බිෂනේ කාලේ බිල්ලෝ..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    සුදු ඇදගෙන නැති එක වෙනයි සුදු ඇදගෙන හිටිය කියල ක්ලේම් කරන එක වෙනයි. මම කිව්වෙ ඒ බලන්න කියපු ෆිල්ම් එකේ චරිතෙ සහ ඇත්ත විජේවීර අතරෙ ලොකු වෙනසක් තියෙනව කියන එක.
    මන්නම් කියන්නේ ගොඩක් මිනිස්සු අහිංසක වෙන්නේ මැරුණට පස්සේ. අද කාලෙ උනත් එහෙම තාම ඉන්නකන් මොනවා කරත් මැරුණම ගුණ කියනවා. ඔය මැරුණ මැරුව කියන අහිංසක උන් මැරෙන්න කලින් අහිංසක නැතිව ඇති.
    මමානම් ඉපදුනේ 88 නිසා. ඔය කිසිම දෙයක් මම දැකලත නෑ දැනිලත් නෑ. හැමදේම දන්නේ කවුරු හරි කියපු දෙයක් හෝ පෙන්නපු දෙයක්.
    ෆිල්ම් එකේ තියන විදිහ කොහොම උනත් මම නම් හිතන්නේ නෑ ජේවීපී කියන එක ඔය කියන තරම් නරක ප්‍රතිපත්තියක් අනුගමනය කර කියලා.
    රටම නයකරල හොරා කාපු මහින්දය ජනෙළේ ඇල්ලුවට පස්සේ අවුරුදු පහක් යන්න කලින් ආයෙත් ගෙනල්ලා 2/3 බලයක් දුන්න එකේ. අවුරුදු 30 කටත් කලින් උන දේවල් තවත් ඇද ඇද ඉන්නේ නැතිව Jvp එකට ඉඩක් දුන්නා කියල වරදක් නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට මතකයි තාත්ත කියනව ඒ දවස්වල රෑ අයිඩී එකතුකරන්න ඇවිල්ලා අම්මගෙයි තාත්තගේයි අයිඩී දෙක දීලා ලෑලි ගේට්ටුවේ පොල්ලක් හරහට තියන්න යනකොට කලුවරේම ළඟ හිටිය එකෙක් තුවක්කුවක් දික්කරලා ඒයි ඒයි කියල කෑගහල. තාත්තා මිනිහව දැකලත් නෑ, මිනිහ හිතල පොල්ල අරන් තියෙන්නේ ඌට ගහන්න කියල. 😳

    පස්සේ හෙන කාලයක් යනකං අයිඩී එක හදාගන්න බැරිව තාත්ත ලයිට් බිල් වතුර බිල් සාක්කුවේ දාගෙන යනවා මොකෙක් හරි ඇහුවොත් පෙන්නන්න😔

    JVP pihiten neda e kiyanne refugee dala panala thiyenne Kenya walata??? :rofl: Pin deepiya jepponta :lol:
     
    • Like
    Reactions: Kalegana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,024
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    JVP pihiten neda e kiyanne refugee dala panala thiyenne Kenya walata??? :rofl: Pin deepiya jepponta :lol:
    😳🙄😳 ඔව් ඉතින් එහම පැන්නනං දැන් හැට හැත්තෑවක් වත් වෙන්න ඕන. 🤣

    ජේ වී පී හිටපු ලේකම් එක්ක මගේ තාත්තගේ ලොකු හැඳුනුම් කමක් තියෙනවා. කාලෙකදී ඒක නැතිවෙනවා ඒගොල්ලෝ ත්‍රස්ත ක්‍රියා වලට සම්භන්ද වෙන නිසා. තාත්තා විවාහ වෙලා පාඩුවේ කොළඹට වෙලා ඉන්නව.
    ටික කාලෙකට කලින් පවුල් පිටින් ඇවිත් හම්බෙලා ආයේ හැඳුනුම්කම් අලුත්කරගත්තා. මම හිතනවා මම පරණ ජේවීපී එක ගැන විස්තරයක් ඒ දෙන්නගෙන් අහගත්ත කියල.😊
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අනුරට ත් බිල්ලෙක් කියනවා ඉස්සර හිටපු . විජේවීර ත් අන්තිමට බිල්ලෙක් උණේ නැතුව ට වටේ හිටපු අය හමුදාවට පාවල දුන්නා කියනවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,782
    113
    I saw them in 88/89

    අනුරට ත් බිල්ලෙක් කියනවා ඉස්සර හිටපු . විජේවීර ත් අන්තිමට බිල්ලෙක් උණේ නැතුව ට වටේ හිටපු අය හමුදාවට පාවල දුන්නා කියනවා
    He is the only survived from 60 at a Jungle if Kekirawa
    ------ Post added on Jun 27, 2022 at 1:20 PM
     
    • Like
    Reactions: Kalegana and magix

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    බිල්ලෝ ගැන කියනවා නම්, මගේ ඥති වෙන මාමා කෙනෙකුත් ඔය බිල්ලෝ නිසා 88 නැති වුණා. JVP එකෙන් රෑ ගෙදරට ඇවිත් පෝස්ටර් මිටියක් දීලා කිව්වා මේක ගම පුරා අලවන්න කියලා. එයා බෑම කිව්ව නිසා ගල්කටස් තුවක්කුවක් ඔළුවට තියල පවුලම මරණවා කියල තර්ජනය කරා. පස්සේ බයට, ඒවායින් ටිකක් අලවලා තියෙනවා. දිගින් දිගටම JVP එකට බැදෙන්න කථා කරපු නිසා බැරිම තැන ගමින් පිටව ගොස් වෙන නැගෙදරක ටික කාළයක් සිටිද්දී උණ හැදුන නිසා බෙහෙත් ගන්න හොස්පිටල් එකට ගිහිං එළියට එනකොට වැන් එකක අල්ලන් හිටපු JVP බිල්ලෙක් මෙයාට ඔළුව වනල JVP කියල. (පසුව දැන ගත්තා බිල්ලා කළින් තර්ජනය කරපු කණ්ඩායමේ හිටපු එකෙක් කියල) මිනියවත් හමු වුණේ නැ. පොඩි ළමයි දෙන්නව බොහොම අමාරුවෙන් අනිත් නෑදෑයන්ගේ පිහිටෙන් ලොකු මහත් කළාට ලොකු ළමයාගේ මොලේ ටිකක් විතර අදටත් අප්සෙට් අර තර්ජන සිද්දිය දැකපු එකට.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හැමෝම බිල්ලෝ තමයි බන් , දැන් පෙන්නේ නැද්ද ඩොලර් බංකර් ගහපු බිල්ලොත් ඉන්නේ... උන් මිනිමාරු බිල්ලොන්ට වඩා අන්තයි... උන්ට රටක් ජාතියක් වැඩක් නෑ... උන් බිල්ලොන්ට හපන්... ආර්ථික ගාතකයෝ... ජාතික ආපදාවකට ආපු සල්ලි මංකොල්ල කාපු එවුන්.... අලුත් අකවුන්ට් ගොඩාරියක් තියෙනවා මේ ලස්සන ත්‍රෙඩ් එකේ... :rofl: :rofl:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    බිල්ලෝ ගැන කියනවා නම්, මගේ ඥති වෙන මාමා කෙනෙකුත් ඔය බිල්ලෝ නිසා 88 නැති වුණා. JVP එකෙන් රෑ ගෙදරට ඇවිත් පෝස්ටර් මිටියක් දීලා කිව්වා මේක ගම පුරා අලවන්න කියලා. එයා බෑම කිව්ව නිසා ගල්කටස් තුවක්කුවක් ඔළුවට තියල පවුලම මරණවා කියල තර්ජනය කරා. පස්සේ බයට, ඒවායින් ටිකක් අලවලා තියෙනවා. දිගින් දිගටම JVP එකට බැදෙන්න කථා කරපු නිසා බැරිම තැන ගමින් පිටව ගොස් වෙන නැගෙදරක ටික කාළයක් සිටිද්දී උණ හැදුන නිසා බෙහෙත් ගන්න හොස්පිටල් එකට ගිහිං එළියට එනකොට වැන් එකක අල්ලන් හිටපු JVP බිල්ලෙක් මෙයාට ඔළුව වනල JVP කියල. (පසුව දැන ගත්තා බිල්ලා කළින් තර්ජනය කරපු කණ්ඩායමේ හිටපු එකෙක් කියල) මිනියවත් හමු වුණේ නැ. පොඩි ළමයි දෙන්නව බොහොම අමාරුවෙන් අනිත් නෑදෑයන්ගේ පිහිටෙන් ලොකු මහත් කළාට ලොකු ළමයාගේ මොලේ ටිකක් විතර අදටත් අප්සෙට් අර තර්ජන සිද්දිය දැකපු එකට.
    වල් පරයො අද ඉන්න හැටි 10ට ගණින්න බැරි උන් වගේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    මොකටද දෙගොල්ලොම එකතු වෙලා පක්ෂය තහනම් කරන්නේ. මොනවා උනත් එදා විජේවීර ට රටේ බලය අල්ලගන්න පුළුවන් උනානම් අද මේ වගේ තෙල් නැවක් එංකම් බලන ඉන්න වෙන්නේ නෑ. එදා jvp එකට කරෙත් මේද ගෝල් ෆේස් එකට කරපු වැඩේ. හැබැයි එදාට වාඩ අද මිනිස්සු බුද්ධිමත්. සංවිධානාත්මක
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    මොකටද දෙගොල්ලොම එකතු වෙලා පක්ෂය තහනම් කරන්නේ. මොනවා උනත් එදා විජේවීර ට රටේ බලය අල්ලගන්න පුළුවන් උනානම් අද මේ වගේ තෙල් නැවක් එංකම් බලන ඉන්න වෙන්නේ නෑ. එදා jvp එකට කරෙත් මේද ගෝල් ෆේස් එකට කරපු වැඩේ. හැබැයි එදාට වාඩ අද මිනිස්සු බුද්ධිමත්. සංවිධානාත්මක
    අනේ බං උඹ හිතන්නෙ ඔය සමාජවාදී ක්‍රමය රටකට හරියනව කියලද? එහෙනම් උඹලා පාන් කාලක් ගන්න පෝලිමේ ඉන්නෙ මීට අවුරුදු 30කට කලින් ඉඳන්. විජේවීර කියන්නෙ පිස්සෙක්.
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    බිල්ලෝ දැකල නැ නේ.... මෙන්න බලාගනින් බිල්ලෝ....

    උඹල අහල ඇති 1987-89 කලබල කාලේ හිටිය බිල්ලෝ කියල ජාතියක්. බිල්ලෝ කියන්නේ JVP එකේ ඉඳල JVP එකට එරිහිව ඔත්තු දෙන උන් සහ ඒ ගම් පළාතේ ඉන්න JVP එකට සම්බන්ද නැති උන්.. බිල්ලෝ JVP එකට සම්බන්ද අය වගේම උන්ට පුද්ගලික ඇරියස් තියන මිනිස්සුත් අල්ලලා දුන්න JVP කියල. ඒ දවස් වල ආණ්ඩුවේ ආමි, පොලිස්, ප්‍රා, කළු බළල්ලු වගේ අය මේ බිල්ලෝ කියන උන් අරන් ගමේ හන්දි වල වාහන නවත්තගෙන දවල්ට ගමේ මිනිස්සු ගෙනල්ල පෝලිම් ගස්සනවා. පෝලිම් ගස්සලා හදුනා ගැනීමේ පෙරට්ටුවක් තියනව බිල්ලට. බිල්ල කියන එකාගේ මුණ අනිවාර්යෙන් වහල තියෙන්නේ ඇස් දෙක විතරක් පෙන්න. උ කරන්නේ ඒ පෝලිමේ එන මිනිස්සුන්ගෙන් JVP එකට සම්බන්ද අය දැක්ක ගමන් ඔව් කියල ඔලුව වනන්න. ඒ විදියට අල්ලලා දීපු අය අපහු ඉතින් ජීවිතේට ගෙදර එන්නේ නැ. ඒ මිනිස්සු ඉතින් ටයර් සායක නැත්නම් වලේ... බිල්ලෝ කියන උනා ඉතා අසාදාරන විදියට උන් එක්ක ඇරියස් තියන මිනිස්සු තමයි ගොඩක් JVP කියල අල්ලලා දීල තියෙන්නේ.

    මේ video එකේ වාහනේ මුණ වහල ඉන්නෙත් ඔය කියන බිල්ලෙක්......

    ------ Post added on Jun 27, 2022 at 4:54 AM

    meke full documentry eka tiyeda??
     
    • Like
    Reactions: Kalegana

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    oya kari billo sahenna ahinsaka minissunwa marala thiyanawa un ekka aul thibba eun unta dirawanne nathi eun... grama sewakala, principlela pawa billo vidihata idala thiyanawa...
    ape bappawath boruwata aran gihin thibba ohoma, hena gemak deela dawas 3 kata wage passe beragena thiyenne contacts walin... ehama bari una ki deneknan marenna athida
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    අනේ බං උඹ හිතන්නෙ ඔය සමාජවාදී ක්‍රමය රටකට හරියනව කියලද? එහෙනම් උඹලා පාන් කාලක් ගන්න පෝලිමේ ඉන්නෙ මීට අවුරුදු 30කට කලින් ඉඳන්. විජේවීර කියන්නෙ පිස්සෙක්.
    දැන් මේ කොරල තියෙන්නේ. :lol: :lol::lol:. දැන් එකලෙත් ඉවරයි දැන් තියෙන්නේ NPP. NPP එකට ඡන්ද හිඟමනේ යන්න ඕනේ නෑ. පුළුවන් තරම් සමාජය දැනුවත් කරගෙන යන එක කරන්නේ. කැමති එකෙක් කැමති එකකට දීපල්ලා.

    ඡන්දෙ දුන්න බහුතරයක් බැලුවේ අපිට ත් ටිකක් හොරකම් කරන්න ඉතිරි කරලා හොරකම් කරට කම ක් නෑ. අපේ ජොබ් එකා, අපේ වරප්‍රසාද ඒවා ඉතිරි කරලා හොරකම් කරට කම ක් නෑ. නැතුව රට හදන්න උවමනාව නෙමේ.​

    අන්තිමට ලේවකන්නවත් දෙයක් ඉතිරි කරේ නෑ ගිහන හොරු ටිකට :lol::lol::lol:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒකත් එක්තරා තිත්ත ඇත්තක් තමයි

    ප්‍ර්‍රෙමෙගෙ ආණ්ඩුව මර්ධනය කොච්චර හොඳට කලාද කිව්වොත් 94 වෙනකොට ජේවීපී නමින් දේසපාලනේ කරන්න ඉතුරු වෙලා හිටියේ එක්කො පාවල දීපු උන්. නැත්නම් රට පැනල පණකෙන්ද බේරගත්ත උන්. අනිත් සේරම වගේ වාෂ්ප :yes:
    නිකම් අහන්නෙ.. ඔයා මොන අවුරැද්දෙද ඉපදුනේ?