බුද්ධ_ධර්මය උගන්වන ගුරුවරයකුගෙන් කණේ පාර

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බුද්ධ_ධර්මය උගන්වන ගුරුවරයකුගෙන් කණේ පාර

    බුද්ධ ධර්මය උගන්වන ගුරුවරයකුගෙන් බත් කමින් සිටි පාසල් සිසුවාට කණේ පාරක්

    අරලගංවිල, විලයාය මහා විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයකු එම විද්‍යාලයේ 11 වැනිs ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පසුගිය සිකුරාදා (01දා) දහවල් පාසල තුළදී දිවා ආහාරය ගනිමින් සිටින අවස්‌ථාවේ කන පැලෙන්න පහර දුන් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

    එම පහරදීමට හේතුව සිසුවා විසින් තම දිවා ආහාර සඳහා බත් ඔතාගෙන පැමිණ ඇත්තේ කෑම ඔතන පොලිතින් කොළයක (ලන්ච් ෂීට්‌) වීම බව කියති.

    ගුරුවරයාගේ පහර කෑමට ලක්‌වූ නිමන්ත ඩිල්ෂාන් සෙනෙවිරත්න නමැති සිසුවා මේ වන විට පොලොන්නරුව මහ රෝහලේ අංක 19 දරන වාට්‌ටුවේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ කර්ණ පටහාපටලය හෙවත් කන් බෙරය පුපුරා ගොස්‌ ඇතැයි ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති.

    පාසල් පරිශ්‍රය පිරිසිදුව තබාගැනීමේ අරමුණින් පාසල තුළට පොලිතින් වර්ග රැගෙන ඒමේ තහනමක්‌ පනවා තිබෙන නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට දඬුවම් දීමට ගුරුවරුන්ට උපදෙස්‌ දී නැතැයි විලයාය මහා විද්‍යාලයේ විදුහල්පති සු�ත් රණසිංහ මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.

    පසුගිය සිකුරාදා (01දා) දහවල් බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයා විසින් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණු නමුත් ඒ හේතුවෙන් සිසුවාගේ කන පැලී තිබෙන බව තමන් නොදැන සිටි බවද හෙතෙම කීවේය.

    පහරදීම සිදුකළ බව කියන ගුරුවරයාගෙන් අරලගංවිල පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවත්, එම ගුරුවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීහු ප්‍රකාශ කළහ.

    පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සරත් කුමාර ජෝශප් මහතාගේ උපදෙස්‌ පරිදි අරලගංවිල පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලලිත් රාජමන්ත්‍රී මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ පැවැත්වේ.

    මේ පුවත පිළිබඳ ඔබේ අදහස්‌ වහාම SMS කරන්න 0712109999

    කරුණාරත්න ගමගේ

    divaina
    http://www.divaina.com/2013/11/05/news02.html

    මේකනම් මහම මහා බලු වැඩක්..මුන් වගේ බුද්ධ ධර්මය උගන්වන ගුරුවරු ආගමටත් අපහාසයක්..අපිටනම් සතෙක්ටවත් කනකොට ගහන්න හිතෙන්නේ නැහැ.මූට උපරිම දඩුවම් දෙන්න ඕන ආයෙත් මේ වගේ අමන වැඩ නොකරන්න.:angry::angry:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,049
    113
    -In Darkness-
    අපෙත් කාලයක් ඔය පොලිතින් කේස් එක හෙව්වා :yes::yes: ඒ වුනාට කවදාවත් ගහලා නම් නෑ. අහු වුනාම බත් පාර්සලේ ඔලුව උඩ තියාගෙන ඉන්න ඕනේ එලියේ හිටගෙන :P:P ඔය නෝන්ඩි කේස් එක නිසා කස්ටිය ඒ දවස් වල පාර්සල් ගෙනාවේ නෑ :yes::yes: හැබැයි ඉතින් A/L කරද්දි නම් එපා කිව්වට අහන්නේ නැති නිසා ඒ කාලේ නම් පොලිතින් ගෙනාවට බනින්න කරන්න ගියේ නෑ. O/L කාලෙදි විතරයි නීති දැම්මේ. මොන දේ වුනත් කද්දි ගැහුව එක නම් වැරදියි :yes::yes: අපේ පන්තියක වලියක් ගිය වෙලාවේ දෙන්නෙක්ට ගහන්න කියලා ගියා හෙන සෙට් එකක් :rofl::rofl: යද්දි උන් දෙන්නා බත් කනවා. එකෙක් ඇතුළට ගියේ නෑ. කිව්වා බත් කාලා ඉඳපන් එතකන් ගහන්නේ නෑ කියලා. හිතපන් 10ක් 15ක් අච්චර මලකින් ගිහින් වුනත් අරුන් කකා හිටි නිසා ගැහුවේ නෑ. ගහන්න වුනේ නෑ කනා පොරේ පිනා පැන්නා මැද්දට :baffled::baffled: මොනවා වුනත් ගුරුවරයෙක් වශයෙන් කරලා තියෙන්නේ නම් මහා නින්දිත වැඩක් :dull::dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අප්පා ලමයින්‍ට ඔහොම ගහනවද බන්
    මුන්ගෙ ගුරු පට්ටම ගලවලා ගෙදර යවන්න ඕන
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,492
    113
    ado buddagaama dan pirihila thiyenne oya wage apathayo karana wada hindathama.okage atha kapala danna thiyenne.mata ehema kanakota gahuwanam mama okawa maranawa ethanama.:yes:
     
    exposer 22

    Member
    Apr 12, 2013
    9
    1
    0
    කණ පැලෙන්නම කියල හිතල ගහන්නේ නෑනේ බන්. අපෙන් ඉස්කෝල වල ඉදල තියනව පට්ට වස සර්ල. අපි තවමත් ආදරෙයි ඒ මිනිස්සුන්ට.

    අනික බන් කාල ඉවර වෙලා යනකොට ගැහුවත් දැන් කතාව යන්නේ කනකොට ගැහුව කියල.

    හැම පැත්තෙන්ම හිතන්න ඕන බන්, අපි එතන හිටියේ නෑනේ.

    මම දන්න ඔහොම සීන් එකක් උනා ලමයගේ කනේ අව්ලක් තිබ්බ කලින් වලියකට ගිහින් පලාගෙනද කොහෙද, සර් මූට ගැහුවේ වැරැද්දට, ඒත් කතාව ගියේ සර් කන පැලුව කියල. අන්තිමට සර්ට නඩු
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,049
    113
    -In Darkness-
    කණ පැලෙන්නම කියල හිතල ගහන්නේ නෑනේ බන්. අපෙන් ඉස්කෝල වල ඉදල තියනව පට්ට වස සර්ල. අපි තවමත් ආදරෙයි ඒ මිනිස්සුන්ට.

    අනික බන් කාල ඉවර වෙලා යනකොට ගැහුවත් දැන් කතාව යන්නේ කනකොට ගැහුව කියල.

    හැම පැත්තෙන්ම හිතන්න ඕන බන්, අපි එතන හිටියේ නෑනේ.

    මම දන්න ඔහොම සීන් එකක් උනා ලමයගේ කනේ අව්ලක් තිබ්බ කලින් වලියකට ගිහින් පලාගෙනද කොහෙද, සර් මූට ගැහුවේ වැරැද්දට, ඒත් කතාව ගියේ සර් කන පැලුව කියල. අන්තිමට සර්ට නඩු

    කතාවේ ඇත්තක් තියෙනවා. කනකොට ගැහුවා කිව්වට මටත් හිතෙන්නේ කාල ඉවර වෙලා ගැහුවා වෙන්න ඇති කියලා. මොකද මොළේ නැති කෙනෙක් වෙන්න බෑනේ :yes::yes: නමුත් ඉතින් ඔය වගේ කාරණාවකට ගහනවා කියන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ :angry::angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කණ පැලෙන්නම කියල හිතල ගහන්නේ නෑනේ බන්. අපෙන් ඉස්කෝල වල ඉදල තියනව පට්ට වස සර්ල. අපි තවමත් ආදරෙයි ඒ මිනිස්සුන්ට.

    අනික බන් කාල ඉවර වෙලා යනකොට ගැහුවත් දැන් කතාව යන්නේ කනකොට ගැහුව කියල.

    හැම පැත්තෙන්ම හිතන්න ඕන බන්, අපි එතන හිටියේ නෑනේ.

    මම දන්න ඔහොම සීන් එකක් උනා ලමයගේ කනේ අව්ලක් තිබ්බ කලින් වලියකට ගිහින් පලාගෙනද කොහෙද, සර් මූට ගැහුවේ වැරැද්දට, ඒත් කතාව ගියේ සර් කන පැලුව කියල. අන්තිමට සර්ට නඩු

    අනේ බං මේ වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන්..ඕක උබට උනානම් උබ ඔහොම කියනවද?අනික ගුරුවරයා නෙමේ මොකා උනත් කරපු දේ අන්තිම කැතයි..ඔය ඕන තරම් ඉන්නේ පොඩි කොල්ලෝ කෙල්ලෝ අපයෝජනය කරලා මාට්ටු උන ගුරුවරුත්..එතකොට උබ කියන්නේ ඒවත් ගුරුවරයෙක් කර හින්දා හොදයි කියලද?
     
    exposer 22

    Member
    Apr 12, 2013
    9
    1
    0
    අනේ බං මේ වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන්..ඕක උබට උනානම් උබ ඔහොම කියනවද?අනික ගුරුවරයා නෙමේ මොකා උනත් කරපු දේ අන්තිම කැතයි..ඔය ඕන තරම් ඉන්නේ පොඩි කොල්ලෝ කෙල්ලෝ අපයෝජනය කරලා මාට්ටු උන ගුරුවරුත්..එතකොට උබ කියන්නේ ඒවත් ගුරුවරයෙක් කර හින්දා හොදයි කියලද?

    උබට ගුරුවරයෙක් වැරද්දකට දඩුවම් කරල නැද්ද?
    මෙතන වෙලා තියෙන්නේ ඒක , කන පැලුන එක අතුරු ප්‍රතිපලයක්. කන පැලුනේ නැත්තම් මේ නිවුස් එක නෑනේ?
    උබ කියන්නේ කන පැලෙන්න ඕන කියලම සර් ගැහුව කියලද?

    මොකද ඕන තරම් ගුරුවරු අපිට දඩුවම් කරනව. කිසි කෙනෙක් කනක් පලන්න හිතාගෙන දඩුවම් කරන්නේ නෑනේ.

    අපයෝජනය කරන එකයි වැරැද්දකට දඩුවම් කරන එකයි සමානයි ද බන්?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබට ගුරුවරයෙක් වැරද්දකට දඩුවම් කරල නැද්ද?
    මෙතන වෙලා තියෙන්නේ ඒක , කන පැලුන එක අතුරු ප්‍රතිපලයක්. කන පැලුනේ නැත්තම් මේ නිවුස් එක නෑනේ?
    උබ කියන්නේ කන පැලෙන්න ඕන කියලම සර් ගැහුව කියලද?

    මොකද ඕන තරම් ගුරුවරු අපිට දඩුවම් කරනව. කිසි කෙනෙක් කනක් පලන්න හිතාගෙන දඩුවම් කරන්නේ නෑනේ.

    අපයෝජනය කරන එකයි වැරැද්දකට දඩුවම් කරන එකයි සමානයි ද බන්?

    ලොල් උබ කියලා තියෙන විදිහිට අපයෝජනය කරත් කමක් නැහැ වගේ තේරුමක් එන්නේ:rofl:.මොනා උනත් ඌ කරපු වැඩේ වැරදියි.ගුරුවරයෙක් කියලා කියන්න බැරි අලුකුත්තේරු වැඩක් කරලා තියෙන්නේ.
     
    exposer 22

    Member
    Apr 12, 2013
    9
    1
    0
    ලොල් උබ කියලා තියෙන විදිහිට අපයෝජනය කරත් කමක් නැහැ වගේ තේරුමක් එන්නේ:rofl:.මොනා උනත් ඌ කරපු වැඩේ වැරදියි.ගුරුවරයෙක් කියලා කියන්න බැරි අලුකුත්තේරු වැඩක් කරලා තියෙන්නේ.

    කොහොමද මචන් එහෙම තේරුමක් එන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරොත්. උබට විතරයි එහෙම තේරිලා තියෙන්නේ මම හිතන්නේ.

    මම කොහෙවත් කියල තියනවද ගුරුවරයෙක් නිසා මොනව කරත් කමක් නෑ කියල??
    නෑ නේද?

    වැරැද්දකට දඩුවම් කරන එක ගුරුවරයෙක්ගේ යුතුකම. ඒත් අපයෝජනය කරන එක ඊට කොච්චර වෙනස් ද?

    මෙතන වෙලා තියෙන්නෙත් ගුරුවරයෙක් දඩුවමක් දීල , අපයෝජනයක් වෙලා වගේ තමයි කට්ටිය බනින්නේ ඒ උනාට.
     
    manjula009

    Well-known member
  • එකව බිරෙක් කරන්න හිතාගෙන ගැහැව්වා නෙමෙයි නේ බං.:yes:
    මොනවා උනත් එපා කියද්දී කරනවා දකිද්දී sir කාරයට මල පනින්න ඇති :D.
    මම නං කියන්නේ ඔය ඉස්කෝල වල වෙන කෙස් පොලීසි ගානේ ගෙනියන්න හොද නැහැ. :no: :dull:
    අපිත් ඉස්කෝලේ යන කාලේ කරපු කුප්ප වැඩ වලට ගුටි කාල තියෙනවා නැති වෙන්න, ඒවා හරියට වැදුන නං මෙලහටක පොට්ටයෝ, බිරෝ, පො*යෝ වෙලා අපිත් :rofl::rofl:..

    පඩේ බොම්බේ කරන එක අපේ උන්ගේ ගතියනේ :rolleyes:
     
    exposer 22

    Member
    Apr 12, 2013
    9
    1
    0
    එකව බිරෙක් කරන්න හිතාගෙන ගැහැව්වා නෙමෙයි නේ බං.:yes:

    aniwa :yes::yes::yes:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    එකව බිරෙක් කරන්න හිතාගෙන ගැහැව්වා නෙමෙයි නේ බං.:yes:
    මොනවා උනත් එපා කියද්දී කරනවා දකිද්දී sir කාරයට මල පනින්න ඇති :D.
    මම නං කියන්නේ ඔය ඉස්කෝල වල වෙන කෙස් පොලීසි ගානේ ගෙනියන්න හොද නැහැ. :no: :dull:
    අපිත් ඉස්කෝලේ යන කාලේ කරපු කුප්ප වැඩ වලට ගුටි කාල තියෙනවා නැති වෙන්න, ඒවා හරියට වැදුන නං මෙලහටක පොට්ටයෝ, බිරෝ, පො*යෝ වෙලා අපිත් :rofl::rofl:..

    පඩේ බොම්බේ කරන එක අපේ උන්ගේ ගතියනේ :rolleyes:
    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔතන වෙලා තියන සිද්දිය අපි දන්නෙ නැහැ.. කොහොමත් news එක යනකොට යන්නෙ වෙන විදියකට.. ඔතන බොහොම පොඩි සිද්දියක් වෙලා ඇත්තෙ..

    කන පැලුන එක නැති එක වැඩක් නැහැ.. ඒත් සතෙකුට උනත් කද්දී ගහනවද යකෝ ?
    කාල ඉවර වෙලා ගැහුව එක යන්නෙ කද්දී ගැහුවා කියල තමයි news එක.. අන්න ඒකයි ඔය news වල හැටි මෙතන වලිගෙ පාගාගෙන වැඩක් නැහැ :rofl:

    හැබැයි ඕකා ඇත්තටම කද්දී ගැහුව නම් ඕකට ඇට දෙකෙන් එල්ලලා ගහන්න ඕන..

    දඩුවම් තියෙන්න ඕන.. කනපැලෙන්න කියල හිතල ගහන්නෙ නම් නැහැ.. ඇමරිකාවෙ වගේ ගුරුවරුන්ට ගහන්න තහනම් කළා නම් හරි.. එතකොට ශෝක්.. තාම ලංකාවෙ උන් අම්මල තාත්තල ගුරු වරු බල්ලට දාල කතා කරන්නෙ නැහැ.. ඒකත් කරගත්තනම් සනීපයි.. :rofl:
     
    • Like
    Reactions: Error365!

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara Guruwaru innawa, aga patha thiyena students lata gahanne naha. Bayai. Ahinsakayek allala thamai gahanne. Kanagatuwen unath kiyanna venawa. Samaharu Guruwaru newe. PONNA GURUWARU.
     
    waligamaya

    Well-known member
  • කොහොමද මචන් එහෙම තේරුමක් එන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරොත්. උබට විතරයි එහෙම තේරිලා තියෙන්නේ මම හිතන්නේ.

    මම කොහෙවත් කියල තියනවද ගුරුවරයෙක් නිසා මොනව කරත් කමක් නෑ කියල??
    නෑ නේද?

    වැරැද්දකට දඩුවම් කරන එක ගුරුවරයෙක්ගේ යුතුකම. ඒත් අපයෝජනය කරන එක ඊට කොච්චර වෙනස් ද?

    මෙතන වෙලා තියෙන්නෙත් ගුරුවරයෙක් දඩුවමක් දීල , අපයෝජනයක් වෙලා වගේ තමයි කට්ටිය බනින්නේ ඒ උනාට.
    :yes::yes:
     
    waligamaya

    Well-known member
  • ඔතන වෙලා තියන සිද්දිය අපි දන්නෙ නැහැ.. කොහොමත් news එක යනකොට යන්නෙ වෙන විදියකට.. ඔතන බොහොම පොඩි සිද්දියක් වෙලා ඇත්තෙ..

    කන පැලුන එක නැති එක වැඩක් නැහැ.. ඒත් සතෙකුට උනත් කද්දී ගහනවද යකෝ ?
    කාල ඉවර වෙලා ගැහුව එක යන්නෙ කද්දී ගැහුවා කියල තමයි news එක.. අන්න ඒකයි ඔය news වල හැටි මෙතන වලිගෙ පාගාගෙන වැඩක් නැහැ :rofl:

    හැබැයි ඕකා ඇත්තටම කද්දී ගැහුව නම් ඕකට ඇට දෙකෙන් එල්ලලා ගහන්න ඕන..

    දඩුවම් තියෙන්න ඕන.. කනපැලෙන්න කියල හිතල ගහන්නෙ නම් නැහැ.. ඇමරිකාවෙ වගේ ගුරුවරුන්ට ගහන්න තහනම් කළා නම් හරි.. එතකොට ශෝක්.. තාම ලංකාවෙ උන් අම්මල තාත්තල ගුරු වරු බල්ලට දාල කතා කරන්නෙ නැහැ.. ඒකත් කරගත්තනම් සනීපයි.. :rofl:
    :yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,112
    9,874
    113
    එක තැනක නෑ
    ඔතන වෙලා තියන සිද්දිය අපි දන්නෙ නැහැ.. කොහොමත් news එක යනකොට යන්නෙ වෙන විදියකට.. ඔතන බොහොම පොඩි සිද්දියක් වෙලා ඇත්තෙ..

    කන පැලුන එක නැති එක වැඩක් නැහැ.. ඒත් සතෙකුට උනත් කද්දී ගහනවද යකෝ ?
    කාල ඉවර වෙලා ගැහුව එක යන්නෙ කද්දී ගැහුවා කියල තමයි news එක.. අන්න ඒකයි ඔය news වල හැටි මෙතන වලිගෙ පාගාගෙන වැඩක් නැහැ :rofl:

    හැබැයි ඕකා ඇත්තටම කද්දී ගැහුව නම් ඕකට ඇට දෙකෙන් එල්ලලා ගහන්න ඕන..

    දඩුවම් තියෙන්න ඕන.. කනපැලෙන්න කියල හිතල ගහන්නෙ නම් නැහැ.. ඇමරිකාවෙ වගේ ගුරුවරුන්ට ගහන්න තහනම් කළා නම් හරි.. එතකොට ශෝක්.. තාම ලංකාවෙ උන් අම්මල තාත්තල ගුරු වරු බල්ලට දාල කතා කරන්නෙ නැහැ.. ඒකත් කරගත්තනම් සනීපයි.. :rofl:

    rep +
     
    • Like
    Reactions: sachith19920726