මමනම් සෝවන් හරි ඊට එහා ගිය පොරක් දැකලවත් නෑ. ඉතින් මට ඕක ගැන විශ්වාසයක් නෑ තවම. ඔය ඔක්කොම කතන්දර කියල තමයි මම හිතන්නෙ. (@IndrajithGamage වගේ මටත් හිතෙන්නෙ බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ මේ ජීවිතය ගැන. අනික් ඔක්කොම පස්සෙ හදාගත්ත කතන්දර නැත්නම් වැරදි අර්ත නිරූපන කියල තමා මටනම් හිතෙන්නෙ.)සංයෝජන තියෙනකන් පංච කාමය විදින්න තියෙන ආසාව කොහොමත් තියෙනවා. කරා, නොකර හිටියා කියලා වැඩක් වෙන්නැහැ සංයෝජන ධර්ම කඩන්නැතුව. මුලින්ම කැඩෙන්නේ සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා සෝවාන් වෙද්දි. සෝවාන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරය උපදින background එක තමයි පංච නීවරණ යටපත් වුන අවස්ථාව, නැතුව පංච නීවරණ යටපත් කරපු *නිසා* නිවන් දකිනවා නෙමෙයි.
නිවන හේතු නිසා ඇති ඵලයක් නෙමෙයි. හේතු-ඵල නිරුද්ධ තැනක්. මෙහෙම කතා කරද්දි පටිපදාවක්/ වෘතයක් follow කරලා නිවන් දකිනවා කියලා හිතුනට නිවන් දැකලයි පටිපදාවට වැටෙන්නේ.
මාර්ගඵල ලාබියෝ කාමයේ හැසිරෙන එකම විපස්සනා කමටහන් විදිහට වැඩ කරන්නේ සසරෙන් එතෙර වෙන්න එතුමන්ලට.
හැබැයි පහල දෙක අවබෝධ වෙලා තියෙනවා.
අනිත්‍ය
දුක්ඛ
අනාත්ම ?
