බිංගෙයක් හදාගන්න

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
බිංගෙයක් හදාගන්න

උබල මේක දැකල විහිලුවකට ගන්න එපා. මේක සීරියස් කේස් එකක්. මේකයි අවුල. මම දැන් ටික දවසක ඉඳන් තමයි ජොබ් එකක් කරන්න ගත්තේ. ඉරිද විතරයි නිවාඩු. හවස තමයි වැඩ ඇරෙන්නේ. ඇත්තම කිව්වොත් මම කලින් කර කර ඉඳපු පැත්තෙ ජොබ් එකක් නෙමේ මට ලැබුනේ. නමුත් එකේ තියෙන ස්ථාවරත්වය සහ පිළිගැනීම වගේ දේවල් නිසා මම ඒකට ගියා. නමුත් මම කලින් කර කර හිටපු දේවල් ටික ටික අමතක වෙලා යනව වගේ දැනෙනව. මට ඕන ඒ පැත්තෙන් ලොකු ‍ප්‍රයෝජනයක් ගත්තේ නැති උනත් ඒපැත්තෙන් හොඳ දැනුමක් මේන්ටෙන් කරගෙන ඉන්න.

අවුල තියෙන්නේ. වෙනද වගේ වෙලාව නැති නිසා ඒ වෙනුවෙන් මහන්සිවෙන්න වෙලාව අඩුකම. ගෙදරිනුත් මාර විදියට කර දර ඒ කිව්වේ මොනව හරි කර කර ඉන්නකොට නිතරම අම්ම මොනවට හරි අඩගනව, නැත්නම් යාළුවො රෑ පවා එනව, අහල පහල ඉන්න ගෑනු ඇවිත් අම්මත් එක්ක කතා කර කර ඉන්නව මගේ කාමරේට ඇහෙනව මට හරියට ෆෝකස් කරන්න අමාරුයි. ඉරිද දවස නාස්ති වෙන එක තමයි ලොකුම අවුල. හවස ගෙදර ආවත් රෑටත් යාලුවො එනව. ඒ නැතත් මහන්සි නිසා ඇඟට අමාරුයි. අනිත් එක ගෙදර පාර අයිනෙම තියෙන නිසා පට්ට සද්දෙ.

මට ඕන සද්ද බද්ද ඇහෙන්න නැති වෙන්න පොඩියට කාමරයක් හදාගන්න විශේෂයෙන් වට පිටාවේ සද්ද. මචංල පොලව හාරල පොලොව යට පොඩියට කාමරයක් හදාගන්න පුලුවන් වෙයිද? ලොකු වියදමක් යයිද? එහෙම කරොත් සද්ද බද්ද නැති කරගන්න පුලුවන්ද? ඔය ස්ටුඩියෝ එකක් වගේ
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මට නම් තේරෙන්නෙ නෑ බං. ඕකට වෙන්ටිලේෂන් හදාගන්න නම් ෆට්ට වියදමක් යයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    haviyek set koraganing. lassnata bimgeyak hadala dewi....................

    sound proofing krama tiyenawa ban net eke. serch korapan. data iwara wela nettam youtube tikak hoyala dannna tibuna
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මට නම් තේරෙන්නෙ නෑ බං. ඕකට වෙන්ටිලේෂන් හදාගන්න නම් ෆට්ට වියදමක් යයි.

    haviyek set koraganing. lassnata bimgeyak hadala dewi....................

    sound proofing krama tiyenawa ban net eke. serch korapan. data iwara wela nettam youtube tikak hoyala dannna tibuna

    මට ඕන ගෙදරට ටිකක් දුරින් වත්තේ එකක් හදාගන්න කිසිම බාහිර ශබ්දයක් ඇහෙන්න බෑ. කොටින්ම දොර වහගත්තම පිටින් කෙනෙක් ඇවිත් තට්ටු කරත් කතා කලත් ඇහෙන්න බෑ. ඒ වගේම එක දිගට මාස ගනන් වහින කාල වලට ඇතුලට වතුර එන්න සහ බිම සහ බිත්ත තෙත් බහින්න බෑ. අනිත් එක ඔය එක එක ඇමෝනියා වගේ වායු කේස් තියෙන්නත් බෑ.

    නෝමල් බාස්ල මේ වගේ ටෙක්නීක්ස් දන්නෑනේ බන්. ඔය ස්ටුඩියෝ වගේ හදන උන්නම් දන්නව ඇතිනේ...:confused:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    neighbours la umba polowa haranawa dekkoth umba nidan hoyanawa kiyala police complain karai :baffled::D
    :D

    වැඩක් කරන්න ගියාම එක දිගට කරන්න බෑ බන් එ්කයි එපා වෙන්නේ. ගෙදර අයට උනත් මම කිව්වට ගනන් ගන්නෑ.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මාතර ළමයා;17815516 said:
    yako tho gana paththareth damai . dannawane lankawe hati . geta adi 10k withara durin sound proofing room ekak hada ganin .

    අනේ මන්ද මේ බාස්ල දන්නවද කියල බන් ඔය ටෙක්නීක්ස්. :confused:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔකටනම් පුතේ ටිකක් සැර වියදමක් යනවා

    1. උබට ලොකු වලක් හාරන්න වෙනවා.
    2. උබ හදන කාමරය waterproof කරන්න වෙනවා වටෙන්ම.බිත්ති වලට පවා වටෙර්ප්රූෆ් cement හරි මොනාහරි දාන්න වෙනවා.
    3. ඇතුලට වාතාශ්‍රය ගන්න වෙන්ටිලේෂන් ෆෑන් එහෙම දාන්න වෙනවා .
    4. අනික එහෙම අවට ගියාට පොලව හාරන්න බැහැ .හාරන්න කලින් උබට චෙක් කරන්න වෙනවා උබ හාරන්න යන තැනින් වතුර ලයින් මොනාහරි යනවද කියල.
    5. අනික උබ පොලව හාරන් යද්දී පොළවෙන් උල්දිය එන්න පුළුවන් , එකටත් මොනාහරි කරන වෙනවා.
    උබ ඕක ලේසි කියල හිතුවට වැඩ ගොඩක් තියෙනවා.උබට බර වියදමක් යනවා ඔය වැඩේ කරන්න.

    පොඩ්ඩක් architecture කෙනෙක් ගෙන් හරි බාස් කෙනෙක්ගෙන් හරි අහල බලහන් .කරගන්න පුළුවන් උනොත් වැඩේනම් සුපිරි.

    මේ ටික පොඩ්ඩක් බලහන්

    http://www.wikihow.com/Build-an-Underground-Fort

    http://howardbthiname.hubpages.com/hub/How-to-Build-a-Secret-Room-Underground

    Last edited:
    • Like
    Reactions: AloneGuy90

    thanks machan ගොඩක් වැදගත් තොරතුරු ටික. ලොකු ගානක් නම් දැන්ම යට කරන්න අමාරුයි. පොලව උඩ හරි වැඩිය සද්ද බද්ද නැති වෙන්න හදාගන්න හරි තියෙනව නම් ලොකු දෙයක්..