තර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .
උබ එහෙනම් මොන වගේ දෙයකින් ද දෙයක හරි වැරැද්ද තීරණය කරන්නේ ??
එහෙනං බං උඹ තර්ක කරන්නෙ ඇත්තටම නැති, හදන් ඉන්න ඒවත් එක්කනෙ, ඔය උඹ රතු පාට කියන සම්මුතිය විස්තර කරන්න ගත්ත ඒවත් ආයෙ සම්මුතිනෙ බං.රතු පාට කියලා උබ අදහස් කරන්නේ මොකද්ද ?
මම දන්නා රතු පාට කියලා එකක් නෑ ... ඔය තියෙන්නේ wave length එකක් . එකට සම්මුතියක් හදන් ඉන්නව රතු කියලා .
Wave length එක උබ ඕන නම් මැන ගන්න පුලුවන් .
මෙච්චර කල් ඔය සම්මුතිය තමයි බහුතරය බාවිතා කරල තියෙනේ . ඉතින් මම උබ ඔය රතු රතු කියලා දෙයක් පෙන්නලා කාගෙන් හරි ඇහුවම ඌ ත් ඕක රතු කියන්න තියන ඉඩ තමයි වැඩි .

