මහ වේදනාවක් දැනෙනව බං. ගිය කිසිම රටක් ලංකාව වගේ සෙට් උනේ නෑ. අපේ රට වගේ මිනිස්සු හොද, ලේසියෙන් ඉන්න පුලුවන් රටක් තියෙනවද දන්නෙ නෑ ඒත් ගිය ඒවල නම් එහෙම නෑ. එහෙමයි කියල මේ යන විදියට මේ රටේ ඉන්න විදියක් නැති වේගන යනව කියලයි හිතෙන්නෙ. වෙනද ලන්කවට සල්ලි දානකොට වෙනද ඩොලර් එකට හම්බ උන රුපියල් 9* ගාන වෙනුවට 105ක් ලැබෙනකොට කාලකන්නි සතුටක් ආවත් ඒ එක්කම මතක් වෙනව මේ කෙලවෙන්නෙ අපේම රටට නේද කියල.
මාත් ඉන්නෙ නෝනයි පොඩ්ඩියි ආපුවාම නිව් සීලන්ඩ් PR දාන්න. මොනව කරන්නද බං. අම්මලවත් එක්කගෙන යනව පුලුවන් විදියට. ගෙවල් හදන ප්ලෑන් තිබුන. ඒව ඔක්කොම නවත්තල තියෙන්නෙ තාවකාලිකව.
මාත් සතුටු වෙනව එදා වෙනසට චන්දෙ නොදුන්න එකට. මහින්දගෙ තිබුන වැරදි හිංදා ආයෙම දෙන්න බෑ කියල තීරනය කරා වගේම, අපිව පොලොන්නරුවෙදි මරන්න හදපු මයිත්රිට දෙන්නත් හිත හදාගන්න බැරි හින්ද කාටවත් දුන්නෙ නෑ. හැබයි ඊලග පාර නම් කවුරු ආවත් මුන්ට විරුද්දව දීල දානව.
මට පේන විදියට එකම බලාපොරොත්තුව සජිත් තමා. එක එකා එක එක කතන්දර කියනවා කියලා මම දන්නවා. ඒත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ එතුමාගේ ආදරණිය පාක්ෂිකයන්ගේ දෙවෙනි පරම්පරාව මේ වෙනකොට ඉන්නේ 25-35 වයස් සීමාවල. මම හොඳටම දන්නවා සජිත් ජනාධිපති අපේක්ෂක වෙච්චි දාට ඒ ජන්ද ටික ඔක්කොම සජිත්ට වැටෙනවා. උඩින්ම දිනනවා...





