බුවාලන්තයේ සිට

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බුවාලන්තයේ සිට

    කට්ටියටම මතක ඇතිනේ සිළුමිණ පත්තරේ ගියපු බුවාලන්තයේ සිට කතා ටික ....අන්තර්ජාලයේ කැරකෙනකොට මට එකක් අහම්බෙන් හම්බුනා .......කියවල කොමෙන්ටුවක් එහෙම දාල යමු ...
    ඔන්න මං එහෙම නෙවෙයි මේක ලිව්වේ ..ලිව්වේ තිස්ස කුමාර කරුණාසේකර


    බුවී අක්කාගේ කඩු පාරට සුද්දාත් කොර

    buwalanthaya.jpg


    බුවාලා කන්නේ මික්ස්ඩ් නූඩ්ල්ස් නැත්නම් මික්ස්ඩ් ප්‍රයිඩ් රයිස් ය. කඩෙං ඉල්ලන්නේ කලවං හොදිය. බුවා පැටව් යන්නේ මිශ්‍ර ඉස්කෝල හෙවත් මික්ස්ඩ් ස්කූල්වලටය.

    බුවා ගැටව් අහන්නේ රී මික්ස්ඩ් සිංදුය. මේ විදියට හැම දෙයක්ම කලවං වී ඇති ලන්තයේ භාෂාවද කලවංය. මික්ස්ඩ් ලැංවේජ් එකක් වන එය ’සිංගිලිසි’ යනුවෙන් හැඳින්වෙයි.

    මෙහි වෙළෙඳසල් ඇත්තේ එක දෙකකි. එකසිය ගාණට ඇත්තේ ’ස්ටෝර්ස්’ ය. භෝජන සාලාද එසේමය. එහෙත් හෝටල් හා රෙස්ටුරන්ට් එකදහස් එකසීයට ඇත. මේ හෝටල්වල වැඩිපුරම ඇත්තේ ‘සෝටීස්’ ය. නැතිනම් ‘සෝට් ටීස්’ ය.

    බුවාලා බුවීලා ගේ එකම සිහිනය ඉංගී‍්‍රසියෙන් කතා කිරීමය. එසේ බැරි වූ විට ‘සිංගිලිසි’ යෙන් දොඩා හෝ සැනසෙති.

    ”ඔයා ... ටූ ෆයි වලට බම්බා වල ප්ලැට් ඉස්සරහ හෝල්ට් එකේදි මීට් වෙමු. අපි එම් සී ෂොපින් කරලා ෆිල්ම්ස් එකක් බලලා පොඩි ෆන් එකකුත් අරං... ආන්ටිලා ගේ ඒරියල් එක පැත්තේ පොඩි විසිට් පාරක් දාලා... මවුන්ට් ලැවීනියා... ස්වීට් අක්කිලෑ ප්ලැට් එකේ නයිට් පාක් කරමු.. ඕ. කේ..” මෙවැනි කතා ඕනැ තරම් ඕනෑම තැනක ඇත. “සිංගිලිසිය, නිසා අමාරුවේ වැටෙන අවස්ථා ද ඇත.
    දිනක් මම දකුණු දෙසට යන බසයක යමින් සිටියෙමි. තොල් නිය පමණක් නොව කේසාවලිය ද කලර් කරගත් පැහැපත් බුවියක් කොන්දොස්තර කොලුවා වෙත සීයේ පටියක් දිකු කළේ මෙසේ කියමිනි.

    ”එක්ස්කියුස් මී කන්ඩාක්ට... මට... කල්පිටි වලට එකක් දෙන්න...”

    ”නෝනා... කල්පිටි යන්ඩ නං මන්නාරං බස් එකකට නගින්ඩ...”

    බුවාලාට බුවීලාට ඉංගි‍්‍රරිසි උගැන්මට ඇති නොතිත් ආසාව නිසාම බුවාලන්තය පුරා ගහක් ගලක් පඳුරක් ගස් හෙවනක්, ටකරං මඩුවක් පාසාම ඉංගිරිස් උගන්නන පංති ඇත. වැඩිහිටි අයට දවල්ට යන්නට ලැජ්ජා නම් කාටත් නොපෙනී කළුවරේ යන්න රෑ පංති ඇත.

    පංති ගැන පත්තර පුරා දැන්වීං ඇත. පාරේ තොටේ තාප්ප ගානේ ද ඇති අතර නගරයේ බස්ටෑන් එකේ ඉස්ටේසමේ බෙදන දැන්වීං කොළ වලින් ද විස්තර දැන ගත හැකිය.

    ”සති දෙකෙං ඉංගි‍්‍රසි කතා කරවමි..

    නැතහොත් මුදල් ආපසු...”

    ”මගේ පංති මාලාවෙන් පසු ඉංගිරිසි කතාව බැරි වුණොත් මිලියනයක් තෑගි...”

    බුවා මාපියන් බලන්නේ කොහොම හරි ඉංගිරිසි මීඩියම් ඉස්කෝලෙකට බුවා පැටවුන් යවන්නටය.

    බුවා අක්කාගේ යෙහෙළියකට දරුවකු ලැබුණු පුවත අසා දරුවා බැලීමට රෝහලට ගියෙමු. බුවිය සමඟ කතා බස් කොට අපි සමුගන්නට සැරසුණු විට බුවිය කිරි බොමින් සිටි කිරි කැටි සිඟිති බුවා ඇමතුවාය.

    ”අන්න අර අංකලුයි ආන්ටියි යන්න හදන්නෙ, ටටා බායි කියන්න පැටියෝ.. ඔන්න ඔන්න නෝටි වෙන්න හදනවා...”

    දිනක් බුවී අක්කා ද ගෙදර ආවේ මමත් ඉංගිලිස් ක්ලාස් යන්න ඕනැ කියා ගෙනය. ඒ ඇසූ අයියාගේ මූණ ඕ අකුර මෙන් රවුම් විය.

    ”ඒ මොකෝ මේ හදිසියෙම”

    ”නෑ අනේ... කොච්චර හොඳට ඇන්දත් වැඩක් නෑ.. ඉංග්ලිෂ් ටිකක් නැත්තං.. කිසි පොෂ් ගතියක් නෑ. මල්ලි බලන්නකො හොඳ ක්ලාස් එකක්.

    ”ඇයි අක්කේ අර හිටියා නේද මම ඉගැන්වීමටම උපන්නෙමි කියලා සර් කෙනෙක්..”

    ”හාපෝ... මවිල් කෙළිං වෙනවා මල්ලි මතක් කරන්ඩ එපා...” අයියා කීවේ ඔළුවේ අත ගසා ගනිමිනි.

    ”හරි හරි... මම ම හොයා ගන්නම්කෝ.. ඔය ටවුමේ තියෙන්නේ ඕනැ තරං...”

    පසුදා අක්කා නිවෙසට ආවේ ශනිදාවක අකුරු තුන ලඟිං ගියාවගේ සතුටකිනි.

    ”මල්ලි නියම තැනක් සෙට් වුණා. සතිදෙකෙං කතා කරවනවා කිව්වා බැරි වුණොත් ලොකු තෑග්ගක් දෙනවා.

    ”කීයද ගාණ?” අයියාද සංවාදයට එකතු විය.

    ”තවුසන් ෆයු... අමාරුවෙන් ඇතුළු වුණේ ළමයි පොරේ ක්ලාස් එකට..

    එහෙනං වැඩේ සුවර්... සතිදෙකෙං පස්සේ අපි දෙන්නට ගොළුවො බේත් බිව්වා වගේ ඉන්ඩ වෙයි නේද මල්ලි.”

    ”විහිළු නෙමේ ක්ලාස් එකේදි අපේ බාසාවෙන්

    වචනයක් කතා කළොත් පහක් දඩ...”

    ”ආ... එතකොට පංතියෙ කීදෙනෙක් ඉන්නවද?”

    ”හාපෝ හෝල් එක කට කපලා... පන්සීය පන්නලා ඉන්නවා මගෙ හිතේ...”

    ”නරක නෑ වැඩේ මල්ලි... අම්මප මටත් ක්ලාස් එකක් දාන්න හිතෙනවා... දවසකට එකා වචනෙ ගානේ වැරැදිලා කිව්වොත් පහ ගානේ පංසියක් දෙදාස් පංසීයයි. යකඩො ඔය විදිහට දවස් 20 ක් පංති කෙරුවොත් පංති පීස් නැතුව පනස්දාහක් අතේ.”

    ”ඔය කිව්වෙ ගාන හදලා... ඒ වගේ ද සක සක ගාලා ඉංගිරිසි වලින් කතා කරන්ඩ පුළුවන් වුණොත්. පංතියන්නට පටන් ගත් පසු අක්කාගේ බසෙහි පැහැදිලි වෙනසක් ඇති විය.

    ”අනෙ ඩියර්... ඔපිස් එකට ගිය ටයිම් එකේ ඉඳලා වර්ක්... වර්ක්... වර්ක්... කිසිම ඉන්ටවල් එකක් නෑ.. බොස්ට ලැන්වේජ් එක දාලා අර්ලි ජම්ප් කළාට ට්‍රේන් එක කැච් කරගන්න බැරිවුණා. අනේ... සොරි ම සොරි.. ප්ලීස් ඩියර්.. මගේ කම්ප්ලීට් බොඩි එකම ටයඩ්.. ප්ලීස් ඩියර්.. ටෙල් ද කිචන් මදර්.. රයිස් ටිකක් ලිපට ප්ලේස් කරලා ඈෂ් බනානා කරියක් හදලා ලෙෆ් බටු හරි ඩොට් බටු හරි කරියක් හදන්න මිල්ක් හොද්දකුත් එක්ක.. ෆිජ් එකේ ප්‍රෙස් කරපු වෝට මිල්ක් ටිකකුයි ෂෝට් මිල්ක් ටිකකුයි ඇති. ෆිජ් එකේ ලෝං අ ගෝ තිබ්බ නිසා කොකො මිල්ක් ටික ස්ටෝන් වෙලා ඇති, ටිකක් ෆයර් කරලා ගන්න කියන්න... මම ස්මෝල් මිනිට්ස් වලිං බොඩි සේවිස් එකක් දාගෙන එනවා කියන්න...”

    අයියා කාමරෙන් එළියට ආවේ සීගිරියෙන් බඹර පාරක් කෑවකු ලෙසය.

    දැන් අයියාත් මාත් අක්කා මුලිච්චි වෙන්නේ බැරිම තැනකදීය. ගෙදර සිල් ගත්තාක් බඳුය. එයද අක්කාට ගැටලුවක් විය. ”මල්ලි කෝ... ඔය දෙන්නාගෙන් කිසිම හෙල් පුෂ් එකක් නෑනේ... ස්ටඩි කරපුවා පොලිෂ් වෙන්න නං කවුරු හරි එක්ක සිරා ටෝක්මන්ට් එකකට සෙට්ල්මන්ට් වෙන්න.. කෝ කවුරුවත් නෑනේ... කඩ්ඩ පොලිෂ් සිරා බුවෙක්”

    අක්කා බලා සිටි අගනා අවස්ථාව පසු දිනක උදාවිය.

    ”මල්ලි මල්ලි සුද්දෙක් එනවා හංදිය පැත්තෙ ඉඳලා. ටාර්ගාලා අක්කාට කතා කරන්ඩ..” අයියා ගේ විධානයෙන් මම අක්කාට ගින්න දුන්නෙමි.

    ”මල්ලි... කෝ... වෙයර් ඊස් ද සුද්දාස් පර්සන්... අල් ටෝක් හිම් ටු ෆිල් ද ඉයර්...”

    අක්කා දඩිබිඩි ගා ඩෙසිං ටේබල් එකෙං ලිප්ස්ටික් කූර ගෙන තවරා කොණ්ඩය අතින් හදමින් මා සමඟ ගේට්ටුව ළඟට දිවා ආවාය.


    av09101813-1.jpg


    ”වාව්... වෙරි ගුඩ්... වයිට් වන්... ඊස් කමිං එලෝංද... ලයිස් රෝඩ්.. අල් ෂෝ මයි වර්ක්ස්.. අක්කා සතුටින් ඉපිලෙමින් සිටියේ සුදු මිනිසා අප අසලට එනතුරුය.

    වටපිට බලමින් පැමිණි සුදු මිනිසා වෙතට කඩා ගෙන ගිය අක්කා කඩුව ඇදගත්තාය.

    ”ගුඩ් ආප්ට මෝනිං... වයිට් මෑන්.. යුවා.. අ... චීෆ්ගෙස්ට් ටු දිස් ඒරියල්.. කැන් අයි හෙල්ප් යු.”

    අන්ද කොරොස් වූ සුදු මිනිසා අයියා සහ මා දෙස බැලුවේ බේරෙන්නට මෙනි.

    ”යර්ස්.. ප්ලීස්. කැන් අයි හෙල්ප් යු...”

    අක්කාගේ පැනයට ඔහු පිළිතුරු දුන්නේ අපටය.

    ”මට මේ සුදු කබරවලට වෙදකං කරන වෙද මහත්තයලගේ ගෙදරට පාර කියනවද?”

    හිනාව ආයාසයෙන් තද කර ගත් අයියා අක්කා දෙස බැලුවේය.

    ”මේ... මොන.. වෙඩින් එකක්ද?” කී අක්කා වේගයෙන් හෝම් කමිං විය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට යකෝ...... තව තියනවනම් දාපන. මාත් ආසවෙන් කියපු කතා සෙට් එකක්