සම්මා සම්බුදු කෙනෙක් ගේ ධර්මය අනුගමනය කරල රහත් වෙලා කෙනෙක් පිරිනිවන් පාන්නේ .
පසේ බුදු කෙනෙක්ට ධර්මය අවබෝධ වෙන්න එක නිමේශයක් ඇති (කලින් පෙරුම්පුරලා තින්නේ ඕන )
අම්ම කුස්සියේ කෑම හදන ගමන් කවියක් කියල තිනවා එක අහගෙන ඉදපු ගෙදර අනිත් අයත් ඒ වෙලාවේ ධර්මය අවබෝධ කරගෙන බුදු වෙලා තිනව. කතාව දන්නා කෙනෙක් දාවි
දුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නෙත් උතුම් වූ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් යම් යම් කාරණා වලින් බුදු කෙනෙක් රහතන් වහන්සේ නමකගෙන් වෙනස් වෙනවා. ඒ එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ සතුව පවතින විස්මිත ඥාණ සමුදාය. ඒ එක ඥාණයක් තමයි අනාවරණ ඥාණය කියන්නෙ. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥාණයක් කියනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නෙ. ඒත් එක්කම පුබ්බෙ නිවාසානුස්සති ඥාණය එහෙමත් නැත්තම් සත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ දැකීමේ නුවණ ත් එකතුවෙලා තමයි උන්වහන්සේ අතීතයේ වැඩ විසූ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර ලෝකයට හෙළිදරව් කළේ.
ඔයාලා දන්නවනේ මේ යුගය හඳුන්වන්නෙ මහා භද්‍ර කල්පය කියලා. ඒකට හේතුව උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක් මේ යුගයේ පහළ වෙන නිසයි. මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වූවේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දහ වෙද්දී කෝණාගම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සක්ව තමයි තිබුණේ. එහෙත් මේ වනවිට මිනිස් ආයුෂ ක්‍රමයෙන් අවම වී ගෙන යන බව පැහැදිලියි. දැන් කාලේ ඉතින් පරමායුෂ 60-70ක් විතර නේ.
ජම්බුද්වීපය හෙවත් …ඉන්දියාවේ පමණයි මේ උතුමන් වහන්සේලා පහළ වෙන්නෙ. එයිනුත් ඉන්දියාවේ මධ්‍ය මණ්ඩලය ඉතා වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය තමයි මධ්‍ය මණ්ඩලය. බරණැස් නගරය පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේ ම යි. මිනිසුන්ගේ ආයුෂ අසූ දහසක් වූ කල්හි අද බරණැස් නුවර නමින් හඳුන්වන නගරය එකලට ‘ කේතුමතී ‘ නාමයෙන් හැඳින්වෙනවා. ඒ කේතුමතී නගරයේ තමයි මෛත්‍රී බුදුරජුන් පහළ වන්නේ. හැබැයි ඉතින් ඒකට තව ගොඩක් කල් තියෙනවනේ. ඒ නිසා කවුරුහරි කියනවා/හිතනවා නම් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියලා බැහැර කරන්නෝන ඒ අදහස. මොකද දන්නවද, අපි ඒ කාලේ වෙද්දි මොන විදියේ උපතක ඉඳීද දන්නෙ නැහැනේ. තිරිසන් සතෙක්, ප්‍රේතයෙක් වෙලා දුගතියේ හිටියොත් එහෙම??? මීට කලින් තිබුණ බුද්ධ ශාසන වලත් අපි ඉන්න ඇතිනේ. ඒත් අපිට ධර්මය අවබෝධ වුණේ නැහැනේ. ඉතින් අපි කොහොමද නොදකින අනාගතයක් ගැන විශ්වාස කරන්නෙ. ඒ නිසා මේ ආත්මයේදී ම පටන් ගන්න අවබෝධය ලබන්න, කල් දාන්න එපා. මාතෘකාවෙන් පිට පැන්නද මන්දා මම....
සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රධාන බුද්ධ කෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇතිකර ගත් ශ්‍රාවක පිරිස් බිහිවන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ ම විතරයි. ඒ වගේම බුදු සසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුනුත් ලොව පහළ වෙනවා, උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ හෙවත් ‘පසේබුදුරජාණන් වහන්සේලා' යනුවෙන්. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනත් ජීවමානව පවතින යුගයක නම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නම් ලෝකයේ නැති කාලයකයි. නමුත් උන්වහන්සේලා සාමාන්‍ය මිනිසුන් හා ගැටීමක් නැහැ. පිටතින් බලා කෙනෙකුට හඳුනාගන්නත් බැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහලවෙන්නට සුළු කලකට කලින් ‘මාතංග‘ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියා. ගෞතමයන් වහන්සේ මේ ලොව පහළ වෙන්නට නියමිත බව දැනගත්තම උන්වහන්සේ පිරිනිවන් පාන්නට තීරණය කරනවා.
ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවූ ජේතවනාරාමයෙයි. ධර්ම භාණ්ඩාගාරික වුණ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සෙ හුදෙකලාවේ භාවනා කරමින් ඉන්නකොට මේ වගේ අදහසක් ඇතිවුණා. "බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන වගේ ම උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ ජීවිත ගැන අපට බොහෝ කරුණු කියාදීලා තියෙනවා, නමුත් පසේබුදුරජාණන් වහන්සේලා ගැන වැඩිය කරුණු වදාරලා නැතිනිසා ඒ ගැන විමසන්න ඕන" කියලා. මෙහෙම හිතුව ආනන්ද ස්වාමින් වහන්සෙ, භාවනාවෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා පසේබුදුරජාණන් වහන්සේලා ගැන විමසනවා. ඒ වෙලාවෙදි තමයි කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහින් තිබුණ මේ කාරණා ඉස්මතුවෙන විදියට බුදුරජාණන් වහන්සේ විසින් ඛග්ගවිසාණ සූත්‍රය දේශනා කරන්නෙ. පාලියෙන් ඛග්ග කියලා කියන්නෙ කඩුවට, විසාණ කියලා කියන්නෙ අඟ ට. කඩුවක් වගේ අඟක් තියෙන නිසා ම කඟවේණාට ඛග්ගවිසාණ කියලා කියනවා. කඟවේණා කියලා කියන්නෙ හුදෙකලාවේ හැසිරෙන සතෙක්. කඟවේණා වගේ හුදෙකලාවේ හැසිරුණ පසේබුදුරජාණන් වහන්සේලා ගැන මේ දේශනාවෙන් විස්තර වෙනවා. මේ උතුම් දේශනාව අඩංගු වෙන්නෙ සුත්ත නිපාතයේ. ගාථා හැටගණනකින් සහ ඒ හැම එකකටම අයත් වුණ නිධාන කථාවකින් සුන්දර වූ පසේබුදුරජාණන් වහන්සේලා ගේ ජීවිත ගැන විස්තර වෙනවා. ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගාථාවන් තමයි ඒ. (ඒ ගැන කියවන්න පහළින් සබැඳිය දාන්නම් ).
ඛග්ගවිසාණ සූත්‍රයේදී වගේ ම ඉසිගිලි සූත්රයේදිත් මේ පසේබුදුවරයන් වහන්සේලා ගැන විස්තර වශයෙන් සඳහන් වෙනවා. අහලා තියෙනවා නේද ඉසිගිලි සූත්‍රය. පිරිත් පොතේ තියෙනවා ඔන්න. මේ ඉසිගිලි සූත්‍රය, ඉසිගිලි පර්වතය මුල්කරගෙනයි දේශනා කරන්නේ. පසේබුදුවරයන් වහන්සේලා වැඩි වශයෙන් වැඩ සිටිය තැනක් තමයි මේ ඉසිගිලි පව්ව. ඒ කාලේ මිනිසුන් දකිනවා ඉසිවරුන්(පසේබුදුවරයන් වහන්සේලා ) පර්වතය තරණය කරනවා, නමුත් ඊටපස්සෙ දකින්න නැහැ. ඒ නිසා මේ මිනිස්සු හිතුවා මේ පර්වතය නම් ඉසිවරුන් ගිලගන්න එකක් තමයි කියලා. ඒ නිසා පර්වතය ඉසිගිලි නමින් හඳුන්වන්න පටන්ගත්තා. මේ ඉසිගිලි සූත්‍ර දේශනාවේදී පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් ගැන නම් වලින් ම විස්තර වෙනවා.
අටුවාවේ තිබෙන විස්තර අනුව මේ පසේබුදුවරුන් වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ “ගන්ධමාන” නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි “මංජුසක” නම් විශාල වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසටයි. එම මල “රන්මල්” ලෙස හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් වෙවෙයි. මේක කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයක්. මේවා වර්ණවත් රන් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳි ද මිශ්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට තමයි අනෙක් පසේබුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බව. ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා දෙව්දතුන් තමන්ගේ සියළු පව් නිරයේදී ගෙවා දැමීමෙන් අනතුරුව අවසානයේ පසේ බුද්ධත්වයට පත්වෙලා පිරිනිවන් පානවා කියලා. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක් මෙන් මෙවැනි බද්ධ වෛරයක් ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක් අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක් අපාගතව සිට ඉන් මිදී මිනිස් ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්ඨිස්සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය"
uputaganima-http://yeslahiru.blogspot.com/2012/08/blog-post_31.html
bump
මිට කල්ප 91කට කලින් බරණැස ජිවත් උනා සහෝදරයෝ දෙන්නෙක්. මේ සහෝදරයෝ දෙන්නා උක් හේනක් වගා කරමින් ජිවත් උනේ. මේගොල්ලො වගාකලේ කැපූ තැනින් පැණි සියල්ල ගලා බසින, පැණි ලබාගන්න උක් දඬු මිරිකන්න අවශ්‍ය නැති උක් විශේෂයක්. මෙවැනි උක් විශේෂයක් ගැන වර්තමාන ලෝකයේ අපිට අසන්නට නැහැ. මේ දෙදෙනාගෙන් බාල සහෝදරයා දවසක් උක් හේන බලන්න ගියා.
මෙයා ගිහිල්ල උක් හේනෙන් තමුන්ගේ අයියටත් එක්ක උක් දඬු දෙකක් කපාගෙන ගෙදර එන්න පිටත් උනා.අතර මගදී මොහුට හමුවෙනවා පිණ්ඩපාතයේ වඩින පසේ බුදුවරයෙක්ව. ඉතින් මොහු පසේ බුදුවරයා කෙරෙහි පැහැදිලා, තමුන්ගේ කරේ තිබුන උතුරු සළුව බිම එලා, එහි පසේ බුදුවරයාව හිඳුවා, පැණි ගලා නොයන්න උක් දඬුවේ ඔතා තිබුන රෙදිකඩ ඉවත් කරලා, එහි වූ පැණි සියල්ලම පසේ බුදුරජාණන්වහන්සේගේ පත්‍රයට වත්කලා. උක් පැණි වලින් පාත්‍රය පිරිල ගියා. පසේ බුදුන් වහන්සේ එය වැළඳුවාට පස්සෙ මෙයාගේ හිතේ සතුට තවත් වැඩි උනා.
සතුටු සිතින් එයා අයියා වෙනුවෙන් රැගෙන ආපු උක් දඬුවත් පසේ බුදුන් වහන්සේට පුජා කළා. එයා හිතුව අයියා තමුන්ගේ උක් දඬුව වෙනුවෙන් මුදල් ඉල්ලුවොත් මුදල් හෝ පිං ඉල්ලුවොත් පිං හෝ ඔහුට දෙන බව. එදා ඔහු සතුටු සිතින් පසේ බුදුන්ට උක් දඬුව පුජා කරල පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා මෙහෙම ප්‍රර්ථනා කළා. "මම ඔබ වහන්සේට ඉතා අනර්ඝ වූ රසයක් පුජා කළා. ඒ පිනේ ආනුභාවයෙන් දෙව් මිනිස් ලෝකයන්හි සැප සම්පත් විඳ අවසානයේ ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය මටද අවබෝධ වේවා.." කියල ප්‍රාර්ථනාවක් කළා.
එදා මොහු නිවසට ආපු වෙලාවේදී අයියා අහනව කොහේද ඔබ ගියේ කියල. ඔහු අයියට සිදුවූ සියල්ල පැවසුවා. පසේ බුදුවරයන් වහන්සේ තමුන් අයියා වෙනුවෙන් රැගෙන ආ උක් දඬුවෙහි පැණි ගන්ධමාන නම් පර්වතයෙහි වාසය කරන අනෙකුත් පසේ බුදුවරුන් සඳහා අහසින් රැගෙන ගිය බව පැවසුවා. මෙය ඇසු අයියා තමුන්ගේ උක් දඬුව වෙනුවට මුදල් නොඉල්ලා පිං කැමති වී ප්‍රාර්ථනාවක් කළා. ඔහු වෙනත් කිසිවක් ප්‍රර්ථනා නොකර මේ පිං බලයෙන් පසේ බුදුරදුන් අවබෝධ කල ධර්මය තමුන්ටත් අවබෝධ කර ගැනීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කළා.
මේ සහෝදරයින් දෙදෙනා ආයුෂ ඇතිතෙක් සුව සේ කල් ගෙවා මියගොස් දෙව් ලොව උපත ලබනවා.
බොහෝ කාලයක් දිව්‍ය සැප විඳපු මේ දෙදෙනා දෙව් ලොවින් චුත වෙලා විපස්සි ලොව්තුරා බුදුන් වහන්සේ වැඩසිටින කාලයේ බන්ධුමතී නම් නගරයේ නිවසක වැඩි මහල්ලා වැඩිමහලු ලෙසමත්, බාලයා බාලයා ලෙසමත් උපත ලැබුවා. ඔවුන් දෙදෙනාගෙන් වැඩිමහල්ලා සේන නම් විය. බාලයා අපරාජිත නම් විය. ඔවුන් වැඩිවියට පැමිණිලා වාසය කරනවිට වැඩිමල් සහෝදරයා බුදුරාජාණන්වහන්සේ ගෙන් බණ අසන්නට ගොස් සසර කලකිරී බුදු සසුනේ පැවදි වී කෙටි කලකින්ම සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණුනා. නමුත් උක් දඬු දන් දීමේ පින්කමෙහි මුලිකයා වුන බාල සොහොයුරා කෙතරම් බණ ඇසුවත් ගිහිගෙයි ඇති සැපයන්ට ඇති ඇල්ම දුරු කරගැනීමට නොහැකි උනා. ඔහු එම බුදු සසුනේත් බොහෝ පිං කර මියගොස් නැවතත් දෙව් ලොව ඉපදුනා.
විපස්සී බුදු සමය ගෙවී ගොස් කල්ප හැටකට පසුව සිඛී, වෙස්සභූ බුදුවරයින් පහල වූවත් අපරාජිත හට ඒ බුදු සසුන් වලදීත් නිවන් දැකීමට නොහැකි උනා. ඉන් පසුව කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුවරයින් පහල වූවත් අපරාජිත හට ඒ බුදු සසුන් ද මගහැරී අප ගෞතම බුදුරජාණන්වහන්සේ ලොව පහල වූ සමයෙහි ජෝතිය නමින් සිටු පවුලක උපත ලබනවා. ඔහු ගෞතම බුදු සසුනෙහි පැවදි වී තමන් හා එකට පින් කල සොහොයුරා නිවන් දැක කල්ප 90ට පසු, බුදුවරුන් පස් නමකගේ සසුන් ඉක්ම ගිය පසු කෙලෙසුන් නසා අරහත් ඵලය ලැබුවා.
භවභෝග සම්පත් සමග නිවන් ප්‍රර්ථනා කරන්නාට සසර දිගු වන හැටි මේ කතාවෙන් තේරුම් ගත යුතුයි. භවභෝග සම්පත් සහිතව නිවන් පතන්නාගේ කුසලය තණ්හාව නිසා දුබල වෙනවා. බුදු සසුනක් හමුවී දහම් හඬ ඇසුනත් ඔවුන්ට කාමයන් හැර දැමීමට තරම් ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට නිවන් දැකීමට කල් ගතවන්නේ ඒ නිසායි. භවභෝග සම්පත් නොපතා නිවන පමණක් පතන්නාටත් අඩුවක් නොමැතිව භවභෝග සම්පත් ලැබේ. නමුත් ඔහු භවභෝග සම්පත් පැතූ තැනැත්තා මෙන් ඒවා කෙරෙහි ඇලෙන්නේ නැත. එම නිසා ඔහු සුදුසු අවස්ථාව දුටු විට එම සම්පත් හැර දමා පැවදි වන්නට සමත් වන්නේය.

දඹදිව අජිත නම් රාජ්‍යයක එක්තරා කාලයක මහත් දුර්භික්ෂයක් ඇතිවිය. මේ රාජ්‍යයේ පදිංචිකරුවෝ තමතමන්ට රිසිසේ දුර්භික්ෂය, මඟ හැරීම පිණිස පිටවී ගියහ. මේ අතර මෙහි පදිංචිව සිටි ‘කොතුහලික’ නම් පුරුෂයෙකු තමාගේ බිරිඳත් දරුවාත් සමඟ කොසබෑ නුවර බලා පිටත්වූහ. අතිශය දුෂ්කර ගමනක් වූ මේ ගමනේ දී මොවුන් ළඟ තිබූ සියලු මුදල් විය පැහැදම් විය. දින කීපයක් ගතවෙද්දී ඉවසා විඳදරා ගැනීමට අමාරු තරමේ කුසගින්නෙන් ඔවුහු පෙළි සිටියහ.
ගමන් අපහසුතාවයක්, ඉසිලිය නොහැකි තරමේ කුසගින්නත් තුළින් ගමන් කරන පුරුෂයා සිය බිරිය අමතා මෙසේ පැවසීය. අපට ගමන් විඩාවයි. කුස ගින්නයි. දරුවාත් රැගෙන මේ ගමන යා නොහැකි යි. දරුවා මඟ දමා යමු. සැමියාගේ මෙම අදහසට බිරිඳ විරුද්ධ වූවා ය. අවසනදී ඔවුන් දෙදෙනාම එක් නිගමනයකට එළැඹුණි. ඒ දෙදෙනා මාරුවෙන් මාරුවට දරුවා වඩාගෙන යෑමය.
මවගේ අතින් පියාගේ අතටත්, පියාගේ අතින් මවගේ අතටත් වශයෙන් වරින් වර මව්පියන්ගේ අතට මාරුවන දරුවාට ගමන් විඩාවත්, කුසගින්නත් නිසා පියාගේ අතේ දී නින්ද ගියේ ය. මේ අවස්ථාව දරුවා හැරදමා යෑමට හොඳයැයි කල්පනා කළ කොතුහලික තම බිරිඳ ඉදිරියෙන් ගමන් ගැනීමට සලස්වා ගසක් යට කොළරොඩු ගොඩක් උඩින් දරුවා තබා තමන් ද ගමන් ගත්තේ ය. සෑහෙන දුරක් ගමන්ගත් බිරිඳ තම පුරුෂයාගේ අතින් දරුවා ගැනීමට ආපසු හැරී බලද්දී පුරුෂයා අත දරුවා නොමැති නිසා මහත්සේ විලාප තබන්නට පටන් ගත්තේ ය. දරුවා නොමැතිව තමන් කොහේවත් නොයන බව විලාප තබමින් බිරිඳ පැවසීම නිසා තමා දරුවා හැරදමා පැමිණි ස්ථානයට වහාම දිවගිය ‘කොතුහලික’ දරුවා රැගෙන බිරිඳ සිටි ස්ථානයට පැමිණියේ ය. කුසගින්න සහ වෙහෙසකාරී තත්ත්වය මත දරුවා ඒ වන විට මරණයට පත් වී සිටියේ ය. එතෙක් ආදරයෙන් රැකගත් දරුවාගේ මෘත දේහය මහමඟ දමා ඔවුන් දෙදෙනා යළි කොසබෑ නුවර දක්වා ගමන් කරන්නට පටන් ගත්හ.
කොතුහලික සහ බිරිඳ මෙසේ ගමන් ගනිද්දී එක් ගොවිපල් ගෙදරකට (ගවයින් ඇතිකරන නිවසකට) පැමිණියෝ ය. මෙදින මේ නිවසෙහි උත්සවයකි. ඒ තමන් කිරි ලබා ගන්නා ගවදෙනුන් නාවා, ආහාර පානාදිය සපයා ඔවුන් වෙනුවෙන් කරනු ලබන ඉමහත් පුද සත්කාරයකි.
මෙම ගොපළු ගෙදර එක්තරා පසේ බුදු නම දන් වැළඳීම පිණිස නිරතුරුව වඩිති. මේ ගොපළු ගෙදරට මෙදින ද එම පසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියහ. පසේ බුදුරදුන් සඳහා දානය පිරිනැමීමෙන් අනතුරුව ගොපළුතෙමේ පැමිණි ආගන්තුක අඹු සැමි යුවළට ගිතෙල් සමඟ කිරිබත් කෑමට දුන්නේ ය. බිරිඳ සිය සැමියාට ඇති ගෞරවය නිසා ආගන්තුක නිවසකදී ලැබුණ ගිතෙල් සහ කිරිබත් පළමුව ඔහුට කෑමට සැලැස්සුවා ය. දින ගණනක් ආහාර අහේනියට ගොදුරුව සිටි කොතුහලික රසවත් කිරිබත සහ ගිතෙල් නොසෑහෙන සේ ගිල දැමුවේ ය. ගොපළු තෙමේ ආහාර ගන්නා අවස්ථාවේ දී ගෙදර සිටි බැල්ලට ද කිරිබත් සහ ගිතෙල් කෑමට දුන්නේ ය. මේ පිළිබඳව තණ්හාදික චිත්තයක් ඇතිකරගත් කොතුහලික “මේ බැල්ල මෙවන් රසවත් ආහාර ලැබීමට පින්කර ඇත්තියක්” යැයි කල්පනා කළේ ය. එම ආහාර දිරවා ගැනීමට නොහැකිව කෝතුහලික පමණට වඩා ආහාර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට එදින රාත්‍රි මරණයට පත්විය.
කොතුහලිකගේ මරණාසන්න චේතනාවේ ප්‍රතිඵලයක් හැටියට එම බැල්ලගේ කුස බලු පැටියකු වී උපන්නේ ය. කොතුහලිකගේ බිරිඳ සිය සැමියාගේ දේහය ආදාහනය කර එම නිවසෙහිම සේවය කරමින් සිටියා ය. තමන් කරන ලද සේවයට සහල් නැළියක් උපයාගත් කොතුහලිකගේ බිරිඳ එයින් දානයක් උයා පසේ බුදුරදුන්ට පුද දී මියගිය තම සැමියාට පුණ්‍යානුමෝදනා සිදු කළාය. පසේ බුදුරදුන් උපස්ථාන කර පින් රැස්කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව කල්පනා කළ කොතුහලිකගේ බිරිඳ එම නිවසෙහිම නතර වී සිටියා ය. නිවසේ සිටි බැල්ල කල්ගතවීමෙන් බලු පැටවෙකු වැදුවා ය. බලු පැටවා නොබෝ දිනකින් වැඩී ගියේ ය. පසේ බුදුරදුන් ගොපළු ගෙදරට දානයට වඩින සෑම දිනයකම මෙම සුනඛයාට බත් පිඩක් දීමට අමතක නොකළහ. එහෙයින් එම බල්ලා බුදුවරයාණන් කෙරෙහි දැඩිසේ හිතෛෂීකමක් දැක්වීය.
වනාන්තරගත අරණක වැඩ වාසය කරන පසේ බුදුවරයාට දිනකට දෙවරක් වතාවත් කිරීම පිණිස ගොපළුතැන යන සෑම අවස්ථාවකම නිවසේ සිටින මෙම සුනඛයා ද ඔහු සමඟ යන්නේ ය. වන සතුන් ඇති ගමන් මඟකින් යෑමට ඒමට ඇති නිසා මුගුරකින් ගස්කොළන් වලට තට්ටු කරමින් ශබ්ද නංවමින් යන මෙම ගමන ඉතාමත් බියකරු බව සුනඛයා ද අවබෝධ කරගෙන සිටියේ ය.
තමන්ට පැමිණීමට නොහැකි දිනට, තමන් ඇතිදැඩි කරන මෙම සුනඛයා එවා දානයට බුදුරදුන් කැඳවාගෙන ඒමට හැකිබව ගොපළු තෙමේ පසේ බුදුවරයාට දැනුම් දුන්හ. පසේ බුදුරදුන් ද ගොපල්ලාගේ එම ආරාධනාව සතුටින් පිළිගත්හ. මෙසේ දින කීපයක් ගතවෙද්දී ගොපල්ලා තමන්ගේ සුනඛයා අමතා මෙසේ කීය.
“අද දහවල් දානයට පසේ බුදුරජාණන් වහන්සේ වැඩමවා ගෙන එන්න. තොප යන්න” යැයි ගොපල්ලා පැවසූ සැනින් සුනඛයා පිටත්විය. කටුක ගමන් මඟේ දී තමන්ගේ ස්වාමියා (ගෙහිමියා - ගොපල්ලා) ගස් කොළන් වලට පහරදී වනසතුන් පලවා හරින ස්ථාන දැනගෙන සිටි සුනඛයා එම ස්ථාන වලදී මහත් හඬනඟා බුරමින් වනසතුන්, පලවා හරිමින් ගමන් කරන්නේ ය. මෙසේ ගමන් කර පසේ බුදුවරයා වැඩ වාසය කරන පන්සලට ගොස් තුන් වරක් ශබ්ද නගා බුරමින් තමන් ආ බව දැනුම් දී සිටියි. නියමිත වේලාව එළඹී බුදුරදුන් දානයට වඩින අවස්ථාව වනතෙක්ම ආවාස කුටිය සමීපයට වී සිටින සුනඛයා බුදුවරයා දානයට පිටත්වීමට මඟට බසිද්දී ඌ ඉදිරියෙන් ගමන්ගනී. වන සතුන් ගැවසෙන ස්ථාන වලදී ශබ්ද නගා බුරමින් යන මේ සුනඛයා පරීක්ෂා කරනු පිණිස පසේ බුදුරදුන් සමහර තැනකදී වෙනත් අතුරු මාර්ගයකට හැරෙන්නට සැරසෙති. මාර්ගය වැරැදී යැයි සිතන සුනඛයා එවන් අවස්ථාවලදී පසේ බුදුවරයාගේ සිවුරු පොට කටින් අල්ලා නියමිත මාර්ගයට පමුණුවනු ලබයි. මෙම චර්යාව නිතරම සිදුවෙද්දී සුනඛයා පසේ බුදුරදුන් කෙරෙහි අසීමිත ස්නේහයකින් කල්ගත කළේ ය.
මෙසේ කාලයක් ගතවෙද්දී බුදුවරයාගේ සිවුර දිරාපත් වී ගියේ ය. එය දැකීමෙන් පසුව ගොපල්ලා විසින් සිවුරක් සකස් කර ගැනීම පිණිස පසේ බුදුවරයාට වස්ත්‍රයක් පූජා කරනු ලැබීය. තනි මට සිවුරක් සකස් කර ගැනීමට දින දීපයක් ගතවන බැවින් ඒ සඳහා සුදුසු ස්ථානයකට යා යුතු බව පසේ බුදුවරයා ගොපළු තැනට දැනුම් දී සිටියහ. මේ කතාව නිවසේ ඇති කළ සුනඛයා අසා සිටියේ ය. ගොපළු තැනගෙන් සමුගත් පසේ බුදුවරයා සුනඛයා දෙස බලා සෘද්ධියෙන් අහසට නැගී ‘ගන්ධ මාදන’ පර්වතය බලා වැඩියහ. අහසින් වඩිනා බුදුරදුන් දෙස බලා සිටි සුනඛයා බුදුරදුන් නොපෙනෙන තෙක් බලා සිටිමින් තෙවරක් බුරා හදවත පැළී මිය ගියේ ය.
එම සුනඛයා මරණින් මතු තව්තිසා දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලැබුවේ ය. දෙවඟනන් දහසක් පිරිවරා දිව්‍ය සම්පත් ලබමින් සිටියි. කනට කොඳුරා කතා කරන විට එම හඬ දොළොස් යොදුනක් දුරට පැතිරී යන්නේ ය. පියවිහඬ දස දහසක් යොදුන් දුරට පැතිරී යන්නේ ය. ඒ නිසාම මෙම දිව්‍ය පුත්‍රයාට “ඝෝෂක” යන නාමය පට බැඳුනේ ය. පසේ බුදුවරයාට ස්නේහ වන්තව ගෞරවාන්විතව කටයුතු කිරීමේ කුඩා කුශලයෙන් මේ තරම් දිව්‍ය සම්පත් විඳීමට හේතුවූයේ පහන් සිතින් කුඩා වූ හෝ පුණ්‍ය කර්මයක් මහත්ඵල මහානිසංස වලට හේතු සාධක වන බව සනාථ කරමිනි.

සාදු සාදු සාදු .... බොහොම වැදගත් මාතෘකාවක්. සැමටම පින් සිදුවේවා ............
Subscribed.
I never post something in the religion section & leave them alone. welcome to the world of freedom.jonny, you can expect something like that when it posted in the wrong sectionthat's why I never post something in the religion section. welcome to the world of freedom