බුද්ධ භාෂිතයේ “සං” දේශණාව
බුද්ධ භාෂිතයේ “සං” දේශණාව
සංඛත වාදය මෙන්ම අසංඛත වාදයත් සිද්ධාර්ථ ගෝතම බෝසතාණන් උපත ලැබූ ජම්බුද්වීපයේ එදා ප්‍රචලිතව පැවති මතවාද දෙකකි. විශ්වයේ හා සත්ත්වයාගේ හට ගැනීම, පැවැත්ම හා විනාශය විග්රහ කර පෙන්වා දීමට සංඛත වාදය, අසංඛත වාදය උපයෝගී කරගත් යුගයක, බුදුපියාණන් වහන්සේ ඒ වාද දෙකම බැහැර කර ඒ සඳහා ”සං” උපත ලබන ”සං” ක්‍රියාත්මකව පවතින හා ”සං” විසංඛාර වන ආකාරය විග්රහ කර පෙන්වා දීමට පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහය නිවැරදි ලෙසත්, පරිපූර්ණ ලෙසත් ලෝකයාට දේශණා කර වදාළහ.
ඒ ඒ සත්ත්වයාගේ චිත්තසංථානය තුළම බිහිවන කැමැත්තට බැඳීම, ප්රියතාවට බැඳීම පටිඉච්ච වීම නිසාම සමුදය ධර්මයන් උපත ලබන බවත් මෙහිදී පැහැදිළිව විග්රහ කර පෙන්වා වදාළහ. රූප, ශබ්ද ආදී සංඥා මගින් ලබන දැනුම නිසා ඒවාට ප්‍රිය වූ ලෝක සත්ත්වයා සංඛාර පවත්වන බවත්, සංඛාර පැවැත්වීමෙන් සමුදය බිහිවන බවත්, සමුදය ධර්ම බිහිවීමත් සමඟම සංසාර සම්බන්ධතා ඇති වන බවත්, සංසාරයට බැඳීම නිසා ”සංකිළිට්ඨේන” තත්ත්වයෙන් පෘථග්ජන සිතක් ක්‍රියාත්මක වන බවත් පෙන්වා වදාළහ.
ගෝතම බුදුපියාණන්වහන්සේ පමණක් නොව, අතීතයේ ලොව්තුරා බුද්ධත්වයට පත් වූ හැම බුදුපියාණන්වහන්සේ කෙනෙක්ම සොයා දැන දේශණා කර, ලෝකයාට ප්‍රකාශ කළ ධර්මය පටිච්චසමුප්පාද ධර්මයයි. මේ උතුම් පටිච්චසමුප්පාද යන වචන දෙක ඇතුළතම ”සමුදය” වචනයත් ”පටි ඉචිච” යන වචනයත් ගැබි වී ඇත. ”සමුදය” යනු ”සං උත්පාද” වන ආකාරයයි. ”සං උදය” වන ආකාරයයි. සමහර කෙනෙක් මෙය ”සම+ උත්පාද” ලෙස විග්රහ කරන නමුත්, මෙහි අඩංගු වන්නේ ”සං+උත්පාද” යන තේරුමයි. ”සං” යන පදයේ ධර්ම අර්ථය තේරුම් ගැනීමත් සමඟම මේ ගැටළුවද නිරාකරණය කරගත හැකියි. ”සමුදය” යනු ”සං” උපත බව දැන ගත හැකියි.
මේ ”සං උපත” ලබන්නට හේතුවන කරුණු තේරුම් ගත්තේ නැතිනම්, තම තමන් තුළම තමන්ම ”සං” උපදවා ගන්නා ආකාරය තේරුම් ගත්තේ නැති නම්, තමන් තුළම ”සං” ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගත්තේ නැතිනම්, තමන්ම එකතු කර ගන්නා, සමුදය කර ගන්නා, ”සං” තැම්පත් කරන, ගබඩා කරන ස්ථානය දැන ගත්තේ නැතිනම්, මේ ”සං” යන එකතු කිරීම පිළිබඳ තේරුම් ගත නොහැකියි.
”සංදේශණාව” ගෝතම බුදුපියාණන් එදා විවිධ අවස්ථාවන් වලදී දේශණා කර වදාළ උතුම් බුද්ධ දේශණාවකි. චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මුළුමණින්ම සංදේශණාවකි. මජ්ක්‍ධිම නිකායේ එන රථ විනීත සූත්‍රය, රට්ඨපාල සූත්‍රය, ධම්මචේතීය සූත්‍රය, සේල සූත්‍රය හා සංයුක්ත නිකායේ එන විශාඛ සූත්‍රයත් ”සං” දේශණාව ඉතාමත් පැහැදිළිව දේශණාකර වදාළ තැන් ලෙසින් පෙන්වා දිය හැකියි.
චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ සඳහන් ”සංදෙස්සේති, සංමාදපේති, සංමුත්තේජේති, සංපහංසේති” යන ඥාණ පද හතර, ඇතෙකුගේ පාද හතරට උපමා කර, ඇතාගේ කඳ, ධර්මස්කන්ධයට සමාන කර උපමාවක් ගෙන පෙන්වා වදාරා ඇත. ඇතාගේ විශාල කඳක බර, ශරීර පාද හතරකින් දරන්නා සේ මෙම ”සං” පද හතරින්, ඥාණ පද හතරෙන් මුළු ධර්මස්කන්ධයම දරා සිටින ආකාරය විග්රහ කර පෙන්වා දිය හැකි බව උපමාවකින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තුළින් පෙන්වා දී ඇත.
”සංදෙස්සේති” පළමු වැනි ඥාණ පදයයි. ”සං” යන එකතු කිරීම, රැස් කිරීම, උපාදානය කර ගැනීම විග්රහ කර, විස්තර කර පැහැදිළි කිරීම මෙහිදී දේශණා කර තිබේ.
”සංමාදපේති” යනු එකතු කරගත් ”සං” වලින් මිදී නිදහස් වී, සම්මා තත්ත්වයට පත්වන ක්‍රියා මාර්ගය පැහැදිළි කර දී පෙන්වා දීමයි.
”සංමුත්තේජේති” යනු එකතු කිරීමේ ක්‍රියාවට මුල් වූ පටිච්ච වීම සහමුළින් උදුරා දමා, ”සං” මුල ගළවා දැමුවා යන ක්‍රියාවලිය විස්තර කර දීමයි. එකතු කළ සියලු දේ අස්කර, නිදහස් වුණා යන අදහසයි.
”සංපහංසේති” යනුවෙන් විස්තර වන්නේ, ”සං” ප්රහාණය කර ”සං” වලින් සදහටම මිදී නිදහස් වන්නට මඟ පෙන්නා දී, නිවන් සුවයට නිවැරදි මඟ පෙන්නා දුන්නා යන තේරුමයි.
චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ එන පරිදි පිලෝතිකා පරිබ්‍රාජකයා මේ පද හතර කෙටියෙන් ප්‍රකාශ කළ විට ජානුස්සෝනි බ්‍රාහ්මණයා මේ පද හතරෙන් විස්තර වන ”සංදේශණාව” විස්තර වශයෙන් ගෝතම බුදුපියාණන්ගෙන් ම අසා දැන ගත්්හ. මේ අනුව මුළු චුල්ලහත්ථිපදෝපම සූත්රයේම එන සීල, සමාධි, ප්‍රඥා යන අංගයන්ද සම්පූර්ණ කරගෙන ”සංපහංසේති” යන තත්ත්වයට පත්වන්නට මාර්ගය අසා දැන ගත් බව ඉතාම පැහැදිළිව විස්තර වේ.
මජ්ක්‍ධිම නිකායේත් විශේෂයෙන්ම සංයුක්ත නිකායේත්, අංගුත්තර නිකායේත් බොහෝමයක් සූත්‍ර ධර්ම වලත් මේ ”සංදේශණාව” විවිධ ආකාරයෙන් විග්රහ කර ඇත. නිවන් දකින බුද්ධ ධර්මය තේරුම් ගැනීමට නම් සංදේශණාවක් අසා ”සං” තේරුම් ගත යුතුයි. බුද්ධ භාෂිතයේ, ත්‍රිපිටක ධර්මයේ ”තේ සං” වාගේ තැන් වලදී නිතරම ”සං” භාවිතා කර තියෙන්නෙ තවත් වචන සමඟ සන්ධි වීමෙනි. ත්‍රිපිටකයේ එන හැම ධර්ම කාණ්ඩයකම ”සං” යන පදය යොදා ඇත. ප්‍රධාන වශයෙන් ”සං” යොදා ගෙන තියෙන ආකාරය උදාහරණ කිහිපයක් ගෙන පෙන්වා දිය හැකියි.
සංසාර : එකතු කරගත් දෙයෙහි, රැස් කරගත් දෙයෙහි සාරවත් බව දැකීම
සංඛාර : එකතු කරන්නට කරනු ලබන ක්‍රියාකාරකම්
වචී සංඛාර : වචන භාවිතා කර යමක් එකතු කරන්නට කරන ක්‍රියාව
කාය සංඛාර : කය පාවිචිචි කර යමක් එකතු කරන්නට කරන ක්‍රියාව
මනෝ සංඛාර : මනස භාවිතා කර යමක් එකතු කරන්නට, රැස් කර ගන්නට කරන සිතිවිලි පැවැත්වීම
සංඛත : වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර කර එකතු කර හදා ගත්ත දේ, හැදුණු දේ සංඛත යනුවෙන් හඳුන්වයි. මේ ලෝකයේ පවතින සියලුම දේ සංඛතමයි. සංඛාරයක් කර හදාගත් සංඛතයන්ම වේ.
සංතෝස: එකතු කර ගත්ත දෙයක් නිසා ඉන්ද්රියයන් පිනවීමෙන් ලබන සතුට, ප්‍රීතීය
සංතෝසයයි. එකතු කර ගත්ත දෙයක් නැතිනම් ලෞකිකත්වය තුළ සතුටක් ලැබිය නොහැකියි.
සංතාප: එකතු කරගත් දෙයක් බරක් වීම නිසා කායික හෝ මානසික වශයෙන් ලබන තැවීම, තාපනය සංතාපයයි.
සංවේග: එකතු කරගත් යමක් නිසා කායික හෝ මානසික වශයෙන් ඇති වන දැවීම, තැවීම නිසා ඇති වන ධාවනකාරී වේගය, සිතේ වේගයක් ඇති වෙන්නෙ එකතු කර ගත් දේ නිසයි.
සම්බන්ධ: එකතු කරගත්, රැස්කර ගත්, උපාදානය කරගත් පුද්ගලයින්ට, ද්‍රව්‍යවලට, වස්තූන්වලට, තැන්වලට, ධර්මතාවලට, අන්ධ ලෙසින් බැඳීම. (සං+බ+අන්ධ)
සම්බාධක: එකතු කර සකස් කළ බාධක, ගොනු කළ බාධක.
සංනිවේදන: යමක් එකතු කරන්නට කරන දැන්වීම – නිවේදනය, වෙළඳ සංනිවේදනය යනු ලාභ එකතු කරන්නට කරන දැන්වීමකි.
සංථානය: එකතුකරගත් ගති, ”සං” තැන්පත් කරන ස්ථානය, චිත්තසංථානය.
සම්මත: (සං+මත) ඒ ඒ අය තම තමාගේ අදහස් එකතු කර ඉදිරිපත් කරන ලද මත, මත එකතුවක් සම්මත වේ.
සංකර: පිටින් එකතු කරගත් සිරිත් විරිත් සංකර ගති ලෙස සංකර සිරිත් විරිත් ලෙස හඳුන්වයි.
සංසිඳීම: එකතු කරගත් දේ අතර ඇති අයහපත් දේ සිඳ හැර බරෙන් මිදී නිදහස් වීම – පස්සදිය
සංවර: එකතු කරගන්නා කෙළෙස් සහිත දේ, එකතු කිරීමෙන් වැළකී සිටීම, එකතු කිරීම වාරණය කිරීම, එකතු කිරීමෙන් වෙන් වී සිටීම සංවර වීමයි.
සංඛ්‍යා: සිංහල හා පාලි භාෂාවන් දෙකේ්ම ඉලක්කම් එකතු කිරීම හා අඩු කිරීම සඳහා යොදා ගත් පදය,” සං” යනු එකතු කිරීම, ”ඛය” යනු අඩු කිරීමයි.
සංකල්පනා: කාලය පීරා සං එකතු කර ගැනීම. පනාවෙන් කරන්නේ පීරීමකි. අතීත කාල පරාසය පීරා ගති ලක්ෂණ එකතු කිරීම සංකල්පනා වේ.
මේ ආකාරයට සිංහල භාෂාවේත්, මාගධී භාෂාවේත් බෙහෝ තැන්වල සං, සම්, සන්, ස, සමා, සමු ආදී වශයෙන් විවිධ ආකාරයෙන් පද අර්ථ ගැන්වීමට ”සං” යන ශබ්ද සංඥාව යොදාගෙන ඇත. මෙතැනදී අප අමතක නොකළ යුතු ඉතාමත් වැදගත් කාරණයක් නම් මාගධී භාෂාව යනු ලිඛිත භාෂාවක් නොවන බවයි. මුළු බුද්ධ භාෂිතයම කටපාඩම් කරගෙන, වන පොත් කරගෙන භාවිතයට ගත් වසර හාරසිය ගණනක්ම මුඛ පරම්පරාවෙන් පමණක්ම ගෙනා ශබ්ද සංඥා සමූහයකි. මේ ශබ්ද සංඥා පසු කාලයක අකුරෙන් ලියන අවස්ථාවේ, ඒ අකුරු ලියූ අය ”සං” යන පදය විවිධ අකුරු කොටස් යොදා ලියා තැබූහ. ඒ අනුව මේ අකුරුවල විවිධත්වයක් දකින්නට ලැබේ.
එදා බුදුපියාණන්වහන්සේ ”සං” යන පදයෙන් අර්ථ ගැන්වූයේ, එකතු කිරීම, එකතු කරගත්තා, රැස් කිරීම, රැස්කර ගත්තා, උපාදානය කිරීම, උපාදානය කර ගත්තා, අල්ලා බදා ගත්තා යන අර්ථයෙනුයි. මේ සියලු පදවල ”ගන්නවා” ”ගත්තා” යන තේරුමක් ඇත. ඒ ගත්ත දේ ”ගති” ලෙසින් හඳුන්වයි. අප ගත ලෙසින් නම් කරන්නේත් එකතු කර ගත් දෙයක්මයි. ඒ වාගේ ම අස් කිරීම, හිස් කිරීම යන අර්ථයෙනුත් ”සං” භාවිත කර තිබේ. (විසංඛාර)
හැම පෘථග්ජන පුද්ගලයෙක්ම, සත්ත්වයෙක්ම, හැම අමනුස්සයෙක්ම, හැම දෙවියෙක්ම නිරතුරුවම කටයුතු කරන්නේ, ජීවත් වෙන්නේ මොනවා හෝ යමක් එකතු කර ගැනීමටයි. විඤ්ඤාණයෙන්ම උපත ලබා විඤ්ඤාණ ශක්තියක් පවත්වා ගෙන යන්නට නම් හැම ප්රාණියෙක්ම ආහාර රැස් කර ගත යුතුමයි. කබලිංකාර ආහාර, සංචේතනා ආහාර, ස්පර්ශ ආහාර, විඤ්ඤාණ ආහාර යන ආහාර කොටස් හතරම එකතු කර ගැනීමට, රැස් කර ගැනීමට, චිත්තසංථානයේ තැන්පත් කර ගැනීමට කරන, කියන, හිතන සියලුම ක්‍රියා සංඛාර ලෙසින් පොදු නමකින් බුද්ධ භාෂිතයේ පෙන්වා දී ඇත.
සංඛාර නොකර, යම් යම් දේ එකතු කර ගැනීමට ක්‍රියා නොකර කිසිම පෘථග්ජන සත්ත්වයකුට, පුද්ගලයකුට මේ පැවැත්ම ගෙන යාමට හැකියාවක් නැත්තේමය. උපන් හැම සත්ත්වයෙක්ම, පුද්ගලයෙක්ම, ප්රාණියෙක්ම තම මුළු ජිවිත කාලය පුරාම කරන්නේ මේ එකතු කිරීමේ, එකතු කර රැස් කර ගැනීමේ ක්‍රියාවයි. එසේ එකතු කරගත්, රැස් කර ගත් දෙයක් මිස වෙනත් කිසිම දෙයක් ආහාරයට ගැනීමටත් නොහැකිය. මේ ජීවිතයට පෙර අතීත ආත්මවලදීත් කළේ මේ එකතු කිරීමේ ක්රියාවලියමයි. ඉදිරියේදී යම් මතු උපතක් ලැබුවොත් එදාට කරන්නේත් මේ එකතු කිරීමේ, සංඛත සකස් කිරීමේ ක්රියාවලියමයි. විඤ්ඤාණය, මේ එකතු කිරීමේ ක්‍රියාවලියේ මැදිහත්කරුවායි. විඤ්ඤාණයට අවශ්‍ය වන්නේ දිගින් දිගටම මේ සංසාර ගමන සුරක්ෂිතව පවත්වාගෙන යෑමයි. ඒ සඳහා කළ හැකි හැම එකතු කිරීමක්ම, රැස් කිරීමක්ම, උපාදානය කිරීමක්ම කිරීමට නිතරම විඤ්ඤාණය වග බලා ගනී. ධර්මය – අධර්මය, කුසලය – අකුසලය, පින් පව් වැනි දේ වල වෙනසක් දැක ගැනීමට විඤ්ඤාණයට නොහැකියි. ඒ ශක්තිය පවතින්නේ මනසට පමණයි.
සම්මතයේ, ලෞකිකත්වය තුළ පවතින හොඳ නරක දෙකම විඤ්ඤාණයට ආහාර වේ. ඒ සියල්ලම සාරයි ලෙස දකින්නේ, දැනගන්නේ විඤ්ඤාණ ශක්තියෙනි. ඒ නිසා ”සං” බිහි කිරීමේ හැකියාව ඇත්තේ් විඤ්ඤාණයටයි. ”සං” වටින්නේ විඤ්ඤාණයටයි. ”සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ හේතු සංඛාරං” කීවේ ඒ නිසයි. මේ අනුව එකතු කර ගත්ත, රැස් කර ගත්ත, අල්ලා බදාගෙන උපාදානය කර ගත්ත දේ වල සාරයක්, වටිනාකමක් දැකීම, සංසාර ක්‍රියාවලියයි. මතු මතුත්, තව තවත් එකතු කිරීමට, රැස් කිරීමට, අල්ලා ගැනීමට යන මේ ගමන, සංසාර ගමනයි.
මෙසේ තම තමන් එකතු කර, රැස්කර, උපාදානය කරගත් දේ සාරයි යනුවෙන් දකිනා තාක් කල්ම, කෙනෙක් මේ සංසාර ගමනේ යෙදේ. මේ ආකාරයට එකතු කර, රැස්කර, උපාදානය කර ගන්නා දේ පිළිබඳව සත්‍යය, ඇත්ත ඇති සැටියෙන් දකින්නට හැකි ශක්තියක් කෙනෙකුට ලැබුණොත්, අසා දැනගත්තොත්, මෙනෙහි කර දැක ගත්තොත්, මේ එකතු කරන දේ, රැස් කර ගන්නා දේ, උපාදානය කර ගන්නා දේ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැක ගනී. එය චතුරාර්ය සත්‍යයන් අවබෝධ වීමයි.
මුළු සත්ත්ව, පුද්ගල සංහතියේම දුකට මුල්වන එකම හේතුව මේ එකතු කරගත්, උපාදානය කරගත්, පංචඋපාදානස්කන්ධයම මිස වෙන කිසිම දෙයක් නොවේ. ”සංඛිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා” ලෙස දුක්ඛ අරිය සත්‍යය පැහැදිළි කෙළේ මේ සඳහායි.
හැම කෙනෙක්ම කරන, කියන කර්ම වලට අනුරූපවම, ඒ අයට ධර්ම නියාමයෙන් උරුම වන ඵලයක්, විපාකයක් ද අයිති වේ. එක එක සත්ත්වයින්ට, පුද්ගලයින්ට එක එක ආකාරයේ ශරීර කූඩු මහා බ්‍රහ්මයා මවා දුන්නා නොවේ. බලයෙන් පැටවූ දේවල්ද නොවේ. මොන ආකාරයේ ශරීර කූඩුවක් ලැබුණත් විඤ්ඤාණය ඒක සතුටින් ම භාර ගනී. සංසාර ගමන යන්නට උපකාරී වන යම් යම් දේ, පංචස්කන්ධය එකතු කර උපාදානය කරගන්නට හැකි නම් විඤ්ඤාණයට මේ එකතු කිරීම ඉතාමත් වටී.
මේ අනුව ”සං” යන පදයේ අර්ථය හොඳන් අසා තේරුම් නොගත්තොත්, සංසාර ගති, සංසාර බව යනු කුමක්ද? සංසාර පුරුදු යනු මොනවාද? යනුවෙන් තේරුම් ගන්නත් නොහැකියි. හැම පුද්ගලයෙක්ම දැන හෝ නොදැන තම තමන් ම අතීතයේ එකතු කරගත්, රැස්කර ගත්, උපාදානය කරගත්, සංසාර ගති, සංසාර පුරුදු හේතුඵල පරම්පරාවක් ලෙස දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් තමන් සංසාර ගමනක් යන බව නිවැරදිවම තේරුම් ගත යුතුයි. අතීතයේ එකතු කර ගත්ත දෙයක් නැතිනම්, වර්තමානයේ කිසිවක් එකතු කරන්නේ නැතිනම්, අනාගතය සඳහා කිසිවක්ම එකතු නොකරන්නේ නම් සංසාර ගමනකුත් නැත.
උපන් හැම කෙනෙක්ම නිරතුරවම නොයෙකුත් ආකාරයට සංඥාවන් ලබාගනී. සංඥාවක් නොලැබුණොත් සංඛාරයක් ක්‍රියාත්මක කළ නොහැකියි. ”සං+ඥා” යනු දැනීමක් එකතු කිරීමයි. ”ඥා” යනු දැනීමයි. ”සං” යනු එකතු කිරීමයි. අප අප ගැනම සළකා බැලුවොත්, ඇසෙන් රූප සංඥා ලබා ගනී. රූප දකිනවාය යනු රූප සංඥාවකි. කනෙන් ශබ්ද සංඥා ලබා ගනී. ඇහෙනවා යනු ශබ්ද සංඥාවකි. නාසයෙන් ගඳ සුවඳ සංඥා ලබා ගනී. දිවෙන් රස සංඥා ලබා ගනී. කයට සුව පහසු, සීතල, උෂ්ණ වැනි සංඥා ලැබේ. මනසට අතීතයේ එකතු කරගත් මතක සටහන් ආශ්රයෙන් ම මනෝ සංඥා ලැබේ. මේ ආකාරයට ඉන්ද්රියයන් හයටම නිරතුරුවම සංඥා ලැබුණත්, මේ හැම සංඥාවකටම කෙනෙක් නොබැඳේ. සංඥාවකින් ලබන, එකතු කර ගන්නා දැනුම නිසා විඤ්ඤාණය මත් කරවයි නම් ප්‍රිය, මනාප, ඉෂ්ඨකාන්ත, මධුර සංඥාවක් නම් එතැන කැමැත්තෙන්ම සිත බැඳේ. මේ බැඳීමට, ඇලීමට හේතුව පි‍්‍රය ගති ලක්ෂණයයි. ප්‍රිය රූපයක් නිසා ඇස වින්දනයකින් මත්වේ. රාගය, චන්දරාගය, කාමච්ඡංදය යනු මේ මත් කිරීමේ ලක්ෂණයයි. මත් වූ සිත ප්‍රිය වස්තුවෙහි ඇලේ. ”පටි ඉච්ච” වීම යනු මේ ගති ලක්ෂණයයි.
ඉන්ද්රියයන් හයෙන්ම යම් ප්‍රිය, මධුර වස්තුවක් දැකීමෙන්, රස විඳීමෙන්, සිතීමෙන් මොහොතකින් පසු ඉන්ද්රියයන් හයම ආයතන බවටත් පරිවර්තනය වේ. ආයතන ක්‍රියාත්මක වීමත් සමඟම එකතු කිරීමට කරන ක්‍රියාවන් කිරීම සංඛාර කිරීම වේ. පටිච්චසමුප්පාද ධර්මය විග්රහ කර බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාළේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්රියයන් හයත්, රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, සුව, පහස, මතක සටහන් යන බාහිර ලෝකයත් සමඟ ස්පර්ශ වී සමුදය ධර්මය උපදවාගෙන සංසාරයට බැඳෙන, ”බව” තත්ත්වයට පත්වන ආකාරය පෙන්වා දීමයි. ”පටි ඉච්ච” යනු කැමැත්තට, පි‍්‍රයතාවයට බැඳීමයි.
”සං” උත්පාද වීමත් සමඟම ගතියක් ද බිහිවේ. ගතියකට බැඳේ. රාග ගතිය, ද්්වේෂ ගතිය, මෝහ ගතිය, නපුරු ගතිය, ලෝභ ගතිය, මසුරු ගතිය යමෙකු තුළ පහළ වන්නේ අයහපත් ගති එකතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. විඤ්ඤාණය ඒවා එකතු කළත්, විඤ්ඤාණයට ඒවා ගබඩා කර තබා ගත නොහැකියි. විඤ්ඤාණය ඒවා එකතු කර, චිත්තසංථානයේ ගබඩා කිරීමට භාර දීම සිදු කරයි.
චිත්තසංථානය යනු ”සං” තැන්පත් කර ගබඩා කර ගන්නා ස්ථානයයි. මේ චිත්තසංථානයේ ගබඩා කළ ගතියක්, ගති බවට පත්වේ. අපි ඒ ගති ලක්ෂණයම ”බව” ලෙස හඳුන්වමු. රාග ගතිය – රාග බව, ද්වේෂ ගතිය – ද්වේෂ බව, නපුරු ගතිය – නපුරු බව, මෝහ ගතිය – මෝඩ බව, උද්ධච්ච ගතිය – උද්ධච්ච බව ආදී වශයෙන් අපි මේ ගති ලක්ෂණ වලටම, භව යනුවෙන් නම් කරමු. පටිච්චසමුප්පාද ධර්මය විග්රහයේදී ”උපාදාන පච්චයා භව” යනුවෙන් විස්තර කළේ මේ ගති ලක්ෂණ එකතු කිරීමයි. (එකතු කර ගත් දේ ගති ලක්ෂණයි) චිත්තසංථානයේ ගබඩා කර ගත් නිසා, ඒවා ”භව” ලෙස හඳුන්වයි. මේ ”භව” යනු කර්ම බීජයි, උත්පත්ති බීජයි. මේ ”භව” යන ගති ලක්ෂණ චිත්තසංථානයේ ගබඩා වී, මනෝකායට සම්බන්ධ වී පවතින නිසා මේ ගති වලටම ධර්ම විග්රහයේ කර්ම බීජ ලෙසද හඳුන්වයි. කර්ම බීජ ගබඩාව කර්මජ කෝෂය වේ.
පුද්ගලයෙක්, සත්ත්වයෙක් විඤ්ඤාණ ශක්තියෙන් එකතු කරගත් කර්ම බීජ තම කර්මජ කයේම ගබඩාකර ගැනීමත් සමඟම ඒ ගති සංසාර ගති බවට පත්වේ. එ් ආකාරයෙන් එකතු කර, ගබඩා කරගත් (භව) ගති ලක්ෂණ සමාධියෙන්, විපස්සනාවෙන්, ප්‍රඥාවෙන් නිරෝධ කළේ නැතිනම්, ඒ ගති ලක්ෂණ සංසාරය පුරාවට ම දිගින් දිගටම ගෙන යයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයම කෙනෙකුගේ මරණයේදී විනාශ වී තමන්ට අහිමි වී ගියත්, මේ කර්මජ කෝෂයේ තැන්පත් කර ගත් කර්ම බීජ, ”භව” නැතිනම් ගති ලක්ෂණ සම්මත මරණයත් සමඟ විනාශ කළ නොහැකියි. විනාශ වීමකුත් සිදු නොවේ. ඒ ගති ඵලවිපාක විඳ හෝ ගෙවා දැමිය යුතුයි. නැතිනම් සමාධියෙන්, සංසිඳවීමෙන්, සම්මා අංග සම්පූර්ණ කිරීමෙන්ම ඛය (කපා දමා) කර අවසන් කිරීමට සිදුවේ. බුදුපියාණන් පෙන්වා වදාළ කුසල මූල පටිච්චසමුප්පාද ධර්ම මාර්ගය භාවිතයෙන්ම හැර වෙන කිසිම ආකාරයකින් මේ භව නිරෝධ කර ගති සහමුළින්ම ඉවත්කර, සමුත්තේජේති යන සම්මා තත්ත්වයට පත් විය නොහැකියි. මේ සඳහා යථාභූතඥාණ දර්ශනය අත්‍යාවශ්‍යයි. විපස්සනා භාවනාවම අවශ්‍ය වේ.
මෙතැනදී පැහැදිළි කර දිය යුතු වැදගත්ම දේ නම්, විඤ්ඤාණය අවිද්‍යාවෙන්, තණ්හාවෙන් එකතු කරන්නේම සංසාර ගමනට උපකාර වන රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන්මයි. මේ අවිද්‍යාවෙන් එකතු කරන රාග, ද්වේෂ, මෝහ ගති හා භව එකතු කිරීමට අවිද්‍යා මූල සංඛාර පවත්වයි. අවිද්‍යා මූලයෙන් එකතු කරන ගති හා භව නිසා කෙනෙකුගේ ලේ ධාතුව, ජීවිතේන්ද්රිය කිළිිටි වේ. කළු වේ. අඳුරු වේ. මේ කෙළෙස් නිසා ලේ ධාතුව කිළිටි වී, මනස වැසී, මෝහය යන ගති ලක්ෂණය තමා තුළම ඇති කරයි. තම මනස වසා මෝහය මතු කරන, ලේ ධාතුව කිළිිටි කරන, සියලුම ගති ලක්ෂණයන් කුණු ගති ලක්ෂණ ලෙසින් බුද්ධ භාෂිතයේදී පෙන්වා වදාළහ. කෙළෙස් ගති යනු මේවායි.
කුණු, කිළිටි, කෙළෙස් ගති අස්කර, චිත්තසංථානය පිරිසිදු කරගන්නටත් සරළ ක්‍රම වේදයක් බුදුපියාණන්වහන්සේම පෙන්වා දුන්හ. මේ නිවැරදි ක්‍රමය විභංගප්රකරණයේ පච්චයා විභංගයේහි ඉදිරිපත් කරන ලද කුසල මූල නිද්දේසයයි. මේ කුසල මූල නිද්දේසය, කුසල මූල පටිච්චසමුප්පාද පරියාය ලෙසින් අපි අද හඳුන්වා දෙමු. මේ ක්‍රමවේදය, කුසල මූල නිද්දේසය, අද බුද්ධාගමේ පරිහරණය කරන දෙයක් නොවේ. එය ආගමකට ගැළපෙන සුදුසු දෙයක්ද නොවේ. මේ ක්‍රමවේදය, කුසල මූල පටිච්චසමුප්පාද පරියාය ඇත්තේ උතුම් පරම පවිත්‍ර බුද්ධ ධර්මයෙහිම පමණි. එයම පූර්ණ නිවන් මාර්ගයයි.
කුසලමූල පටිච්චසමුප්පාද පරියායෙහිදිත් සංඛාර පැවැත්වීමක් කළ යුතුයි. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද පරියායෙහිදී විග්රහ කළ සංඛාර පැවැත්වීම මගින් කුණු කෙළෙස්, කිළිටිදේ, රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ එකතු කරගන්නා ආකාරය විග්රහ කළත් මෙතැනදී කරන කුසල මූල සංඛාර මගින් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයක සංඛාර පැවැත්වීමකි. මෙතැනදී සිදුවන්නේ මෙතෙක් අතීත සංසාරයේදී කවදා හෝ සාරයි යනුවෙන් එකතු කර, ගබඩාකරගත් සියලු ගති (කුණු) සොළවා, මතු කර,
අස්කර, ඉවත්කර දැමීමට උපකාර වන සංඛාර පැවැත්වීමයි. මේ නිසාම කුසලස්ස උපසම්පදා යන පදය මෙහි දී භාවිතා වේ. මේ සංඛාර කුසල මූල සංඛාර ලෙසින් බුද්ධ භාෂිතයේ හඳුන්වයි. කුසල මූල සංඛාර පැවැත්වීම සඳහා යථාභූතඥාණ දර්ශනයත්, සතියෙහි පිහිටා කි‍්‍රියා කිරීමේ ශක්තියත් තමා තුළම තමාම මතු කර ගත යුතුයි. ඇති කර ගත යුතුයි. මේ ශක්තිය, සති සංපජානකාරී ශක්තිය ලෙසින් බුද්ධ භාෂිතයේ පෙන්වා දී ඇත.
”සං” පිළිබඳව ලැබූ දැනුමත්, පටිච්චසමුප්පාද ධර්මාවබෝධයත් එනම් ”සං” උපත ලබන උල්පතත් දැක්කොත්, තම චිත්තසංථානයේම මුල් බැස ගෙන පවතින ”සං” දැක ”ධම්මෝ සංදිට්ඨිකෝ” යන තත්ත්වයට පත් වීමෙන් සතිසංපජානකාරී විය හැකිය. ”ධම්මෝ සංදිට්ඨිකෝ” යනු පටිච්චසමුප්පාද ධර්මයට අනුවම තමා තුළින් සමුදය බිහි වන ආකාරය තමන්ම දැක ගැනීමයි.
”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත්වූ මෙම පුද්ගලයාට ”සම්මා දිට්ඨියට” පත්වන්නටත් ශක්තිය, හැකියාව ලැබේ. මෙතැන සම්මා දිට්ඨිය යනු ලෞකික වශයෙන් හොඳ, යහපත් නිවැරදි දැක්මක් ලබා ගැනීම පමණක්ම නොවේ .”සං” වලින් මිදී සහමුළින් ම ”සං” උපත ලබන මුල් උදුරා දමා නිදහස් වීමට මාර්ගය දැකීම, සම්මා දිට්ඨිය යන්නෙහි ලෝකෝත්තර අර්ථයයි. ආර්යය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම හා පළමුවැනිම අංගය වන සම්මා දිට්ඨිය පිළිබඳව දැනුමක් තේරුමක් පවා ලබා ගත හැකි වන්නේ, සංදේශණාවක් අසා ”සංමාදපේති” යන්න පිළිබඳව තේරුම් ගත් කෙනෙකුට පමණි.
ලෞකික සම්මා දිට්ඨියද බුද්ධාගමෙහි භාවිතයෙහි පවතී. මිථ්‍යා අෂ්ටාංගික මාර්ගයෙන් ඉවත් වී, ලෞකික සම්මා අෂ්ටාංගික මාර්ගයට පත්වීම ඒ ලෞකික සම්මා අෂ්ටාංගික මාර්ගයයි. එහිදී සිදු වන්නේ ”සං” වලින් මිදී යහපත් ලෞකික මාර්ගයට පත් වීමයි. ”සං” උපත ලබන, සමුදය බිහිවන ධර්ම පරියාය තේරුම් නොගත් කෙනෙකුට, ලෝකෝත්තර සම්මා අංගයන් තේරුම් ගැනීමක් කළ නොහැකි වේ. කෙනෙක් උත්පත්තියේ පටන් මැරෙන මොහොත දක්වාම, ජීවත්වන මුළු කාලය තුළම කරන්නේ ”සං” උපත ලබන ක්‍රියාදාමයක් කරමින්, සමුදය බිහිකර ගනිමින්, විශ්වයෙන් යමක් අල්ලා එකතු කර ගැනීමයි. රැස්කර උපාදානය කර ගැනීමයි. රැස් කරගත් දේ (සංඛත) ආහාර කොට ගෙන ජීවත්වීමයි. එකතු කර ගත් දේ චිත්තසංථානයේ ගබඩා කර ගත් තරමටම, විඤ්ඤාණයත් සතුටට පත් වේ. මෙතැනදී විඤ්ඤාණය පුදුමාකාර වැඩක් කරනු ලබයි. ඒ මායාකාරී ක්‍රියාව නම් ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්රියයන් පිනවීම සඳහාම ක්‍රියාත්මක වීමයි. වැඩ කාරයින් හය දෙනාවම මායාවෙන් මුළා කර වැඩ ගනී. වංචාවෙන් රවට්ටවා වැඩ ගනී.
මේ එකතු කිරීමේ, රැස් කිරීමේ, උපාදානය කර ගැනීමේ ප්‍රායෝගික පැත්තකුත් සළකා බැලිය හැකිය. ඔබ, ඔබ ගැනම මේ ටික සිතන්න. ඔබ උපත ලැබූ මොහොතේ, එනම් මේ ලොවට ජනිත වූ මොහොතේ, නූල් පොටකවත් දෙයක් මොළොවට නොගෙනාව ඔබ, අද වන විට එකතු කර ගෙන ඇති දේවල් ගැන මදකට සිතන්න. ඔබ ජීවත් වූ මේ වසර තිහ හතළිහ හෝ පනහක හැටක කාලයක් තුළ, ඔබට හිතා ගැනීමටවත් නොහැකි තරම් පෙනෙන නොපෙනෙන දේ ඔබම එකතු කරගෙන ඇත. ඒවා බොහෝමයක් ගෙවී වැය වී විනාශ වී ඇත. තවත් යම් ප්‍රමාණයකුත් ඉතිරි වී පවතී. මෙසේ එකතු කරගත් හැම දෙයක්ම එකතු කර ගන්නට මුල් වූයේ අවිද්‍යා සංඛාර පැවැත්වීමයි. සියලු සංඛත බිහිකර ගත්තේ සංඥාවක් මුල් වීමෙන් සමුදය බිහිකර ගැනීමෙන්මයි.