අසුබ භාවනාව ගැන මේ තියෙන්නේ.
මෙතන කය කියන්නේ මොකක්ද? "කායේ කායානුපස්සනා හෙවත් ආශ්වාද කය (දෙවන කය, නිරෝධ කළ හැකි කය)"
"කයෙහි අශුභය අනුව දක්නා සුළුව වසන්නට සුබ අරමුනෙහි" කියලා සඳහන් වෙන්නේ. මෙතන මොකක්ද සුබ අරමුන කියන්නේ?
මන වඩන රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම
සුබ අරමුනෙහි යම් කාමරාග අනුසයක් වේ නම් එය ප්‍රහීන වෙයි.ඒ කියන්නේ මොකක්ද?
සුබ අරමුනක් අරගන රාගයෙන් බැඳිලා ඉන්න ආශ්වාදයෙනුයි මේ මිදෙන්න කියන්නේ
දුක්ඛ පක්ෂයෙහි වූ විතකෘෂය කියන්නේ මොකක්ද?
විතක්ක නිරෝධයෙන් (කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා නිරෝධයෙන්) තමයි නිවන් දකින්නේ
සියළු සංස්කාරයන්හි අනිස් ලකුණු අනුව දකින්න කියන්නේ මොකක්ද?
අනිච්ජ දකින්න කියන එක
විද්‍යාව වැඩෙන්න, අවිද්‍යාව පහ වෙන්න මොකක්ද කරන්න තියෙන්නේ?
ආශ්වාදයන්ගේ අනිච්ජ, දුක්ඛ, අනත්ත විදිහට දකින්න කියලයි කියන්නේ. අසුබ භාවනාව කරලා නිවන් දකිනවා කියන්නේ ඒකයි
(සූත්‍ර පිටකය, ඛුද්දක නිකාය-1, අශුභානුදස්සි සූත්‍රය, 427 පිටුව)
මේ තියන විදිහට අසුබ භාවනාව කියන්නේ කුණු වේගන එන මලමිනියක් දිහා, ඇට සැකිල්ලක් දිහා බලන් ඉන්න එක නෙවෙයි නේද?






