මන්නම් කියන්නේ ගොඩක් මිනිස්සු අහිංසක වෙන්නේ මැරුණට පස්සේ. අද කාලෙ උනත් එහෙම තාම ඉන්නකන් මොනවා කරත් මැරුණම ගුණ කියනවා. ඔය මැරුණ මැරුව කියන අහිංසක උන් මැරෙන්න කලින් අහිංසක නැතිව ඇති.සුදු ඇදගෙන නැති එක වෙනයි සුදු ඇදගෙන හිටිය කියල ක්ලේම් කරන එක වෙනයි. මම කිව්වෙ ඒ බලන්න කියපු ෆිල්ම් එකේ චරිතෙ සහ ඇත්ත විජේවීර අතරෙ ලොකු වෙනසක් තියෙනව කියන එක.
මට මතකයි තාත්ත කියනව ඒ දවස්වල රෑ අයිඩී එකතුකරන්න ඇවිල්ලා අම්මගෙයි තාත්තගේයි අයිඩී දෙක දීලා ලෑලි ගේට්ටුවේ පොල්ලක් හරහට තියන්න යනකොට කලුවරේම ළඟ හිටිය එකෙක් තුවක්කුවක් දික්කරලා ඒයි ඒයි කියල කෑගහල. තාත්තා මිනිහව දැකලත් නෑ, මිනිහ හිතල පොල්ල අරන් තියෙන්නේ ඌට ගහන්න කියල.
පස්සේ හෙන කාලයක් යනකං අයිඩී එක හදාගන්න බැරිව තාත්ත ලයිට් බිල් වතුර බිල් සාක්කුවේ දාගෙන යනවා මොකෙක් හරි ඇහුවොත් පෙන්නන්න![]()
Pin deepiya jepponta 
JVP pihiten neda e kiyanne refugee dala panala thiyenne Kenya walata???Pin deepiya jepponta
![]()
He is the only survived from 60 at a Jungle if Kekirawaඅනුරට ත් බිල්ලෙක් කියනවා ඉස්සර හිටපු . විජේවීර ත් අන්තිමට බිල්ලෙක් උණේ නැතුව ට වටේ හිටපු අය හමුදාවට පාවල දුන්නා කියනවා

වල් පරයො අද ඉන්න හැටි 10ට ගණින්න බැරි උන් වගේබිල්ලෝ ගැන කියනවා නම්, මගේ ඥති වෙන මාමා කෙනෙකුත් ඔය බිල්ලෝ නිසා 88 නැති වුණා. JVP එකෙන් රෑ ගෙදරට ඇවිත් පෝස්ටර් මිටියක් දීලා කිව්වා මේක ගම පුරා අලවන්න කියලා. එයා බෑම කිව්ව නිසා ගල්කටස් තුවක්කුවක් ඔළුවට තියල පවුලම මරණවා කියල තර්ජනය කරා. පස්සේ බයට, ඒවායින් ටිකක් අලවලා තියෙනවා. දිගින් දිගටම JVP එකට බැදෙන්න කථා කරපු නිසා බැරිම තැන ගමින් පිටව ගොස් වෙන නැගෙදරක ටික කාළයක් සිටිද්දී උණ හැදුන නිසා බෙහෙත් ගන්න හොස්පිටල් එකට ගිහිං එළියට එනකොට වැන් එකක අල්ලන් හිටපු JVP බිල්ලෙක් මෙයාට ඔළුව වනල JVP කියල. (පසුව දැන ගත්තා බිල්ලා කළින් තර්ජනය කරපු කණ්ඩායමේ හිටපු එකෙක් කියල) මිනියවත් හමු වුණේ නැ. පොඩි ළමයි දෙන්නව බොහොම අමාරුවෙන් අනිත් නෑදෑයන්ගේ පිහිටෙන් ලොකු මහත් කළාට ලොකු ළමයාගේ මොලේ ටිකක් විතර අදටත් අප්සෙට් අර තර්ජන සිද්දිය දැකපු එකට.
අනේ බං උඹ හිතන්නෙ ඔය සමාජවාදී ක්‍රමය රටකට හරියනව කියලද? එහෙනම් උඹලා පාන් කාලක් ගන්න පෝලිමේ ඉන්නෙ මීට අවුරුදු 30කට කලින් ඉඳන්. විජේවීර කියන්නෙ පිස්සෙක්.මොකටද දෙගොල්ලොම එකතු වෙලා පක්ෂය තහනම් කරන්නේ. මොනවා උනත් එදා විජේවීර ට රටේ බලය අල්ලගන්න පුළුවන් උනානම් අද මේ වගේ තෙල් නැවක් එංකම් බලන ඉන්න වෙන්නේ නෑ. එදා jvp එකට කරෙත් මේද ගෝල් ෆේස් එකට කරපු වැඩේ. හැබැයි එදාට වාඩ අද මිනිස්සු බුද්ධිමත්. සංවිධානාත්මක
බිල්ලෝ දැකල නැ නේ.... මෙන්න බලාගනින් බිල්ලෝ....
උඹල අහල ඇති 1987-89 කලබල කාලේ හිටිය බිල්ලෝ කියල ජාතියක්. බිල්ලෝ කියන්නේ JVP එකේ ඉඳල JVP එකට එරිහිව ඔත්තු දෙන උන් සහ ඒ ගම් පළාතේ ඉන්න JVP එකට සම්බන්ද නැති උන්.. බිල්ලෝ JVP එකට සම්බන්ද අය වගේම උන්ට පුද්ගලික ඇරියස් තියන මිනිස්සුත් අල්ලලා දුන්න JVP කියල. ඒ දවස් වල ආණ්ඩුවේ ආමි, පොලිස්, ප්‍රා, කළු බළල්ලු වගේ අය මේ බිල්ලෝ කියන උන් අරන් ගමේ හන්දි වල වාහන නවත්තගෙන දවල්ට ගමේ මිනිස්සු ගෙනල්ල පෝලිම් ගස්සනවා. පෝලිම් ගස්සලා හදුනා ගැනීමේ පෙරට්ටුවක් තියනව බිල්ලට. බිල්ල කියන එකාගේ මුණ අනිවාර්යෙන් වහල තියෙන්නේ ඇස් දෙක විතරක් පෙන්න. උ කරන්නේ ඒ පෝලිමේ එන මිනිස්සුන්ගෙන් JVP එකට සම්බන්ද අය දැක්ක ගමන් ඔව් කියල ඔලුව වනන්න. ඒ විදියට අල්ලලා දීපු අය අපහු ඉතින් ජීවිතේට ගෙදර එන්නේ නැ. ඒ මිනිස්සු ඉතින් ටයර් සායක නැත්නම් වලේ... බිල්ලෝ කියන උනා ඉතා අසාදාරන විදියට උන් එක්ක ඇරියස් තියන මිනිස්සු තමයි ගොඩක් JVP කියල අල්ලලා දීල තියෙන්නේ.
මේ video එකේ වාහනේ මුණ වහල ඉන්නෙත් ඔය කියන බිල්ලෙක්......
------ Post added on Jun 27, 2022 at 4:54 AM
දැන් මේ කොරල තියෙන්නේ.අනේ බං උඹ හිතන්නෙ ඔය සමාජවාදී ක්‍රමය රටකට හරියනව කියලද? එහෙනම් උඹලා පාන් කාලක් ගන්න පෝලිමේ ඉන්නෙ මීට අවුරුදු 30කට කලින් ඉඳන්. විජේවීර කියන්නෙ පිස්සෙක්.

. දැන් එකලෙත් ඉවරයි දැන් තියෙන්නේ NPP. NPP එකට ඡන්ද හිඟමනේ යන්න ඕනේ නෑ. පුළුවන් තරම් සමාජය දැනුවත් කරගෙන යන එක කරන්නේ. කැමති එකෙක් කැමති එකකට දීපල්ලා.

නිකම් අහන්නෙ.. ඔයා මොන අවුරැද්දෙද ඉපදුනේ?ඒකත් එක්තරා තිත්ත ඇත්තක් තමයි
ප්‍ර්‍රෙමෙගෙ ආණ්ඩුව මර්ධනය කොච්චර හොඳට කලාද කිව්වොත් 94 වෙනකොට ජේවීපී නමින් දේසපාලනේ කරන්න ඉතුරු වෙලා හිටියේ එක්කො පාවල දීපු උන්. නැත්නම් රට පැනල පණකෙන්ද බේරගත්ත උන්. අනිත් සේරම වගේ වාෂ්ප![]()