බිරිඳට විඳවන්න වූ කථාව..

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    බිරිඳට විඳවන්න වූ කථාව..

    12743530_1040526502653216_8758957376642947727_n.jpg





    එක් භික්ෂුවක් කැලේ විවේකයෙන් සිටිය දී නින්ද ගොස් මොහු සමඟ සිටි අනිත් පිිරිස කථා නො කොට අමතක වී ගිය හ. සවස අවදි වූ පසු වනයේ එක් දෙවියෙක් මිනිස් වෙසින් විත් උපස්ථාන කලා. ඒ අතර අසූචි හා මූත‍්‍රා ද ලේ සැරව ද අනුභව කරන පේ‍්‍රතියක් විත් දිව්‍ය පුත‍්‍රයාගෙන්, හිමියනි මට ආහාර දෙන්න, වස්ත‍්‍ර දෙන්න යැ යි ඉල්ලයි. ඇයට දෙන දුහුල් දිව්‍ය සළු ද ලෝහ බවට පත්වෙත්. මෙය දුටු භික්ෂුව දෙව්පුත්ගෙන් විස්තර ඇසී ය. ඇය මනුලොව දී තමාගේ බිරිඳ බවද තමා දන්දෙන විට ඇය ලෝභයෙන් මසුරු බවින් මෙසේ ආක්‍රෝෂ කළ බව ද කිවේ ය. එනම් ”මේ දානය තොපට පරලොවදී අසූචි ද මූත‍්‍ර ද සැරව ද වේවා, මේ දෙන වස්ත‍්‍ර තොපට ලෝහ වස්ත‍්‍ර වේවා” කියා ය. තමා දන් දී දෙව් විමනක් ලද බවද බිරිඳ දන් දෙන ඔහුට මසුරුව ශාප කොට මෙසේ පේ‍්‍රතියක් වී ඉපදී ඇති බවද දෙව්පුත් පැවසුවේ ය.

    (මහාපේසකාර පේ‍්‍රත වස්තූව)

    මේ නිසා කිසිවිටක දානාදී පින්කම් පහත් කොට කතා කරන්න එපා. හැකිතාක් පින් අනුමෝදන් වන්න.

    තවත් කෙනෙක්ට කියවන්නට අවකාශය ඇති කර යන්න..:yes::yes:


     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මේ කථා පුවත වැඩි දුර කියවන්නට කැමති සැදැහැවතුන් වෙනුවෙන්..



    මහාපේසකාර පේතවත්ථුව




    අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩ වාසය කරන සමයක එක්තර භික්ෂූන් වහන්සේ දොළොස් නමක් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන වස් විසීම පිණිස සුදුසු සෙනසුනක් සොයමින් යන අතරතුර රමණීය වූ මහත් ගස් සහ ජලය ඇති කැලයක් දැක එහි වස් විසීම පිණිස සිත් අලවා අසල වූ පේසකාර ගමට පිණ්ඩපාතය පිණිස වැඩියහ. එහි පේසකාර පවුල් එකොළහක් වූ අතර ඒ සියලු දෙනාම භික්ෂූන් වහන්සේලාට මනා ලෙස දන් පැන් ආදියෙන් සංග්‍රහ කළහ. දානය වැළඳීමෙන් පසුව භික්ෂූන් සමඟ කතා කළ ඒ පිරිස උන්වහන්සේලා වස් විසීමට වඩින බව දැන ඔවුන්ගේ ගමෙහි වස් වසන ලෙස ඉල්ලා සිටියහ. භික්ෂූන් වහන්සේලා ද ඔවුන්ගේ ඉල්ලීම ඉවසූහ.



    එම ගමෙහි ප්‍රධානියා භික්ෂූන් වහන්සේලා දෙනමක් බාරගත් අතර අනෙක් පිරිස එක නම බැගින් බාර ගත්හ. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කුටි ආදිය ඔවුන් කර දුන් අතර මනා ලෙස සිව්පසයෙන් උපස්ථාන කරන්නට වූහ.


    එහිදී ප්‍රධාන පේෂාකාරයා භික්ෂූන් වහන්සේලා දෙනමක් තබාගෙන දෙනමට ශ්‍රද්ධාවෙන් ඇප උපස්ථාන කිරීමට බලාපොරොත්තු වූවත් ඔහුගේ බිරිඳ ශ්‍රද්ධාවක් නැති, නොපැහැදුණු, ලෝභී, මිත්‍යාදෘෂ්ටික කාන්තාවක් වූවා ය. ඇය මනා ලෙස භික්ෂූන් කෙරෙහි නොපිළිපැදීම නිසා ප්‍රධාන පේසකාරයා ඇගේම කනිටු සොහොයුරිය රැගෙන අවුත් නිවසෙහි ප්‍රධානත්වය දුන්නේ ය. ඇය බොහෝ සෙයින් ශ්‍රද්ධා සම්පන්න වූ බැවින් භික්ෂූන් කෙරෙහි මනාව පිළිපැද්දාය.





    මෙසේ වස් කාලය නිමා වූ කල්හි බොහෝ පින් රැස් කරගත් ඒ පේසකාර ගමෙහි පිරිස භික්ෂූන් වහන්සේලාට සිවුරු පිණිස වස්ත්‍ර ද පිළිගැන්වූහ. තම ස්වාමියා පින්කරන කල්හි ඔහුගේ ශ්‍රද්ධාවක් නැති ලෝභී බිරිඳ ඔහුට මෙසේ ශාප කළා ය. එනම්



    “ඔබ ශ්‍රමණයන්ට දෙන ඔය ආහාර මළමුත්‍ර වේවා! පාන වර්ග ලේ සැරව වේවා! වස්ත්‍ර ගිනි වස්ත්‍ර වේවා ! "



    යනුවෙනි.




    කලක් ගතවීමෙන් ඒ පේසකාර ප්‍රධානියා මිය ගොස් වින්ධ්‍යා කැලයෙහි මහත් ආනුභාව ඇති රුක් දෙවියෙක්ව උපන්නේ ය. ටික කලකින් ම ඔහුගේ ලෝභි බිරිඳ ද මියගොස් ඒ දේවපුත්‍රයා වසන තැනට නුදුරෙහි නිර්වස්ත්‍රව කුසට අහර නැති විරූපී ප්‍රේතියක්ව උපන්නාය. දුකට පත් ඇය ඒ රුක් දෙවියා සමීපයට පැමිණ ස්වාමීනී, මට කුසට අහරක් දෙන්න යැයි ඉල්ලීය. ඇය කෙරෙහි අනුකම්පා ඇති වූ ඒ දේව පුත්‍රයා ඈට දිව්‍යමය වූ ආහාර ද වස්ත්‍රද දුන්නේ ය. ඇය ඒ ආහාර පාන අත ගැසූ පමණින් මළ මුත්‍ර බවට, ලේ සැරව බවට පත්විය. දිව්‍යමය වස්ත්‍ර ඇඟේ දා ගත් පමණින් ගින්දර බවට පත් වී ඇගේ සිරුර දවන්නට විය. ඇයට මහත් දුක් දෙන්නට විය. ඇය මහත් ශබ්දයෙන් විලාප දෙන්නට විය.




    ඒ සමයෙහිම එක්තරා භික්ෂුවක් පිටිසර පෙදෙසක වස් වැස නිමකොට බුදුරදුන් දකිනු පිණිස යනු කැැමත්තේ වින්ධ්‍යා කැලය මැදින් ඇති මාර්ගයෙන් වෙළෙඳ පිරිසක් සමඟ ගමන් ආරම්භ කළහ. වෙහෙසට පත් ව සිටි භික්ෂුව එහි මහත් සෙවණ ඇති ගසක් මුල දෙපට සිවුර එළා මදක් සැතපුණහ. නුදුරෙහි වූ වෙළෙඳ පිරිස ද මඳක් වෙහෙස නිවා නැවතත් ගමන් ආරම්භ කළ අතර ඒ භික්ෂුව එහි තනි විය.





    භික්ෂුව අවදි වී බලන කල වෙළෙඳ පිරිස නැති බව දැන තමන්ට අවශ්‍ය ප්‍රත්‍ය කෙසේ ලබා ගන්නේ දැයි කල්පනා කරමින් සිටින කල ඒ වනයෙහි වූ පෙර කී රුක් දෙවියා පැමිණ උන්වහන්සේ තම භවනට වඩමවා දිව්‍යමය වූ ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට සූදානම් විය. ඒ අවස්ථාවේ ද අර ප්‍රේතිය පැමිණ නැවතත් ආහාර පාන ඉල්ලීය. දිව්‍ය පුත්‍රයා ද නැවතත් ඇයට පෙර පරිදිම ආහාරපාන හා වස්ත්‍ර පිළිගැන්වීය. එහෙත් ඒ සියල්ල පෙර පරිදිම විය. ආහාර මළමුත්‍ර බවටත්, පාන ලේ සැරව බවටත්, ඇඳුම් ගිනිදැල් බවටත් පත්විය. මෙය දුටු භික්ෂුව කම්පාවට පත් වූ අතර දිව්‍ය පුත්‍රයාගෙන් ඈ මෙසේ වීමට පෙර කළ අකුශල කර්මය කුමක් දැයි විමසීය.




    අසූචි මළ මුත්‍ර හා සැරව අනුභව කරන, කෘෂ වූ, ලේ වැකී ගිය දැකීමට අපි‍්‍රය වූ ගිය ශරීර ඇති, නව වස්ත්‍රයක් පැළඳීමට දුන් විට ගිනි දැල් බවට පත් වන මේ ස්ත්‍රිය කවරෙක් ද? ඈ විසින් කවර නම් අකුශල කර්මයක් කරන ලදද? එවිට ඒ දිව්‍ය පුත්‍රයා භික්ෂූන් වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පවසයි.




    "ස්වාමීනී, මේ තැනැත්තිය පෙර ආත්මයේ මාගේ බිරිඳ විය. ලෝභි වූ ඇය මා විසින් භික්ෂූන් දන් දෙන කල්හි ආක්‍රෝශ, පරිභව කළාය. භික්ෂූන් වහන්සේලාට මා විසින් දෙන ඒ දානය මළ මුත්‍ර බවටත්, පාන වර්ග ලේ සැරව බවටත්, වස්ත්‍ර ගිනිදැල් බවටත් පත් වේවායි ඇය ශාප කළා ය. එසේ දුෂ්ට සිතින් කළ ඒ පාපී ක්‍රියාවේ ප්‍රතිඵල දැන් ඈ විසින්ම විඳවන්නීය"
    වශයෙන් පැහැදිලි කළේ ය.




    ඉන් පසු දිව්‍ය පුත්‍රයා එම භික්ෂූන් වහන්සේගෙන් මෙසේ ඇසීය.



    ‘ස්වාමීනි, මේ ස්ත්‍රිය අපමණ දුකට පත් වෙමින් කාලය ගෙවන්නේ ය. මේ අකුසල කර්මයෙන් මැය මුදවා ගැනීමට යම් ක්‍රමයක් ඇද්දැයි විමසීය. එවිට භික්ෂූන් වහන්සේ ක්‍රමයක් ඇත දේව පුත්‍රය’

    යනුවෙන් පැවසූහ.



    එසේ නම් පවසන්න ස්වාමීනි, යනුවෙන් දේව පුත්‍රයා කීය. එවිට භික්ෂූන් වහන්සේ පවසන්නේ ‘දේව පුත්‍රය’ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ එක් ආර්ය ශ්‍රාවක නමක් හෝ උදෙසා දානයක් දී ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න’ යනුවෙන් පැවසීය.




    එයින් සතුටට පත් දිව්‍ය පුත්‍රයා ඒ භික්ෂූන් වහන්සේටම දිව්‍යමය වූ ආහාර පානාදිය සැදැහැ සිතින් ගෞරව පෙරටුව පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළා ය. ඒ ප්‍රේතියගේ අතෙහිම තබා දිව්‍යමය වූ වස්ත්‍ර යුගළක් ද භික්ෂූන් වහන්සේට පිළිගැන් වූවා ය. ඒ පින් අනුමෝදන් වූ ඇය ඒ දුක්ඛිත ප්‍රේත ආත්මයෙන් මිදි, දිව්‍යමය වූ ශරීරයක් ද දිව්‍යමය වූ ආහාර පාන ද දිව්‍යමය වූ වස්ත්‍ර ලැබ අතිශය සතුටට පත් වූවා ය.




    ඔබ සැමට තෙරුවන් සරණයි.
     
    • Like
    Reactions: maduranga19

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇහැට පේන්නෙ නැති ප්‍රේතියක් වස්ත්‍ර ඉල්ලන්නෙ ඇයි?

    ඇයි කියන ඒක දන්නේ බෞද්ධයෝ විතරයි සහ බෞද්ධයෝ විතරක් ඒක දැන ගැනීමත් ප්‍රමාණවත්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි කියන ඒක දන්නේ බෞද්ධයෝ විතරයි සහ බෞද්ධයෝ විතරක් ඒක දැන ගැනීමත් ප්‍රමාණවත්.
    :sorry:
    ඒ ප්‍රේතිව ගෙනල්ල රෙදි ලෝහ කරන බිස්නස් එකක් කරන්න බැරිවෙයිද?

    PS: කවුද එකෙක් ඒයාගෙ පුකේ පින්තූරයක් දාල රෙප් කපල.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර විට ඒක උඹට ගැලපෙන නිසා වෙන්න ඇති! :rofl: හැබැයි ඒ මම නෙවේ. එහෙම කියලා මම උඹට රේප් දෙන්නේ නෑ. කවුද කියන ඒක admin ගෙන් අහලා දැන ගනින්. :D

    මට ගැලපෙන එකක් තමයි. පුකේ අයිතිකාරය හොයාගන්න ඕනෙ ඒකෙන් වැඩක් ගන්න.;)
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ධර්ම දානය උතුම්ම දානය වේ.. සාදු.. සාදු..
    රෙප් ++++
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෞද්දයෙක් දර්ම කරුණක් කියලා thread එකක් දාලා තියෙද්දී ,
    අන්යගමිකයෙක් හෝ ආගමක් නැති එකෙක්,
    ඇවිත් ඒක ප්‍රශ්නයක් කරගෙන කඩාකප්පල් කල යුතු නෑ නේද?

    දාලා තියන කරුණෙන් මොකද්ද කියවෙන්නේ කියන ඒක බෞද්දයෝ බලා ගනී නේ? ;)

    මම බෞද්ධ නොවෙයි කියල තීරණය කලේ ප්‍රශ්නයක් අහපු නිසාද? බන කතාවක් කියන්නෙ මෝඩ සැදැහවතුන්ට විතරයි ද? මොලයක් තියෙන එකෙක් නම් කතාවෙ තියෙන දේ වෙන්න පුලුවන්ද කියල අහනව. අපේ රටේ කරුමෙ කියන්නෙ මොලේ පාවිච්චිකරන අය අඩුයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බන කතාවක් හරි ධර්මය ගැන පෝස්ට් එකක් දැම්මම බෞද්ධයො එකතුවෙලා ඒක සාකච්ඡා කරන්නෙ නැතිනම් තමන්ගෙ ධර්මාවබෝධය වැඩිකරන්නෙ නැතිනම් ඒකෙ ඇති ඵලය මොකක්ද?

    පෝස්ට් එක කියවන්නෙ නැතුව "පින්", "බොහොම පින්" කියල දාන කොමෙන්ට් වලින් කාටවත් සෙතක් නෑ
     
    • Like
    Reactions: Onda_AX1

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    බන කතාවක් හරි ධර්මය ගැන පෝස්ට් එකක් දැම්මම බෞද්ධයො එකතුවෙලා ඒක සාකච්ඡා කරන්නෙ නැතිනම් තමන්ගෙ ධර්මාවබෝධය වැඩිකරන්නෙ නැතිනම් ඒකෙ ඇති ඵලය මොකක්ද?

    පෝස්ට් එක කියවන්නෙ නැතුව "පින්", "බොහොම පින්" කියල දාන කොමෙන්ට් වලින් කාටවත් සෙතක් නෑ

    අර්ථ විරහිත තර්ක වලින් පලක් නැති නිසා ඔබට පිළිතුරු නොදෙමි..
    ඔබේ ප්‍රශ්ණයට පිළිතුර සොයාගන්නට බුද්ධ දර්ශණයේ කියැවෙන මනෝ මූලික සිත් පිළිබඳ හදාරන්න..
     
    • Like
    Reactions: animation

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇහැට පේන්නෙ නැති ප්‍රේතියක් වස්ත්‍ර ඉල්ලන්නෙ ඇයි?

    ඇහැට කිව්වෙ මිනිස් ඇසට... මසැසට. මිනිස්සුන්ට නොපෙනුනාට අනිත් ප්‍රේතයන්ට පේනව උන්ගෙන් විලිවසාගන්නයි වස්ත්‍ර ඉල්ලන්නේ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බන කතාවක් හරි ධර්මය ගැන පෝස්ට් එකක් දැම්මම බෞද්ධයො එකතුවෙලා ඒක සාකච්ඡා කරන්නෙ නැතිනම් තමන්ගෙ ධර්මාවබෝධය වැඩිකරන්නෙ නැතිනම් ඒකෙ ඇති ඵලය මොකක්ද?

    පෝස්ට් එක කියවන්නෙ නැතුව "පින්", "බොහොම පින්" කියල දාන කොමෙන්ට් වලින් කාටවත් සෙතක් නෑ

    "තමන්ගෙ ධර්මාවබෝධය වැඩිකරන්නෙ නැතිනම් ඒකෙ ඇති ඵලය මොකක්ද?" :rofl:
    අම්මපා? :rofl:

    ඉතින් මොකද්ද ඔයාට තියන ප්‍රශ්නේ? විස්තර ඇතිව අහන්නකො?
    ඇයි නිකන් අරෙහෙන් මෙහෙන් පොඩි පොඩි ටෝක්ස් දාන්නේ? :D
    අහන්නකො ඔයාගේ ප්‍රශ්නේ විස්තර ඇතිව. :rofl:
    මම මහා ලොකු දෙයක් දන්නේ නෑ එත් දන්නා කවුරුහරි උත්තරයක් දේවිනේ? :D
     
    Last edited:

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    "තමන්ගෙ ධර්මාවබෝධය වැඩිකරන්නෙ නැතිනම් ඒකෙ ඇති ඵලය මොකක්ද?" :rofl:
    අම්මපා? :rofl:

    ඉතින් මොකද්ද ඔයාට තියන ප්‍රශ්නේ? විස්තර ඇතිව අහන්නකො?
    ඇයි නිකන් අරෙහෙන් මෙහෙන් පොඩි පොඩි ටෝක්ස් දාන්නේ? :D
    අහන්නකො ඔයාගේ ප්‍රශ්නේ විස්තර ඇතිව. :rofl:
    මම මහා ලොකු දෙයක් දන්නේ නෑ එත් දන්නා කවුරුහරි උත්තරයක් දේවිනේ? :D
    :yes::yes::yes: