ඔන්න ඔතන තමා බන් ප්‍රශ්නේ එන්නෙ. ඔයා දන්නේ කොහොමද ඔය ස්වර්ගය ඇත්තටම තියෙන එකක් කියල ? ගිය අය කවුරුවත් ඔයාට කියල තියෙනවද ? නැත්තන් මැරෙන අය යනව දැකල තියෙනවද ? නෑ නෙ. පොතේ තියෙන හින්ද ඔයාල හිතන් ඉන්නව ස්වර්ගයක් ඇති කියල. ඔහොම එකක් තිබ්බේ නැත්තන් මොකෝ වෙන්නෙ කියල හිතල බැලුවද නිකමටවත්.
හරි, බුද්ධාගමට අනුව තව ආත්මය තියෙනවානේ ඒක හින්දා අවුලක් නැහැ.
නමුත් ඉස්ලාමයට අනුව මෙලොව ජිවිතය එක සැරයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.
අනික බලපන්කො ඔකේ තියෙන ජාති, දියඇලි, ලස්සන කන්යාවියෝ, පලතුරු වතු, උයන් එහෙම නෙ. ඕව මෙහෙත් තියෙන්නෙ බන් සල්ලි තියෙනවනන් ඔනතරන් ගන්න පුළුවන් නෙ. හරියට හම්බෙයිද කියලවත් ෂුවර් එකක් නැති දේකට උඹල දවසට පස් පාරක් වැඳ වැඳ මුළු ජීවිත කාලෙම වියදන් කරන අතරේ අනිත් මිනිස්සු මේ ලෝකෙදීම ඔය සැප ගන්නව, උඹල නිකන් මහන්සිවෙනව.
ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
සදා සැප. දුකක් නැත
සදා නිරෝගි. ලෙඩ නැත
සදා සම වයස. මහලු වෙන්නේ නැත
අනික අල්ලා නං අපිව මැව්වේ, මොනවද බන් පරීක්ෂණ කර කර අපේ ආය අපේ බලන්න තියෙන්නෙ.
ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්. එයට පරක්ෂණයක් අවශ්‍යයි.
අල්ලා කියන්නෙ සියල්ල දත්, සියල්ලම නිර්මාණය කරපු කෙනා නෙ. පරීක්ෂණ කරන්න ඕනෙ අපි නොදන්න දේවල් ගැන ඉගෙනගන්න නෙ. එකෙන් කියවෙන්නේ අල්ලා දන්නේ නැති දේවලුත් තියෙනව කියන එකයි.
වැරදි තර්කයක්, ඔයාගේ හිතේ තියෙනදේත් අල්ලහ් දන්නවා.