බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කන්ථක පපුව පැලිලා මැරුණට පස්සේ චන්න කපිලවස්ථුපුරේට ආපහු පයින්මයි එන්නේ...ඇවිල්ල සුද්ධෝදන රජ්ජුරුවන්ට දැනුම්දෙනවා සිද්ධිය...

    1.3.6 අරියපරියෙසන සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 3. ඕපම්ම වර්ගය

    17. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.’
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Prshne ;- minisun paw karala niriye hari wena sathwa athmayak hari nawathath minis athmayak hari labanawanan ai jana gahanaya enna enna wadi wenne ai budunge kalewath meachara janagahanayak pawathiye nathe?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හැමෝම ගන්ධබ්බ අවස්ථාවේ ඉන්නේ නෑ...ඉපදෙන්ඩ ස්ථිර භවයක් හොයාගන්නකන් විතරයි ගන්ධබ්බ අවස්ථාවේ ඉන්නේ...සත්තු ඉපදෙන එක එක විදි තියෙනවනෙ මේකෙදිත් ඒවගේ, ඕපපාතික විදිහට ඒ කියන්නෙ මව්පියෝ නැතුව ඉබේ ඉපදිලා ගන්ධබ්බ අවස්ථාවේ එක්තරා කාලයක් ජීවත්වෙනව..
    10.1.2. සුචරිත සූත්‍රය

    439. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.

    මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “ගන්ධබ්බකායික දෙවියෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුඛබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නේම් නම් ඉතා මැනැවැ”යි, හේ කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.

    මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Prshne ;- minisun paw karala niriye hari wena sathwa athmayak hari nawathath minis athmayak hari labanawanan ai jana gahanaya enna enna wadi wenne ai budunge kalewath meachara janagahanayak pawathiye nathe?

    බුදු හාමුදුරුවෝ දවසක් පොලවෙන් පස් ටිකක් නියපොත්ත අගට අරන් කියනව'' සුගතිගාමී සත්වයින් මේ නියපොත්ත අග තියෙන පස් පිඩ වගෙයි...දුගතිගාමී සත්වයින් මේ මහ පොලවේ තියෙන පස් වගෙයි කියල.....''
    ඉතින් එහෙම බැලුහම මිනිස් ආත්ම/සුගතිගාමී වුණු සත්වයො අඩුවුනාට ඊට වඩා ලක්ෂවාරයක් ප්‍රමාණයක් සත්තු දුගති වල ඉන්නවනෙ.....
    ඒ දුගතිගාමි සත්තුත් දුක් විදලා ඉවරවුණාම අයෙ මිනිස් ආත්මයක් ලබන්ඩ පුලුහන්......
    එතකොට මිනිස් ගහණෙත් වැඩිවෙනව.......
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    බුදු හාමුදුරුවෝ දවසක් පොලවෙන් පස් ටිකක් නියපොත්ත අගට අරන් කියනව'' සුගතිගාමී සත්වයින් මේ නියපොත්ත අග තියෙන පස් පිඩ වගෙයි...දුගතිගාමී සත්වයින් මේ මහ පොලවේ තියෙන පස් වගෙයි කියල.....''
    ඉතින් එහෙම බැලුහම මිනිස් ආත්ම/සුගතිගාමී වුණු සත්වයො අඩුවුනාට ඊට වඩා ලක්ෂවාරයක් ප්‍රමාණයක් සත්තු දුගති වල ඉන්නවනෙ.....
    ඒ දුගතිගාමි සත්තුත් දුක් විදලා ඉවරවුණාම අයෙ මිනිස් ආත්මයක් ලබන්ඩ පුලුහන්......
    එතකොට මිනිස් ගහණෙත් වැඩිවෙනව.......
    12.7.1. අඤ්‌ඤත්‍ර සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 7. ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

    3903. එකලහි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නගා භික්ෂූන් ඇමතූසේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මා විසින් නියසිළෙහි යම් පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි. වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිය සිළෙහි නගන ලද පස්බිඳ ගිණුමටත් නො පැමිණේ. සැසඳීමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු අල්පය. වැලි යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙන් අන් තන්හි උපදිත් නම් ඔහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: චතුරාර්ය්‍යසත්‍යය නො දුටු බැවිනි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,196
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙක නම් මොඩ ප්‍රශනයක්ද දන්නේ නැ.......එහෙම නම් කියපල්ලා අයින් කරලා දන්න........
    මට තියෙන තව ගැටලුවක් තමයි සිදුහත් කුමරයා ගිහිගෙය නික්මෙන කොට චන්න ඇමතියයි කන්තක අශ්වයා එකක නෙරන්ජනා ගග දෙබැ කරගෙන ගියා කියන්නවා... සමහරු උඩින් පැන්නා කියනවානේ... කොහොම උනත් අවසනයේ අසු මරනයට පත් වෙනවා නේ...එතකොට කොහොමද චන්න ඇමතියා අභරන අරගෙන අයේ අවේ...

    චන්න බස් එකේ ගෙදර යන්න ඇති:angry:
    දහම ගැන ප්‍රශ්න අහන්න කිව්වම මොනවද මේ අහන්නෙ?
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    ආභිධර්මික සම්භාෂණය හා අසිරිමත් ස්වර්ණමා&

    31791691_124949211698294_2752730499481862144_n.jpg


    31543314_124245368435345_796089441197228032_n.jpg
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදු දහමේ හරය
    චතුරාර්ය සත්‍ය කියන එක නේද වඩාත් නිවැරදි වෙන්නෙ.......
    පටිච්ච සමුප්පාදය කියනවට වඩා....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,821
    113
    බුදු දහමේ හරය
    චතුරාර්ය සත්‍ය කියන එක නේද වඩාත් නිවැරදි වෙන්නෙ.......
    පටිච්ච සමුප්පාදය කියනවට වඩා....

    Owath prashnada ban?
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    තව එකක් තමයි අර සියා කියපු...සිදුහත් කුමාරයා බුදු විමට කලින් මාර දූ වරු පරාජය කරනවා නේ...එක දැන් අපි දකින්නේ නිරුවත් කනතාවන් 3 දෙනෙක් සිදුහත් කුමාරයා ඉදිරිපිට නර්තනයේ යෙදේන දර්ශනයක් නේ.......අර සියා කියනවා එහෙම එකක් උනෙත් නැලු...එ අවස්තාවේගේ සිතට නැගුන ලොබ දේශ මොහ මැඩ පවත්වපු එකලු සිද්ද වේලා තියෙන්නේ...ගැනු නටපු එක බොරුවක් ලු

    Oya seeya kiyana magul ahanna epa ban. :no:
    Miniha mithyadushtikai.

    Budu dahama igena ganin. Thripitakayama guruwaraya karaganna. Eka eka pudgalainta watinakam deela eyala passe yanna epa. Budun wahansema sarana yanna.
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    Prshne ;- minisun paw karala niriye hari wena sathwa athmayak hari nawathath minis athmayak hari labanawanan ai jana gahanaya enna enna wadi wenne ai budunge kalewath meachara janagahanayak pawathiye nathe?

    ඇයි දිවියලෝක වල ආයුශ ඉවර වෙලා මිනිස් ලෝකෙ ඉපදෙන අය කොච්චරනම් ඇතිද. දැන් ඉන්න මිනිස්සුනම් මිනිස් බවයක් ලබන්නෙ නෑ ආයෙ ලේසියකට. අපායටම තමා .
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    බුදු හාමුදුරුවෝ දේශාණා කලේ හේතු ඵල.

    බුදු දහමේ හරය
    චතුරාර්ය සත්‍ය කියන එක නේද වඩාත් නිවැරදි වෙන්නෙ.......
    පටිච්ච සමුප්පාදය කියනවට වඩා....
    බුදු හාමුදුරුවෝ දේශාණා කලේ හේතු ඵල. අස්සජී මහා රහතන් වහන්සේ උපතිස්සට ( සැරියුත් මහා රහතන් වහන්සේ උපතිස්ස ) දෙශණ කරන්නේ.. යේ දම්මා හේතුප්පබවා... කියල ගථාවක් එකේ කියනවා බුදු හාමුදුරුවෝ කව්ද කියලා.

    මහා කාරුණීක වූ අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බූද්ධයන් වහන්සේ විසින් හේතුඵල දේශනය කර ඇත්තේ ක්‍රම තුනකටය.

    පූත්ගලයාගේ සද්ධා, ශීල, ප්‍රඥඥා වැඩි ඇති ප්‍රමණය අනුව පහල ඇති එක්ක අනුව හේතු ඵල හදුනා ගන්න පුලුවන්.

    1) ආර්ය්‍ය සත්‍යය ක්‍රමය
    දූක, දූකට හේතුව, දූක නැතිකිරිම, දූක නැතිකිරිමේ මාර්ගය

    2) පට්ච්ච සමූත්පාද ක්‍රමය
    අවිජ්ජා පච්චයා සංඛාරා
    සංඛාරා පච්චයා විඤ්ඤ්ණ
    විඤ්ඤ්ණ පච්චයා නාම රුප
    නාම රුප පච්චයා සලායතන
    සලායතන පච්චයා ඵස්සෝ
    ඵස්සෝ පච්චයා වේදනා
    වේදනා පච්චයා තණ්හා
    තණ්හා පච්චයා උපාදාන
    උපාදාන පච්චයා භව
    භව පච්චයා ජාති
    ජාති පච්චයා ජරා මරණ සොක පරිදේව දුක්ක දොමනස්සන.... කෙටියේ කියනවානම් පංච උපාදස්කන්දයම



    3) පට්ටාන ක්‍රමය
    සුවිසි පච්චයෝ ( පට්ඨානය ) - ( 24 පච්චයෝ )

    හේතු පච්චයෝ
    ආරම්මණ පච්චයෝ
    අධිපති පච්චයෝ
    අනන්තර පච්චයෝ
    සමනන්තර පච්චයෝ
    සහජාති පච්චයෝ
    අඤඤමඤඤ පච්චයෝ
    නිස්සය පච්චයෝ
    උපනිස්සය පච්චයෝ
    පූරෙජාති පච්චයෝ
    පච්ජාජාති පච්චයෝ
    ආසෙවන පච්චයෝ
    කම්ම පච්චයෝ
    විපාක පච්චයෝ
    ආහාර පච්චයෝ
    ඉන්ද්‍රීය පච්චයෝ
    ඣාන පච්චයෝ
    මග්ග පච්චයෝ
    සම්ප්‍රයූක්ත පච්චයෝ
    විප්‍රයූක්ත පච්චයෝ
    අත්ථී පච්චයෝ
    නත්ථී පච්චයෝ
    විගත පච්චයෝ
    අවිගත පච්චයෝ

     
    Last edited:

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    චතුර්‍ය්ය සත්‍ය කියන්නේ හේතු ඵල ගැන තමයි.

    දුක
    දුකට හේතුව
    දුක නැති කිරිම
    දුක නැති කිරිමේ මර්ගය.


    දුක ඵලය -> දුකට හේතුව තුෂ්ණාව
    ඒ කියන්නේ තුෂ්ණාව නැමති හේතුව ඇති විට දුක ඇතිවේ.
    තුෂ්ණාව නැමති හේතුව නැති විට දුක ඇති නෙවේ.

    තුෂ්ණාව නැමති හේතුව නැති කිරිමට -> ආර්ය අෂ්ටාන්ගික මර්ගයේ යා යුතුය.
    ආර්ය අෂ්ටාන්ගික මර්ගයේ ගමන් කිරිම නැමති හේතුව ඇති විට තුෂ්ණාව නැමති ඵලය ඇති නොවේ. තුෂ්ණාව නැමති හේතු/ඵල නැති විටදි දුක නැමති ඵලය නැත. තුෂ්ණාව නැති විටදි ඉපදිමේ ඵලය නැත.

    ඔය හේතු ඵල සරලව විස්තර කිරිම චතුර්‍ය්ය සත්‍ය ක්‍රමයි මධ්‍යම ප්‍රමණයේ විස්තර කිරිම පට්ච්ච සමූත්පාද ක්‍රමය, සවිස්තර විස්තර කිරිම පට්ටාන ක්‍රමය

    ඔය මොන කමයෙන් කියන්නෙත් තුෂ්ණාව නැමති හේතුව ඇතිවිට දුක නැමති ඵලය එනවා කියන්න එක්කයි.

    පුත්ගලයන් සැපයි කියන්තේ දුකේහි උප කුලකයකටයි. ඒ කියන්නේ අපි සැපයි කියලා හිතන්නේ දුකකටමයි. සැප කියල යම් දෙයක් අරාම්භ උවාද එදාසිට සැපහි ප්‍රමාණයට හෝ වැඩි ප්‍රමාණයකට දුක ඇතිවේ.
     

    Similar threads