විවෘත මනසින් තමයි මචං මුල ඉදලා මේ කතාව දිහා බැලුවේ.
තනියෙන් හිතුවෙත් නෑ.
1) උගන්නනකොට දර්මය ගැන කියන ලංකාවේ ප්‍රසිද්ධ ගණිත ගුරුවරයෙක් එක්ක මේ ගැන කතා කරා. එතුමා මේ සිද්දිය පහදලා තනිකර බැහැර කරා.
2) හොද දර්ම දැනුමක් තියන පිරිවෙන්වල උගන්වන 'පණ්ඩිත' තරුණ හාමුදුරු නමක් එක්ක කතා කරා. ඒ හාමුදුරුවොත් හිනා වෙලා මේසිද්ධිය බැහැර කරා.
3) තව හාමුදුරු ගොල්ලෝ කීප දෙනෙක් එක්කම සහ ධර්ම දැනුම ඇති හොද ගිහි උගතුන් එකක් කතා කරා. ඒ අයත් මේක බැහැර කරා. සමහරු කිව්වේ මේ මතය පතුරවන අයට බල්ලන්ට වගේ බනින්න පව් නෑ කියලා. ඒත් මම කාටවත් එහෙම බණින්නෙ නෑ.
4) මගේ නුවනින් විමසා බැලුවා. මීවනපලානේ හාමුදුරුවන්ගේ දර්ම සාකඡ්චා ඇහුවා. මේකේ ගිය ත්‍රෙඩ් බැලුවා. හෙන හෑලි පැය ගනන් කියෙව්වා. නමුත් මට අවබෝධ වෙන්නේ මේක මාරපාර්ශවික ක්‍රියාවක් කියලා විතරයි.



මම ආයෙ මේ ත්‍රෙඩ් එකට comment කරන්නෙ නැහැ කියලා තමා හිතන් හිටියෙ,මොකද මේක නිකන් කාලය කා දැමීමක් සහ වැඩකට නැති අඳ බාලයින්ගෙ උන්මන්තක අදහස් තවදුරත් ඉස්මතු කිරීම මුලු ශාසනයටම හානියක් වෙන නිසා,,
මේ ත්‍රේඩ් එකට තව දුරටත් වටිනාකමක් දෙන්න මට අවශ්‍ය නැහැ,,,ඔයා කියලා තියෙන දී දැක්කම මට මේ ටිකත් කියන්න හිතුනා,,,
ඔයා කියල තියෙන දේ ඉතාම නිවැරදියි,,මේ නූල පටන් ගත්තු පොරගෙ ඉදන් මේ අදහස් වලට එහෙයි කියන පිරිස දක්වාම ,,ඒ වගේම මේ ගොල්ලො හිසේ තියන් වන්දනා මාන කරන මහ චීවරධාරියා ,එයාගෙ අනුගාමිකයො සියලු දෙනාම මාරාවේශයට අහුවෙච්ච පිරිසක්,,මාරයාගෙ රාජකාරිය අකුරටම ඉශ්ට කරන්න ආපු පිරිසක්,,මේක මට මුලඉඳලම හිතිච්ච දෙයක්,,,
බොදු ඉතිහාසය වෙනස් කරලා ,බෞද්ධ මූලාශ්‍ර සියල්ල වැරද්යි කියලා නිර්මල ත්‍රිපිට්කය විනාශකරලා අන්තිමට බුදු හාමුදුරුවොත් වැරදි කාරයෙක් කරලා තමයි මුන් පස්ස බලන්නෙ,, ඒක තමයි මාරයාගෙ target එක,,
නුවණැති පිරිස් මුන්ගෙන් බේරුනත් , බුද්ධිය අඩු පිරිස් මුන්ගෙ ගොදුරු බවට පත් වෙනවා,,,ඉස්සරත් ඔය ව්ගේ පිරිස් සෝඩා බෝතලේ කැඩුවා වගේ මතුවෙලා ,නැතිවෙලා ගියා,,
මේ ලෝකය පාලනය කරන ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘශ්ටික දෙවිවරු තාම ඉන්නව,,, ඒ නිසා මේ මාරයගෙ මී හරක් රැලත් වැඩිකල් පවතින එකක් නැහැ කියලා මට විශ්වාසයි,,,


