කොල්ලෙක් ඉස්කෝලෙ යන කාලේ ඉඳන් එහා ගෙදර නංගි ගැන සෑහෙන්න කාලයක් හිතේ තියන් හිටියලු. කෙල්ලටත් ඒක තේරිලා තිබුනත් මේ කොල්ලට ඒක කියා ගන්න තරම් පුරුස සක්තියක් තිබිලා නෑලු. ඉතින් ඒ කෙල්ල අද අහයි හෙට අහයි කියලා බලන් හිටියලු. කාලය ටිකෙන් ටික ගෙවිලා ගියාලු. ඒත් මේ කොල්ලාගෙ දිව නම් නැවුනෙ නෑලු. ඉතින් ඒ අහිංසක ගෑල්ලමයා වෙන අතක් බලාගන්න හිත හදාගත්තලු. කොල්ලො කීප දෙනෙක්ව අශ්‍රය කරත් බලාපොරොතු වෙච්ච ආදරේ සෙනෙහස උන්ගෙන් ලැබුනෙ නෑලු. බ්‍රේකප් අතරතුර එහා ගෙදර අයියව මතක් උනත් ඒ වෙනකොට ඒ අයියා ගේ කියලා හිත හදන්ලු හිටියෙ. ආදරයෙන් පැරදුන ඒ ලමයා, මැරෙනකම් තනියෙන් ඉන්නම් ආදරේ එපා කියලා හිත හදාගෙන අධ්‍යාපනයට මුල් තැන දීලා වැඩ කරගෙන යනකොට කවර් ෆොටෝ එකක් ඕන උනාලු. කෙල්ල ගූගල් කරාම දැකලා පුරුදු පිංතූරයක් පොඩියට පේන්න තියෙනවලු. ඕපන් කරලා බැලුවම ඒ එයාගෙ ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් එකේ කවර් ෆෝටෝ එක කියල මතක් උනලු. ඒක ක්ලික් කරාම කිරියට ආවලු. කිරියෙ මේක දාල තියෙන කෙනාගෙ කලින් පෝස්ට් ටික එක හුස්මට කියවගෙන කියවගෙන ගියාලු. මේ වෙනකොට එදා ඉඳන් රහසේම එහා ගෙදර අයියා තමන්ට ආදරේ කරලා තියෙනව කියල ඒ ගෑල්ලමයට තේරුම් ගියාලු. ඉක්කන්ට ලැප්ටොප් එකත් අකුලගෙන එහා ගෙදර අයියව හම්බෙන්න ගියේ දහසක් ප්‍රාර්ථනා බලාපොරොත්තු පොදි බැඳගෙනලු. දොරට තට්ටු කරාම ඒ අයියා දොර ඇරගෙන ආවලු. කෙල්ලත් තියෙන හදිස්සිය නිසා දොරකඩ ඉඳන්ම ලැප් එක ඇරලා ත්රෙඩ්ස් ටික පෙන්නලා මේ ඔයා නේද කියලා ඒ කොල්ලගෙන් ඇහුවලු. ඒ කොල්ලට උන් හිටි තැන් අමතක වෙලා හීන් දහඩිය දාන්න ගත්තලු. කර කියා ගන්න දෙයක් නැතුව හිටපු එ කොල්ල, ඒ මම නෙවේ වෙන කෙනෙක් කියලා කිව්වලු. කෙල්ල බොරු කියන්න එපා ඔයා මට ඉස්සර ඉඳන්ම කැමැත්තෙන් නේද හිටියෙ අයියෙ කියලා ඇහුවම. තව්සෙට පිස්සුද ඕයි මම ගේ කියලා දොර දඩාස් ගහලා වැහුවලු. පිටිපස්සට ගිහින් වැටුන කෙල්ල පස්ස නොබලා ගෙදර දිව්වලු. එදායින් පස්සෙ ඒ කෙල්ල ආයෙත් ඉන්ටනෙට් පාවිච්චි කරේ නෑලු. ඔන්න ඔහොමයි හේසාන් දිමිත්රිගෙ කතාව ඉවර වෙන්නෙ.