බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    මගේ අවංක මතය නම් ඔබතුමාට බුදු දහමේ මූලික ඉගැන්වීම ගැන හරි හමන් අවබෝධයක් නැති බවයි.

    "ප්‍රායෝගික බුදු දහමක්" ගැන කතා කරන්නෙත්, "බුදු දහම තියෙද්දිත් අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ" වගේ අවලාද ස්වරූපයෙන් කතාකරන්නෙත් ඒ නිසා බවයි මගේ කියවීම.

    බුදු දහම "ලෝකයට" ප්‍රායෝගික දහමක් නෙවෙයි. පටිසෝතගාමී ගමනක් ගැන විස්තර වන, ලෝකයට, ලෝක විෂයට හසු නොවන ඊට උත්තර වූ දහමක් ගැනයි බුද්ධ වචනය.

    ධර්මයේම කියවෙනවා බුද්ධෝත්පත්ති කාලයක් යන්න කොයි තරම් විරලද යන්න. ඔවා නිකං කතා කියන්න පුලුවන්. නමුත් ධර්මය වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපකයක් ඇවිල්ලා ධර්මය අතුරුදහන් වන හැටි, අනාගත බය සූත්‍රයේත් , සද්ධර්ම ප්‍රතිරූපක සුත්‍රයේත් පෙන්වනවා. රටවල් කරවන හැටි, ඉකොනොමි හැන්ඩල් කරන හැටි බුද්ධ වචනයේ "කෝ " (core) ඉගැන්වීම නොවෙයි. ඒවා ලෝකයට, ලෝකය පවතිනවායි කියල හිතං ඉන්න මිනිස්සුන්ට ඇති පුරස්න.

    ධර්මයේම එක තැනක සඳහන් වෙනවා, ලෝකයා සැපයි කියන දේ සැබෑ බුද්ධ ශ්‍රාවකයා දුකක් ලෙසයි හඳුනා ගන්නේ, ලෝකය දුක ලෙස දකින දේ සැබෑ බුද්ධ ශ්‍රාවකයා සැපක් ලෙස දකිනවා කියලා. මේක දැම්මේ "ලෝකය පවතී, අපි එහි නලුවෝය" කියන පදනමෙන් පරිබාහිර වූ "ලෝකය අවස්තාවට ඉපදී නිරුද්ධ වන්නේය" යන වෙනත් පදනමක් ඇති බව පෙන්වා දීමටයි.

    මේ කියපු දෙයින් 0.1% ක් වත් තේරුම් ගත්තද සැකයි.

    @ek_rosh @ewijesekara තේරුම් ගන්න වුවමනාවක් නැති අය තර්ක කරන්න යන්න එපා. කාලෙ නාස්ති වෙනවා විතරයි.
    අත ඇරලා දාපන්.

    එක නම් ඇත්ත. මෙතන සමහරක් තමන් හරි කියන් හිතන් ඉන්නව අරෙන්න, එතනින් එහාට කියන දෙයක් මොකක්ද කියලවත් තේරුම් ගන්න උත්සාහයක් නැ. ඔහේ එකම දේ කිය කිය ඉන්නව.

    හැබයි කොමෙන්ට් කරේ නැති උනාට, මේව බලල අත්තටම තේරුම් ගන්න උවමනවක් තියෙන අයත් අති. ඒ අය වෙනුවන් තමය් මම නම් රිප්ලය් කරන්නෙ මේවගේ ඒවට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක

    ඔයා කොච්චර කිව්වත් වර්තමානයත් එක්ක බලද්දී ඔය ගොඩක් දේවල් අතීත සුරංගනා කතා විතරයි.
    තමන්ගේ ආගම නිසා ඉතින් මොනවහරි දෙයක් කියන්න බලනව. ඕක හැම ආගමකටම පොදු දෙයක් බන්.
    මම කිව්වේ ඉතින් මේ බුද්ධෝත්පාද කාලයක් , ලෝකෙයේ මිනිස්සුන්ට ගොඩ යන්න තියන දුර්ලබ අවස්තාවක් කියලා මේ දුපතේ ඉන්න උන් කිව්වා කියලා, ඕක ලෝකේ එක්ක බලද්දී කිසි එකෙක් ගණන් ගන්න දෙයක් නෙවෙයි . ලෝකේ අවු 2000 ගානකට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්. ආගම් ඇදගහගෙන් ඉන්න උන් තමන්ගේ ආගමේ කියලා තියන බයිලා ටික ලෝකෙම ඉන්න මිනිස්සුන්ට දාන්න හදනව කිසි තේරුමක් නැතුව. :rofl: උන්ට ඒවා ඔප්පු කරගන්න විදියකුත් නෑ . ඔප්පු කරන්න පාවිච්චි කරන්නෙත් අර සුරංගනා කතා ඇතුලේ තියන දේවල් මයි. එකයි උඩ එකාගේ රිප්ලයි එකට රෙප්ල්යි කරල තේරුමකුත් නැත්තේ.. තමන් විශ්වාස කරගෙන ඉන්න, අදහන දේවල් ඇතුලේ තියන කරුණු අරගෙන ඇවිත් තේරුමක් නෑ තර්ක කරන්න . හැමෝමටම පිළිගන්න පුලුවන් දේවල් අරන් එන්න ඕනේ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    Science වලින් බුදුදහම්ති යෙන දෙවල් මනින්න යන්න එප, Science කියන්නෙ තාම වෙනස් වෙන දෙයක්, බුදුදහම්ති යෙන දෙවල් දෑන ගන ඔනි නම් භවන වගේ දෙයක් කරල බලන්න පුලුවන්

    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    මේව සුරන්ගනා කතා කියන්නත්, ඔප්පු කරන්න බැ කියන්නෙත් ඔයා බුදු දහම කියල තේරුම් ගත්ත යම් කිසි දෙයක ඉන්දලනෙ. අන්න ඒක මොකක්ද කියන්න, ඔය හිතාගෙන ඉන්න කෝර් දර්මය. බුදු හාමුදුරුවො මොකක්ද මේ දර්මයෙන් මූලිකව පෙන්වන්නෙ?

    සයන්ස් කියන්නෙ ලෝකය තුල තියෙන න්යායක්. ලෝකෝත්තර දර්මයක්, ලෝකයක් තුල තියෙන න්යායක් එක්ක ලගින් තියන්න පුලුවන්ද? ලෝකයම අවුලක් කියපු තැන, ඒකේ අතුලෙ තියෙන ඒව ගැන මොනව කතා කරනවද.
    ------ Post added on Jul 12, 2022 at 8:02 AM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    මේව සුරන්ගනා කතා කියන්නත්, ඔප්පු කරන්න බැ කියන්නෙත් ඔයා බුදු දහම කියල තේරුම් ගත්ත යම් කිසි දෙයක ඉන්දලනෙ. අන්න ඒක මොකක්ද කියන්න, ඔය හිතාගෙන ඉන්න කෝර් දර්මය. බුදු හාමුදුරුවො මොකක්ද මේ දර්මයෙන් මූලිකව පෙන්වන්නෙ?
    බුදුන් දේශනා කරේ පටිච්ච සමුප්පාදය මිසක් ඔය අනික් ආගම් වල වගේ තමාගේ ආගම ලොකු කරන්න දාගත්ත අතිශෝක්ති කෑලි ටිකක් නෙවෙයි... මේක තමයි මාරම දේ , බුදුන් සරණ යන එක තමයි තියන එකම මාර්ගය වගේ ඇදහිලි නෙවෙයි.
    ඕන කෙනෙක්ට සිද්දාර්ථ කළා වගේ තනියම සත්‍ය අවබෝද කරගන්න පුලුවන් වෙන්න ඕනේ හරි නම්. හැබැයි බුදුදහම ආගමක් කරලා අදිලිල්ලක් කරල එහෙම කරන්න බෑ කියන තැනට ගෙනල්ල තියනව.
    බුද්ද කාලේ සමාජයේදී තනියම දර්ශනයක් හොයාගෙන ඒක දේශනා කරලා ශ්‍රාවක පිරිසක් ඇතිකරගන්න පුලුවන් උනාට අද කවුරුහරි අලුත් දේශනාවක් කරොත් , ආගම් වල උන් ටික ඒකට විරුද්ද වෙයි. ඒ අතින් ඒ කාලේ මෙච්චර අන්තගාමි නෑ .. දැන් තියෙන්නේ ඇදහිල්ලක් . තව දෙවියෝ ටිකකුත් ඔබාගෙන හින්දු ආගමට වඩා උඩින් තියන්න ගිහින්.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මේව සුරන්ගනා කතා කියන්නත්, ඔප්පු කරන්න බැ කියන්නෙත් ඔයා බුදු දහම කියල තේරුම් ගත්ත යම් කිසි දෙයක ඉන්දලනෙ. අන්න ඒක මොකක්ද කියන්න, ඔය හිතාගෙන ඉන්න කෝර් දර්මය. බුදු හාමුදුරුවො මොකක්ද මේ දර්මයෙන් මූලිකව පෙන්වන්නෙ?
    බුද්දගම නෙමේ ,Science උනත් හමොට්ම තෙරෙන්නේ නෑහ නෙ, දෑන් හෑමෝම O/L Science පස්ස් වෙනවද?

    මේ ලොඅකය දුකයි, මෙකෙන් ගලවෙන්න තියෙන එක මර්ගය බුදු දහම, අවසනයේ ලබන්නේ නිවන. නිවන් ලබපු කෙනෙක් අයෙ උපදින්නේ නෑහ.
    නිවන් ලබන නම් අපි කොහෙ උපදීවිද කියන්න බෑහ.
    ගොඩක් වෙලාවට උපදින්නේ සතර අපායේ.
    සතර අපායෙන් තිරිසන් ලූකයෙ සතුන් විදින දුක හමොඅම දකිනව නේ?

    https://elakiri.com/attachments/1634455597069-png.148077
     
    • Like
    Reactions: AshenTM and S_M_S

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    බුදුන් ගේ ද්සනවෙ හරය චරාර්ය සත්ය
    බුදුන් දේශනා කරේ පටිච්ච සමුප්පාදය මිසක් ඔය අනික් ආගම් වල වගේ තමාගේ ආගම ලොකු කරන්න දාගත්ත අතිශෝක්ති කෑලි ටිකක් නෙවෙයි... මේක තමයි මාරම දේ , බුදුන් සරණ යන එක තමයි තියන එකම මාර්ගය වගේ ඇදහිලි නෙවෙයි.
    ඕන කෙනෙක්ට සිද්දාර්ථ කළා වගේ තනියම සත්‍ය අවබෝද කරගන්න පුලුවන් වෙන්න ඕනේ හරි නම්. හැබැයි බුදුදහම ආගමක් කරලා අදිලිල්ලක් කරල එහෙම කරන්න බෑ කියන තැනට ගෙනල්ල තියනව.
    බුද්ද කාලේ සමාජයේදී තනියම දර්ශනයක් හොයාගෙන ඒක දේශනා කරලා ශ්‍රාවක පිරිසක් ඇතිකරගන්න පුලුවන් උනාට අද කවුරුහරි අලුත් දේශනාවක් කරොත් , ආගම් වල උන් ටික ඒකට විරුද්ද වෙයි. ඒ අතින් ඒ කාලේ මෙච්චර අන්තගාමි නෑ .. දැන් තියෙන්නේ ඇදහිල්ලක් . තව දෙවියෝ ටිකකුත් ඔබාගෙන හින්දු ආගමට වඩා උඩින් තියන්න ගිහින්.

    බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් කොණ්ඩඤ්ඤ , වප්ප, භද්දිය, මහානාම හා අස්සජී යන පස්වග භික්ෂූන් වහන්සේ අරභයා ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව සිදුකිරීම ඇසළ පුර පසළොස්වක පොහෝ දා සෑම ඓතිහාසික සිදුවීමක් අතරම වඩාත් ප්‍රමුඛත්වය ගනියි. එම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග භික්ෂූන් වහන්සේ අරභයා මෙසේ දේශනා කළහ.

    මහණෙනි, පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදුකරන්නා වූ වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් වේද? එසේම දුක් උපදවන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදුකරන්නා වූ යම් අත්තකිලමථානු යෝගයක් වේද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරෙයි. නුවණැස් ඇති කෙරෙයි. එය කෙලෙසුන් සංසිදීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේය.

    සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහකොට ඇත. බුදුදහමේ මූලික ඉගැන්වීම චතුරාර්ය සත්‍යය යි. මෙම සූත්‍රයේ දී චතුරාර්ය සත්‍යය කෙටියෙන් හඳුන්වා ඇතත් නොයෙක් විග්‍රහයන්ට අනුව මෙය විස්තර කරන වෙනත් දේශනා රාශියක් ආදිම බෞද්ධ ග්‍රන්ථයන්හි දක්නට ලැබේ.

    1. දුක්ඛ ආර්ය සත්‍ය

    ( දුක පිළිබඳ ආර්ය සත්‍යය)

    2. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය

    (දුක ඇතිවීම පිළිබඳ ආර්ය සත්‍යය)

    3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

    (දුක නැති කිරීම පිළිබඳ ආර්ය සත්‍යය)

    4. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය

    ------ Post added on Jul 12, 2022 at 8:10 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    බුද්දගම නෙමේ ,Science උනත් හමොට්ම තෙරෙන්නේ නෑහ නෙ, දෑන් හෑමෝම O/L Science පස්ස් වෙනවද?

    මේ ලොඅකය දුකයි, මෙකෙන් ගලවෙන්න තියෙන එක මර්ගය බුදු දහම, අවසනයේ ලබන්නේ නිවන. නිවන් ලබපු කෙනෙක් අයෙ උපදින්නේ නෑහ.
    නිවන් ලබන නම් අපි කොහෙ උපදීවිද කියන්න බෑහ.
    ගොඩක් වෙලාවට උපදින්නේ සතර අපායේ.
    සතර අපායෙන් තිරිසන් ලූකයෙ සතුන් විදින දුක හමොඅම දකිනව නේ?

    https://elakiri.com/attachments/1634455597069-png.148077

    උබ බෞද්ධ ත්‍රෙඩ් දානව වගේ ඉදගෙන මේක troll කරනවා කියලා දන්නා උන් දන්නවා බන්. :rofl:
    මට ඕන නම් ඔප්පු කරන්නත් පුලුවන්..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    බුදුන් දේශනා කරේ පටිච්ච සමුප්පාදය මිසක් ඔය අනික් ආගම් වල වගේ තමාගේ ආගම ලොකු කරන්න දාගත්ත අතිශෝක්ති කෑලි ටිකක් නෙවෙයි... මේක තමයි මාරම දේ , බුදුන් සරණ යන එක තමයි තියන එකම මාර්ගය වගේ ඇදහිලි නෙවෙයි.
    ඕන කෙනෙක්ට සිද්දාර්ථ කළා වගේ තනියම සත්‍ය අවබෝද කරගන්න පුලුවන් වෙන්න ඕනේ හරි නම්. හැබැයි බුදුදහම ආගමක් කරලා අදිලිල්ලක් කරල එහෙම කරන්න බෑ කියන තැනට ගෙනල්ල තියනව.
    බුද්ද කාලේ සමාජයේදී තනියම දර්ශනයක් හොයාගෙන ඒක දේශනා කරලා ශ්‍රාවක පිරිසක් ඇතිකරගන්න පුලුවන් උනාට අද කවුරුහරි අලුත් දේශනාවක් කරොත් , ආගම් වල උන් ටික ඒකට විරුද්ද වෙයි. ඒ අතින් ඒ කාලේ මෙච්චර අන්තගාමි නෑ .. දැන් තියෙන්නේ ඇදහිල්ලක් . තව දෙවියෝ ටිකකුත් ඔබාගෙන හින්දු ආගමට වඩා උඩින් තියන්න ගිහින්.

    හරි, දැන් ඇයි බුදුන් පටිච්ච සමුප්පදය දේශනා කර්?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උබ බෞද්ධ ත්‍රෙඩ් දානව වගේ ඉදගෙන මේක troll කරනවා කියලා දන්නා උන් දන්නවා බන්. :rofl:
    මට ඕන නම් ඔප්පු කරන්නත් පුලුවන්..
    කියන්න දෙයක් නෑති උනාම ඔය වගේ දෙයක් වත් කියන්න පුලුවන්

    දන්නේ නති දෙවල් කත නොකර ඉන්න ඔනේ. උම්බ මගේ Thread නොබල හිටිය නම් ඉවරයි නෙ. මෙව දන්න සසරින් එතෙර වන කෙනෙක්ට. හමොටම මෙව තෙරෙන්නෙ නෑහ, තෙරුම් ගන්න පින් නෑහ. බුදු හමුදුරුවොඅ උනත් දර්ම දීශනා කරද්දි බලන්ව මෙක තෙරුම් ගන්න පිනක් තියෙනවද කියල

    පටිච්ච සමුප්පදය කියනනෙ මොකක්ද කියල කියන්න පුලුවන්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    හරි, දැන් ඇයි බුදුන් පටිච්ච සමුප්පදය දේශනා කර්?
    ඕක දේශනා කරේ චතුරාර්ය සත්‍ය අවබෝද කරගන්න.

    මම මෙතන කිව්වේ ඕව ගැන නෙවෙයි බන් . අතිශෝක්ති කෑලි ටික. ඕව ගැන කියවල තේරුමක් නෑ . .

    බුදු හමුදුරුවොඅ උනත් දර්ම දීශනා කරද්දි බලන්ව මෙක තෙරුම් ගන්න පිනක් තියෙනවද කියල
    එල එල.. පින තියන උන් තමයි ඉන්නේ ගොඩක් මේ රටේ. :rofl:
    ------ Post added on Jul 12, 2022 at 8:19 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    ඕක දේශනා කරේ චතුරාර්ය සත්‍ය අවබෝද කරගන්න.

    මම මෙතන කිව්වේ ඕව ගැන නෙවෙයි බන් . අතිශෝක්ති කෑලි ටික. ඕව ගැන කියවල තේරුමක් නෑ . .

    එල එල.. පින තියන උන් තමයි ඉන්නේ ගොඩක් මේ රටේ. :rofl:
    ------ Post added on Jul 12, 2022 at 8:19 AM

    අන්න හරි, දැන් චතුරයර්ය සත්ය ගැන ඔබතුමා මොකක්ද හිතන්නෙ?, අත්තක්?, බොරුවක්? වැඩක් නති දෙයක්?, අදට ගැලපෙන්නෙ නැ, ඔයවගේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    අන්න හරි, දැන් චතුරයර්ය සත්ය ගැන ඔබතුමා මොකක්ද හිතන්නෙ?, අත්තක්?, බොරුවක්? වැඩක් නති දෙයක්?, අදට ගැලපෙන්නෙ නැ, ඔයවගේ?
    කවුද එහෙම කිව්වේ ??
    මම කිව්වේ ඕක මිනිස්සුන්ට අවබෝද කරගන්න විශේෂ කාලයක් කියල එකක් ඕන නෑ . ඒ වගේ කෑලි ඇවිල්ල තියෙන්නේ දහම ආගමක් කරන්න ගියාම. මේ කාලේදී විතරයි මිනිස්සුන්ට අවබෝධය එන්නේ කියලා කියන්න මොකද්ද තියන සාක්ෂිය ???
    ලංකාවේ නෙවෙයි ඇන්ටාටිකාවේ ඉන්න මනුස්සයෙක්ට උනත් , බුදු දහම කියල දෙයක් අහලවත් නැති කෙන්ක්ට උනත් තමන් විසින් අවබෝද කරගන්න පුලුවන් සිද්දාර්ථ කරා වගේ. ඇදහිල්ලක් නෙවෙයි. ඕක තමයි මම කිව්වේ. දබදිව ට විතරක් සිමා වෙච්ච, යම් කාලයකට විතරක් සිමා වෙච්ච දෙයක් නෙවෙයි සත්‍ය අවබෝද ක්රගන්නාව කියන දේ !
     
    හරි ඒකට එන්න තමයි. අහපු එකට උත්තර දෙන්නකො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    හරි ඒකට එන්න තමයි. අහපු එකට උත්තර දෙන්නකො
    දහම් කරුණු එක්ක මට කිසි අවුලක් නෑ .
    මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ දාල තියන "බුද්ධෝත්පාද කාලයක්" කියලා එකකින් විතරයි මිනිස්සුනට අවබෝධයක් එන්නේ වගේ කතා ගැන..
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කවුද එහෙම කිව්වේ ??
    මම කිව්වේ ඕක මිනිස්සුන්ට අවබෝද කරගන්න විශේෂ කාලයක් කියල එකක් ඕන නෑ . ඒ වගේ කෑලි ඇවිල්ල තියෙන්නේ දහම ආගමක් කරන්න ගියාම. මේ කාලේදී විතරයි මිනිස්සුන්ට අවබෝධය එන්නේ කියලා කියන්න මොකද්ද තියන සාක්ෂිය ???
    ලංකාවේ නෙවෙයි ඇන්ටාටිකාවේ ඉන්න මනුස්සයෙක්ට උනත් , බුදු දහම කියල දෙයක් අහලවත් නැති කෙන්ක්ට උනත් තමන් විසින් අවබෝද කරගන්න පුලුවන් සිද්දාර්ථ කරා වගේ. ඇදහිල්ලක් නෙවෙයි. ඕක තමයි මම කිව්වේ. දබදිව ට විතරක් සිමා වෙච්ච, යම් කාලයකට විතරක් සිමා වෙච්ච දෙයක් නෙවෙයි සත්‍ය අවබෝද ක්රගන්නාව කියන දේ !
    බුදු කෙනෙක්ට විතරයි දර්ම්ය තනිව අවබොද කර අනෙක් අයට දෙශනා කරන්න පුලුවන්. අනික් අයට බුදුන් කියපු මර්ගයෙ ගමන් කරන්න පුලුවන්.

    දර්මය සාම කලෙකම අවබොද කරන්න හඉකියාවක් මනුශ්ය ලොඅකයෙ තියෙන්නෑ නෑහ, මොකද බුදු දහම උනත් තියෙන්නේ අවුරුඩු 5000 විතරයි ගෞතම බුද්ද සාසනේ.

    අනික දර්මය අවබොද කෙරිමේ හකියාව අනුව මිනිස්සු කොටස් හතරකට බෙදෙනව

    1) බුදුවරයකු විසින් හෝ බුද්ධ ශ්‍රාවකයකු විසින් හෝ සංක්ෂේපයෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් එකෙණෙහි ම මඟ ඵල ලබා චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කොට නිවන් දක්නට සමත් වූ දාරුචීරිය ශාරිපුත්‍ර මෞද්ගල්‍යානාදීන් වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ නම් වෙති.

    2) විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයෙහි මඟ පල ලබා නිවන් දක්නට සමර්ථ පුද්ගලයෝ විපඤ්චිතඥ නම් වෙති.

    3) ධර්මය උගෙන උගත් ධර්මය ගැන නැවත නැවත කල්පනා කිරීම පිළිවිසීම කලණ මිතුරන් සේවනය කිරීම භාවනා කිරීම යන මේවා කොට කලෙක දී මඟ ඵල ලබා නිවන් දක්නට සමත්හු නෙය්‍ය පුද්ගලයෝ නම් වෙති.

    4) කොතෙක් බණ ඇසුවත් කොතෙක් කලණ මිතුරන් සේවනය කළත් කොතෙක් භාවනා කළත් ඒ ජාතියේදී මඟ පල ලැබීමට නො සමත් වන්නෝ පදපරම පුද්ගලයෝ නම් වෙති.

    පෙර ජාති වලදී භාවනා කිරීම් ආදි වශයෙන් විදර්ශනා ඥානය බොහෝ දුරට දියුණු කැර ගත් පුද්ගලයෝ උද්ගටිතඥයෝ වෙති. මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කැර ගත්තේ විපචිතඥයෝ වෙති. මඳ වශයෙන් විදර්ශනා ඥානය ඇති කර ගත්තේ නෙය්‍ය පුද්ගලයෝ වෙති. උපනිඃශ්‍රය සම්පත් නැත්තෝ ද අන්තරායික ධර්ම ඇත්තෝ ද පද පරම පුද්ගලයෝ වෙති. විදර්ශනා භාවනාව කළ යුත්තේ නෙය්‍ය පුද්ගලයන් හා පදපරම පුද්ගලයන් විසිනි. පද පරමයන් විසින් කළ යුත්තේ අනාගතය පිණිසය.
    ------ Post added on Jul 12, 2022 at 8:32 AM
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    බුදු කෙනෙක්ට විතරයි දර්ම්ය තනිව අවබොද කර අනෙක් අයට දෙශනා කරන්න පුලුවන්. අනික් අයට බුදුන් කියපු මර්ගයෙ ගමන් කරන්න පුලුවන්.

    දර්මය සාම කලෙකම අවබොද කරන්න හඉකියාවක් මනුශ්ය ලොඅකයෙ තියෙන්නෑ නෑහ, මොකද බුදු දහම උනත් තියෙන්නේ අවුරුඩු 5000 විතරයි ගෞතම බුද්ද සාසනේ.
    ඔන්න ඕවා කියලා තමයි දහම ආගමක් කරල restrict කරල තියෙන්නේ. ඇත්තටම යන්න බැරි එත යන්න පුලුවන් වගේ ටාගට් එකක් පෙන්නන්නේ. තමන්ගේ ආගම ඇතුලෙන් විතරක් විමුක්තිය පෙන්නන්නේ. කොටින්ම තව සිද්දාර්ථ කෙනෙක් වෙන්න උබලට බෑ කොච්චර ට්‍රයි කරත්. මේ පැත්තෙන්ම වරෙන් කියලා කියන්නේ.
    අනිත් ආගම් වලත් ඕකමයි කරන්නේ. ඕක තමයි මම මේ ත්‍රෙඩ් එකේ කිව්වේ. එහෙම නැතුව බුදු දහම බොරු කියලා නෙවෙයි.

    දැන් ඇති. උබේ ලස්සන රිප්ලයි එකෙන් කියන්න හිටපු දේ ලේසි උනා ! 🖐