බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අවිද්‍යාව මොකක්ද විද්‍යාව මොකක්ද කියන දෙක අතර වෙනස වත් ඔයා වටහාගෙන නෑ.
    ඒක කොහොමද වටහගන්නේ?
    පොත් කීයක් කියවන්න ඕනෙද?

    එතන කියනවා චතුරාර්ය සත්‍යය ගැන හරිම සරල විදිහට පැහැදිලි කිරීමක්.
    චතුරාර්ය සත්ය පැහැදිලි කීරීමක් කියවලා තේරුම් ගන්නවා කියන්නේ, ඒක උපාදානය කරන් වෙන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියමයි. එතන කොහෙන්ද චතුරාර්ය සත්ය අවබෝධයක්?

    කතන්දර පොතක් කියෙව්වා වගේ තමයි.
    ------ Post added on Jun 6, 2025 at 10:00 PM

    එතකොට බුදුහාමුදුරුවෝ අවිද්‍යාව නසලා විද්‍යාව දැක්කේ කොහොමද කියන එක..
    එතකොට නසන්න, පවතින "අවිද්‍යාව" කියලා දෙයක් තියෙනවද? කොහෙද තියෙන්නේ?
    ------ Post added on Jun 6, 2025 at 10:01 PM

    ප්‍රඥාව කියන දේට ගිහි ද පැවිදිද කියන එක අදාල නෑ ත්‍රිහේතුක ද ද්විහෙතුක ද කියන එක විතරයි අදාල වෙන්නේ..
    ගිහි/ පැවිදි කතාවක් මන් කිව්වේ නැහැ. මන් කිව්වේ පෘථක්ජන, මාර්ගඵල ලාබී සහ රහත්.
    ------ Post added on Jun 6, 2025 at 10:02 PM

    දර්ශනසහාපත්තිය නැහැ. ඔය පොත් ටික කටපාඩම් කරලා ලබන දැනුම නෙමෙයි "නිවන" / "ධර්මාවබෝධය" කියන්නේ. ඔය පොත් ටික කියවලා, තම නැන පමනින් වඩලා, නිවන් දකින්න තමයි පොත් පත් වල රචිත මාර්ගය තියෙන්නේ.

    ඒ ඇරෙන්න, ඕක කියවලා, එක එක දෘස්ටීන් වල වැටිලා, දෘස්ටි කාන්තාරකට යන්නත් පුලුවන්

    අවිද්යාව ගැන නතා කරන්න බැහැ ඔයාට, විද්‍යාව ගැන කතා කරන්නත් බැහැ. මේවා පෘථක්ජන මට්ටමෙන් ගොචර වෙන දේවල් නෙමෙයි. ඔය අවිද්යාව කියලා සන්ස්කරනය කරන් ඉන්න තේරුමත්, විද්‍යාව කියලා සන්ස්කරනය කරන් ඉන්න තේරුමත් දෙකම, අවිද්‍යාවම තමයි.
    ------ Post added on Jun 6, 2025 at 10:08 PM

    බුදු හාමුදුරුවෝ කලේ ඒ කාලේ තිබුණු දෙසටක් මිත්‍යා දෘෂ්ටි නැති කිරීම.. විද්‍යා උදපාදි... ආලෝකෝ උදපාදී කියල බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි.. එහෙම නැති කරපු එක ඔයා දෘෂ්ටියක් කියලා ගන්නව නම් ඉතින් අපරාදේ... 😀
    "මමයි" "බුදුනුයි" "දෙසටක් මිත්‍යා දෘස්ටියි" "ඔයයි" මේ ඔක්කොම දෘස්ටි තමයි. සක්කාය දිට්ටිය.
    ------ Post added on Jun 6, 2025 at 10:10 PM

    ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවලත් නැති පාටයි.. සමථ ගැන ද මම මේ කියලා තියෙන්නේ විදර්ශන භාවනාව ගැනද කියලා මුලින්ම කියවලා ඉන්න..
    විදර්ශනාව භාවනාවක් විදිහට වඩනවනම්, සමථයෙන් යම් දියුනුවක් ලබලා, විදර්ශනෙව වඩන එක මාර්ගය වඩන කෙනාට පහසුවක්.
    මන් කිව්වේ සමථය වඩලා ඒකෙම එල්ලිලා ඉන්නැතුව විදර්ශනාව වඩන්න ඕනේ කියලා, නැතුව ඔයා කියලා තියෙන්නේ සමථ භාවනාව ගැන කියලා නෙමෙයි.
    ------ Post added on Jun 6, 2025 at 10:13 PM
     
    • Dislike
    Reactions: funkyguy89

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    22.PNG

    මේක හරිම විශිෂ්ට සංවාදයක්.ෆියෝනා කියන දේ හරි,නමුත් පොරට ඒක තව කෙනෙකුට වැටහෙන්න කියන්න තේරෙන්නේ නෑ. ෆන්කි සහෝදරයට කියපු දේ නොවටහුනේ ඇත්තටම සක්කාය දිට්ටිය නොදැකපු නිසයි. එහෙනං අවුරුදු ගානක් කැපකිරීම් කරලා මහන්සි වෙලා ඔබ ලබාගත් දැනුම දැන් බාවිත කරලා විතක්ක විචාර දියුණු කර ගන්න. (මේ වචන ස්වල්පය තුල oba මාගේ මාන්නයක් දැක්කානම් ඒ මගේ නොව ඔබේ මාන්නයයි)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,439
    113
    "යතෙවමෙතං න අජානාති
    — දුක්ඛං, දුක්ඛසමුදයං, දුක්ඛනිරොධං, දුක්ඛනිරොධගාමිනී පටිපාදා"

    "යමෙක් මේ චතුරාර්ය සත්‍යයන් නොදනීද, ඒ ඔහුගේ අවිද්‍යාවයි."
    --
    "අවිද්‍යා පච්චයා සඤ්ඤාරා, සඤ්ඤාරා පච්චයා විඤ්ඤාණං..."

    — (පටිච්චසමුප්පාදය - මහානිදාන සුත්‍රය, දීඝ නිකාය)

    මෙය පෙන්වන්නේ, අවිද්‍යාව නමැති මූලික හේතුව නිසා පරිණාමයෙහි (සංසාරයේ) ක්‍රියාවලියක් ඇරඹෙයි. ඒ අනුව සන්ඤ්ඤාරා, විඤ්ඤාණය, නාමරූපය... යන ක්‍රියාවලියක් ගලා යයි.
    --
    "අවිද්‍යාව කියන්නේ අඳුරක් නෙමෙයි. එය දේවල්වලට වැරදි ආලෝකයක් දෙන විකෘති දැනීමක්."
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    "අවිද්‍යාව කියන්නේ අඳුරක් නෙමෙයි. එය දේවල්වලට වැරදි ආලෝකයක් දෙන විකෘති දැනීමක්."
    මොන වචනේ ගත්තත් එකයි. ලෞකිකව මාර්ගය දේශනා කරද්දි "වචන" පාවිච්චි කරන්න වෙනවා.

    දැන් මෙතන, ඔය quote කරපු එක කියවද්දි, පෙනීම නිත්‍ය වෙලා සහ පෙනෙන/ දකින කෙනෙකුත් ඉදලා, ඒ ඒ අරමුනු උපාදානය කරන්, හැඩතල වල අකුරු, අකුරු එකතු වෙච්ච වචන, වචන වල තේරුම් වශයෙන් එකිනෙක සකස් වෙවී දැනීමේ කියාවලියක් ඇති වෙනවා. ඕක තමයි විකෘති දැනීම. ඒත් දැන් වෙලා තියෙන්නේ,

    ඒ විකෘති දැනීම උපාදානය කරන්,
    කලින් අවිද්යාව කියන්නේ අදුරක් කියලා හිටිය දෘස්ටිය දැන්, එය දේවල් වලට වැරදි ආලෝකය දෙන විකෘති දැනීමක් කියන දෘස්ටියට වෙනස් වෙලා.

    ඔය විකෘති (අවිජ්ජා) දැනීමම තමයි පෘථක්ජන අයට දැනෙන්නේ, පංච උපාදානස්කන්ධයෙන්ම. ඒ දැනීම තමයි "මම" "නිත්ය" විදිහට දැනෙන්නේ.. සරලව උබට මලක් පේනවනම්, පේන මලක් සහ මල දකින උබ.. ඕක මේක කියවද්දිත් වෙනවා, පටිච්ච සමුප්පන්නව.

    විකෘති දැනීම උපාදානය කරන් තමයි, ඔය "දැනුම" රැස් කරන්නෙත් ඒ අනුව දෘස්ටිගත වෙන්නෙත්. ඔය විකෘති දැනීම් ටිකක් "දැනුම" විදිහට එකතු කරාට මේ එකක්වත් "හරි" වත් "වැරදි" වත් නෙමෙයි. මේවා අවිද්‍යාව නිසා විද්‍යාමාන වෙන්නේ නැතුව පැවැත්මක් වත් property එකක්වත් කියන්න බැහැ මේවගේ. උපමාවක් ගත්තොත්, අවකාශයේ ඇගිල්ලෙන් රූපයක් ඇන්දා වගේ..

    මේ අසිහියෙන් වෙන වැඩේ තමයි, විපස්සනාවෙන් විමසලා එහෙම නැත්තම් යෝනිසෝ මනසිකාරයෙන්, සිහියට පත් වෙන්න ඕනේ. සිහියට පත් වෙන තැන තමයි ධර්මය අවබෝධ වීමත්, නිවනත් තියෙන්නේ. ඊට පස්සේ තමයි සක්කාය දිට්ටිය දුරු වෙන්නේ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. සක්කාය දිට්ටිය, විචිකිච්චාව දුරු වුනහම තමයි සතිපට්ටානය වැඩෙන්නේ, සහ ඉතුරු කෙලෙස් ක්ෂය වෙලා, දුරු වෙන්නේ. ඉතුරු මාර්ගඵලයන් වලට ගිහින්, අවිද්‍යාව දුරු කරලා රහත් වෙන්නේ.

    ඒක තමයි මන් කලින් OP ට කිව්වේ, විද්‍යාවක් වත් අවිද්‍යාවක් ගැනවත් එයාට කතා කරන්න බැහැ කියලා.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Thread එක දාලා අවුරුදු දෙකකටත් කිට්ටු වෙන්න එනවා...

    භාවනාවට මොකද උනේ කියලා සමහර අයට දැනගන්න ඕන ඇති.. ඇත්තටම භාවනාව එදා ඉදලා අද වෙනකන් කරගෙන යනවා. ලොකු ස්වාමීන් වහන්සේ අපිව දිගටම guide කරා. දැනටත් කරනවා. ඒ මග පෙන්වීම නැත්තං ඇත්තටම තනියෙන් හෝ පොතක් බලලා හරි බණ දේශනාවක් අහලා නම් මේ ගමන එන්න බෑ කියන එක මට සක්සුදක් සේ පැහැදිලි වුනා මේ කාලය තුළ..

    ඉතින් දැන් භාවනාවේ විවිධ මට්ටම් පහු කරගෙන, කලින් හිතපු මට්ටමකට භාවනාව පැමිණිලා තියෙන එක ගැන මාරම සතුටුයි..තව යන්න තියෙන මාර්ගයත් පැහැදිලියි.. ඉදිරියට යනකොට ජීවිතය ගැන තේරෙන විදිහ ගැන හිතුවාම පුදුමයි.. ජීවිතයේ විවිධ හැලහැප්පීම් එක්ක ගැටෙන්නේ නැතුව, ඒවට එකඟ වෙනවා කියන දේ පුරුදු වෙන්නෙ භාවනාවෙන්..

    ජීවිතය අවසානයේ දී චුති සිත ලබද්දී (ඒ කියන්නේ තප්පරයකින් කෝටි ලක්ෂයකින් එකක් තුළ අපිට අනාත්ම ව පහළ වන සිතුවිල්ල), ඊළග භවය ගැන පොඩි හරි ආශාවක් ඇති නොවෙන තැනට හිත, අපේ පාලනයෙන් තොරව, අනාත්මව පත් වෙද්දී... භාවාංග චිත්තය කල්ප කෝටි ගානක් පවත්වාගෙන ආපු සිතුවිලි පරම්පරාව නවතිද්දි... දැනෙන නිදහස නම්... ඒ නිවනයි 🙏🏻🙏🏻🙏🏻

    එතැනට යන්න තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපිට කියලා දුන්න මේ මාර්ගය, හැකි ඉක්මනින් පාවිච්චි කරන්න.. ධර්ම විකෘති නැතුව තාම ශ්‍රී සද්ධර්මය අපිට ඇහෙනවා... එක අවුරුදු 3ක් වීර්යයෙන් භාවනා කරන්න... එදාට හැරිලා බලලා තමන්ට වැඩක් කරගත්තා කියන සතුට විඳින්න... මම ඒ සතුට විඳිනවා.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    බාවනා කරන්න තියෙන්නෙ අරි අටගි මග,

    සමතය ඉක්මවන්න නම්, විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන, ඉදපචචයතා පටිචචසමුප්පාදය අවබොද කරන්න ඔන, මෙලොව ජාති හැදෙන පටිචචසමුප්පාදය තෙරුම් ගන්න ඔන,

    නැත්තන් ඉතින් චෙතනා හිත හිතා සමතයක් පුරුදු කරන එක තමයි කරන්නෙ,

    චෙතනාව තමයි ක්‍රියාව වෙන්නෙ, චෙතනාවක් පාහාල කරනවා කියන්නෙ පටිචචසමුප්පාද ක්‍රියාවලියක්,

    පැවැත්මෙන් නිදහාස් වෙන්න පටිචචසමුප්පාදය නිරොද කරන්න ඔන,

    Screenshot_20231017_013258_Xodo_020450.jpg

    Screenshot_20250329_042202_Xodo_042357.jpg

    Screenshot_20250208_021006_Xodo_023825.jpg

    Screenshot_20250208_022752_Xodo_023843.jpg

    Screenshot_20250208_022945_Xodo_023848.jpg

    Screenshot_20250208_021520_Xodo_023830.jpg

    එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ:

    වහන්ස, යම් පරිද්දෙකින් චක්ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රොතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නොකෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍ර‍ෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස් මෙනෙහි නො කෙරේ නම්, වායු මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලොකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු වූ මේ ප්‍රාප්ත වූ පර්යේෂිත වූ සිතින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයක් ඇත් නම්, එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනෙක් වේ නම් මහණහට එබඳු සමාධි ප්‍ර‍තිලාභයෙක් වන්නේ දැ යි?

    ආනන්දයෙනි, යම් පරිද්දෙකින් චක්ෂූස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රොතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වා මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍ර‍ෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථුවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තෙජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහ ලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලොකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු ප්‍රාප්ත වූ පර්යේෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙකුත් ඇත්නම් එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, මහණහට එබඳු සමාධි ප්‍ර‍තිලාභයෙක් වේ යයි.

    වහන්ස, යම් පරිද්දෙකින් චක්ෂුස මෙනෙහි නො කෙරේ නම්, ... යම් බඳු ප්‍රාප්ත, පර්යේෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනු යේත් වේ නම්, කෙසේ නම් මහණ හට එබඳු සමාධි ප්‍ර‍තිලාභයෙක් වේ දැයි?

    ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍ර‍තිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරොධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍ර‍ණීත ය” (කියා) යි. ආනන්දයෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් චක්ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රොතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රසය මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍ර‍ෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තෙජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලොකය මෙනෙහි නො කෙරේ නම්, යම් බඳු ප්‍රාප්ත පර්යේෂිත, මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් ද වේ නම් එය ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, භික්ෂුහට එබඳු සමාධි ප්‍ර‍තිලාභයෙක් වේ යයි,

    https://www.thripitakaya.org/tipitakaya/Index/580?s=10298
     
    Last edited:
    • Love
    Reactions: lankalk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ජීවිතය අවසානයේ දී චුති සිත ලබද්දී (ඒ කියන්නේ තප්පරයකින් කෝටි ලක්ෂයකින් එකක් තුළ අපිට අනාත්ම ව පහළ වන සිතුවිල්ල), ඊළග භවය ගැන පොඩි හරි ආශාවක් ඇති නොවෙන තැනට හිත, අපේ පාලනයෙන් තොරව, අනාත්මව පත් වෙද්දී... භාවාංග චිත්තය කල්ප කෝටි ගානක් පවත්වාගෙන ආපු සිතුවිලි පරම්පරාව නවතිද්දි...

    ඊලග භවය ගැන ආසාව තිබ්බා හෝ නැතා, අවිද්‍යාව ඇති විට භවය වේ.
    "ආසාව" එකිනෙකාට සාපේක්ශයි.. භෞතික වාදියෙක්ට, හෝ පුනර්භව සන්කල්පයක් ජීවිතේට අහලා නැති කෙනෙක්ට, ඊලග භවයක් තියෙනවා කියලා දෘස්ටියක් නැහැ. ඉතින් එයාට ආසාවක් ඇති වෙන්නැහැ මැරෙද්දි ආයේ උපදින්න.. ඊලග භවයක් තියෙනවා කියන දෘස්ටිගත කෙනෙක්ට තමයි ආසාවක් හෝ අකමැත්තක් තියෙන්නේ/ ඇතිවෙන්නේ මතු භවය ගැන.

    සම්මුති මරනය, සම්මුති උපත දෙකම දෘස්ටීන් ටිකක්. දෘස්ටියක් ඇතුලේ උපතක් වත් මරනයක් වත් වෙන්න බැහැ, වෙලත් නැහැ.

    දැනෙන නිදහස නම්... ඒ නිවනයි 🙏🏻🙏🏻🙏🏻

    ඔය දැනෙන දැනීම ලෞකික දැනීමක්.
    ලෝකොත්තර සුවය, ලෝකය ගොඩ නොනැගීම, පටිච්ච සමුප්පන්න නොවීම. එතන දැනීම් දැනෙන අය නැහැ. දැනීම් විදින අය නැහැ. සන්නා ඇති වෙනවා විතරයි. උපාදානයක් නැහැ.
    නැත්තන් ඉතින් චෙතනා හිත හිතා සමතයක් පුරුදු කරන එක තමයි කරන්නෙ,

    ඒක තමයි පෘථක්ජන කෙනෙක්ට කොහොමත් වෙන්නේ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    බාවනා කරන්න තියෙන්නෙ අරි අටගි මග,

    සමතය ඉක්මවන්න නම්, විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන, ඉදපචචයතා පටිචචසමුප්පාදය අවබොද කරන්න ඔන, මෙලොව ජාති හැදෙන පටිචචසමුප්පාදය තෙරුම් ගන්න ඔන,

    "බාවනා කරන්න තියෙන්නෙ අරි අටගි මග,"

    මර්ගයක් භාවනා කරන්නෙ කොහොමයි?

    "විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන"

    කොහෙද බන් මේවා ත්‍රිපිටකයෙ තියෙන්නෙ?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    "බාවනා කරන්න තියෙන්නෙ අරි අටගි මග,"

    මර්ගයක් භාවනා කරන්නෙ කොහොමයි?

    "විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන"

    කොහෙද බන් මේවා ත්‍රිපිටකයෙ තියෙන්නෙ?
    මාර්ගය බාවනා කරනවා කියන්නෙ, සම්මා දිට්ටිය මුල් වෙලා සං චෙතනා, සංකාර, චෙතනා, උදා නොකිරිම, පටිචචසමුප්පාදයෙ නිරොදය,

    පටිචචසමුප්පාදය දැක්කොත් තමයි දර්මය දකින්නෙ, චතු අරිය සත්‍ය කියන්නෙ පටිචචසමුප්පාදයට,

    පටිචචසමුප්පාදය අවබොද කරන්නෙ නැතුව පංච උපාදානස්කන්දය සකස් වෙන විදිය තෙරුම් ගන්න පුලුවන් කමක් නැත,

    සමතය ඉක්මවන්න නම් පටිචචසමුප්පාදය දකින්න ඔන උදා වෙන විදියයි නිරොද වෙන විදියයි,

    ලොකෙ දෙකට හිත තියලා චෙතනා කර කර සමතයට හිර වෙලා ඉන්න පුලුවන්, සමතය ඉක්මවන්න නිරොදයට එන්න තමයි පටිචචසමුප්පාදය අවබොද කරලා දෙශනා කරන්නෙ බුදු කෙනෙක්,

    උඩ දාලා තියෙන ත්‍රිපිටක විස්තර බලන්න,

    කැමැත්තෙන් අකමැත්තෙන් හිතන එක අයින් කරලා දෘශ්ටි ගත වෙන් නැතුව,

    පටිචචසමුප්පාදය ගොඩ නැගෙන විදියයි නිරොද වෙන විදියයි තෙරුම් ගන්න ට්‍රයි කරන්න,

    චෙතනා හිතුවොත් සංකාර කරොත්, සංකාර පච්චයා විඤ්ඤාන (දැනුම),

    ඔබ ඔය ප්‍රශ්න කරන්නෙ ඔබ හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුමකට අහු වෙලා ඉන්නෙ,

    හිතලා බලන්න,
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබ ඔය ප්‍රශ්න කරන්නෙ ඔබ හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුමකට අහු වෙලා ඉන්නෙ,
    ඒක තමයි අවුල..
    ඕක කොච්චර කිව්වත් වැඩක් නැහැනේ, @ek_rosh අන්කල්ට සම්මා දිට්ටය නැතුව, ඉතින් එයා ලෞකිකව හදාගත්ත මොකක් හරි වඩනවා නිවන් දකින්න හිතන්.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඒක තමයි අවුල..
    ඕක කොච්චර කිව්වත් වැඩක් නැහැනේ, @ek_rosh අන්කල්ට සම්මා දිට්ටය නැතුව, ඉතින් එයා ලෞකිකව හදාගත්ත මොකක් හරි වඩනවා නිවන් දකින්න හිතන්.
    ඔක හරිම දුශ්කර දෙයක්, මොන ක්‍රමයෙන් හරි ලොකෙට බැදෙන විදිය තෙරුම් ගන්න ඔන, හාදා ගත්ත දෘශ්ටි වලින් තෙරුම් ගන්න ගියොත් හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුමකට අහු වෙනවා, ප්‍රශ්නෙ පටිචචසමුප්පාද තියරි එක තෙරුම් ගන්න ට්‍රයි කරන්නෙ නැ, සමතෙන් පිට පනින්න පුලුවන් කමක් නැ,

    අවිජ්ජාව විජ්ජාව මුලාව කඩන එක ලෙසි නැ දෘශ්ටි හදන් හිතලා විඤ්ඤාන හදන් ලොකෙම කැරකෙනවා,
     
    කෝ අවශය් දෙය දාල නැහැනෙ...මෙහෙම කොහෙද කියල තියෙන්නෙ? තියෙන තැන පෙන්නන්න..

    ප්‍රජ්නා චක්ශුශයෙන් දකින පටිච්චසමුපාදය...මොන තියරියෙන් තේරුම ගන්නද බන්?...පටිච්චසමුපාදය තේරුම ගන්න පුලුවන් දෙයක් ද? තේරුම ගන්නව කියන්නෙම අවිජ්ජාවෙන් අල්ලන සන්නාවනෙ බන්..
    ------ Post added on Jun 7, 2025 at 12:40 PM

    ඒක තමයි අවුල..
    ඕක කොච්චර කිව්වත් වැඩක් නැහැනේ, @ek_rosh අන්කල්ට සම්මා දිට්ටය නැතුව, ඉතින් එයා ලෞකිකව හදාගත්ත මොකක් හරි වඩනවා නිවන් දකින්න හිතන්.

    මහත්තයො...පෘතක්ජන බූමුයෙ ඉන්න කෙනාට ලවුකිකව තමයි පටන්ගන්න වෙන්නෙ...මොකක් හරි වඩන්න ඕනෙ මොකටද?...සතර සතිපට්ටනය වඩන්න කියල තියෙද්දි..
    ------ Post added on Jun 7, 2025 at 12:43 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පටිච්චසමුපාදය තේරුම ගන්න පුලුවන් දෙයක් ද? තේරුම ගන්නව කියන්නෙම අවිජ්ජාවෙන් අල්ලන සන්නාවනෙ බන්..
    එයා අදහස් කරන්නේ අවබෝධය, තේරුම් ගන්න එක නෙමෙයි..
    මහත්තයො...පෘතක්ජන බූමුයෙ ඉන්න කෙනාට ලවුකිකව තමයි පටන්ගන්න වෙන්නෙ...මොකක් හරි වඩන්න ඕනෙ මොකටද?...සතර සතිපට්ටනය වඩන්න කියල තියෙද්දි..
    ඕක ගැන අපි කලින් කතා කරලා තියෙනවනේ..
    ඔය සතිපට්ටානය කියලා වඩන එක, වඩන්නේ පෘථක්ජන කෙනා අවිද්‍යාවෙන්.. අයෝනිසෝ මනසිකාරයෙන් ඒ කරන වැඩේ අතරතුර සිහියට පත් *වුනොත්*, ඒක වෙනම දෙයක්.. ඒත් සම්මා දිට්ටිය නැතුව වැඩෙන සතිපට්ටානයක් නැහැ. සම්මා දිට්ටය තියෙන කෙනෙක්ගේ ජීවිතයම තමයි සතිපට්ටානය වෙන්නේ. ඒක තමයි ඉක්මන්ට වීර්ය කරලා ධර්මය අවබෝධ කර ගන්න කියන්නේ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    මේ වචන ස්වල්පය තුල oba මාගේ මාන්නයක් දැක්කානම් ඒ මගේ නොව ඔබේ මාන්නයයි)
    @Fiona Dabare

    meeka poddak explain karahanko.

    mata meeta samana katha keepa thanakadi ahu wela thiyenawa
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    එයා අදහස් කරන්නේ අවබෝධය, තේරුම් ගන්න එක නෙමෙයි..

    එහෙනම් මෙහෙම වෙන්නෙ කොහොමද?

    "විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන"

    ඕක ගැන අපි කලින් කතා කරලා තියෙනවනේ..
    ඔය සතිපට්ටානය කියලා වඩන එක, වඩන්නේ පෘථක්ජන කෙනා අවිද්‍යාවෙන්.. අයෝනිසෝ මනසිකාරයෙන් ඒ කරන වැඩේ අතරතුර සිහියට පත් *වුනොත්*, ඒක වෙනම දෙයක්.. ඒත් සම්මා දිට්ටිය නැතුව වැඩෙන සතිපට්ටානයක් නැහැ. සම්මා දිට්ටය තියෙන කෙනෙක්ගේ ජීවිතයම තමයි සතිපට්ටානය වෙන්නේ. ඒක තමයි ඉක්මන්ට වීර්ය කරලා ධර්මය අවබෝධ කර ගන්න කියන්නේ.

    සතිපට්ටානය අවිද්යාවෙන් වඩන විදිහ කියන්නකො බලන්න පොඩ්ඩක්?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    @Fiona Dabare

    meeka poddak explain karahanko.

    mata meeta samana katha keepa thanakadi ahu wela thiyenawa
    ඔයාට අහුවෙලා ඇත්තේ, psychological projection ගැන තිබ්බ මොකක් හරි කන්ටෙන්ට් එකකදි..

    ඒත් ඊට වැඩිය ගොඩක් ගැඹුරුයි @lankalk කියලා තියෙන දේ. ඔතන ඔය දාපු කන්ටෙන්ට් එක *පෙනීම* වෙන, පෙනෙන කෙනා, බාහිර සත්ය කරන්නම් ඉන්නේ.. ඒ කියන්නේ සම්මා දිට්ටය නැති පෘථක්ජන කෙනෙක්නම්,

    ඔය වචන, තේරුම් උපාදානය කරන් ඉදිරියට *හිතන* සහ ඔය වචන අර්ථය/ ඕක කියවලා තේරුම් ගත්ත *දැනුම* උපාදානය කරන්, නැවත නැවත, කලින් ඔය වගේම අවිජ්ජා මනසකින් ගොඩනගාගත් දෘස්ටීන් ඔස්සේ *හිතන* ක්‍රියාවලියේ තියෙන වැරැද්ද/ අවුල අල්ලගන්න බැහැ.

    ඒක තමයි ඕක කියවලා, ඕක දාපු කෙනා x වගේ කෙනෙක් කියන නිගමනයට එන්නේ. ඔය "කන්ටෙන්ට් එක දාපු කෙනයි", "x" සහ "කියවන කෙනා" තුනම ඒ පෘථක්ජනයගේ *ලෝකය*. එහෙම නැත්තම් අවිද්‍යාව ඇති විට විද්‍යාමාන වෙන මායාවන්.

    තව සරලව කියනවනම්, "@lankalk" යි "මාන්නය" කියන්නෙයි, දෘස්ටීන් ටිකක්.. පන්ච ස්කන්ධයෙන් ලැබෙන අරමුනු උපාදානය කරගෙන, සන්නා ටිකකට අලවගත්ත ලේබල් ටිකක්. පෘථක්ජන කෙනා ඕක ගන්නෙම *ඇත* / *නැත*, *සත්ය* / *අසත්ය* වගේ අන්ත වලට වැටිලා. දෘස්ටි වලින් පරිබාහිර ඇත්තටම පවතින්නේ නැහැ ඔය දෙකම. පැවැත්මක් පනවන්න බැහැ, පවතිනවා කියලා අවිද්‍යාව ඇති විට පෙනුනට.

    සතිපට්ටානය අවිද්යාවෙන් වඩන විදිහ කියන්නකො බලන්න පොඩ්ඩක්?
    වඩන්නේ ඔයානේ.. ඉතින් ඔයා රහත් වෙලා නැහැ කියලා මන් හිතනවා.
    වඩන්නේ මොකක්ද, ඇයි වඩන්නේ.. කියලා බලන්න, වඩන එක පොඩ්ඩක් පැත්තකින් තියලා.

    සත්‍ය නානයෙන් පස්සේ තමයි කෘත්‍ය නානය.

    ඔයා මොකක්, කොහොම වැඩුවත්, එතන, අරමුනු උපාදානය වීමත් වෙනවා, *ඔයා* ත් ඉන්නවා. භවයත් තියෙනවා. නැති එකම දේ *නිවන*. ( ඕන්නම් ඒකත් අරමුනක් විදිහට උපාදානය කරන් ඉන්න පුලුවන් *නිදහස්* *මාර සැපයි* *නිවිලා*.. කියලා හිත හිත, නිකන් ඵල සමාපත්තියකට සම වැදිලා වගේ. හරි දැන් නිවනත් තියෙනවා. 😛 )

    එහෙනම් මෙහෙම වෙන්නෙ කොහොමද?

    "විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන"
    එක එක අය, ධර්මය කියන විදිහ වෙනස්. එක එක්කෙනාට සාපේක්ශයි.
    "විපස්සනාව" කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා මුලින් අහලා බලන්න එයාගෙන්. ඊට පස්සේ තේරෙයි, ඇයි එහෙම වෙන්නේ කියලා. ( කියලා තියෙනවා කලින් රිප්ලයි එකේ එයාම, ඇයි එහෙම වෙන්නේ කියලා. මැත්ස් ඩිග්රි එකක් නේ තියෙන්නේ? මන් හිතුවේ තේරෙන්නැති කියලා ඇයි එහෙම කියලා තියෙන්නේ කියලා 😋 )
     
    Last edited:
    • Love
    • Like
    Reactions: jennt and lankalk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    "විදර්ශනා කරන්න පටිචචසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන"

    කෝ අවශය් දෙය දාල නැහැනෙ...මෙහෙම කොහෙද කියල තියෙන්නෙ? තියෙන තැන පෙන්නන්න..

    ප්‍රජ්නා චක්ශුශයෙන් දකින පටිච්චසමුපාදය...මොන තියරියෙන් තේරුම ගන්නද බන්?...පටිච්චසමුපාදය තේරුම ගන්න පුලුවන් දෙයක් ද? තේරුම ගන්නව කියන්නෙම අවිජ්ජාවෙන් අල්ලන සන්නාවනෙ බන්..
    ------ Post added on Jun 7, 2025 at 12:40 PM

    මහත්තයො...පෘතක්ජන බූමුයෙ ඉන්න කෙනාට ලවුකිකව තමයි පටන්ගන්න වෙන්නෙ...මොකක් හරි වඩන්න ඕනෙ මොකටද?...සතර සතිපට්ටනය වඩන්න කියල තියෙද්දි..
    ------ Post added on Jun 7, 2025 at 12:43 PM
    ඔය ඔබ තුල ඔබට කොන්ට්‍රොල් නැති සියුම් අකමැත්තක් එනවා ඉතින් අවබොදෙට නෙවෙයි ඔබ ප්‍රශ්න කරන්නෙ ඔබට එන පිඩනෙට, එක අකමැත්තක් විදියට චෙතනා වලින් ක්‍රියා කරනවා, එහෙම අකමැත්තක් එන්නෙත් හෙතුවක් ඇතිව ඔබ තුල විඤ්ඤාන දැනුමක් හදන් තියෙනවා සතිපට්ටානය වැඩිමක් පිලිබදව, ඉතින් පටිචචසමුප්පාදය නොදැන විදර්ශනා කරන්න හැකියාවක් නැ කිවුවහාම ඔබ හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුම ඔබව කුලප්පු කරනවා අකමැත්තක් ගැටිමක් ඉස්මතු කරනවා නැ එහෙම නෙවෙයි කියන තැනට ඔබ හාදා ගත්ත විඤ්ඤාන දැනුම වද දෙනවා ඔබට,

    පටිචචසමුප්පාදය දැක්කොත් තමයි දර්මය දැක්කා වෙන්නෙ එකනෙ බුද්ද දෙශනාව වෙන්නෙ, ඉදපපචචයතා පටිචචසමුප්පාදය තමයි තෙරුම් ගන්න ඔන, කලින් දැම්මා හාදා ගත්ත දෘශ්ටි වලින් බලන නිසා දාලා තියෙන එවා බලන්න ඔන නැ අකමැත්තක් එනවා එක දෘශ්ටි වල ක්‍රියාකාරිත්වය,

    Screenshot_20231017_013258_Xodo_020450.jpg

    ඉතින් පටිචචසමුප්පාදය නොදැක චතු අරිය සත්‍ය අවබොදයක් නැත, තන්හාව සමුද සත්‍ය, උපාදානස්කන්දය දුක්ක සත්‍ය, තන්හාව නිරොදය නිරොද සත්‍ය, සංම්මා දිට්ටිය මාර්ග සත්‍ය,

    පටිචචසමුප්පාදය උදා විම සාහා පටිචචසමුප්පාද නිරොදය අවබොද නොකොට කෙසෙ නම් පැවැත්ම පිලිබදව හෙතු සකස් විමක්, පැවැත්මෙන් නිදහාස් විමට කුමක් කල යුතුද යන්න අවබොදයට එන්නෙ නැත, සත්වයො පට්චචසමුප්පාදය නොදකින හෙතුවෙන් නුල් බොලයක් එතිලා වගෙ අවුල් වෙලා ඉන්නවා කියන බුද්ද දෙශනාව තෙරුම් ගන්න උත්සාහා කරන්න,

    පටිචචසමුප්පාදය නොදැකපු කෙනෙකුට සතිපට්ටානය තොර ගන්න බැ, හෙතුව සමතය ඉක්මවන්න ඔහුට තෙරෙන්නෙ නැ, ඔහු කරන්නෙ සමත අරමුනුවලට හිත තියමින් විඤ්ඤාන දැනුම වර්දනයක් පමනයි,

    පටිචචසමුප්පාදය අවබොද කරලා සංම්මාදිට්ටියට පැමිනෙන්න එක,
    අරි අටගි මග වැඩිම බාවනා දෙක,

    සතිපට්ටානය හොදින් කියවන්න සමතික්කමාය, නිබ්බාන සංචචකිරියාය.......

    මුලින්ම කියලා තියෙන දෙ තෙරුම් ගන්න උත්සාහා කරන්න කැමති අකමැති දෘශ්ටි අයින් කරලා හෙතු තෙරුම් ගන්න ට්‍රයි කරන්න, ඇයි මෙහෙම වෙන්නෙ මොකක්ද හෙතුව දැක්කහාම හෙතුව අයින් කරන්න තියෙන්නෙ,
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    වඩන්නේ ඔයානේ.. ඉතින් ඔයා රහත් වෙලා නැහැ කියලා මන් හිතනවා.
    වඩන්නේ මොකක්ද, ඇයි වඩන්නේ.. කියලා බලන්න, වඩන එක පොඩ්ඩක් පැත්තකින් තියලා.

    සත්‍ය නානයෙන් පස්සේ තමයි කෘත්‍ය නානය.

    ඔයා මොකක්, කොහොම වැඩුවත්, එතන, අරමුනු උපාදානය වීමත් වෙනවා, *ඔයා* ත් ඉන්නවා. භවයත් තියෙනවා. නැති එකම දේ *නිවන*. ( ඕන්නම් ඒකත් අරමුනක් විදිහට උපාදානය කරන් ඉන්න පුලුවන් *නිදහස්* *මාර සැපයි* *නිවිලා*.. කියලා හිත හිත, නිකන් ඵල සමාපත්තියකට සම වැදිලා වගේ. හරි දැන් නිවනත් තියෙනවා. 😛 )

    ඔබතුමා මේ කියන්නෙ...සොවාන් වෙන්න කලින් සතිපට්ටානයක් නැ කියලද?

    එක එක අය, ධර්මය කියන විදිහ වෙනස්. එක එක්කෙනාට සාපේක්ශයි.
    "විපස්සනාව" කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා මුලින් අහලා බලන්න එයාගෙන්. ඊට පස්සේ තේරෙයි, ඇයි එහෙම වෙන්නේ කියලා. ( කියලා තියෙනවා කලින් රිප්ලයි එකේ එයාම, ඇයි එහෙම වෙන්නේ කියලා. මැත්ස් ඩිග්රි එකක් නේ තියෙන්නේ? මන් හිතුවේ තේරෙන්නැති කියලා ඇයි එහෙම කියලා තියෙන්නේ කියලා 😋 )

    එතුමාගෙන් අහපු ප්‍රශ්නයට ඔබතුමානෙ උත්තර දුන්නෙ...එකනිසා එතුමා කියන විදර්ශනාව ඔබතුමා දන්නව ඇති නෙ..එක නිසා ඔබතුමා ම උත්තර දෙන්න.. ;)

    ඔය ඔබ තුල ඔබට කොන්ට්‍රොල් නැති සියුම් අකමැත්තක් එනවා ඉතින් අවබොදෙට නෙවෙයි ඔබ ප්‍රශ්න කරන්නෙ ඔබට එන පිඩනෙට, එක අකමැත්තක් විදියට චෙතනා වලින් ක්‍රියා කරනවා, එහෙම අකමැත්තක් එන්නෙත් හෙතුවක් ඇතිව ඔබ තුල විඤ්ඤාන දැනුමක් හදන් තියෙනවා සතිපට්ටානය වැඩිමක් පිලිබදව, ඉතින් පටිචචසමුප්පාදය නොදැන විදර්ශනා කරන්න හැකියාවක් නැ කිවුවහාම ඔබ හිතලා හාදා ගත්ත විඤ්ඤාන දැනුම ඔබව කුලප්පු කරනවා අකමැත්තක් ගැටිමක් ඉස්මතු කරනවා නැ එහෙම නෙවෙයි කියන තැනට ඔබ හාදා ගත්ත විඤ්ඤාන දැනුම වද දෙනවා ඔබට,

    එක්කො ඔබතුමාට පරචිත්ත ව්ජානනය තිටෙන්නෙ ඕනෙ මගේ හිත කියවන්න (පියොනට නම් මේක උපරිමයට තියෙනව, මම වඩන සතිපට්ටනයත් දන්නව..හිතන දේවලුත් දන්නව )...නැතිනම්, ඔබේ හිත වැඩ කරන විදිහ වෙන්න ඕනෙ මේ කියල තියෙන්නෙ...කොහොම උනත් තාර්කික සන්වාදයකදි හිතලු වලට අගයක් නැ.

    පටිචචසමුප්පාදය නොදැකපු කෙනෙකුට සතිපට්ටානය තොර ගන්න බැ, හෙතුව සමතය ඉක්මවන්න ඔහුට තෙරෙන්නෙ නැ, ඔහු කරන්නෙ සමත අරමුනුවලට හිත තියමින් විඤ්ඤාන දැනුම වර්දනයක් පමනයි,

    පටිචචසමුප්පාදය අවබොද කරලා සංම්මාදිට්ටියට පැමිනෙන්න එක,
    අරි අටගි මග වැඩිම බාවනා දෙක,

    පටිච්චසමුපාදය දැකිම්ම දර්මය දැකීම කියන එකට විවාදයක් නැ.. විවාදය ගෙනාවෙ "පටිචචසමුප්පාදය නොදැකපු කෙනෙකුට සතිපට්ටානය තොර ගන්න බැ"

    ඒ කියන්නෙ...සොවාන් වෙන්න කලින් සතිපට්ටානය වඩන්න බැ? එහෙමද?
    ------ Post added on Jun 8, 2025 at 12:35 AM
     
    Last edited: