බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් කියන්නයි යන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුද්ධ රූපයක් නරක අදහසකින් විකුර්ති කලාම පව් සිද්ධ වෙන්නේ කොහොමද කියල.
ඒකට හේතුව තමයි තවමත් මේ විශ්වය පුරා විසිරිලා තියෙන බුද්ධ ශක්තිය. මම බොහොම සරල උදාහරණයක් ගන්නම්. හිතන්න ඉතාමත් සීතල දිය නොවන අයිස් කුට්ටියක් යකඩ තහඩුවක් මැද තියල තියෙනවා කියල. එතකොට ඒකෙ සීතල විසිරිලා යනවා හැම අතටම. දැන් ඒ අයිස් කුට්ටිය ඉවත් කළා කියන්න. නමුත් සීතල තවමත් තියෙනවා. නමුත් ටිකෙන් ටික අඩු වෙලා යනවා.
අන්න ඒ වගේ තමයි බුද්ධ ශක්තියත්. තාමත් විසිරිලා තියෙනවා. මිනිසුන් හිතා මතා බුද්ධ චරිතයට විරුද්ධ වැඩ කරනකොට ඒක විපාක දෙන්නේ ඒ නිසයි.
ඒ වගේම බුද්ධ ශක්තිය කවද හරි අවසන් වෙනවා. ඒක අවුරුදු 5000 ද කීයක්ද කියන්න මම හරියටම දන්නෙ නැහැ. නමුත් ඒ කාලේ මේ ලෝකේ බොහොම දරුණු තැනක් වෙනවා. අන්තිමට ලෝක විනාශය වෙලා සියල්ල අවසන් වෙනවා. නැවත චක්රය අලුතින් පටන් ගන්නවා.
බෞද්ධ අබෞද්ධ හැමෝටම කියන්නෙ. සිංහලයන්ගේ හෝ බෞධයන්ගේ හෝ හිත් රිදවන්න කියල බුද්ධ චරිතයට පහර ගහන්න එපා. ගිනි අපාය, ලෝකුඹු නරකය වගේ භයානක තැන් වල තමයි විපාක දෙන්නේ. මම කියන දේ පිළිගන්න අමාරු නම් ගිහිල්ලම බලන්න.