බුදුන් සහ මාරයා....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාත් ඔයා වගේ කාලයක් ඕව වර්ණනා කියල හිතාගෙන හිටිය. ඒත් අපි ඒ අපේ මානයෙන්, දෘෂ්ටිය වහගෙන ඉන්නෙ.

    ඕක වෙන්නෙ බුද්දාගම ගැනත්, විද්‍යාව ගැනත් භාගෙට දැනගන්න ඒකෙන්.

    මුල ඉඳල මෙහෙම පැහැදිලි කරන්න බෑ.

    ඒත් ඇත්ත තමයි, දිව්‍යලෝක, අපාය තියනව කියල පිළිගන්නවානම්, මාරය ඇත්ත කියල පිළිගන්න වෙන එක.

    මුගලන් රහතන් වහන්සේත් මේ කල්පයේදී එක භවයක මාරයා වෙලා ඉපදිලා හිටිය.

    අපි හැමෝම සංසරේදී මාරය වෙලා ඉඳල තියෙන්න පුළුවන්.

    බුදුන්ට පස්සෙ බලයෙන් අග්‍ර මාරය.

    දැන් ඉන්න මාරයාගේ නම වසවර්ති.

    තවුතිසවට සක්‍රයානම්, මුළු දිව්‍යලෝක ඔක්කොගෙම අධිපති තමයි මාරය.

    මාරය බුදුහාමුදුරුවො හිතෙන් මවාගත්ත කියල හිතන්න ගියොත් ඒක බුදුහාමුදුරැවොන්ටත් එක්ක කරන අගෞරවයක්. ඒක නිසා බෞද්ධයෙක් විදිහට පරිස්සමෙන් මේවා විශ්ලේෂණය කරන්න.

    විද්‍යාව කියන්නෙ හැම තිස්සෙම වෙනස් වෙන දෙයක්නෙ බන්.. ඒක දන්නෙ බාගෙද, සම්පූර්නවද කියල ඩිෆයින් කරන්න බැ....

    මාරයව බුදුන් හිතෙන් මවාගත්හ්ට කියන එක කොහොමද අගවුරවයක් වෙන්නෙ... ඒ උනේ උන්වහන්සේ නිර්වානය අවබොද කරගන්න ඉස්සෙල්ලනෙ..

    මාර වර්ඝ දෙකක් තියනව.. ස්කන්ධ මාර සහ ක්ලේශ මාර කියන... උබ කියන හිතේ ඇතිවෙන දේවල් ක්ලේශ මාර ඝනයට වැටෙන්නෙ. ස්කන්ධ මාර් කියන්නෙ සදෙවි ලෝක වලින් ඉහලින්ම ඇති පරනිම්මිත වසවත්ති ලොකයේ අධිපති වසවත්ති මාර දෙවියන්ට.ඒ යකා බුදුහාමුදුරුවන්ට ගොඩක් හිරිහැර කලා..එදත් එහෙමයි අදත් එහෙමයි.. මේව දැන් හැදෙන ගොඩක් උන් පිලිගන්නෙ නෑ.වර්ණනා කියල බැහැරකරනව.ඒත් ත්‍රිරිපිටකේ තියන එක වචනයක් බොරුයි කියන්න බෑ

    :yes::yes:

    ත්‍රිපිටකයේ ගොඩක් තැන්වල මාරය ගැන කියල තියනව. මොකද මාරය බුද්ධ ධර්මය නැති කරන්න ගොඩක් මහන්සි වෙනව. මොකද කවුරුහරි නිවන් දකිනව කියන්නෙ, මාරය පාලනය කරන හිරගේදරකින් හිරකාරයෙක්, මාරයට කොකා පෙන්නගෙන, ඉස්සරහ දොර ඇරගෙන එලියට යනව වගේ වැඩක්. එයා ඒකට කැමති නෑ.

    ස්කන්ද මාරයව අපිට අත්දකින්න පුලුවන් කොහොමද?
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    ස්කන්ද මාරයව අපිට අත්දකින්න පුලුවන් කොහොමද?

    ඕක ලොකු මාතෘකාවක්...සති ගානක් කතාකලත් මදි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    homer-simpson-690x382.jpg

    ක්‍රිස්තියානි ආගමේ හොඳ අය දිව්‍ය ලෝකේ යනව, එහෙ සර්වබලධාරී දෙයියෝ ඉන්නවලු, නරක අය නිරයේ යනව, එහෙ සාතන් ඉන්නවලු, සාතන් හදන්නෙ මිනිස්සු දිව්‍ය ලෝකේ යන එක වලක්වන්නලු :confused:
    ඉස්ලාම් ආගමේ හොඳ අය ස්වර්ගෙට යනවා එහෙ සර්වබලධාරී දෙයියෝ ඉන්නව, නරක අය අපායේ යනව, එහෙත් මොකෙද්ද එකෙක් ඉන්නවලු. :confused:
    බුධ්ධාගමේත් පින් කරන අය දිවය ලෝකේ යනවලු, එහෙ සක්‍රය ඉන්නවලු, පව් කරන අය අපායට යනවලු, එහෙ මාරයා ඉන්නවලු,මාරයා මිනිස්සු නිවන් යනවට කැමති නැල්ලූ බාධා කරනවලු :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක ලොකු මාතෘකාවක්...සති ගානක් කතාකලත් මදි...

    උබ ඔව ඉගනගත්තෙ කොහොමද, දහම් පාසලෙන්ද, නැත්ත්න් ඊට අමතරව මූලාශ්‍ර පරිශ්‍රමය කරාද...?
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    මාරයා කවර මොහොතක හෝ පැමිණිය හැකි බැවින් වහවහා පින් කළ යුතු බව ලෝවැඩසඟරා කතුවර මහනෙත්පාමුල මාහිමියෝ බෞද්ධයන්ට අවවාද කරති. බුද්ධ චරිතය සම්බන්ධ පුවත්වලදී ද සූත්‍රාගත ධර්ම කරුණුවලදී ද මාරයා අපට හමු වෙයි. සිදුහත් මහ බෝසතාණන් අබිනික්මන් කරද්දී මාරයා ඔහු හමුවේ පෙනී සිටිමින් මෙසේ කීවෙලු:

    “මානික්කම මහාවීර
    ඉතෝ තේ සත්තමේ දිනේ
    දිබ්බන්තු චක්ක රතනං
    අද්ධා පාතු භවිස්සති.”

    “මහරජ නොනික්මෙව. මෙයින් සත් දිනකින් ඔබට සත්රුවන පහළ වේ.”

    සිදුහත් කුමරු මාරයාගේ බහට කන් නොදී, ගිහිගෙය හැරදමා පැවිදි විය. මහ බෝසතුන්ගේ සුළු හෝ වරදක් සොයමින් මාරයා ඔහු පසුපස නිබඳ ලුහුබැන්ද බව බුදු සිරිතෙහි දැක්වේ. උන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමයෙහි ද බුදු වීම සඳහා විදුරසුන් අරා සිටි වේලාවෙහි ද මාරයා පැමිණි බව සඳහන් වේ. බුද්ධත්වයට පත් වීම වළකාලීමට දසබිම්බරක් මර සෙනඟ පිරිවරා පැමිණි මාරයා නොයෙක් බිහිසුණු වෙස් ගෙන බෝසතුන් බිය ගන්වා පලවාහැරීමට උත්සාහ දැරී ය.

    බුදුරදුන්ට ‘මාරජී’ යැ යි විරුදයක් වේ. ‘මාරයා ජය ගත් උතුමා’ යනු එහි අදහස යි. මාරපරාජය පිළිබඳ අවස්ථාව අපේ සිත්තරු චමත්කාර ලෙස සිතුවමට නැගීමට සමත් වූ හ. බෞද්ධ සාහිත්‍යයෙහි මෙන් ම ජන සාහිත්‍යයෙහි ද ජන සංස්කෘතියෙහි ද වෙසෙසි තැනක් හිමි කරගෙන සිටින මේ මාරයා කවුරු ද? යනු සොයා බැලීම වැදගති.

    මාරයා වූකලි වසවර්ති දෙව්ලොව එක්තරා දාමරික දිව්‍යපුත්‍රයකු බව සුත්තනිපාත අටුවාවේ දැක්වේ. බුද්ධඝෝෂයන්ගේ පද්‍යචූඩාමාණික්‍ය කාව්‍යයෙහි දිව්‍ය පුත්‍ර මාර සඳහා ‘අනංග‘ යන්න යොදා ඇත. මාරයෝ තිදෙනකු ගැන දික්සඟි අටුවාවේ සඳහන් වේ. දේවපුත්ත මාර, මච්චු මාර, කිලේස මාර වශයෙන් මේ තිදෙනා හඳුනාගෙන ඇත. සුත්ත නිද්දෙස අටුවාවෙහි මාරයෝ සිව් දෙනකු ද ථෙරගාථා අටුවාවේ මාරයෝ පස් දෙනකු ද දක්වා තිබේ.

    පස්මරුන් දිනූ හෙයින් බුදුන්ට ‘ජින’ යන නාමය ව්‍යවහාර කරන බව ඇතැම් අර්ථකථනයන්හි එයි. ස්කන්ධමාර, ක්ලේශමාර, අභිංසංස්කාර මාර, මෘත්‍යුමාර සහ දේවපුත්ත මාර යනුවෙන් මේ පස් දෙනා නම් කරනු ලැබ ඇත.

    ස්කන්ධ මාර යනු රූප වේදනාදි ස්කන්ධ පස යි. ක්ලේශ මාර නම් කාමාදි ක්ලේශයෝ ය. අභිසංස්කාර මාර නම් භවගාමි කුශලාකුශල කර්ම යි. මෘත්‍යුමාර නම් මරණය යි. දේවපුත්ත මාර නම් වසවර්ති දෙව්ලොව වැසි දෙවියෙකි. ඔහු සෙසු දෙව් පිරිස සිය වසඟයෙහි තබාගෙන සිටී. මාරයාගේ පැමිණීමෙන් අනෙක් දෙවිවරු තැති ගන්නා බව සඳහන් වේ. පධාන සූත්‍රයෙහි දැක්වෙන අන්දමට මාරයා යනු කෙලෙස් ය. කාමය, භාවනාවෙහි සිත නෑලීම, සාසිපාසාව, තෘෂ්ණාව, සිතේ කයේ අලස බව, බියසුලු බව, විචිකිච්ඡාව හෙවත් සැකය, ගුණමකු බව සහ උඩඟු බව යන කරුණු දසය දසමාර සේනාව වශයෙන් මෙහි දක්වා ඇත.

    මේ අනුව පැහැදිලි වන්නේ මාර යනු පුද්ගලයකු නොව, තම මනසෙහි ඇති වන ධර්මතා බව යි. අටුවාකරුවා මෙකී චෛතසික ස්වභාවයන්ට පුද්ගලත්වාරෝපණය කර ඇති බව පෙනේ. වියතුන් මේ ගැන විවිධ මත පළ කරද්දී සාමාන්‍ය ජන විශ්වාසය වී ඇත්තේ මාර යනු කිසියම් බලගතු දෙවියකු බවත් ඔහු පුද්ගලයන්ගේ මරණය සම්බන්ධ ව බලපෑමක් ඇති කරන්නකු බවත් ය.

    සමාජයේ හොඳ වැඩට අකුල් හෙළන්නකු වශයෙන් ද මොහු ජනතාවගේ සිත්හි සටහන් වී ඇත. පුද්ගලයන් තුළ කාමාදි සිතිවිලි ඇති කර, ඔවුන් නොදැහැමි මගට පොලඹවන්නකු ලෙස ද පිළිගැනේ. “මාරයා ආවේශ වුණා, මට මාරයා නැග්ගා, මාරයෙක් වගේ මගේ ඉස්සරහට පැන්නා” වැනි වාගාලාපවලින් කියැවෙන්නේ ද නරක හෝ බිහිසුණු සිතිවිලි හෝ නරක ක්‍රියා ගැන යි. මාරයා විවිධ වේශ මවාගෙන තමන් අකැමැති පුද්ගලයන් වෙත එළැඹ ඔවුන් බියපත් කරන අයකු ලෙස ද අනුනට ආවේශ වී නොයෙක් හිරිහැර බාධා පමුණුවන අයකු ලෙස ද පෙන්වන ආකාරයේ කථා පුවත් අටුවා ඇදුරන් විසින් දක්වා ඇත.

    බුදුරදුන් රජගහනුවර වේළුවනයේ වැඩ සිටියදී එක් රැයක මාරයා භයානක නාගවේශයක් මවාගෙන උන් වහන්සේගේ ඉදිරියට පැමිණියේ ය. එසේ ම වරක් බුදුන් වහන්සේ ගිජුකුළු පව්වේ අඳුරේ වැඩ සිටියදී විශාල ගල් පෙරළමින් භය කිරීමට උත්සාහ දරා ඇත. මගධ රට පංචශාලා නම් බමුණුගමේදී බුදුරදුන්ට පිණ්ඩපාතය නොලැබෙන සේ සලසන ලද්දේ මාරයා ඔවුනට ආවේශ වීමෙනි. බුදුරදුන් වේරංජාවට වැඩි වේලේ වස්විසීම සඳහා උන් වහන්සේට ආරාධනා කළ බමුණාට ඒ ගැන සම්පූර්ණයෙන් අමතක වූයේ මාරාවේශය නිසා යැ යි විනය අටුවාවේ දැක්වේ.

    මැදුම් සඟියේ මාරතජ්ජනීය සූත්‍රයෙහි මාරයාගේ පූර්ව ඉතිහාසය කියා තිබේ. එහි එන තොරතුරු අනුව මුගලන් මහතෙරුන් සුංසුමාර නගරාසන්නයේ පිහිටි භේසකලා වනයෙහි වසන සමයෙහි දිනක් මාරයා උන් වහන්සේගේ ආමාශයට ඇතුළු විය. කුස තුළ බරක් දැනුණෙන් සක්මන නවතා ආවාස ගෙට පැමිණි මුගලන් හිමියෝ දැනුණ අපහසු ගතිය විමසා බැලූ හ. කුසට මාරයා පිවිස ඇති බැව් දුටු තෙරුන් වහන්සේ මාරයා අමතා කුස තුළින් බැහැර ව නික්මෙන ලෙස දැන්වූ හ. මාරයා පිටතට පැමිණ කවුළු පඩිය උඩ සිටියේ ය. මාරයාගේ පෙර තොරතුරු දක්වන මුගලන් තෙරහු පෙර තමන් දුසී නමැති මාරයකු වූ සැටිත් කාලි නමින් සොහොයුරියක සිටි හැටිත් වත්මන් මාරයා එම කාලියගේ පුතු බවත් අනාවරණය කළහ; තවදුරටත් මෙම කරුණ විස්තර කරමින් කකුසඳ බුදුන් සමයෙහි දුසී මාරයා බ්‍රාහ්මණ ගෘහපතීන්ට ආවේශ වී භික්ෂූන්ට බැණවැදීම් කරවූ සැටිත් එක් ළමයකුට ආවේශ වී බුදුන් පසුපස යන අගසවු මහතෙර නමකට ගලකින් ගස්වා හිස තුවාල කරවූ සැටි ද දැක්වූ හ.

    මාරයා හැම විට බුදුරදුන්ගේ ප්‍රතිපාක්ෂිකයෙකි. සිදුහත් තවුසාණන් බුද්ධත්වය ලබාගත් නොබෝ දිනකදී උන් වහන්සේට පිරිනිවන් පෑමට ආරාධනා කළ මාරයා පසු ව ද ඒ සඳහා ආරාධනා කළේ ය. බුදුන් ආයු සංස්කාරය කළේ එම ආරාධනයට අනුව යැ යි මහාපරිනිබ්බාණ සූත්‍රයේ දැක්වෙයි. එහෙත් උදාන අටුවාවේ බුදුන් පිරිනිවන් පෑවේ මාරයාගේ ආයාචනය නිසා නොවන බව කියා ඇත. මාරයා ගැන ඉදිරිපත් වී ඇති සියලු තොරතුරු එක් කර බලන විට පෙනී යන්නේ මාරයා යනු සියලු අනර්ථකාරී විෂමාචාරවල ප්‍රතිමූර්තියක් බවයි.

    ‘පාපිමාර’ යනු ද මාරයාට කියන තවත් නමකි. පව් ඇත්තා යනු එහි තේරුම යි. අවැඩකර බලවේග හැඟවෙන මෙම වචනවලින් විශ්වය තුළ ක්‍රියාත්මක වන නොහොඳ දේ හොඳ දේ ඉක්මවා ඉදිරියට එන අයුරු නිරූපිත ය. සාමාන්‍ය බෞද්ධ සමාජයක මාරයා යනු අදෘශ්‍යමාන, එහෙත් මිනිස් ලොව වසන්නන් කෙරෙහි හිරිහැර බාධක පමණක් නො ව මරණය ද ගෙන එන දෙවියෙකි. බෞද්ධයෝ දෙවියන්ට මෙන් ම මාරයාට ද පින්-පෙත් පමුණුවති. භික්ෂූන්ගේ වන්දනා-මානනයෙන් පසු ව හෝ පිරිත් දෙසුම් අවසානයේ හෝ සෙසු දෙවියන්ට පින් දෙන අතර මාරයා ගැන ද සඳහන් කරනු දැකිය හැකි ය:

    “බ්‍රහ්මා මාරාච ඉන්දාච ලොකපාලාච දේවතා යමෝ මිත්තාමනුස්සාච...”

    මෙහි බ්‍රහ්ම, මාර, ඉන්ද්‍ර, ලෝකපාලක දෙවිවරු, යම, මිත්ත වැන්නන් එක ගණයකට ඇතුළත් කරනු ලැබ තිබේ.

    ගැමි ජන විශ්වාසයන්හි ද මාරයා උදෙසා පින්දීම දක්නට ලැබේ.

    “ආරවාරම් ඇති මාර උන්නාන්සේ

    මේ පින් අරගන් මාර උන්නාන්සේ”

    වැනි කියුම්වලින් එය පැහැදිලි වේ. මේවා පසුකාලයේ එක් වී ඇති බව ද කිව යුතු ය.

    මාර යන්න වේදයෙහි දැක්වෙන මෘත්‍යු යන්නට අනුරූප වන බවක් පළ කරන වියතෙක් මාරයාගේ සම්පූර්ණ ලක්ෂණය වර්ධනය වූයේ බෞද්ධයන් අතර බව සඳහන් කරයි. (එලියට්, හින්දුඉසම් ඇන්ඩ් බුඩිසම්, වෙළුම, 1, 337 පිට).

    මාරයා හැඳින්වීම සඳහා පාළි සාහිත්‍යයේ නම් රැසක් භාවිත වෙයි. අන්තක, වසවත්ති, පාපිමා, පජාපති, පමත්ත බන්ධු, කණ්හ, නමුවී හා මාර යන නම් පාලි නිඝණ්ඩුවේ දැක්වේ. මච්චු, මච්චුරාජ හා කාල යන පර්යාය නාම ද මොහු සඳහා යෙදී ඇත. කාල සහ කණ්හ යනු සමාන අර්ථ ඇති පද දෙකකි. කළුපාට ඉන් කියැවේ. පාපය එයින් හඟවනු ඇත. අන්තක යනනෙන් කියැවෙන්නේ අන්තය හෙවත් කෙළවර කරන්නා යනු ය. මච්චු යනු මරණය යි. මරණයේ රජු යනු මච්චුරාජ යන්නේ අදහස යි. පජාපතී යන්නෙන් කියැවෙන්නේ ජනතාවගේ නායකයා යන්න යි. මහසෙන් යන්නේ අර්ථය නම් මහත් සේනාවක් ඇත්තා යනු යි. මාරගේ දසබිම්බර සෙනඟ ගැන බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධ ය.

    මාරයා වරක් අසූවක් අනුව්‍යංජනයෙන් උපලක්ෂිත බුද්ධ රූපයක් මවා පෑ අයුරු දැක්වෙන කතා පුවතක් ඇත. මාරයා ජීවමාන බුදුරදුන් සියැසින් දුටුවෙකැ යි ද කියැවේ. කාල නමැති අයකු විසින් ධර්මාශෝක රජුට ද මෙවන් බුදුරුවක් මවා පෑ බව දැක්වෙන කතාවක් සමන්තපාසාදිකාවේ දැක්වෙයි.

    තණ්හා, රතී, රඟා යනු මාරයාගේ දූවරුන් තිදෙනා බවත් ගිරිමේඛලා යනු ඔහුගේ ඇතා බවත් දැක්වේ. බුදු වීම සඳහා සිදුහත් තවුසා වජ්‍රාසනාරූඪ වූ අවස්ථාවේ තුති ගැයුම් කරමින් පැමිණ සිටි ශක්‍රයා ඇතුළු දෙවිවරුන් ද බ්‍රහ්මාදීන් ද මාරයා පැමිණි විට බිය වී පැනගිය ආකාරය ජාතකට්ඨකතාවේ විස්තර කර ඇත. පිරිස සමග මාරයා තනි විය. ගිරිමේඛලා නමැති ඇතු පිට හුන් ඔහු ද බුදුරදුන් අතින් පරාජයට පත් ව පැන ගිය බව එහි දැක්වේ. හොඳ සහ නරක අතර ගැටීම මෙයින් රූපකාර්ථවත් කර ඇති බව පෙනේ. සාමාන්‍ය බෞද්ධයෝ මාර යුද්ධය සැබෑ වශයෙන් සිදු වූ සටනක් ලෙස විශ්වාස කරති.

    මහාචාර්ය පූජ්‍ය ගතාරේ ධම්මපාල හිමි

    - See more at: http://www.namaskara.lk/?sid=article&dt=2012/11&id=2012/11/npg17_0#sthash.TKZMvSvY.dpuf
     
    • Like
    Reactions: KasunKDP

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    ක්‍රිස්තියානි ආගමේ හොඳ අය දිව්‍ය ලෝකේ යනව, එහෙ සර්වබලධාරී දෙයියෝ ඉන්නවලු, නරක අය නිරයේ යනව, එහෙ සාතන් ඉන්නවලු, සාතන් හදන්නෙ මිනිස්සු දිව්‍ය ලෝකේ යන එක වලක්වන්නලු :confused:
    ඉස්ලාම් ආගමේ හොඳ අය ස්වර්ගෙට යනවා එහෙ සර්වබලධාරී දෙයියෝ ඉන්නව, නරක අය අපායේ යනව, එහෙත් මොකෙද්ද එකෙක් ඉන්නවලු. :confused:
    බුධ්ධාගමේත් පින් කරන අය දිවය ලෝකේ යනවලු, එහෙ සක්‍රය ඉන්නවලු, පව් කරන අය අපායට යනවලු, එහෙ මාරයා ඉන්නවලු,මාරයා මිනිස්සු නිවන් යනවට කැමති නැල්ලූ බාධා කරනවලු :confused:

    so what's your point ???
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උබ ඔව ඉගනගත්තෙ කොහොමද, දහම් පාසලෙන්ද, නැත්ත්න් ඊට අමතරව මූලාශ්‍ර පරිශ්‍රමය කරාද...?

    have to go out now.. reply you later!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්‍රිස්තියානි ආගමේ හොඳ අය දිව්‍ය ලෝකේ යනව, එහෙ සර්වබලධාරී දෙයියෝ ඉන්නවලු, නරක අය නිරයේ යනව, එහෙ සාතන් ඉන්නවලු, සාතන් හදන්නෙ මිනිස්සු දිව්‍ය ලෝකේ යන එක වලක්වන්නලු :confused:
    ඉස්ලාම් ආගමේ හොඳ අය ස්වර්ගෙට යනවා එහෙ සර්වබලධාරී දෙයියෝ ඉන්නව, නරක අය අපායේ යනව, එහෙත් මොකෙද්ද එකෙක් ඉන්නවලු. :confused:
    බුධ්ධාගමේත් පින් කරන අය දිවය ලෝකේ යනවලු, එහෙ සක්‍රය ඉන්නවලු, පව් කරන අය අපායට යනවලු, එහෙ මාරයා ඉන්නවලු,මාරයා මිනිස්සු නිවන් යනවට කැමති නැල්ලූ බාධා කරනවලු :confused:

    අපි හිතනවට වඩා ගැබුරුයිලු ඕක... අපේ අවබෝදය, ශ්‍රද්දාව මදීලු තේරුම් ගන්න... උන් කියන දේ ඇත්ත වෙන්නත් පුලුවන්.. අනේ මන්ද බන්....:(
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    විද්‍යාව කියන්නෙ හැම තිස්සෙම වෙනස් වෙන දෙයක්නෙ බන්.. ඒක දන්නෙ බාගෙද, සම්පූර්නවද කියල ඩිෆයින් කරන්න බැ....

    මාරයව බුදුන් හිතෙන් මවාගත්හ්ට කියන එක කොහොමද අගවුරවයක් වෙන්නෙ... ඒ උනේ උන්වහන්සේ නිර්වානය අවබොද කරගන්න ඉස්සෙල්ලනෙ..

    ස්කන්ද මාරයව අපිට අත්දකින්න පුලුවන් කොහොමද?

    විද්‍යාවේ තියන අවිනිශ්චිත භාවය අඳුනගන්න එක තමයි මචන් විද්‍යාව අවබෝධ කරගන්නව කියන්නෙ. ඒක නිකන් මේක කියවල අවබෝධ වෙන්නේ නෑ. ඒක විද්‍යාව හරහාම, ඒක හදාරලා දකින්න ඕන.

    බුදුහාමුදුරුවො මාරය ගැන ගොඩක් විස්තර කරල තියනව බණ වලදි. ඉතින් මාරය හිතින් මවාගත්ත දෙයක් කිව්වොත්, බුදුහාමුදුරුවො සිහි විකල් වෙලා බන කිව්ව වගේ දෙයක් හැඟෙනවා.

    ඔයා මාර්ගඵල ලබල නිවන් දකින්න ලං වෙනකොට මාරය අත් දකින්න පුළුවන්.
    නිවන් දකින්න යන අයට කරදර කරන එක මාරයාගේ hobby එක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    විද්‍යාවේ තියන අවිනිශ්චිත භාවය අඳුනගන්න එක තමයි මචන් විද්‍යාව අවබෝධ කරගන්නව කියන්නෙ. ඒක නිකන් මේක කියවල අවබෝධ වෙන්නේ නෑ. ඒක විද්‍යාව හරහාම, ඒක හදාරලා දකින්න ඕන.

    බුදුහාමුදුරුවො මාරය ගැන ගොඩක් විස්තර කරල තියනව බණ වලදි. ඉතින් මාරය හිතින් මවාගත්ත දෙයක් කිව්වොත්, බුදුහාමුදුරුවො සිහි විකල් වෙලා බන කිව්ව වගේ දෙයක් හැඟෙනවා.

    ඔයා මාර්ගඵල ලබල නිවන් දකින්න ලං වෙනකොට මාරය අත් දකින්න පුළුවන්.
    නිවන් දකින්න යන අයට කරදර කරන එක මාරයාගේ hobby එක.

    හ්ම්ම් වෙන්න ඇති. මම කිව්වෙ අර බුදුන් නිවන් අවභොඩ කරගන්න ඉස්සෙල්ල මාරය පරීක්ශා කරපු අවස්තාව ගැන... ඊට පස්සෙ වෙච්ච එව දැනට මම දන්නෙ නෑ.. මම බලන ඩොකියුමෙන්ටරියෙ තම පැයයි බැලුවෙ සමහරවිට ඉතුරු පැය 2දි ඔය දේවල් ගැනත් කියයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    so what's your point ???

    හැම ආගමක්ම හදන්නෙ මිනිස්සු වැරදි පාරේ යන එක වලක්වන්න, ඒකට පාවිච්චි කරපු එක උපක්‍රමයක් තමයි වැරැද්දට දඬුවම් ලැබෙනව කියල බය කරන එක. නැත්තන් හොඳට හිටියොත් සැප ලැබෙනව කියල ආසාව ඇති කරන එක. සාමාන්‍ය මනුස්සයෙක්ට හරි වැරැද්ද කියල තේරුම් කරනවට වඩා ඒක ලේසියි. හැම ආගමෙන්ම කරන්නෙ ඔය තියරිය වෙනස් විදිහට කියන එක කියලයි මට හිතෙන්නෙ :confused:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ක්‍රිස්තියානි ආගමේ හොඳ අය දිව්‍ය ලෝකේ යනව, එහෙ සර්වබලධාරී දෙයියෝ ඉන්නවලු, නරක අය නිරයේ යනව, එහෙ සාතන් ඉන්නවලු, සාතන් හදන්නෙ මිනිස්සු දිව්‍ය ලෝකේ යන එක වලක්වන්නලු :confused:
    ඉස්ලාම් ආගමේ හොඳ අය ස්වර්ගෙට යනවා එහෙ සර්වබලධාරී දෙයියෝ ඉන්නව, නරක අය අපායේ යනව, එහෙත් මොකෙද්ද එකෙක් ඉන්නවලු. :confused:
    බුධ්ධාගමේත් පින් කරන අය දිවය ලෝකේ යනවලු, එහෙ සක්‍රය ඉන්නවලු, පව් කරන අය අපායට යනවලු, එහෙ මාරයා ඉන්නවලු,මාරයා මිනිස්සු නිවන් යනවට කැමති නැල්ලූ බාධා කරනවලු :confused:

    මාරය ඉන්නෙ අපායෙ නෙමෙයි බන්. මාරය කියන්නෙ බලය වැඩිම දෙවිය. සක්‍රය minister නම්, මාරය president.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    මාරය ඉන්නෙ අපායෙ නෙමෙයි බන්. මාරය කියන්නෙ බලය වැඩිම දෙවිය. සක්‍රය minister නම්, මාරය president.

    mokakda bn eke theruma ? poddak pahadili karanawada?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අද කාලේ නොවෙන හිතාගන්නවත් බැරි ආශ්චර්යමත් දේවල් බොහෝමයක් ඒ යුගයේ උනා කියලයි මං දන්නෙ, විශ්වාස කරන්නෙ. ඔය කිව්ව දෙයත් භොතිකවම උනා කියලයි මං දන්නෙ නම්.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අද කාලේ නොවෙන හිතාගන්නවත් බැරි ආශ්චර්යමත් දේවල් බොහෝමයක් ඒ යුගයේ උනා කියලයි මං දන්නෙ, විශ්වාස කරන්නෙ. ඔය කිව්ව දෙයත් භොතිකවම උනා කියලයි මං දන්නෙ නම්.

    :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හැම ආගමක්ම හදන්නෙ මිනිස්සු වැරදි පාරේ යන එක වලක්වන්න, ඒකට පාවිච්චි කරපු එක උපක්‍රමයක් තමයි වැරැද්දට දඬුවම් ලැබෙනව කියල බය කරන එක. නැත්තන් හොඳට හිටියොත් සැප ලැබෙනව කියල ආසාව ඇති කරන එක. සාමාන්‍ය මනුස්සයෙක්ට හරි වැරැද්ද කියල තේරුම් කරනවට වඩා ඒක ලේසියි. හැම ආගමෙන්ම කරන්නෙ ඔය තියරිය වෙනස් විදිහට කියන එක කියලයි මට හිතෙන්නෙ :confused:

    buddagame nam hithata wadichchama de thamai eka thaman ma wimasala thaman ma practice karala wisanda ganna ona deyak weema. bawana karana eka wage dewal kochchara kiwwath thaman ma karanna epai, balen karawanna baha ne.