බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ
මම මේක ත්‍රෙඩ් එකකින් දාන්නෙත් කරන්න දෙයක් හිතාගන්න බැරි හින්දයි
මම අදුරන යාලුවෙක්ගේ මාර්ගයෙන් කෙල්ලෙක් සෙට් වුනා . සෙට් වුනා කියන්නේ මුලින්ම ඉතින් යාලුවෝ වගේ පොඩි චැට් එකක් දැම්මා. අපි දවස් 3ක් විතර චැට් කළා . එයා මට වැඩිය අව්රුද්දක් වැඩිමල් ඉතින්
. ඒකානම් මම ලොකුවට ගණන් ගත්තේ නැහැ . කොහමහරි 3 වෙනි දවසේ මෙයා මට ලොකු කතාවක් කිව්වා . ඒක එයා වැඩිය කාටවත් කියපු නැති කතාවක්. එයා බන් වෙන කොල්ලෙක් එක්ක registration එක අරගෙන. ඊට පස්සේ වෙඩිම ගන්න තැනුත් බූක් කරලා . කොහමහරි මේ අතරේ කොල්ලා වෙන කෙල්ලෝ රන් කරලා. පොර ඉතින් වෙන ගැණු එක්ක කතා කරපු සීන් සහ උන් එක්ක හිටපු දේවල් ටිකක්ම මෙයාට මාට්ටු වෙලා . මට මීට වැඩිය ගොඩක් දේවල් කිව්වා . හැම දේමත් මේකේ කියන්න බැහැ . කොහමහරි කොල්ලා වෙන ගැණු එක්ක ඉදලා මාට්ටු වෙච්ච සීන් අන්තිමට පොරම පිළිඅරගෙන . අන්තිමට මෙයත් ගෙවල් වලට කියලා දෙන්නා දික්කසාද වෙන්න නඩුවකුත් දාලා. දැන් ඒ නඩුව යනවා. කොල්ලා කොහමහරි ලියුමකින්ම මෙයාගෙන් අයින් වෙන්න කැමැති කියලා තියෙනවා . ඒ අස්සේ පොර දැන් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙලත් කියලා කිව්වා . මොකද වෙන කෙල්ලෙක් එක්ක ට්‍රිප් ගිහින් මේ පොර ෆොටෝස් දානවා කියලා කිව්වා මෙයා මට. එදා ඔය වගේ දේවල් ගොඩක් මට කිව්වා . මට ඇත්තටම එදා පුදුම දුකක් දැනුනා . කොහමහරි මම එයාට තෑන්ක්ස් කළා මට ඇත්ත කිව්වට වැඩි කාලයක් නොගිහින්
මම ඉතින් ඒත් මේක කිව්ව ගමන්ම චැට් කරන එක නවත්තන්න හිතුවේ නැහැ . මොකද නිකන් එක පොල්ලෙන් ගහනවා වගේ වැඩක් නේ . ඊට පස්සේ දවසේ මට මතක විදියට අලුත් අව්රුද්ද . ජනවාරි 1. මම එයාට විශ් කරලා මැසේජ් එකක් දැම්මා . එයා නම් කියලා එවලා තිබ්බා මම හිතුවේ ඔයා ආපහු කතා කරන එකක් නැහැ කියාලා. මම කිව්වා එහෙම දෙයක් නැහැ ඔයා හොද යාලුවෙක් නේ කියලා . මටත් ඉතින් කෙල්ලෙක් නැහැ නේ බන් . එදා පොඩි චැට් එකක් දැම්මා . කොහමහරි පුළු පුළුවන් විදියට එයාට මම කතා කළා . එතකොට තව තව විස්තර අර කොල්ලා කරපු දේවල් එහෙම එයා මට කිව්වා . එකෙන් එයා ගොඩක් වැටිලා හිටියා කියලා කිව්වා .
ඔය අස්සේ මාව ලෙඩ වුනා . හොදටම කැස්සයි, සෙමයි වගේ ආවා . ඒ ගර්ල් ඩොක්ටර් කෙනෙක්. මම නිකන් එයාට මැසේජ් එකක් දැම්මා මට සනීප නැහැ කියලා . එයාම මට කෝල් එකක් අරගෙන ලෙඩේ විස්තර අහලා බෙහෙත් whatsapp කළා . උදේ හවස මට මැසේජ් දාලා ඇහුවා දැන් හොදද . ලෙඩ අඩුද කියලා. මට ඉස්පිරිතාලෙට යන්න කම්මැලි හින්දා එයා ඉතින් over the phone හැම දේම අහලා ලෙඩේ හොද වෙනකන් උදව් කළා . මට කලින් කෙල්ලෙක් ඉදලා නැහැ . ඒත් බන් මට ඒක මාරම විදියට හිතට වැදුනා . එයත් ඉතින් මට කැමැත්තක් තියෙන හින්දා වෙන්නැති එහෙම උදව් කරන්න ඇත්තේ .
මම ඒකට තැන්ක්ස් කලාම එයා කිව්වා කව්රු ලෙඩ වුනත් එයා එහෙම තමයි කියලා . එකනම් ඉතින් බොරුවක්ද කොහෙද
. මම Software Engineer කෙනෙක්. ගෙදෙරින් ගිය අව්රුද්දේ දොස්තර කෙල්ලෙක් ප්‍රපොසල් එකකින් සෙට් කරන්න හැදුවා . අම්මෝ එකී එක්ක කතා කරලා මට දොස්තර ලත් එපා වුනා . මෙයා ලංකාවේ ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි . මට අර කෙල්ලගෙයි මෙයාගෙයි ලොකු වෙනසක් තේරුණා. හැබැයි මෙයා දැන් ඉන්නේ ජීවිතේ එපා වෙච්ච ගානට . ඒ කිව්වේ එයා කියන්නේ ගොඩක් සතුටින් හිටපු එයාව අර කොල්ලා නැති කළා කියලා. මට ඉතින් වෙච්ච දේවල් හිතාගන්න පුළුවන් . හැබැයි මම ඕවා අවුස්සා අවුස්සා අහන්න ගියේ නැහැ . ඒ දෙන්නා ටික කාලයක් එකට ඉදලා තියෙනවා .
මට මචන් Depression තියෙනවා . ඒක ටිකක් සැරටම තියෙනවා . මේ ගර්ල්ම මට ඒකටත් උදව් කරනවා. තාම උදව් කරනවා . සමහවෙලාවට එයාම බලෙන් මාව ඩොක්ටර්ස් ගාවට යනවා.
කොහමහරි මෙහෙම හොයලා බලන හින්දා මට පුදුම ආදරයක් බන් තියෙන්නේ ඒකිට . සමහරවිට එයා එහෙම කරන්නේ එයාගේ අසරණකම හින්දා වෙන්න ඇති
එයා ගොඩක් කෙට්ටුයි . කොහමහරි අර කොල්ලා මෙයාව දාලා යද්දී කියලා තිබ්බා ඔය හරි කෙට්ටු කැත කෙල්ලෙක් කියලා . එහෙම ලොකු කැතක් නැහැ ඇත්තටම . මෙයා ඒක ගැන ගොඩක් හිතෙනවා . හැබැයි මට ෂුවර් මේ කෙල්ලනම් එහෙම නරක නැහැ කියලා. ඒ කෙල්ලගේත් පලවෙනි සිරා ලව් එක අරූ . එකෙන් එයා ගොඩක් වැටිලා හිටියේ .
එයාට මම දවසක් කිව්වා ඔයාට මම කැමති කියාලා . එයා කියනවා පිස්සු කියවන්න එපා . මට වැඩිය හොද කෙනෙක් ඔයාට හම්බවෙයි . ඊට පස්සේ මාව නිකන්ම අමතක වෙලා යයි කියලා. එයත් මට කැමතියි කියාලා හැබැයි මම දන්නවා. ඒත් එයා බොහොම පරිස්සමෙන් මට මැසේජ් කරන්නේ . කිසිම වැරදි දෙයක් එයාගේ අතින් නොකියවෙන්න.
දැන් මට තියෙන ප්‍රශ්නේ මේ වගේ කෙල්ලෙක් එක්ක යාලුවෙන එක ඇත්තටම අව්ල්ද එයා අරුගෙන් අයින් වුනාම. මම එහෙම දෙයක් එයාට කියලා නැහැ . ඒත් මට පුදුම ලෝබයි මේ වගේ කෙල්ලෙක් නැති කරගන්න . අනික අම්මලා , තාත්තලා කැමති වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. ඕවා ඉතින් අපේ නෑදෑයන්ට, යාළුවන්ට ආරංචි වෙන එකත් අව්ල් . මට නම් ඒක ගානක් නැහැ . ඒත් එකෙන් මගේ දෙමව්පියන්ට මොකක්හරි කැළලක් වෙනවට මම කැමති නැහැ . හැබැයි මම හොදටම දන්නවා මම කැමතිනම් අපේ අම්මා එපා කියන්නේ නැහැ . එයාට මාව එච්චරටම විශ්වාසයි . මම මෙහෙම දෙයක් කරගත්තොත් ඉතින් අනාගතයේදී මොකක්හරි ප්‍රශ්ණ ආවොත් ඒවාට මට මුහුණ දෙන්නත් වෙනවා . එයාම කියලා තියෙනවා මාත් එක්ක ඔයා අනාගතයක් හිතන්න එපා . හොද කෙල්ලෙක් හොයාගන්න කියලා
ඇයි බන් මට මේකිව අත අරින්න හිතෙන්නේ නැත්තේ . මගේ ගොන්කමද ? මම කතාව නැවත්තුවොත් ඉතින් ඒක එතැනින්ම ඉවරයි . මට ඒවගේ මන් ගැන හොයලා බලන එකට මම හරි කැමතියි . අනිත් එක මොන ප්‍රශ්ණ තිබ්බත් එයාගේ උගත්කමට , විශේෂයන්ම හැදියාවට මම ගොඩක් කැමතියි .
මේ වගේ දේකදී හොදම දේ අත හැරීමද ? කිසිම විදියකින් මේ වගේ සම්බන්දයක සුබවාදී පැත්තක් නැද්ද
කාටවත් කියාගන්න බැරි දෙයක් උබලට කිව්වේ කියලා පොඩ්ඩක් හිත හදාගන්න
බදින්න කලින් ඉන්න අපි නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ . අපේ මනස සමහර විට ආදරයෙන් මුලා වෙනවා. මේ වගේ දේකට බැඳපු අයගෙන් උපදෙසක් ඕනෙමයි
එළකිරියේ පරණ වැසියෙකි . ඔරිජිනල් එකෙන් මේවගේ දෙයක් කියන්න අමාරුයි
මම මේක ත්‍රෙඩ් එකකින් දාන්නෙත් කරන්න දෙයක් හිතාගන්න බැරි හින්දයි
මම අදුරන යාලුවෙක්ගේ මාර්ගයෙන් කෙල්ලෙක් සෙට් වුනා . සෙට් වුනා කියන්නේ මුලින්ම ඉතින් යාලුවෝ වගේ පොඩි චැට් එකක් දැම්මා. අපි දවස් 3ක් විතර චැට් කළා . එයා මට වැඩිය අව්රුද්දක් වැඩිමල් ඉතින්
. ඒකානම් මම ලොකුවට ගණන් ගත්තේ නැහැ . කොහමහරි 3 වෙනි දවසේ මෙයා මට ලොකු කතාවක් කිව්වා . ඒක එයා වැඩිය කාටවත් කියපු නැති කතාවක්. එයා බන් වෙන කොල්ලෙක් එක්ක registration එක අරගෙන. ඊට පස්සේ වෙඩිම ගන්න තැනුත් බූක් කරලා . කොහමහරි මේ අතරේ කොල්ලා වෙන කෙල්ලෝ රන් කරලා. පොර ඉතින් වෙන ගැණු එක්ක කතා කරපු සීන් සහ උන් එක්ක හිටපු දේවල් ටිකක්ම මෙයාට මාට්ටු වෙලා . මට මීට වැඩිය ගොඩක් දේවල් කිව්වා . හැම දේමත් මේකේ කියන්න බැහැ . කොහමහරි කොල්ලා වෙන ගැණු එක්ක ඉදලා මාට්ටු වෙච්ච සීන් අන්තිමට පොරම පිළිඅරගෙන . අන්තිමට මෙයත් ගෙවල් වලට කියලා දෙන්නා දික්කසාද වෙන්න නඩුවකුත් දාලා. දැන් ඒ නඩුව යනවා. කොල්ලා කොහමහරි ලියුමකින්ම මෙයාගෙන් අයින් වෙන්න කැමැති කියලා තියෙනවා . ඒ අස්සේ පොර දැන් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙලත් කියලා කිව්වා . මොකද වෙන කෙල්ලෙක් එක්ක ට්‍රිප් ගිහින් මේ පොර ෆොටෝස් දානවා කියලා කිව්වා මෙයා මට. එදා ඔය වගේ දේවල් ගොඩක් මට කිව්වා . මට ඇත්තටම එදා පුදුම දුකක් දැනුනා . කොහමහරි මම එයාට තෑන්ක්ස් කළා මට ඇත්ත කිව්වට වැඩි කාලයක් නොගිහින් මම ඉතින් ඒත් මේක කිව්ව ගමන්ම චැට් කරන එක නවත්තන්න හිතුවේ නැහැ . මොකද නිකන් එක පොල්ලෙන් ගහනවා වගේ වැඩක් නේ . ඊට පස්සේ දවසේ මට මතක විදියට අලුත් අව්රුද්ද . ජනවාරි 1. මම එයාට විශ් කරලා මැසේජ් එකක් දැම්මා . එයා නම් කියලා එවලා තිබ්බා මම හිතුවේ ඔයා ආපහු කතා කරන එකක් නැහැ කියාලා. මම කිව්වා එහෙම දෙයක් නැහැ ඔයා හොද යාලුවෙක් නේ කියලා . මටත් ඉතින් කෙල්ලෙක් නැහැ නේ බන් . එදා පොඩි චැට් එකක් දැම්මා . කොහමහරි පුළු පුළුවන් විදියට එයාට මම කතා කළා . එතකොට තව තව විස්තර අර කොල්ලා කරපු දේවල් එහෙම එයා මට කිව්වා . එකෙන් එයා ගොඩක් වැටිලා හිටියා කියලා කිව්වා .
ඔය අස්සේ මාව ලෙඩ වුනා . හොදටම කැස්සයි, සෙමයි වගේ ආවා . ඒ ගර්ල් ඩොක්ටර් කෙනෙක්. මම නිකන් එයාට මැසේජ් එකක් දැම්මා මට සනීප නැහැ කියලා . එයාම මට කෝල් එකක් අරගෙන ලෙඩේ විස්තර අහලා බෙහෙත් whatsapp කළා . උදේ හවස මට මැසේජ් දාලා ඇහුවා දැන් හොදද . ලෙඩ අඩුද කියලා. මට ඉස්පිරිතාලෙට යන්න කම්මැලි හින්දා එයා ඉතින් over the phone හැම දේම අහලා ලෙඩේ හොද වෙනකන් උදව් කළා . මට කලින් කෙල්ලෙක් ඉදලා නැහැ . ඒත් බන් මට ඒක මාරම විදියට හිතට වැදුනා . එයත් ඉතින් මට කැමැත්තක් තියෙන හින්දා වෙන්නැති එහෙම උදව් කරන්න ඇත්තේ .
මම ඒකට තැන්ක්ස් කලාම එයා කිව්වා කව්රු ලෙඩ වුනත් එයා එහෙම තමයි කියලා . එකනම් ඉතින් බොරුවක්ද කොහෙද
. මම Software Engineer කෙනෙක්. ගෙදෙරින් ගිය අව්රුද්දේ දොස්තර කෙල්ලෙක් ප්‍රපොසල් එකකින් සෙට් කරන්න හැදුවා . අම්මෝ එකී එක්ක කතා කරලා මට දොස්තර ලත් එපා වුනා . මෙයා ලංකාවේ ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි . මට අර කෙල්ලගෙයි මෙයාගෙයි ලොකු වෙනසක් තේරුණා. හැබැයි මෙයා දැන් ඉන්නේ ජීවිතේ එපා වෙච්ච ගානට . ඒ කිව්වේ එයා කියන්නේ ගොඩක් සතුටින් හිටපු එයාව අර කොල්ලා නැති කළා කියලා. මට ඉතින් වෙච්ච දේවල් හිතාගන්න පුළුවන් . හැබැයි මම ඕවා අවුස්සා අවුස්සා අහන්න ගියේ නැහැ . ඒ දෙන්නා ටික කාලයක් එකට ඉදලා තියෙනවා . මට මචන් Depression තියෙනවා . ඒක ටිකක් සැරටම තියෙනවා . මේ ගර්ල්ම මට ඒකටත් උදව් කරනවා. තාම උදව් කරනවා . සමහවෙලාවට එයාම බලෙන් මාව ඩොක්ටර්ස් ගාවට යනවා.

Last edited: