බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

mitchelryan

Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    මම මේක ත්‍රෙඩ් එකකින් දාන්නෙත් කරන්න දෙයක් හිතාගන්න බැරි හින්දයි

    මම අදුරන යාලුවෙක්ගේ මාර්ගයෙන් කෙල්ලෙක් සෙට් වුනා . සෙට් වුනා කියන්නේ මුලින්ම ඉතින් යාලුවෝ වගේ පොඩි චැට් එකක් දැම්මා. අපි දවස් 3ක් විතර චැට් කළා . එයා මට වැඩිය අව්රුද්දක් වැඩිමල් ඉතින් :(. ඒකානම් මම ලොකුවට ගණන් ගත්තේ නැහැ . කොහමහරි 3 වෙනි දවසේ මෙයා මට ලොකු කතාවක් කිව්වා . ඒක එයා වැඩිය කාටවත් කියපු නැති කතාවක්. එයා බන් වෙන කොල්ලෙක් එක්ක registration එක අරගෙන. ඊට පස්සේ වෙඩිම ගන්න තැනුත් බූක් කරලා . කොහමහරි මේ අතරේ කොල්ලා වෙන කෙල්ලෝ රන් කරලා. පොර ඉතින් වෙන ගැණු එක්ක කතා කරපු සීන් සහ උන් එක්ක හිටපු දේවල් ටිකක්ම මෙයාට මාට්ටු වෙලා . මට මීට වැඩිය ගොඩක් දේවල් කිව්වා . හැම දේමත් මේකේ කියන්න බැහැ . කොහමහරි කොල්ලා වෙන ගැණු එක්ක ඉදලා මාට්ටු වෙච්ච සීන් අන්තිමට පොරම පිළිඅරගෙන . අන්තිමට මෙයත් ගෙවල් වලට කියලා දෙන්නා දික්කසාද වෙන්න නඩුවකුත් දාලා. දැන් ඒ නඩුව යනවා. කොල්ලා කොහමහරි ලියුමකින්ම මෙයාගෙන් අයින් වෙන්න කැමැති කියලා තියෙනවා . ඒ අස්සේ පොර දැන් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙලත් කියලා කිව්වා . මොකද වෙන කෙල්ලෙක් එක්ක ට්‍රිප් ගිහින් මේ පොර ෆොටෝස් දානවා කියලා කිව්වා මෙයා මට. එදා ඔය වගේ දේවල් ගොඩක් මට කිව්වා . මට ඇත්තටම එදා පුදුම දුකක් දැනුනා . කොහමහරි මම එයාට තෑන්ක්ස් කළා මට ඇත්ත කිව්වට වැඩි කාලයක් නොගිහින්

    මම ඉතින් ඒත් මේක කිව්ව ගමන්ම චැට් කරන එක නවත්තන්න හිතුවේ නැහැ . මොකද නිකන් එක පොල්ලෙන් ගහනවා වගේ වැඩක් නේ . ඊට පස්සේ දවසේ මට මතක විදියට අලුත් අව්රුද්ද . ජනවාරි 1. මම එයාට විශ් කරලා මැසේජ් එකක් දැම්මා . එයා නම් කියලා එවලා තිබ්බා මම හිතුවේ ඔයා ආපහු කතා කරන එකක් නැහැ කියාලා. මම කිව්වා එහෙම දෙයක් නැහැ ඔයා හොද යාලුවෙක් නේ කියලා . මටත් ඉතින් කෙල්ලෙක් නැහැ නේ බන් . එදා පොඩි චැට් එකක් දැම්මා . කොහමහරි පුළු පුළුවන් විදියට එයාට මම කතා කළා . එතකොට තව තව විස්තර අර කොල්ලා කරපු දේවල් එහෙම එයා මට කිව්වා . එකෙන් එයා ගොඩක් වැටිලා හිටියා කියලා කිව්වා .

    ඔය අස්සේ මාව ලෙඩ වුනා . හොදටම කැස්සයි, සෙමයි වගේ ආවා . ඒ ගර්ල් ඩොක්ටර් කෙනෙක්. මම නිකන් එයාට මැසේජ් එකක් දැම්මා මට සනීප නැහැ කියලා . එයාම මට කෝල් එකක් අරගෙන ලෙඩේ විස්තර අහලා බෙහෙත් whatsapp කළා . උදේ හවස මට මැසේජ් දාලා ඇහුවා දැන් හොදද . ලෙඩ අඩුද කියලා. මට ඉස්පිරිතාලෙට යන්න කම්මැලි හින්දා එයා ඉතින් over the phone හැම දේම අහලා ලෙඩේ හොද වෙනකන් උදව් කළා . මට කලින් කෙල්ලෙක් ඉදලා නැහැ . ඒත් බන් මට ඒක මාරම විදියට හිතට වැදුනා . එයත් ඉතින් මට කැමැත්තක් තියෙන හින්දා වෙන්නැති එහෙම උදව් කරන්න ඇත්තේ .

    මම ඒකට තැන්ක්ස් කලාම එයා කිව්වා කව්රු ලෙඩ වුනත් එයා එහෙම තමයි කියලා . එකනම් ඉතින් බොරුවක්ද කොහෙද ;). මම Software Engineer කෙනෙක්. ගෙදෙරින් ගිය අව්රුද්දේ දොස්තර කෙල්ලෙක් ප්‍රපොසල් එකකින් සෙට් කරන්න හැදුවා . අම්මෝ එකී එක්ක කතා කරලා මට දොස්තර ලත් එපා වුනා . මෙයා ලංකාවේ ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි . මට අර කෙල්ලගෙයි මෙයාගෙයි ලොකු වෙනසක් තේරුණා. හැබැයි මෙයා දැන් ඉන්නේ ජීවිතේ එපා වෙච්ච ගානට . ඒ කිව්වේ එයා කියන්නේ ගොඩක් සතුටින් හිටපු එයාව අර කොල්ලා නැති කළා කියලා. මට ඉතින් වෙච්ච දේවල් හිතාගන්න පුළුවන් . හැබැයි මම ඕවා අවුස්සා අවුස්සා අහන්න ගියේ නැහැ . ඒ දෙන්නා ටික කාලයක් එකට ඉදලා තියෙනවා .

    මට මචන් Depression තියෙනවා . ඒක ටිකක් සැරටම තියෙනවා . මේ ගර්ල්ම මට ඒකටත් උදව් කරනවා. තාම උදව් කරනවා . සමහවෙලාවට එයාම බලෙන් මාව ඩොක්ටර්ස් ගාවට යනවා.

    කොහමහරි මෙහෙම හොයලා බලන හින්දා මට පුදුම ආදරයක් බන් තියෙන්නේ ඒකිට . සමහරවිට එයා එහෙම කරන්නේ එයාගේ අසරණකම හින්දා වෙන්න ඇති
    එයා ගොඩක් කෙට්ටුයි . කොහමහරි අර කොල්ලා මෙයාව දාලා යද්දී කියලා තිබ්බා ඔය හරි කෙට්ටු කැත කෙල්ලෙක් කියලා . එහෙම ලොකු කැතක් නැහැ ඇත්තටම . මෙයා ඒක ගැන ගොඩක් හිතෙනවා . හැබැයි මට ෂුවර් මේ කෙල්ලනම් එහෙම නරක නැහැ කියලා. ඒ කෙල්ලගේත් පලවෙනි සිරා ලව් එක අරූ . එකෙන් එයා ගොඩක් වැටිලා හිටියේ .

    එයාට මම දවසක් කිව්වා ඔයාට මම කැමති කියාලා . එයා කියනවා පිස්සු කියවන්න එපා . මට වැඩිය හොද කෙනෙක් ඔයාට හම්බවෙයි . ඊට පස්සේ මාව නිකන්ම අමතක වෙලා යයි කියලා. එයත් මට කැමතියි කියාලා හැබැයි මම දන්නවා. ඒත් එයා බොහොම පරිස්සමෙන් මට මැසේජ් කරන්නේ . කිසිම වැරදි දෙයක් එයාගේ අතින් නොකියවෙන්න.

    දැන් මට තියෙන ප්‍රශ්නේ මේ වගේ කෙල්ලෙක් එක්ක යාලුවෙන එක ඇත්තටම අව්ල්ද එයා අරුගෙන් අයින් වුනාම. මම එහෙම දෙයක් එයාට කියලා නැහැ . ඒත් මට පුදුම ලෝබයි මේ වගේ කෙල්ලෙක් නැති කරගන්න . අනික අම්මලා , තාත්තලා කැමති වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. ඕවා ඉතින් අපේ නෑදෑයන්ට, යාළුවන්ට ආරංචි වෙන එකත් අව්ල් . මට නම් ඒක ගානක් නැහැ . ඒත් එකෙන් මගේ දෙමව්පියන්ට මොකක්හරි කැළලක් වෙනවට මම කැමති නැහැ . හැබැයි මම හොදටම දන්නවා මම කැමතිනම් අපේ අම්මා එපා කියන්නේ නැහැ . එයාට මාව එච්චරටම විශ්වාසයි . මම මෙහෙම දෙයක් කරගත්තොත් ඉතින් අනාගතයේදී මොකක්හරි ප්‍රශ්ණ ආවොත් ඒවාට මට මුහුණ දෙන්නත් වෙනවා . එයාම කියලා තියෙනවා මාත් එක්ක ඔයා අනාගතයක් හිතන්න එපා . හොද කෙල්ලෙක් හොයාගන්න කියලා

    ඇයි බන් මට මේකිව අත අරින්න හිතෙන්නේ නැත්තේ . මගේ ගොන්කමද ? මම කතාව නැවත්තුවොත් ඉතින් ඒක එතැනින්ම ඉවරයි . මට ඒවගේ මන් ගැන හොයලා බලන එකට මම හරි කැමතියි . අනිත් එක මොන ප්‍රශ්ණ තිබ්බත් එයාගේ උගත්කමට , විශේෂයන්ම හැදියාවට මම ගොඩක් කැමතියි .

    මේ වගේ දේකදී හොදම දේ අත හැරීමද ? කිසිම විදියකින් මේ වගේ සම්බන්දයක සුබවාදී පැත්තක් නැද්ද

    කාටවත් කියාගන්න බැරි දෙයක් උබලට කිව්වේ කියලා පොඩ්ඩක් හිත හදාගන්න
    බදින්න කලින් ඉන්න අපි නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ . අපේ මනස සමහර විට ආදරයෙන් මුලා වෙනවා. මේ වගේ දේකට බැඳපු අයගෙන් උපදෙසක් ඕනෙමයි

    එළකිරියේ පරණ වැසියෙකි . ඔරිජිනල් එකෙන් මේවගේ දෙයක් කියන්න අමාරුයි

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පිස්සුද බන්. බැදපු එකක් බදින්න එපා..අනිවා අරූ සෙල්ලම දාල ඇති හොදට..
    ඔය වගෙ අවස්තාවල් වල කෙල්ලො හොදට දන්නවා තව කොල්ලෙක් අල්ලගන්න.. උගේ වීක් පොයින්ට්ස් වලට ටෝක් කරලා පත්තිනි අම්මා වෙන්න එනවා.. අහු වෙන්න එපා..
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mama kiyannada?
    Hurathal wenne nathuwa mehema kelin ahapan...

    Oya maath ekka yalu wenna kamathyda... hodata hethala balala theeranayak aran kiyanna..

    Samaharawita eya ubawa time pass karanna thiyan athi...

    Minissu ehema masen deken maninna bae...

    Irisiyawata newe hodatai kianne...

    Adarayak balen ganna bane machan... kelin ahapan... barinam nohitha idapan.. eki ganan ussana scene ekak nam uba atharala dammata passe kamaththa penwai
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    පෝරිසාදයා;25220860 said:
    පිස්සුද බන්. බැදපු එකක් බදින්න එපා..අනිවා අරූ සෙල්ලම දාල ඇති හොදට..
    ඔය වගෙ අවස්තාවල් වල කෙල්ලො හොදට දන්නවා තව කොල්ලෙක් අල්ලගන්න.. උගේ වීක් පොයින්ට්ස් වලට ටෝක් කරලා පත්තිනි අම්මා වෙන්න එනවා.. අහු වෙන්න එපා..

    Hukala tiyena eka maha deyak da ban... Dan uba bandinna kalin hukalama nadda wena ekiyanta?

    Pala ponsiya yanna..
     
    • Like
    Reactions: awjas2621

    Gadget002

    Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    Oya registration eska aran divorce wena eaka loku issue eakak neme ban,
    Eaka jeewithe wenuwen karana hoda decision eakak,
    Kella hodanam karahan
    Demawpiyanta oya wisthara kiwata pawle anik ewnta kalin seen kiyanna oni nene
    Ps - hebei ithin kellek masen deken therum ganna be , athama kiyanawanam kala balalawath therum ganna be, eakanisa eakata jeewath wenna puluwan eakiyakda kiyala witharak balapan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,598
    113
    I know that is why you go to spa ;). Original eken ubata dennam wadak :lol:

    Man bedala ne.math kiyanne oka karagaganna epa bn.ekige kola bokkata aruwa wedila inne.oki u genama tamai hitha hitha inne.oka passe ubata awulak wenawa.ubata mala paninawa.kettu una ekatath mala paninawa passe.oya wage katha karanne oya kella witarai wage feel unata tawa kello 5 denek ekka katha karoth e wage katha karanawa 5n 2nk wath.ubata love ekak ne.ube margen aruge duka adu karaganna eka thama karanne.uba ekata ahuwela.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පෝරිසාදයා;25220860 said:
    පිස්සුද බන්. බැදපු එකක් බදින්න එපා..අනිවා අරූ සෙල්ලම දාල ඇති හොදට..
    ඔය වගෙ අවස්තාවල් වල කෙල්ලො හොදට දන්නවා තව කොල්ලෙක් අල්ලගන්න.. උගේ වීක් පොයින්ට්ස් වලට ටෝක් කරලා පත්තිනි අම්මා වෙන්න එනවා.. අහු වෙන්න එපා..

    this.:yes::yes::yes:
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    පෝරිසාදයා;25220860 said:
    පිස්සුද බන්. බැදපු එකක් බදින්න එපා..අනිවා අරූ සෙල්ලම දාල ඇති හොදට..
    ඔය වගෙ අවස්තාවල් වල කෙල්ලො හොදට දන්නවා තව කොල්ලෙක් අල්ලගන්න.. උගේ වීක් පොයින්ට්ස් වලට ටෝක් කරලා පත්තිනි අම්මා වෙන්න එනවා.. අහු වෙන්න එපා..
    ඒවා ගැන මට එයා කියලා තියෙනවා බන්. මම මේකේ එහෙම ලොකුවට දැම්මේ නැහැ. හැබැයි හැමදාම එකී කියන්නේ මට වැඩිය හොද කෙනෙක් ඔයාට හම්බවෙයි කියලා. ඉතින් බන් ඔය ප්‍රපොසල් වලත් ඇති නේ ඕන තරම් කොල්ලෝ එක්ක සෙල්ලම් දාපු කෙල්ලෝ . සමහර කෙල්ලෝ ඇනල් කරන්නේ ඉස්සරහ පරිස්සම් කරගන්න . ලංකාවේ කෙල්ලොන්ට මනිමේකලාව පරිස්සම් කරගන්න ඕනේ නේ අපි වගේ කොල්ලෝ නිසා . උබ කිව්වා දේ විහිලුවකට ගත්තා නෙමෙයි මචන් . ස්තුතියි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    umbata oya kellawa marry karanama one nam mulinma divorce eka ganing set una kiyala ara parana eka danagathoth aniwa u divorce eka denne nathuwa adinawa man danna ekekta una eka uge gani u wena kellek marry karanna yanawa kiyala danagana divorce eka adda puluwan tharam aurudu ganak adala hamba une.

    simple rule never trust anybody but your self.
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    Mama kiyannada?
    Hurathal wenne nathuwa mehema kelin ahapan...

    Oya maath ekka yalu wenna kamathyda... hodata hethala balala theeranayak aran kiyanna..

    Samaharawita eya ubawa time pass karanna thiyan athi...

    Minissu ehema masen deken maninna bae...

    Irisiyawata newe hodatai kianne...

    Adarayak balen ganna bane machan... kelin ahapan... barinam nohitha idapan.. eki ganan ussana scene ekak nam uba atharala dammata passe kamaththa penwai
    කැමැත්ත ගැන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මචන් මෙතන
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    Man bedala ne.math kiyanne oka karagaganna epa bn.ekige kola bokkata aruwa wedila inne.oki u genama tamai hitha hitha inne.oka passe ubata awulak wenawa.ubata mala paninawa.kettu una ekatath mala paninawa passe.oya wage katha karanne oya kella witarai wage feel unata tawa kello 5 denek ekka katha karoth e wage katha karanawa 5n 2nk wath.ubata love ekak ne.ube margen aruge duka adu karaganna eka thama karanne.uba ekata ahuwela.

    අම්මේ උබෙන් මේ වගේ දෙයක් බලාපොරාත්තු වුනේ නැහැ සුදු . හිතුවේ මොකක්හරි කුප්ප කතාවක් කියයි කියලා. ඔව් බන් උබ කියන දේ ඇත්ත වෙන්න පුළුවන් . මම එයාව දන්නේ තාම මාස ගානයි .
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    umbata oya kellawa marry karanama one nam mulinma divorce eka ganing set una kiyala ara parana eka danagathoth aniwa u divorce eka denne nathuwa adinawa man danna ekekta una eka uge gani u wena kellek marry karanna yanawa kiyala danagana divorce eka adda puluwan tharam aurudu ganak adala hamba une.

    simple rule never trust anybody but your self.

    මම එයාට එහෙම හෝප්ස් දීලා නැහැ . එයත් මන් ගැන කිසිම බාපොරත්තුවක් තියන් නැහැ . මගේ හිතේ තියෙන කැමැත්ත උබලට කිව්වේ . තැන්ක්ස් මචෝ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,598
    113
    Kettu ahinsaka kello parrisamen bro.ahinsaka unata darunui.danma penne ne.mayawata ahu wenna epa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,015
    113
    34
    Kalutara
    උඹට කෙල්ලෙක් නැති නිසා ඔහොම ෆීලින් එන්නේ. ඒ කෙල්ලත් කපටිකමක් කරනවා වෙන්නත් පුළුවන් නැත්තන් අර කිව්වත් වගේ අසනීප වෙන හැමෝටම ඔහොම කරනවා වෙන්නත් පුළුවන්. හැමදේකම 50/50 තියෙනවා. කාවවත් 100% විශ්වාස කරන්න බෑනේ.

    මම දන්නේ නෑ උඹ සෑහෙන්න කෙල්ලෝ යාළුවො වගේ ආශ්‍රය කරලා තියේද කියල. හැබැයි එහෙම නොකරපු උන්ට සෑහෙන්න කෙල්ලෝ හිතට වදිනවා ඔහොම මැසේජ් කලාම. හැබැයි එක ලව් එකක් නෙමෙයි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මුලින්ම පොඩ්ඩක් කෙල්ල ගැන හොයල බලපං. engaged වෙලා අතැරියා කියල හිතන්න එපා. උබට හොදනම් කෙල්ලට කියල ඉතිරිටිකට යන්න. මොකද ජිවිතේ ගෙවන්නේ උබ , නෑදැයොවත් වටේ ඉන්න වුනුත් නෙමේ ;)
     
    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    Kettu ahinsaka kello parrisamen bro.ahinsaka unata darunui.danma penne ne.mayawata ahu wenna epa
    නෑ නෑ එහෙම අහිංසක නම් නැහැ . කියන දෙයක් කෙලින් කියනවා . ඔව් බන් මේක ඔන්නම් මෙතැනින්ම ඉවර කරලා දාන්න පුළුවන් . කිසිම දුර දිගක් ගිහිල්ලා නැහැ . මම කතා කරන්නේ නැතුව ඉන්න එක විතරයි තියෙන්නේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම එයාට එහෙම හෝප්ස් දීලා නැහැ . එයත් මන් ගැන කිසිම බාපොරත්තුවක් තියන් නැහැ . මගේ හිතේ තියෙන කැමැත්ත උබලට කිව්වේ . තැන්ක්ස් මචෝ

    mehemai kellekta first love eka amthaka karanna amarui passe aurudu ganak gehin hari eka mathak wenawa eka kellonge hati eki oya monwa kiuwath umba sira ahapan ara kollata thama meki wira karanne na ehema karanna ba uth ekka mona tharaha thibath hondata hithala balala thiranayak ganing.

    umba ara kollata wada hondata love karala sex pathath shape karan hitiyoth ekita ara kollawa mathak wenne nathi wenawa hama welema habai koi wele hari mathak wena eka wenawama thamai eka ganunge hati.