


බුදුන් උපන්නේ ලංකාවේද යන වග මට නම් අදාළ නැත. ඒ සම්බන්ධයෙන් සොයන අය ගැන අහිතක්ද නැත.
අපි නැවතත් මාර්තුකාවට හැරෙමු.
බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....
පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.
කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.
විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- “තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.
සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.
සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.



සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.
(2) අනික තමයි මේ බුද්ධගෝෂ හාමුදුරුවො අල්ලගෙන දගලන දේ...තමන්ට මෙත්වඩා ගැනීම වැරදියි කියන්ඩ ඇවිල්ලත් උබල නෑව නේද කෝ උත්තර
1. සීලය යනු කුමක්ද???
2. සීලය නැතුව නිවන් දකින්නේ කෙසේද????
ඔය දෙකට මීපලානේ උන්නාන්සේටවත් උත්තර නෑනේද...මොකද 1. ට උත්තර දුන්න ගමන් උබලගෙ මීපලානේ උන්නාන්සේගෙ තවත් මෝඩ කතාවක් එලි වෙනව...
සීලය නැතුව නිවන් දකින විදිහ ගලක් මුදුනෙ කොටලා තියනවා. නැගලා බලපං. 
බුදු හාමුදුරුවො බුද්ධාගම දේශනා කළෙත් නෑ- බුද්ධාගමෙන් කවුරුවත් නිවන් දැකලත් නෑ! - වෛද්‍ය ගාමිනී අභය
‘‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ - බුද්ධ දර්ශනයයි‘‘ යනුවෙන් වෛද්‍ය ගාමිනී අභය මහතා පසුගිය මැයි මාසයේ ප්රකාශනය කළ පොත, දින කිහිපයක් ඇතුළත සියලු පිටපත් අවසන් වූයේ, සැබෑ බුදු දහම සහ බැවහර බුද්ධාගම අතර පවතින පරතරය පිළිබඳ මහජනතාව අවබෝධ කරගනිමින් සිටින බවට ඉඟි කරමිනි. නෙළුම්යාය ප්‍රකාශකයන් විසින් පොතෙහි දෙවන මුද්‍රණය පසුගියදා නිකුත් කිරීමට සමගාමීව, ලංකා නිව්ස් වෙබ්, වෛද්‍ය ගාමිනී අභය මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදුකළේය. පහත දැක්වෙන්නේ එම සාකච්ඡාවේ පළමු කොටසයි.
ප්‍රඥාවන්තයන් වෙනුවෙන් ලියූ පොතක්
බුදු පණිවුඩය බුද්ධ ආගම නෙවෙයි, බුද්ධ දර්ශනයයි කියල මේ පොත ලියන්න යෙදුණේ ලංකාවේ තිබෙන මිත්‍යා මත රාශියක් දුරු කිරීමේ අභිලාෂයෙන්. ලංකාවෙ දැන් අවුරුදු 2100 ක් පමණ කාලයක් ‘බුද්ධාගම‘ කියල එකක් හැදිලා, එය මිත්‍යාවන් පතුරුවන ආගමක් බවට පත්වෙලා මෑත කාලයේදී ඒ තත්වය ඉතාමත් පහත් තත්වයකට වැටිලා මහජනතාව සම්පූර්ණයෙන්ම මිත්‍යාවෙන් පිරුණු වනාන්තරයකට ඇදගෙන යාමේ තත්වයකට අද පත් වෙලා තියෙනවා. අන්න ඒකෙන් මුදවා ගැනීමේ අභිලාෂයෙන් තමයි, මේ පොත ලියන්නට යෙදුණේ. මේ පොතේ තියෙන දේවල්වලින් පෙන්වන්නේ දැනට බුද්ධාගමේ තිබෙන දේවල්, කරන දේවල් කිසිසේත්ම බුද්ධ දේශනය නොවන බවයි.
මේක සමහරුන්ට ටිකක් අමාරුයි තේරුම් ගන්න. නමුත් බුද්ධාගම ගැන විවෘත මනසකින් සොයාබැලූ කෙනෙකුට මේක බොහොම පහසුවෙන් තේරෙනවා. මේක තේ්රෙන්නෙ නැත්තෙ ආගමකින් මනස වසාගත්, කිසිම දෙයක් විචාරාත්මකව සොයන්නෙ බලන්නෙ නැති කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. සමහරවිට ඒ අය හිතනවා, මේක බුද්ධාගම විනාශ කරන්න ලියපු පොතක් කියලා.
ඇත්ත වශයෙන් බුදු හාමුදුරුවො බුද්ධාගම කියල එකක් දේශනා කළේ නෑ. බුද්ධ දේශනය, බුද්ධ දර්ශනයයි. ඒ කියන්නෙ, නිවන් දැකීම යනු බුදුන් දැකීමයි.
බුද්ධාගමෙන් නිවන් දකින්න බෑ!
බුද්ධාගම කියල එකක් හැදුණෙ අවුරුදු 2100 කට ඉස්සෙල්ලා. ඊට පෙර, ඒ කියන්නෙ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 450 ක් පමණ වන තෙක්ම රහතුන් වහන්සේලා පහළ වුණා. ඉන්පසු බුද්ධාගම කියන ආගම, ඒ ජීවන ක්‍රමය මතුවුණාට පස්සෙ කවුරුවත් නිවන් දැක්කයි කියල ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නෑ. තමන් නිවන් දැක්කයි කියල සත්‍යය ප්‍රකාශ කරන කෙනෙක් අපිට දැන් අහන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා, බුද්ධාගමෙන් කවුරුවත් නිවන් දැකල නෑ කියල කියන එකත් සමහරුන්ට දරාගන්න බැරි තත්වයකට පත්වෙලා තියෙනව, අද සමාජය. මොකද, ඒ තරම් මනස වහල තියෙනවා, මේ බුද්ධාගමෙන්. ඒ අයට කවදාවත් මෙතැනින් ගොඩවෙන්න ලැබෙන්නෙ නෑ.
ඒ අනුව විවෘත මනස තිබෙන අයට තමයි, ඒ කියන්නෙ ‘ප්‍රඥාව ලැබීමට සුදුස්සන්‘ට- ප්‍රඥාවන්තයන්ට අපි ආරාධනා කරනවා, මේ පොතේ තියෙන්නෙ මොකක්ද කියල විමසල බලන්න. ඒ විදිහට විමසලා බලලා, ඇයි මෙපමණ කලක් නිවන් දැකීමක් සිදුවී නැත්තෙ කියල විවෘත මනසකින් සොයා බලන්න.
හාමුදුරුවරු ඇත්ත නොකියන හේතුව
බුද්ධාගම වෙනුවෙන් අපි කොයි තරම් දේවල් කරනවද? බුදුන් වඳිනවා. මල් පූජා කරනවා. බෝධී පූජා කරනවා, නොයෙකුත් පූජා කරනවා, ආශිර්වාද කරනවා. ඊළඟට අපි දාන, සීල, භාවනා ආදී දේවල් කරනවා. පහුවුණු වෙසක් පෝයට කී දෙනෙක් සිල් ගත්තද? නමුත් ඒ අය දැනගෙන හිටියද, දාන-සීල-භාවනාවලින් නිවන් දකින්නෙ නැහැ කියලා බුදු හාමුදුරුවො පස්වග තවුසන්ට, ධම්මචක්කපවත්තන සූත්‍රයේ 12 වතාවක් කියල තිබෙන බව..?
හාමුදුරුවෝ සිවුර දාගෙන දෙන පොරොන්දුව
ඒ වගේම අපේ හාමුදුරුවොත් එහෙම කියල දෙන්නෙ නෑ. මොකද, ඒගොල්ලන්ගෙ ජීවන ක්‍රමය සැකසිලා තියෙන්නෙ මේ මිත්‍යාව මත. ඒ මිත්‍යාව කඩා වැටුණු දාට ඒ ජීවන ක්‍රමයත් නැති වෙනවා. ඒ අයට බයක් තියෙනවා, මේ ජීවන ක්‍රමය නැති වෙයි කියලා. බුදු හාමුදුරුවො මොනව කිව්වත් ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. නිවන් දැක්කත් නැතත් ප්‍රශ්නයක් නෑ. ඇත්ත වශයෙන්ම සමහර හාමුදුරුවරුන්ගෙන් ඇහුවාම කියනවා තමන්ට නිවන් දකින්න අවශ්‍ය නෑ කියලා. නමුත් ඔවුන් සිවුරක් දාගන්නකොට පොරොන්දු වෙනවා, මේ සිවුර දාගන්නේ නිවන් දැකලා, අනෙක් අයට කියල දෙන්න යනුවෙන්. දැන් වෙලා තියෙන්නෙ, නිවන් නොදැක, පොත්වලින් මිත්‍යාවන් කියවලා ඒක මහජනයා ට ඉදිරිපත් කරනවා. ඉතින් අඥානවන්ත මහජනයා, මේ අඥානවන්තයන් අතර අධ්‍යාපනය ලැබුවයි කියන දොස්තරවරු, ඉංජිනේරුවන් ආදී වශයෙන් ඉගෙන ගත්තා යැයි කියන අයත් මේ අතර ඉන්නවා. ඒ අයත් කිසිම දෙයක් සොයාබලන්නෙ නැතිව පොත්වල තිබූ පමණින් පිළිගෙන ඒවා කරනවා. ඒ පොත්වල තිබෙන ඒව කරල කවුරුවත් නිවන් දැකල නැති බව ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑ.
මෛත්‍රි බුදුන් එහෙ ඉන්නව නම් ඇයි මෙහෙ ඇවිත් නිවන් දකින්නෙ..?
ඒ වගේම හාමුදුරුවරු මෙපමණ කල් මහජනතාවට කියල තිබුණෙ, මේ ජීවිතයෙ නිවන් දකින්න බෑ, ඒ නිසා මේ ජීවිතයෙ අපිට දීලා පින් කරලා, දිව්‍ය ලෝකෙ ගිහින් සැප විඳලා, එහෙදි මෛත්‍රි බුදු හාමුදුරුවො හම්බවෙලා මෛත්‍රි බුදු හාමුදුරුවොත් එක්ක නැවත මෙහෙට ඇවිල්ලා නිවන් දකින්න කියලා.
නමුත් බුද්ධ දේශනය එහෙම එකක් නෙවෙයි, බුද්ධ දේශනයෙන් කියන්නෙ ‘සන්දිට්ඨිකෝ‘ - මේ දැන්, මේ වෙලාවෙ නිවන් දකින්න පුළුවන් තත්වයක් ඇති කර ගන්න සැරසෙන්න පුළුවන් කියලයි. නමුත් කොහෙන්ද මේ කතාව ආවෙ? තව්තිසා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා, එහෙදි සැප විඳලා, මෛත්‍රි බුදු හාමුදුරුවොත් එක්ක මෙහෙට ඇවිල්ලා නිවන් දකින්න කියන කතාව බුද්ධඝෝෂ හාමුදුරුවො විශුද්ධි මාර්ගය පොතේ අවසානයට ලිව්වෙ. ඒ හාමුදුරුවො ලිව්වෙ, ‘‘මට මේක තේරෙන්නෙ නෑ, මේ පොත ලියපු පිනෙන් මම දිව්‍ය ලෝකෙ ඉපදිලා, එහෙ සැප විඳලා ඊට පස්සෙ මෛත්‍රි බුදුන් එහෙදි හම්බවෙලා මෛත්‍රි බුදුන් එක්ක මෙහෙට ඇවිල්ලා නිවන් දකිත්වා කියලා. ඉතින් මේක ප්‍රශ්නයක්නෙ… මෛත්‍රි බුදුන් එහෙ ඉන්නව නම් ඇයි එහෙ ඉඳගෙන නිවන් දකින්න බැරි…?
මේක බුද්ධඝෝෂ ආගමක්!
ඒක තමයි එදා බුද්ධඝෝෂ හාමුදුරුවො ලියපු ක්‍රමය. එදා ඉඳලා, ඒ කියන්නෙ බුදු හාමුදුරුවො පිරිනිවන් පාලා අවුරුදු දාහකට පස්සෙ තමයි බුද්ධඝෝෂ හාමුදුරුවො ලංකාවට පැමිණියෙ. එදා ඉඳල මේක සම්පූර්ණයෙන් වෙනස් වුණා. බුද්ධඝෝෂ හාමුදුරුවො ආවට පස්සෙ කලින් පැවති බුද්ධ දර්ශනය සම්පූර්ණයෙන්ම විකෘති වුණා. ‘‘බුද්ධඝෝෂ ආගම‘‘ක් හැදුණා. දැන් ඇත්ත වශයෙන් ඔබ මේ දැනට ප්‍රායෝගිකව කරන්නෙ ‘බුද්ධඝෝෂ ආගම‘. බුදු දහම නෙවෙයි, බුද්ධ දර්ශනය නෙවෙයි.
අන්න ඒ බව විස්තර සහිතව, විචාරාත්මකව පෙන්වා දීමට තමයි, මේ පොත ලියන්නට යෙදුණෙ. මේ පොතේ ඇති දේවල් කියවලා, තේරුම් අරගෙන, ඒව හරියි කියල පිළිගන්න යන්න එපා, වැරදියි කියල තීරණය කරන්නත් එපා. මෙහෙම කෙනෙක් මෙහෙම දෙයක් කියනව කියල තේරුම් අරගන්න. එතකොට ඔබේ ඇතුළාන්තය කියල දෙයි, මේ පොතේ ගන්න යම්කිසි දෙයක් තියෙනවද කියලා. අපි ආරාධනා කරනවා ප්‍රඥාවන්තයන්ට මේ පොත කියවලා, මෙපමණ කල් කරපු දේවල්වලින් ප්‍රතිඵල නැත්තෙ ඇයිදැයි කියන එක වටහාගන්න කියලා. ඔබට එය වැටහෙයි කියල අපි බලාපොරොත්තුවෙන් මේ පොත ලිව්වෙ….“
මතු සම්බන්ධයි.
සටහන - රදිකා ගුණරත්න
පසු සටහන- වෛද්‍ය ගාමිනී අභය මහතා විසින් රචිත ‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ. බුද්ධ දර්ශනයයි‘ කෘතිය මේ වන විට නෙළුම්යාය කාර්යාලයෙන් ලබාගැනීමට පහසුකම් සලසා ඇති අතර, කෘතිය පොත්හල් වෙත නිකුත් නොකරන බව ද නෙළුම්යාය පදනම දන්වා සිටියි.
වැඩි විස්තර - අමතන්න, -0114342646, 0772444278 / විද්‍යුත් තැපෑල - [email protected]










ඕවට උත්තර දෙන්න මුන් දන්නෙ නෑ බං. ඕනි නම් මෙහෙම කියයයි.
සුද්දා හොරෙන් ගෙනියපු පුස්කොල පොතක් බකිංහැම් පැලස් එකේ puskola350 කියන රහස් කාමරේ තියනවා. ගිහින් බලපං.සීලය නැතුව නිවන් දකින විදිහ ගලක් මුදුනෙ කොටලා තියනවා. නැගලා බලපං.
![]()





උඹ පදපරමයෙක් නොවේ යැයි සිතා පිලිතුරු දෙමි .මම මීවනපාලානේ හාමුදුරුවො පස්සේ යන කෙනෙක් නෙමේ .. සත්‍යය පස්සේ යන කෙනෙක් . සත්‍යය කියන්නේ කවුද , ඔවුන් මගේ ගුරුවරුන් වෙනවා . එතන මීවනපලානේ හිමිත් ඉන්න පුලුවන්.
1. සීලය යනු කුමක්ද???
2. සීලය නැතුව නිවන් දකින්නේ කෙසේද????
ඔය ගෑටලුවම මීට වසර 2500 කට පෙර බුදුරදුන්ගෙන් බමුණන් ඇසුවා . කියවන්න - මජ්ජිම නිකායේ වේරන්ජ සූත්‍රය / සාලෙයියක සූත්‍රය
වේරන්ජ/සාලෙයියක බමුණන් සෑබෑ සීලය කුමක්ද කියා අසයි .විමුක්තියට අදාල සීලය අසයි. බුදුරදුන් දසකුසල් නිර්දේශ කරයි.
“මහණෙනි , ත්‍රිත්වයක් දෙසමි. ආර්ය උච්චාසයනය ,බ්‍රහ්ම උච්චාසයනය , දිව්‍යමය උච්චාසයනය….
මහනෙනි යමෙක් සිත පිරිසිදු කරන්න පටන් ගත්තොත් එය දිව්‍යමය උච්චාසයනය යි.
මහනෙනි යමෙක් බඹ විහරණ වෑඩුවොත් එය බ්‍රහ්ම උච්චාසයනය යි.
මහනෙනි යමෙක් ආර්ය මාර්ගය වඩා අවසන් කලොත් එය ආර්ය උච්චාසයනය යි.
බුදුවරයෙකුගේ දේශනාව මෙයයි.
සීලය යනු පරලොව සහ මෙලොව දිවිය සුගතිගාමී වීමට සිදුකරන වැඩපිලිවෙලක්.සීලය නිසා සමාජයේ ඔනෑම අයෙකුට බියක් සැකක් නොමෑතිව ජීවත්වෙන්න ලැබෙනවා . මරනින් පසු සුගතිගාමී වෙනවා.සිදුහත් කුමරු උපදින්න කලින් ඒ සමාජේ පන්සිල් තිබ්බා. ජයින ආගමෙත් සිල් තිබ්බා.
සිදුහත් තවුසා හෙව්වේ සීලය කුමක්ද ? කියලා නෙමේ .කුසලය කුමක්ද කියලා . (කිo කුසල ගවේෂී ? )
අවසන් බුද්ද වචනයෙත් තියෙන්නේ කුසල් වඩන්න කියලා . ඇයි සිල් වඩන්න කියලා නෑත්තේ ?
“මහනෙනි ,මම දෑන් ඔබ අමතමි.සියලු සoස්කාරක ධර්මයෝ නැසෙන සුලුය . නොපමාව කුසල් දහම් හී යෙදෙන්න .”
බුදුවරයෙක් පහල වෙන්නේ මරනින් මතු දෙව්ලොව මිනිස්සු දක්කවන්නවත් සමාජය ශිෂ්ට කිරිමටවත් නෙමේ ..ආර්ය මාර්ගය දේශනා කරන්න . ඊට අවශ්‍ය සිල් නෙමේ කුසල්.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං. (ඇයි මේ ගාථාව සීල උපසම්පදා කියලා වෙනස් නොකලේ ???)
අවිද්‍යාවෙන් හටගන්න සoඛාර වර්ග කිහිපයක් ධර්මයේ සදහන්. නිවන් දෑකීමට ඒවා දුරුකලයුතු බව සදහන්.. ඒවා අතර පුන්යාභිසoකාර අයත් . පුණ්යාභිසoඛාර යනු දාන සීල භාවනා ...මේවා නිවන් දකින්නනම් දුරු කල යුතුයි.
• සිල් වැඩීම ඉවත ලා කුසල් වැඩිය යුතුයි.
• මතු බලපොරොත්තු ඉවතලා දන් දිය යුතුයි . (නිවන් අරමුණු කර )
• නිවන් මගට හේතු නොවන භාවනා නොවැඩිය යුතුයි. හේතු වන භාවනා වැඩිය යුතුයි - මෙන්න මෙහෙමයි පුණ්යාභිසoඛාර දුරුකරන්නේ .. (දර්මය වැරදි තෑනින් අල්ලා ගෙන ඉන්න බව මේ ටික තෙරුන බුද්දිමතෙකුට වැටෙහේවි )
සිදුහත් කුමරු අභිනිශ්ක්රමණය කරන විට සමාදන් උනේ අටසිල් ..එතනින්ම තෙරෙනවා සිල් යනු බෞද්ද ඉගෑන්වීමක් නොවන බව . උපසම්පදා සීලයද බෞද්ධ ඉගෑන්වීමක් නොවේ . සෑබෑ උපසම්පදාව කුසලස්ස උපසම්පදාවයි.
ආර්ය කාන්ත සීලය හෙවත් දස කුසල්ම සෑබෑ සීලයවේ . බුද්ද දර්ශනයේ සීලය යන්නෙහි අර්ථය කුසල්ම වේ. සිල් වලට නොරෑවටෙන්න .බුද්ධඝෝෂට නොරෑවටෙන්න.

ඔතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ උබ බුදු දහම සහ මීපලානේ ආගම අතර අතරමන් වීමක්..මීපලානේ ආගමේ විදිහට බුද්ධගෝෂ හාමුදුරුවන්ට බයින්ඩ ඔනෙ ඉතින් ඔහේ බයින්නම් වාලෙ බයිනව...මොකටද බයින්නෙ කියලවත් තේරෙන් නැ...



දැන් මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මීපලානේ මෝඩයො සෙට් එකට අනුන් සිල් රකිද්දි කුහකකමක් ඇතිවෙන එක...මොකද ඔහුන් හිතාගෙන ඉන්නව ඔහුන් අනුට ක්‍රෝධ කර කර තමන් කුසලය වඩනව කියල... 



ඔයා කිවුව එක හරියටම හරි. බුද්ධඝෝෂ ගැන කතාව හැමෝම දැක්කේ නෑ වගේ රඟපාන එක තමයි කරන්නේ. මං හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අයට සිංහල කියවන්න බැහැ. සම්පූර්ණ කතාවක් තියෙද්දී මුල ඉඳන් කියවන්නේ නැතුව මැදින් පැනලා අරක මොකද්ද මේක මොකද්ද කියල මුලින් කියපු දේවල්ම නැවත නැවත අහන බක පණ්ඩිතයෝ ටිකක් තමයි මේකට සෙට් වෙලා ඉන්නේ. අපරාදේ මං කාලේ නාස්ති කරගෙන මුන්ට රිප්ලයි කෙටුවේ. මොනා කරන්නද මගේ කරුමේ තමයි.
මීවනපලානේ හාමුදුරුවෝ කිව්වේ සහතික ඇත්ත. අනුන්ගේ රාග, ද්වේශ මෝහ අපිට අයින් කරන්නත් බෑ, අනුන්ට අපේ රාග, ද්වේශ මෝහ අයින් කරන්නත් බෑ. මග පෙන්වලා දෙන්න විතරයි පුළුවන්. ඉස්සර එළකිරි එකේ කට්ටිය මග නොමග ගැන තර්ක කරනවා දැකපු එකත් මට ලොකු උදව්වක් වුනා හරි වැරැද්ද තෝරාගන්න. ඒකට කළගුණ සැලකීමක් හැටියට තමයි මේ ත්‍රෙඩ් පෝස්ට් දැම්මේ. ඒත් ඉතින් කොහේවත් ඉන්න ගෝතකරුමයෝ ටිකක්නේ මේකට සෙට් වෙලා තියෙන්නේ.
පස්සේ කියවන කෙනෙක් හරි තේරුම් ගනීවිනේ.
විවෘත මනසින් තමයි මචං මුල ඉදලා මේ කතාව දිහා බැලුවේ.
4) මගේ නුවනින් විමසා බැලුවා. මීවනපලානේ හාමුදුරුවන්ගේ දර්ම සාකඡ්චා ඇහුවා. මේකේ ගිය ත්‍රෙඩ් බැලුවා. හෙන හෑලි පැය ගනන් කියෙව්වා. නමුත් මට අවබෝධ වෙන්නේ මේක මාරපාර්ශවික ක්‍රියාවක් කියලා විතරයි.
ගඟක් ගලන දිසාව කොහොමද හොයන්නේ?
පටන් ගන්න තැන සිට ගඟ මුහුදට වැටෙන තැනට ඉරක් ඇන්දොත් ඒ ඉරේ දිසාව නැගෙනහිරට නම් එය නැගෙනහිරට ගලනා බව කියන එක නිවැරිදීද?
එතකොට "ගංගානම්" නදිය දකුණු දිසාවට ගමන් කරනවා කියවුවොත් නිවරිදීද?


සුද්දා හොරෙන් ගෙනියපු පුස්කොල පොතක් බකිංහැම් පැලස් එකේ puskola350 කියන රහස් කාමරේ තියනවා. ගිහින් බලපං.
ඒ වගේ බුදු හාමුදුරුවෝ ලංකාවේ බිහි වුණා කියලා ඔප්පු වෙලා අවසානයි. ඔප්පු වෙලා තියෙන සාදකය තියෙනෙවා මෙතන. ඒවා ඕනෑ එක්කෙන්ට කියවන්න පුළුවන්.
-> Ceylon Collection - Permanent Reference Collection on Sri Lankan Literature
පිටකොටුවෙන් bus එකක් ගන්න පේරාදෙණියට. එච්චර ගෙවන්න වෙන්නේ නැහැ. උදේ ගිහිල්ලා හවස එන්න පුළුවන්.
ගොන් කතා කියමින් නොසිට එලිකරලා තියෙන සාදක බලලා මතය වෙනස් කර ගන්න.


හරකෙක් තනිකර, මොන මෝඩයෙක්ද දෙයියනේ මු..
දැන් මෙහෙමයි.
අපි හිතමු කට්ටිය පෘතුවිය පිඟානක් වගේ පැතිලි එකක් කියලා හිතා ගෙන ඉන්නවා කියලා.
කරුවුහ්රි චන්ද්‍රිකාවක් උඩට ඇරලා පින්තූරයක් ගන්නවා පෘතුවිය ගෝලයක් බව ඔප්පු කරලා. ඒ පින්තූරය දැන් එක තැනක තැන්පත් කරලා තියෙනවා.
ඉස්සර පෘතුවිය පිගානක් වගේ පැතිලි කියපු අය මෝඩයෝ වෙනවනේ දැන් තමන්ගේ මතය වෙනස් නොකලොත්.
ඒ වගේ බුදු හාමුදුරුවෝ ලංකාවේ බිහි වුණා කියලා ඔප්පු වෙලා අවසානයි. ඔප්පු වෙලා තියෙන සාදකය තියෙනෙවා මෙතන. ඒවා ඕනෑ එක්කෙන්ට කියවන්න පුළුවන්.
-> Ceylon Collection - Permanent Reference Collection on Sri Lankan Literature
පිටකොටුවෙන් bus එකක් ගන්න පේරාදෙණියට. එච්චර ගෙවන්න වෙන්නේ නැහැ. උදේ ගිහිල්ලා හවස එන්න පුළුවන්.
ගොන් කතා කියමින් නොසිට එලිකරලා තියෙන සාදක බලලා මතය වෙනස් කර ගන්න.

ඇයි මේ වගේ ත්‍රෙඩ් වලට කිසිම ආගමක් නෑ කියාගෙන ඉන්න නිරාගමිකයො රෙද්ද උස්සන් ඇවිත් පෝස්ට් දාන්නෙ. උන්ට මෙහෙම ත්‍රෙඩ් අදාළම නෑනෙ.