ඔක්කොටම ඉස්සෙල්ලා ඔයාට තේරෙන්න ඕනෑ සංසාර ගමන අසාර දෙයක් කියලා. මෙතන කලකිරිලා මහන වෙන්න ඕනෑ වගේ දෙයක් නොවේ මම අදහස් කරන්නේ.
සංසාර ගමනෙන් මිදීම එකම උපාය මාර්ගය විය යුතුයි කියලා ඔයාගේ ලේ, ඇට, මස් නහර වලට තේරෙන්න ඕන.
ඔයාට ඒක තේරුනාම ඔයා පොඩි ළමයාට පුද්ගල සංවර්ධනයක් ඉස්සෙල්ලා හිතන්නේ මම මේ ලමයව කොහොමද දුකෙන් මුදවන්නේ කියලා.
මමත්වය විපස්සනා නුවනින් නැති වෙන එක අවසාන පියවර. ඒක මේ ජවයේ හෝ මතු ජවයක අවසන් වෙන්න පුළුවන්.
නමුත් මනුස්සයෙක් ජිවත් වෙනවා අවුරුදු 80 පමණ. අවුරුදු 80 තුල මමත්වය නැහැ කියන දැක්ම පමණයි අවශ්‍ය මාර්ග එල ලැබීමට .
හේතු-එල දහම සහ පුද්ගල සංවර්ධනය දෙකම කියලා දෙන්න වෙනවා සුදුසු උපා මාර්ග යොදලා.
හැමෝටම සසාරය කෙලවර කරගන්ඩ ඔනෙ කියල හිතෙන් නැනෙ..ඔහෙනම් ඔක්කොම මහන වෙලා බණ භාවනා කරන්ඩ ඔනෙ.. එහෙම උනාද කවරදාකවත්????අනික තමයි කාවවත් දුකින් මුදවන්ඩ කාටවත් බැනෙ මොනාද මේ කියවන්නෙ ???

අනික මේ පොඩි ළමයෙක්ට සoසාරය කියන්නෙ මොකක්ද හේතුඵ්ල දහම කියන්නෙ මොකක්ද විදර්සනාව කියන්නෙ මොකක්ද තියා ,ජීවිතය කියන්නෙ මොකක්ද කියලව්ත් තේරෙනවද? ??



උබලගෙ තියෙන්නෙ අන්තවාදී පොතේගුරුවාදිත්වයක්..උබල හිතන දේම තමයි හරි, ලෝකෙ හැමෝම අද උපන් දරුවගෙ ඉදන් මහල්ලා දක්වාම, උබල කියන ඒව පිලිගන්ඩ ඔනෙ කියල..එහෙම එකක් ලෝකෙ නැ..


පොඩි ළමයෙක්ගෙ පුද්ගල සoවර්ධනය කරන්ඩ ඔනෙ ලොකු උන දවසක තමන් කැමති විදිහට ජිවත් වෙන්න..ඕක උබලට තේරුම් ගන්ඩ බැරිනම් ඕක තමයි කියන්නෙ අන්තවාදය කියල.. ඕක බුදු දහම එහෙම නෙමේ..


නිවරදි පවුල් ජිවිතයක් ගතකරන හැටි පවා බුදු දහමෙ උගන්නනව..හැමොටම මහන වෙන්න භාවනා කරන්න කියල බුදු දහමෙ කොහෙවත් කියල නැ..තමන්ගෙන් රටට, ආගමට ,දෙමාපිය, දූදරු, නැදැ, හිත මිත්‍ර ඔය එකි නොකි මෙකි සියල්ලන්ටම යුතුකම් වගකීම් ඉටු කරන විදිහ බුදු දහම උගන්නව..
ඔයාල මේ මමත්වය නැතිකරගන්ඩ ඔනෙ කියල ගිහියන්ට කියනව.

.ඒව හොදයි මහණවෙලා භාවනාකරන අයට නැතුව ගිහි සමාජයට වැදගත් වෙන් නැ..ඕක බුදු දහම එහෙම නෙමේ..


ඕක අනගාමි පොතේගුරුවාදීත්වය..
Last edited:

