බුදු හාමුදුරුවෝ දේශාණා කලේ හේතු ඵල.
බුදු දහමේ හරය
චතුරාර්ය සත්‍ය කියන එක නේද වඩාත් නිවැරදි වෙන්නෙ.......
පටිච්ච සමුප්පාදය කියනවට වඩා....
බුදු හාමුදුරුවෝ දේශාණා කලේ
හේතු ඵල. අස්සජී මහා රහතන් වහන්සේ උපතිස්සට ( සැරියුත් මහා රහතන් වහන්සේ උපතිස්ස ) දෙශණ කරන්නේ..
යේ දම්මා හේතුප්පබවා... කියල ගථාවක් එකේ කියනවා බුදු හාමුදුරුවෝ කව්ද කියලා.
මහා කාරුණීක වූ අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බූද්ධයන් වහන්සේ විසින් හේතුඵල දේශනය කර ඇත්තේ ක්‍රම තුනකටය.
පූත්ගලයාගේ සද්ධා, ශීල, ප්‍රඥඥා වැඩි ඇති ප්‍රමණය අනුව පහල ඇති එක්ක අනුව හේතු ඵල හදුනා ගන්න පුලුවන්.
1)
ආර්ය්‍ය සත්‍යය ක්‍රමය
දූක, දූකට හේතුව, දූක නැතිකිරිම, දූක නැතිකිරිමේ මාර්ගය
2)
පට්ච්ච සමූත්පාද ක්‍රමය
අවිජ්ජා පච්චයා සංඛාරා
සංඛාරා පච්චයා විඤ්ඤ්ණ
විඤ්ඤ්ණ පච්චයා නාම රුප
නාම රුප පච්චයා සලායතන
සලායතන පච්චයා ඵස්සෝ
ඵස්සෝ පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදාන
උපාදාන පච්චයා භව
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා මරණ සොක පරිදේව දුක්ක දොමනස්සන.... කෙටියේ කියනවානම් පංච උපාදස්කන්දයම
3)
පට්ටාන ක්‍රමය
සුවිසි පච්චයෝ ( පට්ඨානය ) - ( 24 පච්චයෝ )
හේතු පච්චයෝ
ආරම්මණ පච්චයෝ
අධිපති පච්චයෝ
අනන්තර පච්චයෝ
සමනන්තර පච්චයෝ
සහජාති පච්චයෝ
අඤඤමඤඤ පච්චයෝ
නිස්සය පච්චයෝ
උපනිස්සය පච්චයෝ
පූරෙජාති පච්චයෝ
පච්ජාජාති පච්චයෝ
ආසෙවන පච්චයෝ
කම්ම පච්චයෝ
විපාක පච්චයෝ
ආහාර පච්චයෝ
ඉන්ද්‍රීය පච්චයෝ
ඣාන පච්චයෝ
මග්ග පච්චයෝ
සම්ප්‍රයූක්ත පච්චයෝ
විප්‍රයූක්ත පච්චයෝ
අත්ථී පච්චයෝ
නත්ථී පච්චයෝ
විගත පච්චයෝ
අවිගත පච්චයෝ