බුද්ධත්වය ඇත්තද බුද්ධත්වය බොරුද කියන සැකය අනිවාර්යෙන්ම ඇතිවෙන්න ඕන සැකයක් එන්නේ නැත්තම් මහායන ආගමට අනුව ඒ පුද්ගලයා එන්ලයිට්මන්ට් වෙන්නේ නෑ කියලා කියනවා.බුදු දහම අවබෝධ කරගන්න එයට එරෙහිව තර්ක කරන්න ඕන.සිතන්න ඕන. එහෙම නැතිව බුදුන් වහන්සේ දෙසුවා රහතහන් වහන්සේ දෙසුවා කියලා කාටවත් බාරගන්න බෑ.
මටත් ඕන තරම් එහෙම හිතෙනවා.බුදුන් වහන්සේ පවා බුද්ධත්වය ලබාගන්නකම් බුද්ධත්වය ගැන සැකයක් තියාගෙන හිට්යේ.බුදු බව ලබා ගැනීමෙන් පසු තමයි එම සැකය දුරු වුනේ.ඒකනේ අර කියන්නේ තෘෂ්නාව නැමති කැනිමඩල මම බිඳ දැමුවා කියලා..අල්ලා ගැන සැකයක් ඇති කරගන්න ඉස්ලාම් ආගමේ තහනම්.ඒ වගේම බුදු බව බුදුන් ගැන සැකයක් ඇති කරගැනීම පවක් කියලා හිතන මෝඩයන් ඉන්නවා.
රෙද්ද තමයි, බොරු කියන්න එපා මිනිහෝ !
නිවන් අවබෝධ කරනගන්න බිඳින්න ඕන දස සංයෝජන වලින් දෙවෙනි ඒක තමයි විචිකිච්චාව. ඒ කියන්නෙ බුද්ධාදී අටතැන්හි සැකය. විචිකිච්චාව (සැකය) තියනකං අඩු ගානෙ සෝවාන් වෙන්නවත් බෑ. දහම්පාසල් යන 8 වසරෙ පොඩි එකෙක්ගෙන ඇහුවත් කියයි මේ ගැන.
ඔය රහතන් වහන්සේලා කිව්වත් පිළිගන්න එපා කියන කථාවත් උඹ හරියට දන්නැතුව කියන්නෙ. බුදු හාමුදුරුවො කාලාම සුත්‍රයෙදි දේශනා කරල තියනව, යමක් ඇහුන පලියට, දැක්ක පලියට, කව්රු හරි කිව්වා පලියට...etc පිළිගන්න එපා ධර්මයට විනයට එකඟද කියල තමන්ගෙ නුවණින් විමසල බලල පිළිගන්න කියලයි.
නොදන්න රෙද්දවල් කියවන්න කලින් ගිහිං බුද්ධාගම ගැන හරියට ඉගනගෙන වරෙන් මචං.
Last edited:

