝස්ට් දානවා, හොඳයි.... දිගටම කරමු.....

    එල එල. ඒ ඒ වෙලාවට හිතට එන දේවල් තමයි ඉතින්.

    Bala giri dose nam danne hebei podi kaledi thiyana Sayavana indriye balapema gena pothaka kiyavala thiyanava.ekai podi un godak velavata thaniyam adanne hina venne. Sayavana indriye balapema nisa piyavi asata nopena sium Sukshama deval eyalata penava. Poddak mathak karala beluvith apitath e vage ath dekim thiyanava podi kale hebei nikan heena vage. Sariraya vedimath ekka anek avayava vedenakota sayaveni indriye avashya thava maga herena kota e balaya nethi vela yanava. Eka vidiyakin meka thama bala giri dose

    එහෙම බැලුවොත් සයවෙනි ඉන්ද්‍රිය කියන එක ඒ කාලෙ දැකල තියෙන්නෙ දොෂයක් විදිහට. අදහස එල.