:::...බොඳ වූ ඔලිම්පික් සිහිනය...:::
වර්ෂය 1992. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවර ඔලිම්පික් සිරියෙන් වර්ණවත් වී ඇත. මීටර් 400 පිරිමි අවසන් පූර්ව තරගයේ කාගේත් අවධානය යොමු වූ ක්‍රීඩකයා 'Derek Redmond', අවසන් තරඟයට පහසුවෙන්ම ප්රවිශ්ඨ වීමේ බලාපොරොත්තු ඇතුව තරඟයට පිවිසේ. තරගය ආරම්භ කිරීමේ සංඥාව නිකුත් වූ සැනින් ඉදිරියට ඇදෙන තරගකරුවන්ට ප්‍රේක්ෂයන්ගෙන් ඉමහත් වූ ප්‍රීතිඝෝෂා ලැබෙද්දී, Derek Redmond ද තම ප්‍රතිවාදීන් පරයමින් වේගයෙන් ඉදිරියටම ඇදේ. ක්‍රීඩකයන් මීටර් 150 ක් පමණ ඉදිරියට ඇදෙද්දී තරගයේ තියුණු බව තව තවත් ඉහලටම.
නමුත්........
සැමගේ බලාපොරොත්තු සිඳ දමමින්, Derek Redmond ඉරුණු මාංශපේශියක් ද කඳුලින් තෙත් වූ දෑස් ද සමඟින් අවාසනාවන්ත ලෙස මංතීරුව මැද අඩපණ වේ. ඔහුගේ ඔලිම්පික් සිහිනය බිඳ වැටී හමාරය.
නමුත්........
පරාජය හමුවේ පසු බෑමට ඔහු සූදානම නැත. ආයාසයෙන් නැවතත් සිට ගන්නා ඔහු කෙසේ හෝ තරගය නිමා කිරීමේ අරමුණින් කොර ගසමින් ඉදිරියටම ඇදෙන්නේ සියල්ලන්ම මවිතයට පත් කරමින්.
නමුත්........
ආරක්ෂකයන් නොතකා හරිමින් එක් වරම මංතීරුව තුලට දිවගෙන එන මිනිසා ප්‍රේක්ෂකයන්ගේ මවිතය දෙගුණ තෙගුණ කරයි. ඔහු පැමිණ Derek Redmond ව තම දෙඅත් වලින් වත්තම් කරගනියි. ඒ අන් කවරකුවත් නොව ඔහුගේ ආදරණීය පියා.
"පුතා ඔබ මෙය කළ යුතු නෑ. ඔබට අමාරුයි. අපි දැන් තරගය නවත්වමු."
"නෑ තාත්තේ, මම මේ තරගය නිම කල යුතුමයි."
"හොඳයි, එහෙනම් අපි දෙදෙනාම එකට මේ තරගය නිම කරමු." මෙසේ පවසමින් තාත්තා තම පුතුව වත්තම් කරගෙන ඉදිරියටම ඇදෙන්නේ පුතාගෙ දෙනෙතින් වෑහෙන කඳුලු වලටද සවියක් වෙමින්. අවසන තාත්තා හා පුතා එක්ව තරගය නිම කරන්නේ ප්‍රේක්ෂකයන් 65 000 කගේ උණුසුම් අත්පොළසන් හඬ, ප්‍රීතිඝෝෂා මධ්‍යයේ.
Derek Redmond ට ඔලිම්පික් රන් පදක්කම අහිමි වූ බව සැබෑවකි. නමුත් ඔහු හා ඔහුගේ පියා මුලු ලෝකයටම ඊට වඩා වටිනා ආදර්ශයක් සැපයු බව ඊටත් වඩා සැබෑවකි.
© RLR @ Elakiri.com
.