අපේ ඥතියෙක් හොරණ පැත්තෙන් වෙන්දේසි ඉඩමක් ගත්තා. කලින් ඒක පොල් සහ පරන රබර් ගස් තිබ්බ වත්තක්. අනිතිමට පොල් ගසුත් නාටු වෙලා නිසා අයිතිකාරයා ඉඩම් විකුණන කම්පැනියකට කියලා ඉඩම විකුණවගෙන. කොහොම හරි මූ ගේ හදලා අවුරුද්දක් විතර යද්දි අමුතු ගදවල් ඇවිත් තිබුනා. උබ ඔය කියන විදියට කවුරු හරි ඉන්නවා වගේ දැනෙන සීන් එහෙමත් තිබුනා. කොහොම හරි මෙයාගේ නැන්දම්මාත් ඒ ගෙදර ආපු දවසක රෑ , බඩක් තියන සරමක් ඇදගත්ත මනුස්සයෙක්ව දැකලා තිබුනා.එයත් හොදටම බයවෙලා. ඊට පස්සේ මූ කේස් එක මුල ඉදන් හොයන්න පටන් ගත්තා. මූ කෑගල්ලේ. කොළඹට කිට්ටු නිසායි හොරණට ආවේ. මූ කොහොම හරි ඒ අවට අයගෙන් විස්තර අහලා තිබුනා. මුගේ වාසනාවට ඒ වත්තෙම පොල් කඩපු එකෙක්ව සෙට් වෙලා තිබුනා. ඒ වත්ත තිබ්බ කාලේ මේ වත්තේ පොඩි ගෙයක් තිබිලා තියනවා. ඊට අමතරව රබර් රොටි වේලන දුම් ගෙයකුත් තිබිලා තියනවා. දැන් ඒ ගෙදර තිබිලා තියෙන්නේ හරියටම මූගේ ඉඩමෙමයි. ඒ ඉඩමේ මායිමේ තඩි කොස් ගහක් තියනවා. ඒකෙන් තමයි හරියටම තැන අදුරගෙන තියෙන්නෙ. ඒ වත්ත බලාගෙන තියෙන්නෙ දෙමළ මනුස්සයෙක්. කොහොම හරි මූ බීලම මැරිලා. මැරිලා තිබුනෙත් ඔය ගෙදරමයි. කලින් අයිතිකාරයා මේ ඉඩම විකුණන්න ඇත්තෙත් ඌට මොකක් හරි කේස් එකක් දැනුන නිසාද කියලත් දැන් හිතෙනවා. මොකද ඒක ඒ තරම්ම වටින ඉඩමක්. කොහොම හරි අන්තිමට අරූ හාමුදුරුවරු ගෙනත් පිරිතක් කියවලා, දානයකුත් දුන්නා. මාත් එදා එහෙ හිටියේ. කොහොම හරි පිරිත යන අතරේ අපි එළියේ කැරම් ගගහා හිටියේ. හිටි හැටියෙම කොස් ගහේ හෙන දඩාර අත්තක් කඩාගෙන වැටුනා. වෙලාව්ත් පාන්දර 2ට විතර ඇති ඒක අමු අත්තක්. ඒක කැඩුනේ කොහොමද කියලවත් හිතා ගන්න බෑ. හාමුදුරුවොත් එළියට ඇවිත් බැලුවා. කොහොම හරි යන යකා ගියා මහත්තයා කියලා ඒ හාමුදුරුවෝ කිව්වා. නැන්දම්මා හොදටෝම බය වෙලා. එයා දානේ ඉවරවෙලා කෑගැල්ලේ පැත්තේ දේවාලෙකට ගිහින් තිබ්බා සාස්තරයක් අහන්න. එතකොට කොස් ගහ ගැන, එතන තිබ්බ ඉඩම් ගැන සහ දෙමළ එකාගේ නමත් ඒ කපුවා කියලා තිබුනා. ඒවා කිව්වේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. අනික නැන්දම්මා දෙමළ එකාගේ නම දන්නෙ නෑ. එයා කෝල් එකක් දීලා , දේවාලෙන් මේ නම කිව්වා කියලා කියද්දි අරූ උඩ ගිහින්. කොහොම හරි ඒ දේවාලේ කපුවා ආරක්‍ෂා මුට්ටි වගයකුයි, දෙහි වගයකුයි දීලා තිබුනා වත්තේ වළලන්න. මේවගේ සිද්දි අපිත් අහලා තියනවා. ඒත් බන් මට පුද්ගලිකව මාව කවුරුත් අතපත ගානවා වගේ දැනිලා නැති නිසාත් මේවා ඇත්තද නැද්ද කියන්න හරියටම බැහැ.