බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
පසේ බුදුවරු බොහෝ දෙනා විශ්වය තුල එකවිට පහළ විය හැකියි. නමුත් සම්මා සම්බුදුවරු පහළ වන්නේ එකවිට එක් බුදුවරයෙක් පමණයි.
 
BlizZ

Member
Oct 6, 2015
319
30
0
පසේ බුදු කෙනෙක්ට අනිත් අයට ධර්මය අවබෝධ කරලා දෙන්න බැරිනං "මයිත්‍රී බුදුන් දැක නිවන් දකීවා" කියන්නේ ඇයි?
දන්න කෙනෙක් මේක තෙරුන් කරලා දෙන්න.
 
  • Like
Reactions: Boomslang

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
පසේ බුදු කෙනෙක්ට අනිත් අයට ධර්මය අවබෝධ කරලා දෙන්න බැරිනං "මයිත්‍රී බුදුන් දැක නිවන් දකීවා" කියන්නේ ඇයි?
දන්න කෙනෙක් මේක තෙරුන් කරලා දෙන්න.

ඉතිං මෛත්‍රී බුදුන් කියන්නේ පසේ බුදු කෙනෙක් නෙවෙයි. සම්මා සම්බුදු කෙනෙක්.
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ කතාව වැරදියි.

    පසේබුදු කෙනෙක් පහල වෙන්නේ මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි කාලෙක.
    ඒ කාලේ මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරන්න ලේසි නෑ.
    ඒ වගේම තමයි මිනිස්සුන්ට අවබෝධ කරගන්න පිනකුත් නෑ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේ කතාව වැරදියි.

    පසේබුදු කෙනෙක් පහල වෙන්නේ මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි කාලෙක.
    ඒ කාලේ මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරන්න ලේසි නෑ.
    ඒ වගේම තමයි මිනිස්සුන්ට අවබෝධ කරගන්න පිනකුත් නෑ.

    නෑ. පිං තියෙනෙ අය හිටියත් සර්වඥතා ඥානය නැතිව බණ දේශනා කරන්න බෑ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මේ මුලු සක්වල ගැනම අවබෝධය ලබලා 31 තලයම අවබෝධ කරලයි. නමුත් පසේ බුදු කෙනෙකුට මෙහෙම කරන්න පාරමිතා නෑ. උදාහරණයක් ලෙස ගත්තොත් ධර්මය අවබෝධ කිරීමට පුළුවන් පිරිසක් තමා බුදුවන කාලය වන විට මනුශ්‍ය ලෝකයේ පහළ වෙන්නේ බොධිසත්ව කාලේ පුරපු පාරමිතා වලට අනුවම තමයි. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බුදු කෙනෙක්ට සර්වඥතා ඥානය තිබෙනවා. ඒත් පසේ බුදු කෙනෙකුට මේ ඥානය නෑ. බුදු කෙනෙක්ට මහා කරුණාව ඇත. ඒ නිසා බුද්ධ ශාසනයක් පිහිටුවලා බොහෝ දෙව් මිනිසුන් සසරින් එතෙර කරනවා. පසේ බුදු කෙනෙක්ට මේ මහා කරුණාව නෑ.

    මේක වැරදි පසේ බුදු වරුන් දේශනා කරන ධර්මය අවබෝධ කරන්න ගන්න තරම් බුද්ධියක් ඇති අය ඒ කාල වලදී නැති නිසි, කිසිදු දේශනාවක් නොකරන්නේ, නැතිව උන් වහන්සේලාට ඥානය නොමැති නිසා නෙවෙයි ;)
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේක වැරදි පසේ බුදු වරුන් දේශනා කරන ධර්මය අවබෝධ කරන්න ගන්න තරම් බුද්ධියක් ඇති අය ඒ කාල වලදී නැති නිසි, කිසිදු දේශනාවක් නොකරන්නේ, නැතිව උන් වහන්සේලාට ඥානය නොමැති නිසා නෙවෙයි ;)

    ඥානය නෑ කියලා මං කියන්නේ නෑ. පසේ බුදු කෙනෙක්ට සර්වඥතා ඥානය හැරුනකොට අනෙක් සියළු ඥානයන්ම තියෙන්න පුළුවන්. නමුත් පසේ බුදු කෙනෙක්ට මේ නිසා ශාසනයක් පිහිටුවන්න බෑ. සුළු සුළු වශයෙන් ධර්මය කියන්න පුළුවන්. නමුත් හිතන්න කෙනෙක් ඇවිල්ලා මේ සක්වලින් එපිට තියෙන්නේ මොනවාද කියලා ඇහුවොත්, මේකට උත්තර දෙන්න පුළුවන් වෙයිද පසේ බුදු කෙනෙක්ට?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    බුදු වරුන් පහලවීමත්, පසේ බුදුවරුන් පහලවීමත්, රහතුන් පහල වීමත් සියලු සත්වයින්ගේ යහපත් පිනිසම පවතී.

    පෙර සිටි පසේ බුදුවරුන් ගැන සිහිකර සිත පහදවා හැනීම පමණකින්ම යහපත් උපදී.

    "සියලු ක්ලේශසඞ්ගයන් ඉක්මවා ගිය ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් වන් ගුණ විසින් අප්‍රමෙය වූ ඒ ප්‍රත්‍යෙකබුද්ධ මහර්ෂින්හට නමස්කාර කරව."
    (ඉසිගිලි සූත්‍ර දේශ්නය කියවන්න )

    පසේ බුදුවරුන් ගැන අපි දන්නෙත් බුදුරජානන් වහන්සේ කියපු හින්ද. උන් වහන්සේත් වර්ණනා කරපු අප්‍රමාණ ගුන තියනව කියපු පසේ බුදුවරුන්ගෙ ගුණ ප්‍රමාණ කරන්න ගිහින් නිස්කාරනේ පවු රැස්කරගන්න එපා.
     
    පසේ බුදුවරයින්ට සර්වඥතා ඥානය නෑ කියලා ත්‍රිපිටකයේ තියෙනෙවා. සම්මා සම්බුද්ධ හැර වෙන කිසිවෙකුට සර්වඥතා ඥානය ලැබෙන්නේ නෑ. නමුත් පසේ බුදු කෙනෙක් හෝ සිහිකරගෙන සිත පහදවා ගන්න පුලුවන්නං ඒක විශාල පිනක්.
     
    AnuradhaRa

    Well-known member
  • බුදු කෙනෙක්ට සර්වඥතා ඥානය තිබෙනවා. ඒත් පසේ බුදු කෙනෙකුට මේ ඥානය නෑ. බුදු කෙනෙක්ට මහා කරුණාව ඇත. ඒ නිසා බුද්ධ ශාසනයක් පිහිටුවලා බොහෝ දෙව් මිනිසුන් සසරින් එතෙර කරනවා. පසේ බුදු කෙනෙක්ට මේ මහා කරුණාව නෑ.

    හෑල්ලක් ලියනවට වඩා මෙහෙම මරු :yes:

    You must spread some Reputation around before giving it to drspresents again.