බුදුරජාණන් වහන්සේ

Mar 7, 2011
243
28
0
බුදුරජාණන් වහන්සේ



අසම සමවූ බුදුරජාණන් වහන්සේගේ චරියා රටාව පිළිබදව හැම ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තුන් ලෝකෙවත් නැහැ. ඒ හැකියාව ඇත්තේ තවත් බුදුන් කෙනෙකුටම පමණයි. සියළු ආකාරයෙන් පූර්ණ උන කිසිම තැනක වරදක් අඩුපාඩුවක් නැති චරිතයක් බුදු රජාණන් වහන්සේට තිබුන බව ඔබට බුද්ධ දේශනා වලින්ම දැක ගන්න පුළුවන්.

“මහණෙනි, නුඹලාට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැන්මක් ඇති වුණහොත් ඒ අවස්ථාවේදීම මාව සිහි කරන්න. ඒකාන්තයෙන් ඒ බිය නැති වෙනවා. කුමක් නිසාද යත්, මහණෙනි තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධයි, රාගයෙන් තොරයි, බය ගන්නෙ නෑ, තැති ගන්නෙ නෑ, පලා යන්නෙ නෑ”

එසේ නම් ශ්‍රාවකයන් වශයෙන් නුඹලා බුදු ගුණ සිහි කරනවා නම්, නුඹලාට ඉහත කී ආශිර්වාදය ලැබෙනවා. මෙන්න මේ ගුණ අපිට වැඩෙන්න නම්, අංශු මාත්‍රයකින් හරි අපි ඒ ගුණයට එන්න ඕනෙ. මේ අප්‍රමාණ ගුණ කැටි කරලා දේශනාවක් කරල තියෙනවා මෙන්න මේ විදිහට,
 
Mar 7, 2011
243
28
0
“අරහං, සම්මා සම්බුද්ධෝ, සුගතෝ, ලෝක විදූ,සත්ථා දේව මනුස්සානං, අනුත්තරෝ පුරිස ධම්මසාරති, බුද්ධෝ, භගවාති, විජ්ජාචරණ සම්පන්නෝ,”

අපිට පුළුවන් මේ අප්‍රමාණ ගුණ හැම වෙලාවකම කියමින් හෝ සිහිකරමින් ශාන්තියක් උදා කරගන්න. නමුත් එහෙම දෙයක් දැනට ලැබෙන පාටක් නැහැ, ඒ කියන්නෙ අපිට කොහේ හරි වැරදිලා තියෙනවා, ඒකට හේතුව තමයි අපි මෙච්චර කල් උච්චාරනය කලේ ඉපිසෝ භගවා…කියල පටන් අරගෙන. ඒ කිව්වෙ වචන දෙකක් එකපාරට එකට කියනවා නමුත් නිවැරදි විදිහ නම්, මෙහි “ඉතිපි සෝ” වචන දෙකක් විදියට ශබ්ද කරන්න ඕනෙ.

“ඉතිපිසෝ” කියද්දි “ඉෂ්ඨත්වය පිස දැමූ” කියන අර්ථයයි හැඟවෙන්නේ. “ඉතිපි සෝ භගවා” කියද්දි මෙසේ මෙසේ කාරණා වලින් ඒ භගවතුන් වහන්සේ කියන අර්ථයයි එන්නේ. මේ ආකාරයට වචන මුලින්ම වෙනස් කර ගත් විට අග සම්පූර්ණයෙන්ම වැරදිලා යනවා. උපමාවක් විදිහට අඩි 30 විතර උස කනුවක් මුලින් අංශක 15 විතර ඇල කලාම එහි මුදුන විශාල අගයකින් ඇල වෙනව වගේ, මුල වැරදුනාම අගට යන්න යන්න වැරදීම විශාල වෙනවා. ඒ වගේම පද එකින් එකට වෙන් කරලත් කියන්න ඕනෙ. එවිට බුදු රජාණන් වහන්සේගේ ගුණ නමය පද හැටියට කියවෙනවා. ගුණ නමයෙන් 8ක් පමනක් කියවීමෙන් එහි දැක්වෙන ගුනය ලැබෙන්නෙ නැහැ
 
  • Like
Reactions: Samantha567
Mar 7, 2011
243
28
0
I don't even know u r fake ID or real
& I don't care u r Muslim of Buddhist

Good Work bro :)
Valuable post
rep 5+

මම මුස්ලිම්:) නමුත් තාර්කිකව හිතන්නෙ නැතුව පිළිගන්නෙ නැහැ. ඒක නිසා මම බුදු දහමට ගරු කරනවා
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අසීම්;9580900 said:
මම මුස්ලිම්:) නමුත් තාර්කිකව හිතන්නෙ නැතුව පිළිගන්නෙ නැහැ. ඒක නිසා මම බුදු දහමට ගරු කරනවා

It's up to u :)
but don't disparage u r religion :D
 

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
අසීම්;9580900 said:
මම මුස්ලිම්:) නමුත් තාර්කිකව හිතන්නෙ නැතුව පිළිගන්නෙ නැහැ. ඒක නිසා මම බුදු දහමට ගරු කරනවා

සාදු සාදු යාළුවගේ පැහැදිලි කිරීමට, ඒත් පාලි නිවැරදි ක්‍රමය මේ විදිහට වෙන්න ඕනි.

ඉති පි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවා තී

මේ තමය් ඒ උත්තමයන්වහන්සේගේ ගුණ නමය.

අරහං
සම්මාසම්බුද්ධෝ
විජ්ජාචරණ සම්පන්නෝ
සුගතෝ
ලෝකවිදූ
අනුත්තරෝ පුරිස ධම්ම සාරති
සත්ථා දේව මනුස්සානං
බුද්ධෝ
භගවා
 
Last edited:

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    අසීම්;9580900 said:
    මම මුස්ලිම්:) නමුත් තාර්කිකව හිතන්නෙ නැතුව පිළිගන්නෙ නැහැ. ඒක නිසා මම බුදු දහමට ගරු කරනවා

    ඔය වචන ටිකට මම ඔයාට ගරු කරනවා .... :):)