බුදුරජාණන් වහන්සේගේ ගේ අග්‍ර උපස්ථායක /දර්ම බාන්දාගාරික විදිහට ආනන්ද හාමුදුරුවෝ (රහත් වෙලා නැ ඒ වෙනකොට ) පත් කරනකොට එයා වර 5 ක් ඉල්ලුව. එකෙන් එකක් තමා ඒ වෙනකොට කල සියලු දර්ම දේශනා සහ ඉදිරියේදී තමන් නැති හැම තැනකම කියපු දේශනා තමන්ට කියන්න ඕනේ කියන එක. දැන් පලවෙනි දර්ම සංඝායනාවේදී ආනන්ද රහතන් වහන්සේ බුදු මුවින් පිට උන සියලු දේවල් ඒ මන්දපේ යටට කිව්වා. ඒවා තමා තුන් පිටකය කියල අටුවා ටීකා එක්ක පිළිවෙලට මේ වෙනකන් අවේ. ඒ හැම බණක් ම පටන් ගන්නකොට කිව්වා තැන තියනවා "ඒවං මෙසුතන් එක සමයන් බගවා සවත්තියන් විහරථී ජේතවනේ...." මේ කියන්නේ මා විසින් ජේතවන විහාරයේදී මෙසේ අසන ලදී ..
ඉතින් ලංකාවේ ඇවිත් ඔය වගේ විශේෂ දේවල් කරලා දරමේ දේශනා කළා නම් ඒවා අනිවාර්යෙන් තුන් පිටකයේ තියෙන්න ඕනේ. එහෙම කිසිම තැනක නැ. මේකට ශාක්ෂි වශයෙන් අපේ තාත්තා ඉන්නවා. (එයා කොලබ විශ්වවිද්‍යාලෙ පාලි ඩිග්රි එකක් තියනවා )
එච් ඒ නියෝගෙ මතවාදය හරියි කියලා ගන්න පුලුවන් ආනන්ද ස්වාමීන්වහන්සේ බුද්ධෝත්පත්තියේ සිටම බුදුරදුන්ගෙ උපස්ථායකව සිටියා නම්. නමුත් ඒක එහෙම නෙමෙයි සිද්ධවුනේ. ආනන්ද මහරහතන් වහන්සේට කලින් විවිධ උපස්ථායකලා සිටියා බුදුන්ට. සුනක්ඛත්ත කියලා බුදුහාමුදුරුවොන්ගෙ ඇද හොය හොයා ගියපු කෙනෙකුත් හිටියා.
බුදුන් බුදුවී (වයස 35) පනස් පස් වියේදි තමා ආනන්ද හාමුදුරුවො ස්ථිර උපස්ථායක තනතුරට පත් වෙන්නෙ. එදා සිට තමා ඔය වරය අනද හිමියන් බුදුන්ගෙන් ඉල්ලා සිටින්නෙ. එතකොට බුදුවීමත් පනස්පස් වියත් අතර අවුරුදු 20ක කාලය ගැන මොකද හිතන්නෙ ?
අපේ සාම්ප්‍රදායික පුරාවෘත අනුව බුදුන් ලක්දිවට වැඩම කලායැයි කියන්නෙ බුදුවී මාස නවය, වර්ෂ අට සහ නමය යනාදී ඒවායෙ. ඒ කියන්නෙ ඒ කාලය තුල ආනන්ද හිමියන්ගෙ වරය වලංගුව තිබිලා නැහැ. එතකොට ඔය තර්කය බිඳ වැටෙනවා නේද.
Edit -
ඒ වගේම ඒවම් මේ සුතම් කියන එක වැඩියෙන්ම ඇට්‍රිබියුට් වෙන්නෙ ආනන්ද මහ රහතන් වහන්සේට. ඒ වගෙම ඔකෙ තවත් වේරියේශන්ස් තියනවා. සමහර සූත්‍ර ඔය මොකුත් නැතිව පටන්ගන්නවා. මට එහෙම මොකුත් නැතිව පටන්ගන්න ඒවාට එකපාර මතක් වෙන්නෙ අට්ටකවග්ග, පාරායණ වග්ග වගේ ඒවායෙ සූත්‍ර. මෙව්වා බුදුන් මුල්කාලීන සංඝයාට දේශිත සූත්‍ර හැටියට තමා පිළිගන්නෙ.