බුද්ධත්වය ඇත්තද බුද්ධත්වය බොරුද කියන සැකය අනිවාර්යෙන්ම ඇතිවෙන්න ඕන සැකයක් එන්නේ නැත්තම් මහායන ආගමට අනුව ඒ පුද්ගලයා එන්ලයිට්මන්ට් වෙන්නේ නෑ කියලා කියනවා.බුදු දහම අවබෝධ කරගන්න එයට එරෙහිව තර්ක කරන්න ඕන.සිතන්න ඕන. එහෙම නැතිව බුදුන් වහන්සේ දෙසුවා රහතහන් වහන්සේ දෙසුවා කියලා කාටවත් බාරගන්න බෑ.
මටත් ඕන තරම් එහෙම හිතෙනවා.බුදුන් වහන්සේ පවා බුද්ධත්වය ලබාගන්නකම් බුද්ධත්වය ගැන සැකයක් තියාගෙන හිට්යේ.බුදු බව ලබා ගැනීමෙන් පසු තමයි එම සැකය දුරු වුනේ.ඒකනේ අර කියන්නේ තෘෂ්නාව නැමති කැනිමඩල මම බිඳ දැමුවා කියලා..අල්ලා ගැන සැකයක් ඇති කරගන්න ඉස්ලාම් ආගමේ තහනම්.ඒ වගේම බුදු බව බුදුන් ගැන සැකයක් ඇති කරගැනීම පවක් කියලා හිතන මෝඩයන් ඉන්නවා.


බුදු දහම දේව ආගමක් විදිහට අදහන උන් තමයි ඔය වැරැද්ද කරන්නේ. බුදු දහම විවේචනය කලාම අපායේ ඉපදෙනවා / මල් පූජා කලාම දිව්‍ය ලෝකේ ඉපදෙනවා / අන්යාගමිකයන් ඔක්කොම අපායට යනවා වගේ ගොන් පාර්ට් තමයි තියෙන්නේ
බුදුන් වදාළේ ලෝකයට අදාළ ධර්මතාවයන් කියල මුන් තෙරුන් ගන්නේ නැහැ

