බුද්ධ මන්ත්‍රය

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
බුද්ධ මන්ත්‍රය



බුද්ධ මන්ත්‍රය

ලොව පවතින සියළුම රසයන්ගෙන් අග්‍ර රසය වන්නේ බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් බව බෞද්ධ අප සියල්ලෝම හොඳින් දන්නා කරුණකි. එසේ හෙයින් බෞද්ධයා තම තමන්ගේ නැණ පමණින් උන්වහන්සේගේ ඉගැන්වීම් අවබෝධ කර ගනිමින් ඒ රසය විඳිති. නමුත් අකුසලයක මහත... සමහරුන් උන්වහන්සේගේ ඉගැන්වීම් හි රසය වටහා ගෙනත් අඳුරේ අත පත ගාන්නෝ මෙන්, විෂ හා අමෘතය තෝරා ගැනීමට තිබියදී අමෘතය අතහැර විෂ තෝරා ගන්නා කලක මෙන් ඉන් ඉවත්ව කටයුතු කිරීමට පෙළඹෙන්නේ පෙර කල අකුසල් නිසාවෙන් මිස වෙන කුමක් නිසාවෙන්ද ? බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් උන්වහන්සේව පිළිගන්නා අයවලුන් විසින් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බවට වන නියමයක්, ආඥාවක් නැත. ඒ ඉගැන්වීම් වලට සිත කැමති ඇත්තෝ එහි රස විඳිති. එසේ හෙයින් උන්වහන්සේගේ පණිවිඩය කිසිවෙකුගේ ප්‍රතිපත්ති වලට එරෙහිව නොපවතී. කිසිවෙකුගේ කැමැත්තට භාහිරව නොපවතී. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලින් අපට මාර්ගයක් පෙන්වයි. ඒ මාර්ගයේ කෙළවර සදාතනික සැපය වේ. හේතුව හා ඵලය යන ධර්මතාවය මත එය රඳා පවතී. කැමති කෙනෙක්හට ඒ පෙන්වා දී ඇති මාර්ගයේ ගමන් කල හැකි අතර අකමැති අයට ඉන් බැහැරව සිටිය හැක. එසේ හෙයින් වැඩි පුරම ජීවත්වෙන්නේ ඉන් බැහැරව සිටින්නෝ බව ලෝකය දෙස විමසීමෙන් බැලීමේදී ඔබට පෙනී යනු ඇත. ඔබත් බොහෝ විට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් මාර්ගයෙන් බැහැරව සිටින්නෙක් විය හැක. සිහිතබා ගත යුතු වන්නේ ඔබ එම මාර්ගයේ ගමන් කලත් නැතත් ඔබට කිසිදු තෑග්ගක් හෝ දඬුවමක් විඳීමට සිදු නොවීමයි. ඔබට ලැබෙන තෑග්ග හෝ දඬුවම හේතුව හා ඵලය ධර්මතාවය අනුව ලැබෙනු ඇත. එය කිසිවෙක් විසින් සිදු කරන්නක් නොවේ. ස්වාභාවිකව සිදු වන්නකි.

ත්‍රිවිධාකාර සමාධිය

බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසාවෙන් උන්වහන්සේ ලොවෙන් කිසිවක් ආපසු බලාපොරොත්තු නොවී දුකින් පෙළුන ලෝකයට ලබා දුන් පණිවිඩයක් වේ. ඇත්තෙන්ම උන්වහන්සේගේ අරහං ගුණය නි‍සාවෙන් ලොවෙන් ආපසු බලාපොරොත්තු වීම් සිත්හි ඇති නොවේ. බුදු රජාණන් වහන්සේගේ සිත අතිශයින් එනම් පෘථග්ජනයින්ට තබා මහරහතන් වහන්සේ නමකට හෝ විස්තර කිරීමට නොහැකි තරම් පිරිසිදුය. තවද උන්වහන්සේගේ මනස සෑම කල්හිම ත්‍රිවිධාකාර සමාධියකින් යුක්ත විය. එනම්,

1. උන්වහන්සේ කිසි විටක කෙනෙක් තමුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිපදිනවා යැයි කියා උදම් වූයේ නැත.

2. උන්වහන්සේ කිසි විටක කෙනෙක් තමුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිනොපදිනවා යැයි කියා පසු බට වූයේ ද නැත.

3. උන්වහන්සේ කිසිවිටක කෙනෙක් තමුන්ගේ ඉගැන්වීම් පිළිගෙන තවකෙක් පිළිනොගනී යැයි කියා අසතුටට වත් සතුටට වත් පත් වූයේ නැත.

මෙකී සමාධියෙන් සමන්විතව උන්වහන්සේ නොයෙක් ස්ථාන වලදී, නොයෙක් අවස්ථා වලදී කුමන බාධාවන් තමන් වෙත ආවත් ඒ කිසිවක් නොතකා තමන් වෙත පැමිණෙන්නන්වෙත උපදෙස් ලබා දුන් සේක. ඒ තුලින් බුද්ධ ධර්මය හඳුන්වා දුන්හ. එකී ධර්මය ශීලයෙන්, සමාධියෙන් හා ප්‍රඥාවෙන් යුක්ත වේ. මෙකී ශීල, සමාධි, ප්‍රඥා පිළිවලින් පිළිපදින්නා අවසානයේ විමුක්තිය නම් වූ කිරුළ දරයි.

එසේ හෙයින් බෞද්ධයන් ලෙස ඉපදුන අප උත්සාහය අත් හැරිය යුතු නොවේ. අප ඉපදුන මනුෂ්‍ය ලෝකය ප්‍රාඥයින් විසින් හඳුන්වා දුන් ආර්ය සම්පත් වලින් පිරුණු ලෝකයක් බව සැම විටම සිත්හි තබා ගන්න. සිතන්න ඔබ කෙතරම් පින්වන්තදැයි කියා ? ඔබ ඉපදී සිටින්නේ බුද්ධ ධර්මය පවත්නා යුගයකයි. එය මහඟු වස්තුවකි. දැන් එය අපට උරුම වී ඇත. එකී වස්තුව අපට සිය‍ළුම සැප එනම් ලෞකික, ලෝකෝත්තර හා නිබ්බාණය උදා කර දීමට සමත්ය. එසේ නම් අප ඉන් ඵලක් ගැනීමට උත්සහ නොගන්නේ ඇයි ? කවුරුන් හෝ පැමිණ මෙන්න ධර්මය ඇත, ඔබත් පිළිපදින්න කියා කියන තෙක් ඔබ බලා සිටිනවාද ? පමා නොවන්න. මාරයාගේ බැම්මට හසු නොවන්න. බැඳීම් වලින් නිදහස් වීමට ඔබට කාලය පැමිණ තිබේ. අප අත්හරින අය වෙනුවෙන් පසුව කාලය වැය කල හැකිය. නොයෙක් ආකාරයෙන් තමුන්ගේ ශිෂ්‍යයන් වෙත බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේ විසින් සොයා දුන් මිලකල නොහැකි සම්පත ප්‍රයෝජනයට ගන්නා ආකාරය පැහැදිලි කර දී ඇත. අප මින් ඉදිරියට එකී පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් කථා කරන්නෙමු. මෙකී උගැන්වීම් මා විසින්ම සොයා ගත් උගැන්වීම් නොවන බව ප්‍රථමයෙන්ම කිව යුතුය. මෙකී උගැන්වීම් සූත්‍රයන්හි සඳහන් වන්නාවූ ඉගැන්වීම් තුලින් සාමාන්‍ය බුද්ධියට වැටහෙන තරමට තේරුම් ගෙන ඔබට ලබා දීමට කරනු ලබන උත්සාහයකි. ඒ සියල්ලම ඔබ වෙත ලබා දෙන්නේ ඔබගේ ප්‍රායෝගික භාවිතය උදෙසාය. එසේ හෙයින් මින් ඉදිරියට‍ මෙම ඉගැන්වීම් සමග රැඳී සිටින්නේ නම් ..............


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මංකොල්ලකරුවන් සිව් දෙනා

පෙරදී සඳහන් කරන ලද මහඟු සම්පත තමන්ගේ යහපත වෙනුවෙන් යොදා ගැනීමට කැමැත්තෝ අවිද්‍යාවෙන් අවදිවිය යුතුය. නැවත උපදීමෙන් හා නැවත නැවත මිය යාමේ චක්‍රයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවය ඔහුට තිබිය යුතුය. කෙසේ වෙතත් සමාජය දෙස බැලීමේදී බාල, තරුණ, මහළු සියළුදෙනාම ආශාවන් පසු පස ගමන් කරමින් අවිද්‍යාවෙන් වෙලී සිටින බව පෙනී යයි. ඔවුන් සියල්ලෝම නොසන්සි‍ඳෙන ආශාව නිසා පෙලෙන්නෝ වෙති. ඒ බව හොඳින් පැහැදිලි කර ගත හැකි අවස්ථාවක් ලෙසින් මිය යාමට ආසන්න ව සිටින මහල්ලෙක් දෙස බලන්න. තව දුරටත් මේ ලෝකය සමග බැඳී සිටීමට දරණ උත්සාහය. එයට අපි සාමාන්‍ය භාවිතයේදී පණ අදිනවා යයි කියමු. සරලවම කියන්නේ නම් අපට අවශ්යතම අවස්ථා වලදී අපේ පිහිටට කිසිවෙක් නොපැමිණුනත් ලඟ ඇත්තේ තමුන් විසින් කරනු ලැබූ හොඳ පමණි. උපත, ලෙඩ රෝග, වයසට යාම හා මරණය යන කරුණු පුද්ගලයන්ට ආබද්ධය. එය වෙනත් කිසිවෙක් සමග බෙදා ගැනීමට‍ නොහැක. නමුත් අපි කාලය කා දැමීමට කථා කිරීමේදී ඒ අයගේ ආයුෂ වෙනුවෙන් අපේ ආයුෂය ලබා දෙන්නෙමු. අන්යන්ගේ සුවය වෙනුවෙන් අපේ සුවය ලබා දෙන්නෙමු. නමුත් සත්‍ය වශයෙන් එසේ කල නොහැකිය. එසේනම් අපි කථා කරන්නේ කාලය යවා දැමීමට බව පැහැදිලිය. එනම් සම්ප්‍රප්ඵලාපයකි. අපි තවමත් අනතුරු බලාපොරොත්තු විය හැකි පදිකයෝ වෙමු. උදාහරණයක් ලෙසට ලෙඩ රෝග හා මරණය අප වෙත ලඟා වීමට බලා සිටී. බුදුරජාණන් වහන්සේ විසින් නිරාවරණය කරනු ලැබූ උතුම් සම්පත තමන්ගේ භාවිතය වෙනුවෙන් යොදා ගැනීමට කැමත්තෝ එය අවියක් ලෙසින් අප ගමන් ගන්නා මාර්ගයේ සැඟවී සිටින මංකොල්ලකරුවන් සිව් දෙනාට (එනම් නීවරණයන්ට) විරුද්ධව යොදා ගැනීමට කටයුතු කල යුතුය. මේ මාර්ගයේ ගමන් ගන්නා කිසිවෙක්ට මෙම මංකොල්ලකරුවන්ගේ තර්ජනයෙන් ගැලවීමට නොහැකිය.


මේ සිව් දෙනාගෙන් පළවෙනියා පදිකයෙක් එනවා දුටු විට සැඟවී සිටිමින්ම එකී තැනැත්තාට ඔහුව පසු කරගෙන යාමට ඉඩ සලසමින් තමුන්ගේ යහළුවන්ට අනවධානයෙන් පැමිණෙන සංචාරකයා පිළිබඳව ඇස ගසා ගෙන සිටින ලෙසට සංඥාවක් ලබා දෙයි. දෙවන මංකොල්ලකරුවා සෑමකල්හිම සංචාරකයා ගැන අවධානය යොමු කරගෙන සිටිමින් පසුව තුන්වැනියා සමග එක්වී සංචාරකයා ව අඩපණ කිරීමට කටයුතු කිරීමට පටන් ගනී. ඒ තුලින් සංචාරකයාගේ ශක්තිය හා දේපල ඔහුගෙන් ඈත් කිරීමට ඔවුන් කටයුතු කරයි. අවසානයේදී සිව් වන මංකොල්ලකරුවා පැමිණ සංචාරකයාට අවසන් පහර ලබා දෙන්නේ අනවධානී සංචාරකයාගේ ජීවිතයේ අවසානය සනිටුහන් කරමිනි.


මේ මංකොල්ලකරුවන් සිව් දෙනා සෑම කල්හිම අපේ මිතුරන් වීමට සමර්ථ වෙති. වැස්ස හෝ පායන කල්හි වේවා, දුප්පත් හෝ පෝසත් අවස්ථාවේදී වේවා, සතුටින් හෝ දුකින් සිටින අවස්ථාවේදී වේවා ඔවුන් අපේ හොඳම යහළුවන් මෙන් අපව අත්නොහැර ලඟින්ම රැඳී සිටිති. ඔවුන්ගේ අභ්‍යන්තරය ඉතා දක්ෂ ලෙසින් සඟවා ගෙන අපත් සමග සිටී. ඔවුන් කරන්නේ කුමක්ද ?, ඔවුන්ගේ සැබෑ අරමුණ කුමක්ද යන්න බුදුරජාණන් වහන්සේ හා අරහත්වරුන්ට හැර අන් අයට තේරුම් ගැනීම ඉතාම අපහසුය. මේ නිසා තමුන්ගේ ජීවිත ගමනේදී මෙකී මංකොල්ලකරුවන් සිව් දෙනාගෙන් සිදු වන හිරිහැර සම්බන්ධයෙන් උනන්දුවන සියල්ලෝ එනිසාවෙන් බුදුන්ගේ මන්ත්‍රය තමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිළිගැනීමට සැදී පැහැදී සිටිති. මෙසේ සඳහන් කිරීමට යෙදුන බුදු මන්ත්‍රය ආකාර දෙකකි. මීළඟට අපි අවධානය යොමු කරන්නේ ඒ ආකාර දෙකකින් යුතු බුදුරජාණන් වහන්සේ අප වෙත ලබා දුන් බුදු මන්ත්‍රරය හඳුනා ගැනීමටයි.