බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    "දුල්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මිං" බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්. බුදු කෙනෙක් ලෝකයට පහළ වන්නේ කල්ප ගණනකට සැරයකි. සමහර විට කල්ප අසංඛ්‍ය ගණන් බුද්ධ ශුන්‍ය කාල වශයෙන් දක්වා තිබෙනවා. අපේ බුදු රජාණන් වහන්සේගේ මේ අවුරුදු දෙදහස් පන්සියය, මේ බුද්ධ ශාසන කාලය ගෙවී නිමවුණාට පස්සේ කවදා හෝ දවසක මෛත්‍රී බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වන තාක් කල්, සමහර විට අවුරුදු අසංඛ්‍ය ගණන් වෙන්නට පුළුවන්, එතෙක් කිසිම සංඝයා කියන වචනයවත් අසන්නට නෑ.
    ධර්මය දන්නේත් නෑ. බණ පදයක් අසන්නට ලැබෙන්න්ත් නෑ. බුද්ධ කියන වචනයවත් අසන්නට ලැබෙන්නේ නෑ. එතරම්ම කාලයක බුද්ධ ශුන්‍ය කාල පරිච්ඡේදයක් තියනවා.
    එතකොට මේ බුද්ධෝත්පාද කාලයක් ඇතිවීම අතිශයින්ම දුර්ලභයි. මොකද හේතුව බුදු කෙනෙක් ලෝකයට පහළ වන්නට නම්, මහා විශාල පාරමී ශක්තීන් පූරණය කරල, පූරණය කරල, එන්නට ඕන. එවැනි අය ලෝකයේ අති දුර්ලභයි. ඒ නිසයි " දුල්ලභො බුද්ධෝත්පාදෝ ලෝකස්මිං" කියන්නේ. ලෝකයේ බුදුවරුන් පහළ වීම අතිශයින් දුර්ලභයි. මේ කල්පය නම් මහා භද්‍ර කල්පයක් වශයෙන් සැලකෙන්නේ. බුදුවරු පස් නමක් මේ කල්පයට පහළ වෙනවා. අනාගතයේ පහළ වන මෛත්‍රී බුදු හාමුදුරුවොත් සමඟ. නමුත් පසුගිය බුදුවරු විසි අට දෙනා ලෝකයට පහළ වෙච්ච ආකාරය කල්ප ගණන් අනුව බලනකොට සමහර බුද්ධාන්තරවල් තියනවා එක බුදුවරයෙක් පහළ වෙලා, ඊළඟ බුදුවරයා පහළ වෙන්න ගතවුණු කාල පරිච්ඡේදය කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය ගණන්. එම නිසා මේ ඉතාම දුර්ලභව ලැබිච්ච මේ බුද්ධෝත්පාද කාලයේ නැත්නම්, මේ බුද්ධ ශාසනය පවතින කාලයේ වටිනාකම, ප්‍රයෝජය ගන්නේ නැතිව කාලය අපතේ යවනවා නම් ඒක ඇත්ත වශයෙන්ම මෝඩ ක්‍රියාවක්.
    මිනිසුන්ට මේක තේරෙන්නේ නෑ. මේ බුද්ධෝත්පාද කාලය දුර්ලභ දෙයක් කියලා. දැන් තියන නිසා ඒකෙ අගයක් නෑ. නැතිවුණාට පස්සේ තමයි එහි අගය තේරෙන්නේ. මොකද දැන් ම බුද්ධ ශාසනය තිබුණත් නිවන් මඟ කියාදෙන, නිවන් අවබෝධ කළ අය කොතරම් විරලද කියලා කල්පනා කරලා බලන්න. නිවැරදි මාර්ගයක් කියාදෙන්නට පුළුවන් අය දැන් කාලයේත් ඉතාම විරලයි. තවත් පසුවට පසුවට තව තවත් මේ තත්වය තීව්‍ර වෙනවා විනා හොඳ තත්වයකට පත්වන්නේ නැහැ.
    ඒක නිසා මේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණට පසුව ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ, " දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ , දුල්ලභා ඛණ සම්පත්ති " කියලා. ඒ කියන්නේ මනුෂ්‍යයකු වශයෙන් ඉපදීමත් මේ ක්ෂණ සම්පත්තියත් ඉතා දුර්ලභයි. ඒ නිසා මේ ක්ෂණය ඉක්මවා යන්නට ඉඩ දෙන්නට එපා. මේ ක්ෂණය ඉක්මවා ගියොත් පසුකාලයේ බොහෝ දුක් විඳින්නට වෙනවා සතර අපා වල වැටිලා. ඒකට හේතුව මේ බුද්ධෝත්පාද කාලයක් ලැබෙන එක ක්ෂණ සම්පත්තියක්. ඒක අතිශය දුර්ලභ සම්පත්තියක්. ඒ වගේම තමන්ට නීරෝගී භාවය තිබෙනවා නම් ඒකත් ක්ෂණ සම්පත්තියක්. තමන්ගේ ස්මරණ ශක්තිය, ධාරණ ශක්තිය ලබන්නට පුළුවන් නම් ඒකත් ක්ෂණ සම්පත්තියක්. තමන්ගේ ඇස කණ , නාසය ආදිය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා නම්, ඇඟේ ශක්තිය ආදිය තියනවා නම් ඒවා ක්ෂණ සම්පත්තියයි. මේවා කොයි මොහොතේ නැතිවෙයිද දන්නේ නෑ.
    අපට භාවනා කිරීමට, ධර්මයේ නිරත වීමට සුදුසු වාතාවරණයක් සැලසිලා තියෙනවා නම් ඒකත් ක්ෂණ සම්පත්තියක්. දැන් හිතමු ඔය දෙමළ කොටි ගහන ප්‍රදේශ වල ඉන්න මිනිසුන්ට බණ භාවනාවක් කරගන්නට බැහැ. මොකද යුද්ධ, කළකෝලාහල නිසා ඒගොල්ලන්ට අහිමි වෙලා. අපට්ත් ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් වන්නට පුළුවන්. ඒක නිසා මේ ක්ෂණ සම්පත්තිය තියන මේ බුද්ධෝත්පාද කාලයක් වෙච්ච මේ කාලයේ උපරිම ප්‍රයෝජනය ගන්නට බලන්නට ඕන. එහෙම නැත්තම් කාලය නිකම්ම ගෙවී යනවා. ලෝකයේ සත්වයෝ , මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදුණා. ඊට පස්සේ ඉගෙන ගන්නවා,රැකියා කරනවා, විවාහ ජීවිත ගත කරනවා, දරුවො හදනවා., ඒ අයගේ යුතුකම් ඉටු කරනවා, ඒ ලෞකික දේවල් වල පමණක් කටයුතු කරලා ඊට පස්සේ මැරිලා යනවා. මැරිලා ගිහින් බොහෝ විට උපදින්නේ දුගතියේ. මේක තමයි සාමාන්‍ය ජීවිත රටාව, සාමාන්‍ය ලෝක සත්වයාගේ ජීවිත රටාව.මේ රටාවෙන් දිගටම කටයුතු කරන අය, ඥානාන්විත පුද්ගලයෝ නෙවෙයි. කොච්චර උසස් විභාග පාස් කරලා තිබුණත්.!
    මේ සංසාර විමුක්තිය සඳහා, නිවන සඳහා යම්කිසි කෙනෙක් කටයුතු සම්පාදනය කරනවා නම් ඔහු තමයි ඥාණාන්විත පුද්ගලයෙක් වෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    ලෝකෙට පහල වෙන්ව කිව්වට පහල වෙන්නේ දබදිව ට විතරයි නේ. ඉතින් කොහොමද ලෝකයක් දුකින් මුදවා ගන්නේ. පොඩි ප්‍රදේශයක් විතරයි පැතිරෙන්නේ , දහම් දෙසන්නේ ලෝකයක් මුදවා ගන්න පහල වෙනවා කියන ශාස්තෘ කෙනෙක්.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    ලෝකෙට පහල වෙන්ව කිව්වට පහල වෙන්නේ දබදිව ට විතරයි නේ. ඉතින් කොහොමද ලෝකයක් දුකින් මුදවා ගන්නේ. පොඩි ප්‍රදේශයක් විතරයි පැතිරෙන්නේ , දහම් දෙසන්නේ ලෝකයක් මුදවා ගන්න පහල වෙනවා කියන ශාස්තෘ කෙනෙක්.

    ------ Post added on Jul 11, 2022 at 12:51 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    ආයේ ලෝකෙට බුද්ධෙක් එන්නේ නෑ. දැන් කැමරා තියෙනව ඉන්ටනෙට් තියෙනවා.
    මානසික රෝග වලට ප්‍රතිකාර කරන්න ආයතන තියෙනව. ඒ නිසා ආයේ බුද්ධලා, නබීලා, ජේසුලා එන්නේ නෑ. 🤡👌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක

    ------ Post added on Jul 11, 2022 at 12:51 PM

    ඔය දබදිව ඉන්න ගොවියෙක් මිසක් අප්‍රිකාවේ දුකට පත් වෙච්ච මනුස්සයෙක් වෙනුවෙන් නෙවෙයි නේ.
    ඒක තමයි කිව්වේ ඕක ලෝකේ සියලු සත්වයා වෙනුවෙන් කියලා කිව්වට හැමදාම දබදීව කේන්ද්‍ර කරගෙන ඒ ප්‍රදේශයේ දේශනා කරල තියෙන්නේ තියන කතා වලට අනුව.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔය දබදිව ඉන්න ගොවියෙක් මිසක් අප්‍රිකාවේ දුකට පත් වෙච්ච මනුස්සයෙක් වෙනුවෙන් නෙවෙයි නේ.
    ඒක තමයි කිව්වේ ඕක ලෝකේ සියලු සත්වයා වෙනුවෙන් කියලා කිව්වට හැමදාම දබදීව කේන්ද්‍ර කරගෙන ඒ ප්‍රදේශයේ දේශනා කරල තියෙන්නේ තියන කතා වලට අනුව.
    එහෙම නෑහ, බුදුන් ලන්කවට ඈවිත් දර්මය දෙශනා කරල තියෙනවා, දිව්ය ලොකයට ගොස් දර්මය දීශනා කරල තියෙනවා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    ඔය දබදිව ඉන්න ගොවියෙක් මිසක් අප්‍රිකාවේ දුකට පත් වෙච්ච මනුස්සයෙක් වෙනුවෙන් නෙවෙයි නේ.
    ඒක තමයි කිව්වේ ඕක ලෝකේ සියලු සත්වයා වෙනුවෙන් කියලා කිව්වට හැමදාම දබදීව කේන්ද්‍ර කරගෙන ඒ ප්‍රදේශයේ දේශනා කරල තියෙන්නේ තියන කතා වලට අනුව.

    අද උනත්, ලෝකයෙ විවිද රටවල් වල මිනිස්සු ඉන්නව, මේකෙන් ප්‍රයෝජනය ගන්න. අරක නැ, මේක නැ කියල හිතන් ඉන්න නිරාගමික මිත්යා දුස්ටික සෙට් එකටනම් බුදු හාමුදුරුවො තමන්ගෙ ගෙදරට ආවත් වැඩක් නැ තමයි.

    බුදුන්ගේ අමා දර්මේ
    නොතේරී දනා මේ
    වෙලීලා බැන්දී ප්‍රේමේ
    විනාසේ උනා වේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    අද උනත්, ලෝකයෙ විවිද රටවල් වල මිනිස්සු ඉන්නව, මේකෙන් ප්‍රයෝජනය ගන්න. අරක නැ, මේක නැ කියල හිතන් ඉන්න නිරාගමික මිත්යා දුස්ටික සෙට් එකටනම් බුදු හාමුදුරුවො තමන්ගෙ ගෙදරට ආවත් වැඩක් නැ තමයි.

    බුදුන්ගේ අමා දර්මේ
    නොතේරී දනා මේ
    වෙලීලා බැන්දී ප්‍රේමේ
    විනාසේ උනා වේ.
    ලංකාවේ මිනිස්සු මේ ප්‍රයෝජන අරගෙන ජිවිතේ සාර්ථක කරගෙන ඉන්නේ බන්.
    මම කිව්වේ ඕකත් අනිත් ආගම් වගේම යම් ප්‍රදේශයක මතු උන් දර්ශනයක. පස්සේ ආගමක් විදියට ප්‍රචාරණය උනා.

    එහෙම නැතුව මේ "සියලු ලෝ වැසියන් දුකින් මුදවා ගැනීමට" වගේ කතා නිකන් අතිශෝක්ති. ලෝකේ එක්ක බලද්දී , ලෝකේ මිනිස්සු එක්ක බලද්දී එහෙම ප්‍රචාරය වෙලා නෑ .. දබදිවයි , ලංකාවෙයි, දිව්‍ය ලෝකේ යි මිනිස්සු වෙනුවෙන් තමයි දේශනා කරල තියෙන්නේ බුද්ද කාලේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    ලංකාවේ මිනිස්සු මේ ප්‍රයෝජන අරගෙන ජිවිතේ සාර්ථක කරගෙන ඉන්නේ බන්.
    මම කිව්වේ ඕකත් අනිත් ආගම් වගේම යම් ප්‍රදේශයක මතු උන් දර්ශනයක. පස්සේ ආගමක් විදියට ප්‍රචාරණය උනා.

    ලන්කවේ ගැන මොන කතාද, බුදු හාමුදුරුවො ලගින්ම හිටිය කී දෙනෙකුට මේක තේරුම් ගන්න බැරි උනාද

    එහෙම නැතුව මේ "සියලු ලෝ වැසියන් දුකින් මුදවා ගැනීමට" වගේ කතා නිකන් අතිශෝක්ති. ලෝකේ එක්ක බලද්දී , ලෝකේ මිනිස්සු එක්ක බලද්දී එහෙම ප්‍රචාරය වෙලා නෑ .. දබදිවයි , ලංකාවෙයි, දිව්‍ය ලෝකේ යි මිනිස්සු වෙනුවෙන් තමයි දේශනා කරල තියෙන්නේ බුද්ද කාලේ.

    මොන සියලු ලෝ වැසියන්ද?. බුදුන්ගෙ ස්‍රී මුඛයෙන්ම කියල තියෙනවනෙ, කොපමන තරම් කුඩා පිරිසක්ද මේක තෙරුම් ගන්නෙ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    ලන්කවේ ගැන මොන කතාද, බුදු හාමුදුරුවො ලගින්ම හිටිය කී දෙනෙකුට මේක තේරුම් ගන්න බැරි උනාද

    මොන සියලු ලෝ වැසියන්ද?. බුදුන්ගෙ ස්‍රී මුඛයෙන්ම කියල තියෙනවනෙ, කොපමන තරම් කුඩා පිරිසක්ද මේක තෙරුම් ගන්නෙ කියල.
    ඒ කතාවල කියන දේවල් නේ . ලංකාවේත් කොච්චර රහතන් වහන්සේලා එකපාර ඉදල තියනවද බුද්ද කාලෙටත් පස්සසේ කතා වලට අනුව.
    ඒ කියන්නේ තේරුම් ගන්න පිරිස ඕන තරම් ඉදල තියනව කියන එක නේ. එහෙම අවුලක් නෑ . එක බණ පදයන් රහත් උන අයත් ඉන්නවා.

    හැබැයි ඔය ඔක්කොම අතීත කතා. වර්තමාන ලෝකේ ප්‍රයෝගිකව අත්විදින්න්න පුලුවන් දේවල් නෙවෙයි..අනිත් ආගම් වලටත් ඕක පොදුයි. අසිරිමත් දේවල් ඔක්කොම වගේ සිදුවෙලා තියෙන්නේ අතීතේ .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    ඒ කතාවල කියන දේවල් නේ . ලංකාවේත් කොච්චර රහතන් වහන්සේලා එකපාර ඉදල තියනවද බුද්ද කාලෙටත් පස්සසේ කතා වලට අනුව.
    ඒ කියන්නේ තේරුම් ගන්න පිරිස ඕන තරම් ඉදල තියනව කියන එක නේ. එහෙම අවුලක් නෑ . එක බණ පදයන් රහත් උන අයත් ඉන්නවා.

    කතා වල නෙවේ. දර්මයේ කෝර් එක ගැන පොඩ්ඩක් ස්ටඩී කරල බැලුවනම් තේරෙයි අයි මේක තේරුම් ගන්න අමාරු කියල. කෙනෙක් බන පදයක් අහල රහත් වෙන්නත්, කෙනෙක් ජීවිත කාලෙම අහල තේරෙන්නෙ නති වෙන්නත් මොකක්ද හේතුව කියල තේරේයි.

    හැබැයි ඔය ඔක්කොම අතීත කතා. වර්තමාන ලෝකේ ප්‍රයෝගිකව අත්විදින්න්න පුලුවන් දේවල් නෙවෙයි..අනිත් ආගම් වලටත් ඕක පොදුයි. අසිරිමත් දේවල් ඔක්කොම වගේ සිදුවෙලා තියෙන්නේ අතීතේ .

    ඕනම දෙයක් කාලයත් එක්ක යටපත් වෙනව. දර්මයටත් ඒක වලන්ගුයි. හැබයි තාම දර්මය නැති වෙලා නැ,

    ඇයි මේක දැන් ප්‍රායෝගික නැත්තෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    කතා වල නෙවේ. දර්මයේ කෝර් එක ගැන පොඩ්ඩක් ස්ටඩී කරල බැලුවනම් තේරෙයි අයි මේක තේරුම් ගන්න අමාරු කියල. කෙනෙක් බන පදයක් අහල රහත් වෙන්නත්, කෙනෙක් ජීවිත කාලෙම අහල තේරෙන්නෙ නති වෙන්නත් මොකක්ද හේතුව කියල තේරේයි.

    ඕනම දෙයක් කාලයත් එක්ක යටපත් වෙනව. දර්මයටත් ඒක වලන්ගුයි. හැබයි තාම දර්මය නැති වෙලා නැ,

    ඇයි මේක දැන් ප්‍රායෝගික නැත්තෙ?
    ප්‍රයෝගික නැත්තේ ඔය කියන රහත් අය දැන් නැහැ. ඒවත් අතීත කතා විතරයි.
    දැක කියන්න එපා රහත් අය ඉන්නව එයාල කියන්නේ නෑ කියලා. 500ක් රහතන් වහන්සේලා, 1000 රහතන් වහන්සේලා කියලා කතා වල තියෙන්නේ එයාල සමාජයේ හදුනාගන්න පුලුවන් නිසා නේ. හැංගිලා ඉන්නේ අද තමයි.

    ප්‍රයෝගික නෑ කියල කිව්වේ ඔය දහමේ එන "අතිශෝක්ති" දේවල් ටික.. ගන්න දේවල් ගොඩක් තියනව.

    හැබැයි මේ ත්‍රෙඩ් එකේ තියන මේක බුද්ධෝත්පත්ති කාලයක් .... ආයිත් කාලෙකට මේ වගේ එකක් එන්නේ නෑ ලෝකයේ සත්වයාට වගේ දේවල් ආගම අදහන සුළු පරිසක් විස්වාස කරගෙන ඉන්න දේවල් මිසක් ලෝකේ එක්ක ගද්දි කවුරුත් එහෙම ගණන් ගන්න දේවල් නෙවෙයි..
    බුදු දහම තිබිලත් අපේ රටට මෙහෙම වෙලා තියෙද්දී , කිසි ආගමක් අදහන්නේ නැති මිනිස්සු ඉන්න සමාජ හොදට තියනව..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    ප්‍රයෝගික නැත්තේ ඔය කියන රහත් අය දැන් නැහැ. ඒවත් අතීත කතා විතරයි.
    දැක කියන්න එපා රහත් අය ඉන්නව එයාල කියන්නේ නෑ කියලා. 500ක් රහතන් වහන්සේලා, 1000 රහතන් වහන්සේලා කියලා කතා වල තියෙන්නේ එයාල සමාජයේ හදුනාගන්න පුලුවන් නිසා නේ. හැංගිලා ඉන්නේ අද තමයි.

    මම නම් හිතන්නෙ, දෙයක් ප්‍රායොගිකද නැද්ද කියල, ඒක කරන්න පුලුවන් ද බැරිද කියල. කී දෙනෙක් කරනවද කියල නෙවේ. කරපු කෙනෙක් එලියට නොයෙන එක නම් පුදුමයක් නෙවේ. අද කාලේ තියෙන දර්ම විකුර්ති අනුව බුදු හාමුදුරුවො ආවත් ගුටි කන්න වෙන තත්වයක් තියෙන්නෙ.

    ප්‍රයෝගික නෑ කියල කිව්වේ ඔය දහමේ එන "අතිශෝක්ති" දේවල් ටික.. ගන්න දේවල් ගොඩක් තියනව.

    දර්මයෙ කියල දෙන්නෙ එක දෙයයි. ඒ දේ තෙරුම් ගන්නෙ නතිව අනිත් මොකක් ගත්තත් වැඩක් නැ. ඒ ඔක්කොම දර්මය කියල හිතාගෙන හිටියත් වැඩක් නැ.

    බුදු දහම තිබිලත් අපේ රටට මෙහෙම වෙලා තියෙද්දී ,

    බුද්දෝත්පත්ති කාලයක් ආයේ ලේසියෙන් එන්නෙ නැ කියන්නෙ හෙතුවක් තියෙන නිසා. සත්වයාගේ සෙන්සර්ස් වලින් අල්ලන්න බැරි දෙයක් මුලුන්ම හොයාගන්නව කියන්නෙ..කරන්න පුලුවන් දෙයක් නෙවේ කෙනෙකුට. එහෙම කරන්න පුලුවන් කෙනෙක් පහල වෙනව කියන්නෙත් හිතා ගන්නවත් පුලුවන් දෙයක් නෙවේ.

    කිසි ආගමක් අදහන්නේ නැති මිනිස්සු ඉන්න සමාජ හොදට තියනව..

    හොන්දට ඉන්නව කියන්නෙ මොකක්ද?

    උදාහරනයකට, ඔයා සිමියුලේශන් එකක හිරවෙලා, ඒකෙ ඇතුලෙ "හොන්දට" ඉන්නව. වැඩක් තියෙනවද එකෙන් එලියට එන්නෙ නැතුව ඒකෙ කොච්චර හොන්දට හිටියත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    මම නම් හිතන්නෙ, දෙයක් ප්‍රායොගිකද නැද්ද කියල, ඒක කරන්න පුලුවන් ද බැරිද කියල. කී දෙනෙක් කරනවද කියල නෙවේ. කරපු කෙනෙක් එලියට නොයෙන එක නම් පුදුමයක් නෙවේ. අද කාලේ තියෙන දර්ම විකුර්ති අනුව බුදු හාමුදුරුවො ආවත් ගුටි කන්න වෙන තත්වයක් තියෙන්නෙ.

    දර්මයෙ කියල දෙන්නෙ එක දෙයයි. ඒ දේ තෙරුම් ගන්නෙ නතිව අනිත් මොකක් ගත්තත් වැඩක් නැ. ඒ ඔක්කොම දර්මය කියල හිතාගෙන හිටියත් වැඩක් නැ.

    බුද්දෝත්පත්ති කාලයක් ආයේ ලේසියෙන් එන්නෙ නැ කියන්නෙ හෙතුවක් තියෙන නිසා. සත්වයාගේ සෙන්සර්ස් වලින් අල්ලන්න බැරි දෙයක් මුලුන්ම හොයාගන්නව කියන්නෙ..කරන්න පුලුවන් දෙයක් නෙවේ කෙනෙකුට. එහෙම කරන්න පුලුවන් කෙනෙක් පහල වෙනව කියන්නෙත් හිතා ගන්නවත් පුලුවන් දෙයක් නෙවේ.

    හොන්දට ඉන්නව කියන්නෙ මොකක්ද?

    උදාහරනයකට, ඔයා සිමියුලේශන් එකක හිරවෙලා, ඒකෙ ඇතුලෙ "හොන්දට" ඉන්නව. වැඩක් තියෙනවද එකෙන් එලියට එන්නෙ නැතුව ඒකෙ කොච්චර හොන්දට හිටියත්.
    අනේ ඔය සිමියුලේෂන් කතා වගේ දේවල කියලා නිකන් හිත රවට්ටගෙන තේරුමක් නෑ බන්.
    ප්‍රයෝගික ලෝකේ තත්වේ තමයි ඔච්චර ජිවිතේ හදාගන්න උදව් වෙන දහමක් තියන රටේ මිනිස්සුන්ට දැන් කරකියාගන්න දෙයක් නැතුව පින් බිම දාල මිත්‍යා දෘෂ්ටික කියලා කියන රටකට පනින්න බලාගෙන ඉන්නේ.
    ඒකට ඔය ආගම් වල නායකයෝ කියාගන්න සෙට් එකත් වග කියන්න ඕනේ..

    ඉතින් ඔය දහමේ තියන කරුණු වලින් රටේ දැන් තියන ප්‍රශ්නෙට පුළුවන් නම් විසදුමක් හොයල දෙන්න කියන්නකෝ. කොච්චර ඉන්නවද හාමුදුරුවෝ මහනායක ලගේ ඉදන්.
    ප්‍රයෝගිකව විසදුමක් දෙන්න බැරි දහමකින් එච්චර දෙයක් වෙන්නේ නෑ නිකන් මනෝ ලෝකෙක හිරවෙලා හිත රවට්ටගන්න්ව ඇරෙන්න.
    ඇත්ත යථාර්තය තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ. මිනිස්සු මරාගන්නවා, හොරකම් කරන්න බලන් ඉන්නේ. හැබැයි මෙහෙ තමයි නිර්මල දහම තියෙන්නේ .

    මේ අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලේ කියන ඉතා දුර්ලබ කාලෙක නිර්මල බුදු දහම කියන ඉතා දුර්ලබ දෙයක් තියන රටක. රටේ හැමදේම පටන්ගන්නේ දහමට මුල් තැන දීලා ...
    මිනිස්සුන්ට කරකියාගන්න දෙයක් නෑ හැබැයි. මිත්‍යා දෘෂ්ටික රටවල් වලින් යැපී යැපී ඉන්නව.
     
    • Like
    Reactions: Jasonbrody

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    අනේ ඔය සිමියුලේෂන් කතා වගේ දේවල කියලා නිකන් හිත රවට්ටගෙන තේරුමක් නෑ බන්.

    සිමියුලේශන් කතා දර්මයෙ නැ බන්. උදාහරනයක් කිව්වෙ උබ එකේ අදහස ගනීද කියල බලන්න.

    ප්‍රයෝගික ලෝකේ තත්වේ තමයි ඔච්චර ජිවිතේ හදාගන්න උදව් වෙන දහමක් තියන රටේ මිනිස්සුන්ට දැන් කරකියාගන්න දෙයක් නැතුව පින් බිම දාල මිත්‍යා දෘෂ්ටික කියලා කියන රටකට පනින්න බලාගෙන ඉන්නේ.

    මෝඩ කම තුල ඉන්දගෙන එක තුල හොන්ද ජිවිතයක් ගෙවන කතාවක් නැ. හැබයි මෝඩ කම නැති කර ගත්ත දවසට හොන්ද ජීවිතයක් නිකන්ම ලැබෙවි.

    දර්මය කියල හිතල වෙන වෙන බයිල පස්සෙන් ගියාට දරමය මොනව කරන්නද බන්.

    ඒකට ඔය ආගම් වල නායකයෝ කියාගන්න සෙට් එකත් වග කියන්න ඕනේ..

    ඒක හරි. හරි දරමය මිනිසුන්ට කියනවට වැඩිය එයාලට තියෙන්නෙ වෙන වැඩ. (ඔක්කොමල නෙවේ)

    ඉතින් ඔය දහමේ තියන කරුණු වලින් රටේ දැන් තියන ප්‍රශ්නෙට පුළුවන් නම් විසදුමක් හොයල දෙන්න කියන්නකෝ. කොච්චර ඉන්නවද හාමුදුරුවෝ මහනායක ලගේ ඉදන්.
    ප්‍රයෝගිකව විසදුමක් දෙන්න බැරි දහමකින් එච්චර දෙයක් වෙන්නේ නෑ නිකන් මනෝ ලෝකෙක හිරවෙලා හිත රවට්ටගන්න්ව ඇරෙන්න.
    ඇත්ත යථාර්තය තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ. මිනිස්සු මරාගන්නවා, හොරකම් කරන්න බලන් ඉන්නේ. හැබැයි මෙහෙ තමයි නිර්මල දහම තියෙන්නේ .

    මේ අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලේ කියන ඉතා දුර්ලබ කාලෙක නිර්මල බුදු දහම කියන ඉතා දුර්ලබ දෙයක් තියන රටක. රටේ හැමදේම පටන්ගන්නේ දහමට මුල් තැන දීලා ...
    මිනිස්සුන්ට කරකියාගන්න දෙයක් නෑ හැබැයි. මිත්‍යා දෘෂ්ටික රටවල් වලින් යැපී යැපී ඉන්නව.

    දහම කියන විදිහට හොරකම් කරන්නෙ නැතිව අවන්කව හැම කෙනාම හිටියනම් මෙහෙම වේද බන්? තව කොච්චර එව කියල තියෙනවද, ඒව කරනවද බන්?. උබ ඩොස්තර බෙහෙත් දුන්නම එවා බොන්නෙ නැතුව, දොස්තරට බනින එකනෙ කරන්නෙ, ලෙඩ හොන්ඩ උනේ නති උනාම.

    1. Dāna (charity) — being prepared to sacrifice one's own pleasure for the well-being of the public, such as giving away one's belongings or other things to support or assist others, including giving knowledge and serving public interests.

    2. Sīla (morality) — practicing physical and mental morals, and being a good example of others.

    3. Pariccāga (altruism), being generous and avoiding selfishness, practicing altruism.

    4. Ājjava (honesty) — being honest and sincere towards others, performing one's duties with loyalty and sincerity to others.

    5. Maddava (gentleness) — having gentle temperament, avoiding arrogance and never defaming others.

    6. Tapa (self controlling) — destroying passion and performing duties without indolence.

    7. Akkodha (non-anger) — being free from hatred and remaining calm in the midst of confusion.

    8. Avihimsa (non-violence) — exercising non-violence, not being vengeful.

    9. Khanti (forbearance) — practicing patience, and trembling to serve public interests.

    10. Avirodhana (uprightness) — respecting opinions of other persons, avoiding prejudice and promoting public peace and order.

    dan kiyapan balanna...mee kiyala tiyena dee karaanam, ratata mehema wenawada kiyala?
    ------ Post added on Jul 11, 2022 at 9:57 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ප්‍රයෝගික නැත්තේ ඔය කියන රහත් අය දැන් නැහැ. ඒවත් අතීත කතා විතරයි.
    දැක කියන්න එපා රහත් අය ඉන්නව එයාල කියන්නේ නෑ කියලා. 500ක් රහතන් වහන්සේලා, 1000 රහතන් වහන්සේලා කියලා කතා වල තියෙන්නේ එයාල සමාජයේ හදුනාගන්න පුලුවන් නිසා නේ. හැංගිලා ඉන්නේ අද තමයි.

    ප්‍රයෝගික නෑ කියල කිව්වේ ඔය දහමේ එන "අතිශෝක්ති" දේවල් ටික.. ගන්න දේවල් ගොඩක් තියනව.

    හැබැයි මේ ත්‍රෙඩ් එකේ තියන මේක බුද්ධෝත්පත්ති කාලයක් .... ආයිත් කාලෙකට මේ වගේ එකක් එන්නේ නෑ ලෝකයේ සත්වයාට වගේ දේවල් ආගම අදහන සුළු පරිසක් විස්වාස කරගෙන ඉන්න දේවල් මිසක් ලෝකේ එක්ක ගද්දි කවුරුත් එහෙම ගණන් ගන්න දේවල් නෙවෙයි..
    බුදු දහම තිබිලත් අපේ රටට මෙහෙම වෙලා තියෙද්දී , කිසි ආගමක් අදහන්නේ නැති මිනිස්සු ඉන්න සමාජ හොදට තියනව..
    මගේ අවංක මතය නම් ඔබතුමාට බුදු දහමේ මූලික ඉගැන්වීම ගැන හරි හමන් අවබෝධයක් නැති බවයි.

    "ප්‍රායෝගික බුදු දහමක්" ගැන කතා කරන්නෙත්, "බුදු දහම තියෙද්දිත් අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ" වගේ අවලාද ස්වරූපයෙන් කතාකරන්නෙත් ඒ නිසා බවයි මගේ කියවීම.

    බුදු දහම "ලෝකයට" ප්‍රායෝගික දහමක් නෙවෙයි. පටිසෝතගාමී ගමනක් ගැන විස්තර වන, ලෝකයට, ලෝක විෂයට හසු නොවන ඊට උත්තර වූ දහමක් ගැනයි බුද්ධ වචනය.

    ධර්මයේම කියවෙනවා බුද්ධෝත්පත්ති කාලයක් යන්න කොයි තරම් විරලද යන්න. ඔවා නිකං කතා කියන්න පුලුවන්. නමුත් ධර්මය වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපකයක් ඇවිල්ලා ධර්මය අතුරුදහන් වන හැටි, අනාගත බය සූත්‍රයේත් , සද්ධර්ම ප්‍රතිරූපක සුත්‍රයේත් පෙන්වනවා. රටවල් කරවන හැටි, ඉකොනොමි හැන්ඩල් කරන හැටි බුද්ධ වචනයේ "කෝ " (core) ඉගැන්වීම නොවෙයි. ඒවා ලෝකයට, ලෝකය පවතිනවායි කියල හිතං ඉන්න මිනිස්සුන්ට ඇති පුරස්න.

    ධර්මයේම එක තැනක සඳහන් වෙනවා, ලෝකයා සැපයි කියන දේ සැබෑ බුද්ධ ශ්‍රාවකයා දුකක් ලෙසයි හඳුනා ගන්නේ, ලෝකය දුක ලෙස දකින දේ සැබෑ බුද්ධ ශ්‍රාවකයා සැපක් ලෙස දකිනවා කියලා. මේක දැම්මේ "ලෝකය පවතී, අපි එහි නලුවෝය" කියන පදනමෙන් පරිබාහිර වූ "ලෝකය අවස්තාවට ඉපදී නිරුද්ධ වන්නේය" යන වෙනත් පදනමක් ඇති බව පෙන්වා දීමටයි.