බුද්ධ_ධර්මය උගන්වන ගුරුවරයකුගෙන් කණේ පාර
අරලගංවිල, විලයාය මහා විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයකු එම විද්‍යාලයේ 11 වැනිs ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පසුගිය සිකුරාදා (01දා) දහවල් පාසල තුළදී දිවා ආහාරය ගනිමින් සිටින අවස්ථාවේ කන පැලෙන්න පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
එම පහරදීමට හේතුව සිසුවා විසින් තම දිවා ආහාර සඳහා බත් ඔතාගෙන පැමිණ ඇත්තේ කෑම ඔතන පොලිතින් කොළයක (ලන්ච් ෂීට්) වීම බව කියති.
ගුරුවරයාගේ පහර කෑමට ලක්වූ නිමන්ත ඩිල්ෂාන් සෙනෙවිරත්න නමැති සිසුවා මේ වන විට පොලොන්නරුව මහ රෝහලේ අංක 19 දරන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ කර්ණ පටහාපටලය හෙවත් කන් බෙරය පුපුරා ගොස් ඇතැයි ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති.
පාසල් පරිශ්‍රය පිරිසිදුව තබාගැනීමේ අරමුණින් පාසල තුළට පොලිතින් වර්ග රැගෙන ඒමේ තහනමක් පනවා තිබෙන නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට දඬුවම් දීමට ගුරුවරුන්ට උපදෙස් දී නැතැයි විලයාය මහා විද්‍යාලයේ විදුහල්පති සු�ත් රණසිංහ මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.
පසුගිය සිකුරාදා (01දා) දහවල් බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයා විසින් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණු නමුත් ඒ හේතුවෙන් සිසුවාගේ කන පැලී තිබෙන බව තමන් නොදැන සිටි බවද හෙතෙම කීවේය.
පහරදීම සිදුකළ බව කියන ගුරුවරයාගෙන් අරලගංවිල පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවත්, එම ගුරුවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් කුමාර ජෝශප් මහතාගේ උපදෙස් පරිදි අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්රී මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
මේ පුවත පිළිබඳ ඔබේ අදහස් වහාම SMS කරන්න 0712109999
කරුණාරත්න ගමගේ
divainahttp://www.divaina.com/2013/11/05/news02.htmlhttp://www.divaina.com/2013/11/05/news02.html
මේකනම් මහම මහා බලු වැඩක්..මුන් වගේ බුද්ධ ධර්මය උගන්වන ගුරුවරු ආගමටත් අපහාසයක්..අපිටනම් සතෙක්ටවත් කනකොට ගහන්න හිතෙන්නේ නැහැ.මූට උපරිම දඩුවම් දෙන්න ඕන ආයෙත් මේ වගේ අමන වැඩ නොකරන්න.

බුද්ධ ධර්මය උගන්වන ගුරුවරයකුගෙන් බත් කමින් සිටි පාසල් සිසුවාට කණේ පාරක්

Last edited:

.