බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨෙන - භාසතිවා කරෝතිවා
    තතෝ නං දුක්ඛ මං වෙති - චක්කංච වහතෝ පදං
    (ධම්ම පදය - යමක වග්ගය)


    සියලු දේටම මුල් වන්නේ සිතයි. සිතම ශ්‍රේෂ්ඨ වෙයි. සිතින්ම හට ගනියි. සිත නරක කරගෙන යමක් කී විට හෝ කලවිට එයින් ලැබෙන දුක් විපාක හරකෙකු පසුපස එන කරත්ත රෝදය මෙන් ඔහු පසු පස හඹා එයි.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    චගු;12632588 said:
    නියමයි මචන්.. මෙහෙම කියල වත් අපේ කට්ටියට තේරුනේ නැති නම් ඉතින් සසරෙ හැමදාමත් අනාථයි තමයි. දැන් වත් ධර්ම මාර්ගයට එන්න කට්ටිය..

    යාළුවනේ වෙසක් එකට සුබ පතන්න එපා.. මේක අලුත් අවුරුද්ද වගේ එකක් නෙවෙයි.. වෙසක් දවසේ ඔබේ යාළුවන්ට හිතවත් අය වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න... ඔබත් , ඒ අයත් ඉක්මනින් තථාගතයන් වහන්සේ දෙසූ ධර්මය අවබෝධ කරගන්න කියල. ඒ අතර මේ සසර ගමන අනතුරක් ආන්තරාවන් දුකක් නොවෙන්නට කියල..

    මොන මොට්ට කතාවක් ද බන් "වෙසක් දවස සුබ වෙන්න" කියන්නෙ.. මේ සන්සාරෙ අපි වෙසක් දවස් කීයක් පහු කරගෙන ඇවිත් ද මේ ඉන්නෙ ?

    සම්මා සම්බුද්ධෝත්පාද කාල 28 වෙනි එක මේක.. ඒත් අපි සසරෙ.. ඉතින් ප්‍රීති වෙසක් ප්‍රීති වෙසක් කිය කියා තවත් කෙතරම් කලක් මේ සසරේ ඉන්නද උඹලට ඕනි ?

    ගතවන හැම වෙසක් දිනයක් පාසාම අපි ලැජ්ජ වෙන්නයි ඕනි.. වෙන අය අපේ සම්මා සම්බුදු රජාණන්වහන්සේගෙන් පද හතරෙ ගාථාවක් අහල රහත්භාවයට පත් උනා.. අපි තාම මේ සසරෙ.. කොයි තරම් පවුකාරයෝද අපි ?

    අවබෝධයෙන් නොගියොත් මේ සසර ගමනෙ... බොහොම භයානකයි යාළුවනේ.

    ඔබට තෙරුවනේ සූවිසි මහ ගුණයේ බලයෙන් ධර්මාවබෝධය වේවා.

    :yes::yes::yes:

    හැබැයි මම එක දේකට එකඟ නෑ
    අපි පවුකාර නෑ :)
    අංගුලිමාල මහා පිංවතෙක් නෙමෙයි ධර්මය අවබෝධ කර ගැනීම විතරයි අවශ්‍යය වෙන්නෙ

    අනිත් එක අද අහල බලන්න ටීවී එකේ බණ
    මොන හාමුදුරුවොද බණ කියන්නෙ

    එක්කෙනෙක්වත් නෑ
    12.gif

    එක්‍‍කො කියන්නෙ ශාසනේ ඉතිහාසය
    නැත්තන් වර්තමාන සමාජය ගැන
    නැත්තන් වැඩිහිටියන්ට ගරු කරන්න කියයි
    මේක නෙමෙයි ධර්මය
    කෝ ඇයි බුද්ධ වචනය දේශනා නොකරන්නේ?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කප් සුවහස් කල් බුදු බණ................සුරැකේවා!!!
    සම්බුදු හිමිගෙ ධම් බල පිළි...............රැව්දේවා!!!
    තෙරුවණ් සරණ ලොව දසඅත............පැතිරේවා!!!
    ඔබ හැම දෙනාටම පින් වෙසගක්............වේවා!!!
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මේ ත්‍රේඩ් එකෙන්ම තේරෙනවා අපේ අයියලගෙ වෙසක් ගැන
    පෝන් ත්ත්‍රේඩ් එකක් දැම්මා නම්
    කුණුහරපහක් දැම්මා නම්
    ඕප දූපයක් දැම්මා නම්
    කාට හරි බැන්න නම්
    විනාඩි 5ට රිප්ලයි 10ක්වත් එයි
    ධර්මය බෝරින්ග් ඇති :rofl::rofl:


    You are on the money. Well said