ගෝටා අත්අඩංගුවට ගන්න සූදානම්.. එජාප වෙබ් අඩවි හරියටම හරියන අනාවැකි කියයි..
July 19, 2016 at 9:20 am | lanka C news
ගෝටා අත්අඩංගුවට ගන්න සූදානම්.. එජාප වෙබ් අඩවි හරියටම හරියන අනාවැකි කියයි..
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් වාර්තා කරයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ රාජපක්ෂ පදනමේ කටයුතු සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කලේ යයි චෝදනා මත බවද එම මාධ්‍ය වාර්තා කරන්නේ රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටමිනි.
මින් පෙරද විපක්ෂ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට පෙර මේ ආකාරයේ වාර්තා පල විය.
මේ අතර පොලිස්පති පූජිත ජයසුන්දරද දින දෙක තුනකට කලින් කියා සිටියේ කිසිදිනෙක නොසිතු පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවයි.