උඹේ පොස්ට් වලින් පෙන්නේ උඹල කර තියාගෙන ආරක්ෂා කරන්න හදන බුදු දහම ගැන මෙලෝ හසරක් නොදන්නාකම විතරයි මචන්.. ටිකක් බුදුදහම හදාරපන්..
ආනන්ද හාමුදුරුවන්ටත් වැහුන මාරයාට සාමාන්‍ය මනුස්සයෙක් කුමන කජ්ජක්ද බෝල..
බුදුරජානන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරා.." ආනන්දය, කව්රුන් හෝ ඉලාසිටිනවානම්, බුදු කෙනෙකුට ආයුෂ් කල්පයක් ජීවත්වෙන්න පුළුවන් " කියල.. මෙතැනදී ආනන්ද හාමුදුරුවන්ට වසවර්ති මාරයා බාදා කරා.. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජානන් වහන්සේ කියපු දේ ඇහුනේ නැහැ... බුදුරජානන් වහන්සේ නැවත දෙවතාවක් එම දේම දේශනා කරා.. එත් ඇහුනේ නැහැ..හේතුව මාරයාට අවශ්‍ය බුදුරජානන් වහන්සේ පිරිනිවීමටයි.. අවසානයේ බුදුරාණන් වහන්සේ එම මොහොතේම ආයු සංස්කාරයන් අතැරිය .. එතකොට පොලොව කම්පා උනා.. අන්න එතකොට ආනන්ද හාමුදුරුවන්ට තේරුනා මොකක් නමුත් සිද්ද උන බව.. ඒ වෙලාවේ තමයි බුදුරජානන් වහන්සේ අහවල් දවසේ අහවල් ස්ථානයේ තමුන් වහන්සේ පිරිනිවන් පාන බව ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරේ... එතැනදී මාරයා මැදිහත් නොවුනානම් බුදුරාජාණන් වහන්සේ ආයුෂ් කල්පයක් යීවත් වෙනවා.. මෙතැනදී ආයුෂ් කල්පයක් කියන්නේ අවුරුදු 120ක් කියන එකයි.. ආනන්ද හාමුදුරුවෝ නැවත බුදුරජානන් වහන්සේගෙන් ඉලා සිටියා ආයු සංස්කාරයක් අතාරින්න එපා කියල.. එත් බුද්ධ වචනය වෙනස් වෙන්නේ නැහැ.. බුදුරජානන් වහන්සේ යමක් දේශනා කරාද ඒ සියල්ල දේශනා කරේ අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලයම බ්විමසල බලලයි.. ඒ නිසා බුද්ධ වචන අද කාලෙට ප්‍රායෝගික නැහැ කියන එක මෝඩ, ගොන්, බුරු තර්කයක්.. බුද්ධ සාසනය පවතින තාක් බුද්ධ වචනය එකයි...
සංඝයා වහන්සේලාට විනය නීති පනවලා තියෙන්නේ තුන් කල් බලලයි... ඒවා වෙනස් කරනාවනම් ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුයි.. එත් වෙනස් කරගන්න අවසර දීල තියෙන්නේ සුළු කරුණු පමණයි..එත් ධර්ම සංඝායනාවක් පැවැත්වීමෙන් පසුවයි.. අඩුම තරමේ හාමුදුරු කෙනෙකුට වන්දිනවානම් මේ වඳින්නේ සැරියුත් මුගලන් පරපුරෙන් පවත එන සංඝයා වහන්සේ නමකට කියල හිතේ ධාරණය කරගෙන වඳින්න.. එතකොට ඒ පින මහත් පලයි, මහත් ආනිසංසයි..