බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔක්කොටම ඉස්සෙල්ලා ඔයාට තේරෙන්න ඕනෑ සංසාර ගමන අසාර දෙයක් කියලා. මෙතන කලකිරිලා මහන වෙන්න ඕනෑ වගේ දෙයක් නොවේ මම අදහස් කරන්නේ.

    සංසාර ගමනෙන් මිදීම එකම උපාය මාර්ගය විය යුතුයි කියලා ඔයාගේ ලේ, ඇට, මස් නහර වලට තේරෙන්න ඕන.

    ඔයාට ඒක තේරුනාම ඔයා පොඩි ළමයාට පුද්ගල සංවර්ධනයක් ඉස්සෙල්ලා හිතන්නේ මම මේ ලමයව කොහොමද දුකෙන් මුදවන්නේ කියලා.

    මමත්වය විපස්සනා නුවනින් නැති වෙන එක අවසාන පියවර. ඒක මේ ජවයේ හෝ මතු ජවයක අවසන් වෙන්න පුළුවන්.

    නමුත් මනුස්සයෙක් ජිවත් වෙනවා අවුරුදු 80 පමණ. අවුරුදු 80 තුල මමත්වය නැහැ කියන දැක්ම පමණයි අවශ්‍ය මාර්ග එල ලැබීමට .

    හේතු-එල දහම සහ පුද්ගල සංවර්ධනය දෙකම කියලා දෙන්න වෙනවා සුදුසු උපා මාර්ග යොදලා.

    හැමෝටම සසාරය කෙලවර කරගන්ඩ ඔනෙ කියල හිතෙන් නැනෙ..ඔහෙනම් ඔක්කොම මහන වෙලා බණ භාවනා කරන්ඩ ඔනෙ.. එහෙම උනාද කවරදාකවත්????අනික තමයි කාවවත් දුකින් මුදවන්ඩ කාටවත් බැනෙ මොනාද මේ කියවන්නෙ ??? :confused::confused:

    අනික මේ පොඩි ළමයෙක්ට සoසාරය කියන්නෙ මොකක්ද හේතුඵ්ල දහම කියන්නෙ මොකක්ද විදර්සනාව කියන්නෙ මොකක්ද තියා ,ජීවිතය කියන්නෙ මොකක්ද කියලව්ත් තේරෙනවද? ?? :confused::confused::confused:

    උබලගෙ තියෙන්නෙ අන්තවාදී පොතේගුරුවාදිත්වයක්..උබල හිතන දේම තමයි හරි, ලෝකෙ හැමෝම අද උපන් දරුවගෙ ඉදන් මහල්ලා දක්වාම, උබල කියන ඒව පිලිගන්ඩ ඔනෙ කියල..එහෙම එකක් ලෝකෙ නැ..:no::no:

    පොඩි ළමයෙක්ගෙ පුද්ගල සoවර්ධනය කරන්ඩ ඔනෙ ලොකු උන දවසක තමන් කැමති විදිහට ජිවත් වෙන්න..ඕක උබලට තේරුම් ගන්ඩ බැරිනම් ඕක තමයි කියන්නෙ අන්තවාදය කියල.. ඕක බුදු දහම එහෙම නෙමේ..:no::no:

    නිවරදි පවුල් ජිවිතයක් ගතකරන හැටි පවා බුදු දහමෙ උගන්නනව..හැමොටම මහන වෙන්න භාවනා කරන්න කියල බුදු දහමෙ කොහෙවත් කියල නැ..තමන්ගෙන් රටට, ආගමට ,දෙමාපිය, දූදරු, නැදැ, හිත මිත්‍ර ඔය එකි නොකි මෙකි සියල්ලන්ටම යුතුකම් වගකීම් ඉටු කරන විදිහ බුදු දහම උගන්නව..

    ඔයාල මේ මමත්වය නැතිකරගන්ඩ ඔනෙ කියල ගිහියන්ට කියනව.:lol::lol:.ඒව හොදයි මහණවෙලා භාවනාකරන අයට නැතුව ගිහි සමාජයට වැදගත් වෙන් නැ..ඕක බුදු දහම එහෙම නෙමේ..:no::no::no::no: ඕක අනගාමි පොතේගුරුවාදීත්වය..
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    හැමෝටම සසාරය කෙලවර කරගන්ඩ ඔනෙ කියල හිතෙන් නැනෙ..

    ඒක ඇත්ත. නමුත් වැඩිහිටියන්ට යුතුකමක් තියනවා ලෞකික සහ ලෝකොතර මගවල් දෙකම ළමයාට උගන්වන්න. ළමයා තෝරා ගනියි එයාට සුදුසු මග.

    ඔයාට දෙයක් තාම තේරිලා නැහැ වගේ. 2009 යුද්ධය නිමාවත් සමග නිවන් මග අයෙමත් මතු වුණා. මේක ඉතා කලාතුරකින් වෙන දෙයක්. මේ වගේ අවස්ථාවකින් ප්‍රයෝජනය නොගන්න එක මෝඩ කමක්.

    ඔයාට හිතෙන්න පුළුවන් එහෙම වුනේ කොහොමද කියලා. ඒක තමයි අපි මේ නුලෙන් පෙන්නන හදන්නේ.

    2009 පෙර තිබු දහමෙන් කිසි සේත්ම මාර්ග ඵල ලබන්න අවස්ථාවක් තිබුනේ නැහැ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අන්තගාමි පොතේගුරාලට ආයෙ වැරදිලා..මම දැක්ක කලින් පෝස්ට් එකකත් දාල තියෙනව පලමුව තමාට මෙෙත්‍රී කර ගැනීම හොද නැ මොකද 'මම" කියල කෙනෙක් නැති නිසා..ඒක හින්ද පොඩි ලමයින්ට උනත් මෙෙත්‍රී භාවනාව කියල දෙන්ඩ ඔනෙ 'මම' කියන සoකල්පයෙන් බැහැරව කියල..

    පට්ටපල් කෙබරයක් මේක. මෙහෙම කිව්ව තැන කෝට් කරල පෙන්නනවද?

    මෙෙත්‍රී භාවනාව කරන්නේ මමත්වය නැතිකරන්න නෙවෙයි. මමත්වය නැති වෙන්නෙ නිවන් දකිද්දී. මෙෙත්‍රී භාවනාවම විතරක් කළාට නිවන් දකින්න බැහැ. එ් බව තමුන්නාන්සෙම කිව්වා මතක නැද්ද?

    අනික බන් මෛත්‍රී භාවනා කරල නිවන් දකින්ඩ බැ කියල දහම්පාසල් පොතෙත් උගන්නනවනෙ, වැස්සකටවත් දහම්පාසල් නොගිය මීහරක් බුදු දහම ගැන් කතා කරනව පව්..

    පුද්ගල සංවර්ධනයක් ගැන නිකන් පල් හෑලි කියෙව්වට ඔබතුමා බුදුහාමුදුරුවන්ට වඩා ඥානවන්තයෙක් වෙන්නෙ නෑ.

    පරම මෛත්‍රී භාවනාව කියන්නේ සංසාර ණය ගනුදෙනු වලින් නිදහස් වීමට අත්‍යවශ්‍ය දෙවැනි පියවර. ණයෙන් මිදී නිදහස් නොවී නිවන් දකින්න බොහොම අමාරුයි.

    වැඩි විස්තර:
    සංසාර ණය ගනුදෙනු වලින් නිදහස් වීමට උපකාර වන්නා වූ කරුණු හතරක්.
    https://drive.google.com/file/d/0BxNjAmrWhydUVnYzUkVKWHpvcms/view?usp=sharing
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ණය ගනුදෙනු වලින් නිදහස් වීමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ අත්දැකීම්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒක ඇත්ත. නමුත් වැඩිහිටියන්ට යුතුකමක් තියනවා ලෞකික සහ ලෝකොතර මගවල් දෙකම ළමයාට උගන්වන්න. ළමයා තෝරා ගනියි එයාට සුදුසු මග.

    ඔයාට දෙයක් තාම තේරිලා නැහැ වගේ. 2009 යුද්ධය නිමාවත් සමග නිවන් මග අයෙමත් මතු වුණා. මේක ඉතා කලාතුරකින් වෙන දෙයක්. මේ වගේ අවස්ථාවකින් ප්‍රයෝජනය නොගන්න එක මෝඩ කමක්.

    ඔයාට හිතෙන්න පුළුවන් එහෙම වුනේ කොහොමද කියලා. ඒක තමයි අපි මේ නුලෙන් පෙන්නන හදන්නේ.

    2009 පෙර තිබු දහමෙන් කිසි සේත්ම මාර්ග ඵල ලබන්න අවස්ථාවක් තිබුනේ නැහැ.

    ළමයෙක්ට ගැලපෙන ධාරිතාවය අවබෝධයෙන් කියන දෙයක් කියන්ඩ ඔනෙ...ඕක තේරුම් ගන්ඩ බැරිනම් මෝඩකම තමයි..ළමයින්ගෙන් මමත්වය අයින් කරන්ඩ ඔනෙ කියුපු උබනෙ බන් මේ දොඩවන්නෙ...:lol::lol:

    2009 කලින් යුද්දෙ නිසා නිවන් මග වැහිලද තිබ්බෙ ලොල්, අනේ උබල මෝඩයි, ධර්මය ''අකාලිකයි'' බන් ,සරල බුදු දහමවත් නොතේරෙන උබලනෙ බන් මේ වැද්දො පස්සෙ යන්නෙ පුදුම වෙන්ඩ දෙයක් නැ.. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ටපල් කෙබරයක් මේක. මෙහෙම කිව්ව තැන කෝට් කරල පෙන්නනවද?

    මෙෙත්‍රී භාවනාව කරන්නේ මමත්වය නැතිකරන්න නෙවෙයි. මමත්වය නැති වෙන්නෙ නිවන් දකිද්දී. මෙෙත්‍රී භාවනාවම විතරක් කළාට නිවන් දකින්න බැහැ. එ් බව තමුන්නාන්සෙම කිව්වා මතක නැද්ද?

    උබට සිoහල තේරෙන් නැ බන් උබට කියන දේ මොකක්ද කියලවත් ඔලුවට ගන්ඩ තරන් මොලයක් නැ..:no::no:අඩුම ගානෙ උබට උබ කියන්නෙ මොකක්ද කියලවත් තේරුම් ගන්ඩ මොලේ නැ..:lol::lol: ''මම නිදුක් වෙම්මා'' කියන්ඩ හොද නැ, ''මම'' කියල කෙනෙක් නැ, ඒක පොඩි ලමයින්ටත් කියල දෙන්ඩ ඔනෙ කියුවෙ මමද එතකොට..:lol::lol: ලැජ්ජවේ බැ ගොන් කතා කියල රෙදි ගලෝගෙන දගලනව..:lol::lol:

    පුද්ගල සංවර්ධනයක් ගැන නිකන් පල් හෑලි කියෙව්වට ඔබතුමා වඩා ඥානවන්තයෙක් වෙන්නෙ නෑ.

    පුද්ගල සවර්ධනය කියන එක අත්යවශ්යයි...බලපන්කො උබ ෆේක් හදාගෙන එකෙන් බලු උනාම මේකෙන් එනව මේකන් බලු උනාම ඒකෙන එනව.:lol::lol: උබ වගේ ගොන් බූරුවො තමයි පුද්ගල සවර්ධනයක් නැති උනාම බිහි වෙන්නෙ..:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ණය ගනුදෙනු වලින් නිදහස් වීමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ අත්දැකීම්.

    18.50 ඉදන් ඕක අහපන් හිතේ කුහකමක තරහ අරව මෙව නැති එකා කියන ඒව ඇහුවම අනේ මුන් වගේ හරක්...:lol::lol::lol::lol:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    මෙන්න අපේ බුදු හාමුදුරුවෝ බුදු වුණ තැන. සාදුකරය්ක් දෙන්න!!!
    හැබයි වහරක හාමුදුරුවො කියල තියෙන්නෙ ඔතන නෙමේ කියල. එතකොට තව ප්‍රශ්නයක් එනව.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    back on track.......

    බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....

    විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

    අදටත් චීචාරධාරීන් ගෙන යන සීල ව්‍යාපාර මේ බුද්ධඝෝෂ උපදේශයය. එය බුදු පණිවුඩය නොවේ.
    :yes::yes::yes:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    හැබයි වහරක හාමුදුරුවො කියල තියෙන්නෙ ඔතන නෙමේ කියල. එතකොට තව ප්‍රශ්නයක් එනව.

    වහරක හිමි මතු කරා නිවැරදි තිලඛනය නමුත් අනෙක් තැන් වල අඩුපාඩු තියෙනවා.

    මේක පෙන්නන මම ටිකක් ප්සුගත වුනත් කරන්න දෙයක් නැහැ මොකද බොහෝ අය නොමග යන එක වළක්වන්න පුළුවන් හින්දා -> අභයරතනාලංකාර හිමි

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....

    පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.

    කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.

    විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

    සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
    සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.

    අදටත් චීචාරධාරීන් ගෙන යන සීල ව්‍යාපාර මේ බුද්ධඝෝෂ උපදේශයය. එය බුදු පණිවුඩය නොවේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ පෝස්ට් එකට උඩින් දාල තියෙන වීඩියෝ එක කරලා තියෙන කෙනා පද නිරුක්ති කියන්නේ මොකක්ද කියන එක දන්නෙ නැහැ. බලනකොට හිනා යනවා වීඩියෝ එක කරලා තියෙන කෙනා ගැන. කොච්චර නම් වයිරයකින් පිපිරෙනවා ඇතිද.

    වහරක හිමි ඔතන කතා කරන කරුණු 100% වැරදියි කියල උපකල්පනය කලත්, පද නිරුක්ති කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම.

    නොදන්නා අය අහ ගන්න. මේ සටහන නිරුක්ති ගැන.

    මේ ලෝකේ කිසිම වචනයක් හැදිලා නැහැ එම වචනය සම්බන්ධ කරුණ හෝ දෙයට අර්ථවත් සම්බන්ධයක් නැති. මොන භාෂාවකින් හැදුවත්.
    උදාහරණයක් විදියට මම මේ අවස්ථාවේ අලුත් නිර්මාණයක් කරලා ඒකට මගේ හිතට ඔහේ එන අහඹු වචනයක් දැම්මත් මගේ භාණ්ඩය සහ මගේ හිතට ආපු වචනය අතර අර්ථවත් සම්බන්ධයක් තියෙනවා. මට අහඹු වචනය හිතට එන්න එම අවස්ථාවේදී විශ්ව ධර්මතාවක් ක්‍රියාත්මක වෙනවා. ඒක ලෞකික භාෂා නීති රීති වලින් විස්තර කරන්න බැහැ. බුදු කෙනෙක් හිටියොත් මේ ලෝකේ ඕනෙම භාෂාවක ඕනෙම වචනයකට මාඝදී නිරුක්ෂි දෙන්න පුළුවන්.

    කෙනෙක්ට ගරහන්න කලින් තමන් කතා කරන කරුණ ගැන දැන ගන්න. ලෝක විෂය අචින්තයි. දැනගෙන ගියොත් නිවන - නොදැන ගියොත් අපාය මහත්තයෝ.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    වස්‌ස සූත්‍රය

    මහණෙනි, යම්සේ පවුමතුයෙහි මහත්පොද ඇති වැස්ස වස්නා කල ඒ දිය පහත් බිම් අනුව පවත්නේ පවුකඳුරැලි ඇළ දොළ පුරවා ද, පවුකඳුරැලි ඇළදොළ පිරුණාහු කුඩා හෙප් පුරවද් ද, කුඩා හෙප් පිරුණාහු මහහෙප් පුරවද් ද, මහහෙප් පිරුණාහු කුඩා ගඞ්ගා පුරවද් ද, කුඩා ගඞ්ගා පිරුණාහු මහාගඞ්ගා පුරවද් ද, මහාගඞ්ගා පිරුණාහු මහමුහුදුසයුර පුරවද් ද, මහණෙනි, එසෙයින් ම අරීසවුහට බුදුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, දහම්හි ගුණ දැන පැහැදීමෙක් වේ ද, සඟුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, යම් ආර්‍ය්‍යකාන්ත ශීලයෝත් වෙද්ද, මේ දහම්හු ගලන්නාහු පරතෙරට ගොස් ආස්‍රවක්ෂය පිණිස පවතිත් යි.
    වස්ස සූත්‍රයේ කියවෙන්නේ අරියකන්තානි සීලානි ගැන, ඒ කිව්වේ අද ඉහලින්ම සැලකෙන සමාදන් වන සීලය නෙවෙයි. සමාදන් වෙන ශීලය වතක් වෙලා සීලබ්බත පරාමාසයට වැටෙනවා. සංවරට්ඨේන සීලං කියන දහම යටපත් වෙලා, යං සමාදානං තං වතං කියන දේ අමතක කරලා අද ඉහලින්ම සැලකෙන්නේ සමාදන් වන සීලය. සීල ව්‍යාපාරවල ඇත්තේ අරිය සීලද?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....

    පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.

    කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.

    විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

    සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
    සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.

    අදටත් චීචාරධාරීන් ගෙන යන සීල ව්‍යාපාර මේ බුද්ධඝෝෂ උපදේශයය. එය බුදු පණිවුඩය නොවේ.

    :yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ ඉතා වැදගත් පොත් ඒවායේ ප්‍රමාණය කුඩාවන සේ සහ පැහැදිලි බව වැඩිවන සේ type කර සකසා ඇත. පටුන සකස් කර ඇති අතර දහම් කරුණු උපුටාගෙන පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ බෙදාහදා ගත හැකිය.

    පොත් සියල්ල අඩංගු zip file එක (20 MB) -> http://www.mediafire.com/?7gnmxf14xhgzl08
    පොත් වෙන් වෙනම download කරන්න -> https://pitaka.lk/books/

    ධර්ම දානය පිණිස හැකිතාක් share කරන්න. මේ පොත් හැකිතාක් කියවා ඔබේ දහම් දැනුම වැඩි කර ගන්න. අන්තර්ජාල පහසුකම් නැති අයට CD/pen වලට copy කර ලබා දෙන්න.