බුද්ධ පූජාව තැබිය යුත්තේ ජීවමාන බුදුහාමුදුරුවන්ට කරන පූජාවක් ලෙස සලකලයි. පූජාව තැබීමට පළමුව පූජාවෙන් පසු කුමක් කරන්නේ ද යන කල්පනාවට නොයා යුතුමයි.
ඒ වගේම තමන් පූජා කරන දානය බුදුරජාණන් වහන්සේ වළඳනවා යන හැඟීම ඇති කරගෙන ඉතාමත් ශ්‍රද්්ධාවෙන් යුතුව තමයි මේ බුද්ධ පූජාව තැබිය යුත්තේ. නමුත් කුමන අවස්ථාවකවත් පූජා කරන දානය තමන්ගේ පරිභෝජනයට ලබාගැනීමේ අදහසක් ඇති කර ගැනීම සුදුසු නැහැ.
තමන් පූජා කළ දානය අසරණ පුද්ගලයෙකුගේ කුසගින්න නිවන්න යොදවන්න පුළුවන් නම් එහි වරදක් නැහැ. නමුත් පූජාව සිදු කළ තැනැත්තාම එය පරිභෝජනය කිරීම සුදුසු දෙයක් නොවෙයි. මක් නිසාද පූජා කිරීම යනු අත්හැරියා යන අදහස යි.
අත් හැරපු දෙයක් කුමන ආකාරයකින් වත් තමන් සතු කර ගැනීම සුදුසු නැහැ. ඒ වගේම බුද්ධ පූජාව, දේව පූජාවක් ලෙස පටලවා ගත යුතු නැහැ. දේව පූජාවේ දී කපු මහත්වරු පූජා වට්ටිය සහිත යම් කොටසක් පරිභෝජනය සඳහා නැවත ලබාදෙනවා. නමුත් බුද්ධ පූජාව යනු දේව පූජාවක් නොවෙයි..
මේ ලිපිය Facebook එකේ
බෞද්ධයා - The Buddhist Page එකෙන් උපුටා ගත්තෙමි.
බෞද්ධයා - The Buddhist Page එකෙන් උපුටා ගත්තෙමි.


nodanna kamata nisa kiyala deela nikan innawa