අරිය පුද්ගලයාගේ ලක්ෂණය නම් නොදන්නා දෙය නොදන්නා ලෙසත් ගැඹුරු දෙය ගැඹුරු ලෙසත් ප්‍රකාශ කිරීම මිසක් නොදන්නා ගැඹුරු දෙයක් ගැන අනුමාන ඥානයෙන් අඩුපාඩු වැරදි සහිතව තමන්ගේ මතය පළකිරීම නොවෙයි. ආනන්ද තෙරණුවනුත් පටිච්චසමුප්පාදය ගැඹුරු බව පැවසුවා මිසක අනුමාන ඥානයෙන් අඩුපාඩු වැරදි සහිතව පටිච්ච සමුප්පාද දහම දේශනා කරන්නට යෙදුණේ නැහැ. තමාට ප්රත්යක්ෂ නොවන දෙය අනුමානයෙන් පල කිරීම කියන අනරිය පෘථග්ජන ස්වාභාවය ඝෝෂයන්ගේ මෙන්ම රේරුකානේ හිමියන්ගෙනුත් ප්‍රකට වෙනවා
There Ven. Ananda approached the Blessed One and, on arrival, having bowed down to the Blessed One, sat to one side. As he was sitting there he said to the Blessed One: "It's amazing, lord, it's astounding, how deep this dependent co-arising is, and how deep its appearance, and yet to me it seems as clear as clear can be." [The Buddha:] "Don't say that, Ananda. Don't say that. Deep is this dependent co-arising, and deep its appearance. It's because of not understanding and not penetrating this Dhamma that this generation is like a tangled skein, a knotted ball of string, like matted rushes and reeds, and does not go beyond transmigration, beyond the planes of deprivation, woe, and bad destinations.
ඔන්න තර්කයට උත්තර දෙන්න බැරුව පට්ට කෙබරයක් පතබැව.

මේ තියෙන්නේ මහා නිදාන සුත්‍රයේ ඔය කියන අවස්ථාව . මම කිව්වේ "සම්පුර්නවා නිවැරදිව නොදැන" කියල. ඔයා එක කණපිට හැරෙව්වා වෙන විදිහකට. ඔන්න දැන් පොතේ තියන හැටි අනිත් අයටම බලාගන්න පුළුවන්. ( සිංහල - පාලි එක මෙතනින් බලාගන්න)
බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල කියන අය මේවා අනිත්පැත්ත නොගහ හිටීද.
පාරේදී වහනයක් හිට්ටම ඕනේ ඩ්‍රයිවර් කෙනෙක් මුලින් චෙක් කරගන්න ඕනේ තාක්ෂණික දැනුම තියනව. කාලයත් අත්දැකීමුත් එක්ක ඩ්‍රයිවර්ලටම දෝෂය නිවැරදි කරන් නවතත් වහනය ධාවනය කරවන්න පුළුවන් වෙනවා. නමුත් සර්ටිපයිඩ් තාක්ෂනවෙදියෙකුට වහනය එදාම දැකල උනත් ටක්ගල ඩයග්නොස් කරලා උත්තරේ දෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමා බුදුගොස් හිමියන්, රේරුකානේ හිමියන් සහ බුද්ද ඥානයේ වෙනස.
දැන් ආනන්ද හාමුදුරුවෝ මේ ප්‍රකශය කරද්දී සෝතාපන්න වෙලා හිටියේ. එත් ඔයාලගේ හාමුදුරුවන්ට අනුව උන්වහන්සේ අනාර්යයි(මොකද නිවැරදිවම නොදැන ප්‍රකාශ කල නිසා) ඒ කියන්නේ සෝතාපන්න නැහැ.


අනිත් කරුණ තමයි බුද්ධඝෝෂ ගැන ඉතිහාසයේ ඇති තරම් වර්ණනා වුනත් ඒ කිසි තැනක ඔහු අරිය පුද්ගල තත්වයට පත්වී තිබේ සඳහන් නොවීම. ඝෝෂ කියන නමට බුද්ධ කියන විශේෂණ පදයකුත් දාල ඇත මෑත ඉතිහාසයේ උගතුන් අතින් මොහු ඉහලින්ම පැසසුමට ලක්වුනත් අරිය නාමයක් කිසි දිනක ලබාදී නොතිබීම පුදුමයි නේද? ඝෝෂයන්ට බොහෝ කලකට පසුත් මලියදේව හිමි වැනි අරහතුන් වහන්සේලා සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
ත්‍රිපිටකයේ ආර්ය ස්වභාවය නිසැකවම ප්‍රකාශ කළහැකි විටදී පමණයි ප්‍රකාශ වෙන්නේ. එක්කෝ බුදුන් විසින් නැතිනම් ඒ පුද්ගලයා බුදුන් අභිමුකව ප්‍රකාශ කල අවස්ථා විතරයි. කලාතුරකින් වෙනත් ආකාර තිබෙන්න පුළුවන් (උද; ආනන්ද හිමියන් සංඝායනාවට එර්දි ප්රාතිහාර්ය දක්වමින් පැමිණීම). ඉතින් බුද්ධියෙන් විමසන අයට ඕක ගැටළුවක් නෙමෙයි. අනික මෙයට හේතුව ථෙරවාදයේ ස්ට්‍රික්ට් ඔතොරිටි එකට කරන ගරු කිරීම. මේක වෙනස්කරගත්තම ඔයාලගේ හාමුදුරුවන්ටත් "සොහං" තනතුරු දෙන්න පුළුවන් නේ නේ?
එය ධ්‍යානයක් නොවන බව ඔබේ මතයයි. මොකද රේරුකානේ හිමියන් සඳහන් කළ පරිදි කුමන ආකාරයක හෝ වායෝ කසිණ පිරියමක් ගැන බුදුපියාණන් වහන්සේ කිසි විටෙක අනුදැන වදාරා නැති නිසා එය විපස්සනාවක් ලෙස සැලකිය හැකි වන්නේ නැහැ. බුද්ධ දේශනාවට ගලපා බැලුවොත් බඩේ භාවනාව වායෝ කසිණයෙන් ලබාගත් ධ්‍යානයකට රැවටී සිටීමක් ලෙස පැහැදිලි වෙනවා. මාස හයක් තබා දින හයක්වත් උත්සාහ කර බුදුපියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ධ්‍යානයක් අත්හදා බලා එයට රැවටීමට අවශ්‍යතාවයක් නැහැ. හැකිනම් බුදුපියාණන් වහන්සේ කසිණ පිරියම ගැන වදාළ එක තැනක් හරි පෙන්වා දෙන්න.
එය කසිනයක් නෙමෙයි
. නාසයෙන් වගේම උදරයෙනුත් වයෝ ධාතුවේ සිදුවන වෙනස්වීම් ස්වභාවය අඳුර ගැනීමක් පමණයි සිද්දවෙන්නේ. එකියන්නේ අනිත්‍ය (ට්‍රිගර්ඩ්

). සතිපට්ටාන ක්‍රමය උදරය මුල්කරන් සිදුවීම පමණයි සිද්දවෙන්නේ. මොකද උදරයේ වෙනස්වීම "ඕලරිකයි". පහසුවෙන් හඳුනගන්න පුළුවන්.දැන් මම කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගේ මෙත් සිතේ විමුක්තිය පොත ඉදිරිපත් කළේ කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් විසින්ම විශුද්ධි මාර්ගයේ එන විකෘති මෛත්‍රී භාවනාව වැරදි බව දේශනා කර ඇති බව කියන්න. කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගේ දේශනා සහ ඝෝෂයන්ගේ පොත පරස්පර විරෝධී වෙන අතරේ ඔබතුමා ඒ දෙකම නිවැරදි බවක් හඟවනවා. අනුන්ට බණ කියන්න පෙර තමන්ගේ පරස්පර විරෝධී සිතිවිලි නිවැරදි කරගත්තොත් හොඳ නැද්ද?
ඒ විතරක් නෙමෙයි උන්වහන්සේලා දෙනමම පටිච්චසමුප්පාදය පැහැදිලි කරන හැටිත් දෙයාකාරයි


. අහල තියනවද වරක් බුදුන් වහන්සේ භික්ෂුන් කිපනමකගෙන් ධර්ම කාරණයක් ඇහුවම. කෙනෙක් ස්වාමිනි මට මේක මේ මහා වනය වගේ තේරුණා, තවකෙක් මට මේ ගස්වල කොළ වගේ තේරුණා කියල කියනවා. අන්තිමේදී බුදුන් කියනවා ඒ සියලුදෙනාම නිවැරදි, ඒ ඒ අයගේ ප්‍රඥා මට්ටම් අනුව ඒ ඒ අය තේරුම් ගත්ත කියල. (මට දැන් ඒ උපමා මතක නැහැ, හොයන්නත් උවමනාවක් නැහැ මොකද ඔබතුම, ඔබතුමාගේ මතය, මමයි මගෙයි කියල බදාගෙන ඉන්න කෙනෙක්. මෙතනට ඇවිත් තියෙන්නේ බුදු දහම කාල හරි බඩගොස්තරේ රැකගන්න)
හැබැයි අපවත්වුන කටුකුරුන්දේ හිමියන් අපවත්වෙන්න සති දෙකකට කලින් මම මුණගැසිලා කතාබහ කරන විටනම් මට කිව්වේ. කරන ක්‍රමය නිවැරදි කරගෙන යන්න කියල. ඒ විතරක් නෙමෙයි රේරුකානේ හිමියන් මෙරට ප්‍රචලිත කරපු භාවනා ක්‍රමය බුරුමය ප්‍රසිද්ද කරවූ මහසී ස්වාමින් වහන්සේගේ විපස්සනා භාවනා නායප්පකරණය පොත, ශ්‍රේෂ්ට පොතක් ලෙස සලකල සිංහලට පරිවර්තනය කලේ කටුකුර්න්දේ හාමුදුරුවන්ගේ පරපුරේ/ශිෂ්‍ය උඩුඊරියගම ධම්මජිව හාමුදුරුවෝ. අදටත් උන්වහන්සේ ජිවතුන් අතර. කැමති ඕනෙම කෙනෙකුට මේ කියල තියන කරුණු ගිහින්ම අහල බලන්න පුළුවන්.
(හැබැයි බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුන, බර්මියුඩ ත්‍රිකෝණ වගේ එව්වනේමෙයි ඕන


)
Last edited:


