"දුල්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මිං" බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්. බුදු කෙනෙක් ලෝකයට පහළ වන්නේ කල්ප ගණනකට සැරයකි. සමහර විට කල්ප අසංඛ්‍ය ගණන් බුද්ධ ශුන්‍ය කාල වශයෙන් දක්වා තිබෙනවා. අපේ බුදු රජාණන් වහන්සේගේ මේ අවුරුදු දෙදහස් පන්සියය, මේ බුද්ධ ශාසන කාලය ගෙවී නිමවුණාට පස්සේ කවදා හෝ දවසක මෛත්‍රී බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වන තාක් කල්, සමහර විට අවුරුදු අසංඛ්‍ය ගණන් වෙන්නට පුළුවන්, එතෙක් කිසිම සංඝයා කියන වචනයවත් අසන්නට නෑ.
ධර්මය දන්නේත් නෑ. බණ පදයක් අසන්නට ලැබෙන්න්ත් නෑ. බුද්ධ කියන වචනයවත් අසන්නට ලැබෙන්නේ නෑ. එතරම්ම කාලයක බුද්ධ ශුන්‍ය කාල පරිච්ඡේදයක් තියනවා.
එතකොට මේ බුද්ධෝත්පාද කාලයක් ඇතිවීම අතිශයින්ම දුර්ලභයි. මොකද හේතුව බුදු කෙනෙක් ලෝකයට පහළ වන්නට නම්, මහා විශාල පාරමී ශක්තීන් පූරණය කරල, පූරණය කරල, එන්නට ඕන. එවැනි අය ලෝකයේ අති දුර්ලභයි. ඒ නිසයි " දුල්ලභො බුද්ධෝත්පාදෝ ලෝකස්මිං" කියන්නේ. ලෝකයේ බුදුවරුන් පහළ වීම අතිශයින් දුර්ලභයි. මේ කල්පය නම් මහා භද්‍ර කල්පයක් වශයෙන් සැලකෙන්නේ. බුදුවරු පස් නමක් මේ කල්පයට පහළ වෙනවා. අනාගතයේ පහළ වන මෛත්‍රී බුදු හාමුදුරුවොත් සමඟ. නමුත් පසුගිය බුදුවරු විසි අට දෙනා ලෝකයට පහළ වෙච්ච ආකාරය කල්ප ගණන් අනුව බලනකොට සමහර බුද්ධාන්තරවල් තියනවා එක බුදුවරයෙක් පහළ වෙලා, ඊළඟ බුදුවරයා පහළ වෙන්න ගතවුණු කාල පරිච්ඡේදය කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය ගණන්. එම නිසා මේ ඉතාම දුර්ලභව ලැබිච්ච මේ බුද්ධෝත්පාද කාලයේ නැත්නම්, මේ බුද්ධ ශාසනය පවතින කාලයේ වටිනාකම, ප්‍රයෝජය ගන්නේ නැතිව කාලය අපතේ යවනවා නම් ඒක ඇත්ත වශයෙන්ම මෝඩ ක්‍රියාවක්.
මිනිසුන්ට මේක තේරෙන්නේ නෑ. මේ බුද්ධෝත්පාද කාලය දුර්ලභ දෙයක් කියලා. දැන් තියන නිසා ඒකෙ අගයක් නෑ. නැතිවුණාට පස්සේ තමයි එහි අගය තේරෙන්නේ. මොකද දැන් ම බුද්ධ ශාසනය තිබුණත් නිවන් මඟ කියාදෙන, නිවන් අවබෝධ කළ අය කොතරම් විරලද කියලා කල්පනා කරලා බලන්න. නිවැරදි මාර්ගයක් කියාදෙන්නට පුළුවන් අය දැන් කාලයේත් ඉතාම විරලයි. තවත් පසුවට පසුවට තව තවත් මේ තත්වය තීව්‍ර වෙනවා විනා හොඳ තත්වයකට පත්වන්නේ නැහැ.
ඒක නිසා මේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණට පසුව ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ, " දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ , දුල්ලභා ඛණ සම්පත්ති " කියලා. ඒ කියන්නේ මනුෂ්‍යයකු වශයෙන් ඉපදීමත් මේ ක්ෂණ සම්පත්තියත් ඉතා දුර්ලභයි. ඒ නිසා මේ ක්ෂණය ඉක්මවා යන්නට ඉඩ දෙන්නට එපා. මේ ක්ෂණය ඉක්මවා ගියොත් පසුකාලයේ බොහෝ දුක් විඳින්නට වෙනවා සතර අපා වල වැටිලා. ඒකට හේතුව මේ බුද්ධෝත්පාද කාලයක් ලැබෙන එක ක්ෂණ සම්පත්තියක්. ඒක අතිශය දුර්ලභ සම්පත්තියක්. ඒ වගේම තමන්ට නීරෝගී භාවය තිබෙනවා නම් ඒකත් ක්ෂණ සම්පත්තියක්. තමන්ගේ ස්මරණ ශක්තිය, ධාරණ ශක්තිය ලබන්නට පුළුවන් නම් ඒකත් ක්ෂණ සම්පත්තියක්. තමන්ගේ ඇස කණ , නාසය ආදිය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා නම්, ඇඟේ ශක්තිය ආදිය තියනවා නම් ඒවා ක්ෂණ සම්පත්තියයි. මේවා කොයි මොහොතේ නැතිවෙයිද දන්නේ නෑ.
අපට භාවනා කිරීමට, ධර්මයේ නිරත වීමට සුදුසු වාතාවරණයක් සැලසිලා තියෙනවා නම් ඒකත් ක්ෂණ සම්පත්තියක්. දැන් හිතමු ඔය දෙමළ කොටි ගහන ප්‍රදේශ වල ඉන්න මිනිසුන්ට බණ භාවනාවක් කරගන්නට බැහැ. මොකද යුද්ධ, කළකෝලාහල නිසා ඒගොල්ලන්ට අහිමි වෙලා. අපට්ත් ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් වන්නට පුළුවන්. ඒක නිසා මේ ක්ෂණ සම්පත්තිය තියන මේ බුද්ධෝත්පාද කාලයක් වෙච්ච මේ කාලයේ උපරිම ප්‍රයෝජනය ගන්නට බලන්නට ඕන. එහෙම නැත්තම් කාලය නිකම්ම ගෙවී යනවා. ලෝකයේ සත්වයෝ , මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදුණා. ඊට පස්සේ ඉගෙන ගන්නවා,රැකියා කරනවා, විවාහ ජීවිත ගත කරනවා, දරුවො හදනවා., ඒ අයගේ යුතුකම් ඉටු කරනවා, ඒ ලෞකික දේවල් වල පමණක් කටයුතු කරලා ඊට පස්සේ මැරිලා යනවා. මැරිලා ගිහින් බොහෝ විට උපදින්නේ දුගතියේ. මේක තමයි සාමාන්‍ය ජීවිත රටාව, සාමාන්‍ය ලෝක සත්වයාගේ ජීවිත රටාව.මේ රටාවෙන් දිගටම කටයුතු කරන අය, ඥානාන්විත පුද්ගලයෝ නෙවෙයි. කොච්චර උසස් විභාග පාස් කරලා තිබුණත්.!
මේ සංසාර විමුක්තිය සඳහා, නිවන සඳහා යම්කිසි කෙනෙක් කටයුතු සම්පාදනය කරනවා නම් ඔහු තමයි ඥාණාන්විත පුද්ගලයෙක් වෙන්නේ.